"නෙල්ලිගල පුදබිම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'෴ රන් පැහැ ගල බෞද්ධ තේජස ෴ ඉර සේවය ලස්සනට දකින්...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
(වෙනසක් නොමැත)

14:30, 25 ජූලි 2020 තෙක් සංශෝධනය

෴ රන් පැහැ ගල බෞද්ධ තේජස ෴

ඉර සේවය ලස්සනට දකින්න පුලුවන් සමනල කන්ද මුදුනෙ දී විතරක් ද... එහෙම නෑ කියලා හිතේවි උදේ වරුවක හෝ හවස් වරවක නෙල්ලගලට ආවොත්.. දළදා මාළිගය තරම් ම බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධ පුද බිමක් තමයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය.

2014 වසරේ ලඳු කැළෑවක් සංරක්ෂණය කරමින් තමයි නෙල්ලිගල පුදබිම නිර්මාණය වෙන්නේ. මෙතනදී කැළෑව සංරක්ෂණය කර ඇති බව නම් විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. වන විහඟුන්ගේ මිහිරි නාදය දසත පැතිරෙන මනරම් පරිසරයක මේ බෞද්ධ උරුමය පිහිටනවා.

මුහුදු මට්ටමේ සිට මීටර් 700 උසින් පිහිටන නෙල්ලිගල මුදුනේ සිට හන්තාන, හුන්නස්ගිරි, අඳාගල, අලගල්ල, බතලේගල, අම්බුළුවාව, ඇටිගල, රාමසාර කන්ද, ශ්‍රී පාදය, පිදුරුතලාගල යන කඳු සියල්ල අංශක 360ක දර්ශන පථයකින් නරඹන්න පුලුවන්. අවුරුදු හයක කැපවීමෙන් තමයි මේ රන් පුදබිම නීල කඳු වළල්ල මැද ඉදි වෙන්නේ. මෙහි පිළිම, නිර්මාණ රන්වන් පාටක් ගන්නා අතර රත්‍රන් විශාල පාත්‍රයක ඇති බෝධිය විශේෂයි.

අඩි හැත්තෑවක් උස බුබ්බුලාකාර චෛත්‍ය නීල පසුබිමේ රන්වන් අනෙකුත් නිර්මාණ අතර කැපී පෙනෙනවා. එම ස්තූපය මාස තුනකින් වැඩ අවසන් කර තිබීම තවත් පුදුමයක්. ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටිය තුළ කේශ ධාතූන් වහන්සේ වැඩ සිටනවා. ශ්‍රී ශාක්‍යසිංහ සුභසාධක සමිතිය මඟින් ප්‍රදේශයට සහන සලසන, කර්ම නම් ධර්ම සඟරාව ඔස්සේ ධර්ම ප්‍රචාරය සිදු කරන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යුගයේ මහත් යුග මෙහෙවරක් සිදුකරනවා.

ලක්ෂයකට අධික ජනතා සහභාගිත්වයෙන් සිදු කරන දාස්පෙතියා මල් පූජාව, චෛත්‍ය වන්දනා වැඩසටහන් හා පොහොය වැඩසටහන් මෙහිදී සිදුකෙරෙනවා. අවට ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව සමඟ ද සහයෝගයෙන් කටයුතු කරන නෙල්ලිගල මුළු මහත් සමාජයට ම ආදර්ශයක්.

මෙහි දකින්න ලැබෙන සුභාරතී ධර්ම ශාලාව ද ඉතාම විශාලයි. සියලු විහාරාරාංග සම්පූර්ණ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඒ හිත ගත නිවන පරිසරය නිසාම කෙටි කලක් ඇතුළත බොහෝ ජනතා ආකර්ශනය දිනාගත් බව නම් නිසැකයි. වතුර බුබුලේ ධම්මරතන හිමියන් නිර්මාතෘ වන කොම්බෑකඩුව ගම්මානයේ නෙල්ලිගල පුදබිම ඉහළටම වාහනයකින් ගමන් කිරීමේ හැකියාව පැවතීම වන්දනාකරුවන්ට මහත් පහසුවක්.

"https://si.wikipedia.org/w/index.php?title=නෙල්ලිගල_පුදබිම&oldid=455964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි