"බෞද්ධ සිද්ධස්ථාන සංචාර" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'෴ ලොව ආකර්ෂණීයම බෞද්ධ සිද්ධස්ථාන 10 ෴ දේව ධර්මව...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
(වෙනසක් නොමැත)

14:38, 25 ජූලි 2020 තෙක් සංශෝධනය

෴ ලොව ආකර්ෂණීයම බෞද්ධ සිද්ධස්ථාන 10 ෴

දේව ධර්මවාදී ආගමක් නොවන බුද්ධ ධර්මය හය වන සියවසේ පමණ ඊශානදිග ඉන්දියාවෙන් ආරම්භව විවිධ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් සමඟ මිශ්‍ර වෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වුණා. කාලයත් සමඟ ලංකාව සහ දකුණු ආසියාතික රටවල ප්‍රචලිත ථෙරවාදය හා නැගෙනහිර ආසියාතික රටවල ජනප්‍රිය මහායානය යන විශාල ශාඛා දෙකක් බිහි වී තිබෙනවා. බුද්ධ ධර්මය ම පදනම් කරගෙන ඇති වජිරයාන සම්ප්‍රදාය හිමාලය ප්‍රදේශයේ වැඩි වශයෙන් පුහුණුවීම් කරන අතර ටිබෙටය, භූතානය, නේපාලය වැනි රටවල යෝගීන් මෙම දර්ශනය අනුගමනය කරනවා.

ලොව පුරා මිලියන 500කට අධික ජනකායක් බෞද්ධ දර්ශනය සමඟ බැඳී සිටින අතර බෞද්ධ දර්ශනයේ සිත් ඇදගන්නා මානසික සමබරතාව පිළිබඳ ඉගැන්වීම් බටහිර ජනතාව බෞද්ධ සිද්ධස්ථාන වෙත වඩාත් ළංකරන සාධකය වී ඇත. කුතුහලයෙන් පිරි ආගමික සංචාරකයන් අතර ලොව ජනප්‍රියම බෞද්ධ සිද්ධස්ථාන 10 මෙසේ පෙළගැස්වෙයි.

10. දකුණු කොරියාවේ හයින්සා පන්සල

9. වොට් අරුන්, තායිලන්තය

8. ෆා ද ලුආන්ග්, ලාඕසය

7. ජොහාන්ග්, ටිබෙට්

6. ටොඩයිජි පන්සල, ජපානය

5. බූදානත්, නේපාලය

4. ඉන්දියාවේ මහාබෝධි පන්සල

3. ස්වේතගොන්, මියන්මාරය

2. බගන්, මියන්මාරය

1. බොරෝබුදුර්, ඉන්දුනීසියාව

මේ සමහර සිද්ධස්ථාන දකිද්දී කෙනෙකුට හිතෙන්න පුලුවන් ලංකාවේ අපේ පන්සල් තරම් ලස්සන නෑ නේ කියලා. නමුත් සංචාරක ආකර්ශනය අනුව ලෝකයේ ජනප්‍රියම සිද්ධස්ථාන දහය අතරට එක්වෙන්න නම් දෙදහස් පන්සිය වසරක පෞඩත්වය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඉතිහාසය රැකගැනීම, පරිසර සංරක්ෂණය, නව තාක්ෂණය අනුව පහසුකම් දියුණු කිරීම වගේ රටක් වශයෙන් තිරසාර සංවර්ධනයක් සමඟම රටේ පුරවැසියන්ගේ ආකල්ප හා විනය ඉතා ඉහල මට්ටමක පැවතීමත් වැදගත්.

ආණ්ඩු, සංවිධාන මේ දේවල් සිදු කරන තෙක් බලා නොඉද තම විනය ආරක්ෂා කරගනිමින්, තම ප්‍රදේශය වෙනුවෙන් එක් වී යම් මෙහෙවරක් කිරීමට සිතට ගන්න. එවිට අපේ රටට ආශිර්වාදයක් වුණ බුදු දහමේ උරුමයන් නැරඹීමට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් පැමිනේවි. පෙර රජ දවස මෙන්ම මුළු ලොවටම නිර්මල බුදු දහම ප්‍රචාරය කරන රටක් බවට නැවත ශ්‍රී ලංකාව ප්‍රචලිත වේවා !

   නිදා නොනිද යළි පිබිදී අහස බලන්නේ

නවොදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නේ

   

   පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි

හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි

   එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි

යශෝ කැළුම් වර ජෝතිය පිනෙන් උදාරයි