"බන්ධනාගාරගතවු කාන්තාවන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
38 පේළිය: 38 පේළිය:


*..අවම ආරක්‍ෂා සහිත බන්ධනාගාර වශයෙනි. වරදකරුවන්ගේ වරදේ ප‍්‍රමාණය අනුව මොවුන් බන්ධනාගාරගත කිරීම සිදුවී ඇත.ඒ අනුව වරදකරුවන්ට ලැබිය යුතු වරප‍්‍රසාදයන්හි වර්ග කිරීමක් සිදුකර ඇත.බන්ධනාගාරය අපරාධ කළ විට ලබාදෙන දඩුවමක් ලෙස ක‍්‍රියාත්මක වේ.ඕලන්දයේ ඇම්ස්ටර්ඩැමි වලින් ප‍්‍රචලිත වූ ”ටුච්ට්හුයිස්” නම් ආයතනය පහළ වීමද සිදුවිය. එම ක‍්‍රමයේ බලපෑම අන් රටවලටද ගලා ගියේ ය. මෙම ආයතන වල පරමාර්ථය වූයේ සුලූ අපරාධකරුවන්ට මෙන්ම අයාලේ යන අයට වඩා චරිත ප‍්‍රතිසංවිධානයට මාර්ගයක් සකස් කිරීමයි.
*..අවම ආරක්‍ෂා සහිත බන්ධනාගාර වශයෙනි. වරදකරුවන්ගේ වරදේ ප‍්‍රමාණය අනුව මොවුන් බන්ධනාගාරගත කිරීම සිදුවී ඇත.ඒ අනුව වරදකරුවන්ට ලැබිය යුතු වරප‍්‍රසාදයන්හි වර්ග කිරීමක් සිදුකර ඇත.බන්ධනාගාරය අපරාධ කළ විට ලබාදෙන දඩුවමක් ලෙස ක‍්‍රියාත්මක වේ.ඕලන්දයේ ඇම්ස්ටර්ඩැමි වලින් ප‍්‍රචලිත වූ ”ටුච්ට්හුයිස්” නම් ආයතනය පහළ වීමද සිදුවිය. එම ක‍්‍රමයේ බලපෑම අන් රටවලටද ගලා ගියේ ය. මෙම ආයතන වල පරමාර්ථය වූයේ සුලූ අපරාධකරුවන්ට මෙන්ම අයාලේ යන අයට වඩා චරිත ප‍්‍රතිසංවිධානයට මාර්ගයක් සකස් කිරීමයි.
{{Citation needed|date=මාර්තු 2020}}


==මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති විකාශනය==
==මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති විකාශනය==

05:43, 4 මාර්තු 2020 තෙක් සංශෝධනය

හැඳින්වීම

ගොනුව:Women abuse.jpg


ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගතවන කාන්තාවන් අතුරින් බහුතරයක්ම මත්ද්‍රව්‍ය සම්බන්ද හේතුන් නිසා විවිධ සමාජයීය ප්‍රශ්න හේතුකොටගෙන වන අතර මත්ද්‍රව්‍ය ගැටලූව මෑත කාලීන සංසිද්ධියක් නොවේ. එය මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය හා ජනතාවගේ ඇදහිලි විශ්වාස තරමට පැරණිය. එසේ අනාදිමත් කාලයක සිට වර්ධනය වෙමින් පැවති මත්ද්‍රව්‍ය ගැටලූව වර්තමානය වන විට අපරාධකාරී චර්යාවක් ලෙස පිලිගැනේ.මත්ද්‍රව්‍ය පිළිබඳ සලකා බැලීමේදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය සහ එයට ප‍්‍රතිචාර දක්වන ස්වභාවය පිළිබඳව විවිධතා පවතී. විවිධ සංස්කෘතික පරිසරයන්හි වාසය කරන ස්ත‍්‍රීන් හා පුරුෂයින් අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දරන අදහස් හා ආකල්ප මෙන්ම මත්ද්‍රව්‍ය නිපදවීම, බෙදාහැරීම, අලෙවිය සහ භාවිතය පිළිබඳව දෙපක්‍ෂය විසින් ප‍්‍රතිචාර දක්වන ආකාරයෙහි වෙනස්කම් දක්නට ඇත.

බන්ධනාගාරය යනු කුමක්ද?

ගොනුව:Prison drug.jpg

ගොනුව:Prison child.jpg

බන්ධනාගාරය යම් අපරාධයකට දඩුවමක් ලෙස පුද්ගලයින් රඳවා තබා ගන්නා ගොඩනැඟිල්ලක් වන අතර අපරාධයකින් පසු නඩු විභාගයක් පැමිණෙන තුරු පුද්ගලයින් රඳවා තබන ස්ථානයකි.Faucalt සඳහන් කරන ආකාරයටබන්ධනාගාරය යනු වඩාත් නිශ්චිත ස්ථානයකි. දැඩි නීති ක‍්‍රියාත්මක වන ස්ථානයකි. පාසලක හා අඳුරු වැඩපලක තත්‍වයට වෙනස් ස්ථානයකි. බන්ධනාගාරය තුළ නෛතික ආර්ථික සම්බන්ධතාවයක් හා තාක්‍ෂණික විනයක් ඇත. මේ අනුව බන්ධනාගාරයේ ස්වරූපය අනුව එහි දැඩිභාවය පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ස්ත‍්‍රීන්ගේ සේවා නියුක්තිය පිළිබඳ විග‍්‍රහ කිරීමේදී කැපී පෙනෙන විශේෂ ලක්‍ෂණ ඇත. ගුණවර්ධන සඳහන් කරන ආකාරයට ලිංගික සේවිකාවන් සහ කම්කරු වෘත්තියෙහි නියැලෙන කාන්තාවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත. 23.43% ක් ලිංගික සේවිකාවන් වේ. 22.9% ක් කම්කරු රැකියාවල නිරත වේ. කම්කරු කාන්තාවන්සනීපාරක්‍ෂක කම්කරු කුලී වැඩ, වතු ආශ‍්‍රිත වැඩ, කොහුලණු, වීමෝල වල වැඩ කරන හා විවිධ ආයතන වල සුළු සේවිකාවන් ලෙස කටයුතු කරන අයගෙන් සමන්විතය. මෙම ක්‍ෂේත‍්‍රවල රැකියාවල නිරතවූවන්ගේ සමාජ පිළිගැනීම, වෘත්තිය, පරිසරය හා ආකල්ප ස්ත‍්‍රීන් මත්ද්‍රව්‍යකෙරෙහි යොමුවීමට සෘජුවම බලපා ඇත.

පීටර්සන් සඳහන් කරන ආකාරයට නීතිය කඩ කිරීම නිසා ද`ඩුවම් ලබාදෙන ස්ථානයක් ලෙස බන්ධනාගාර ක‍්‍රමය හඳුන්වා දී ඇත. 1790 දී පෙන්සිල්වේනියාවේ බන්ධනාගාර ක‍්‍රමය ආරම්භ විය. එම බන්ධනාගාර ක‍්‍රමය තිබූ ආකාරය අනුව රැඳවුම්කරුවන් අවට සමාජයේ ඔවුනොවුන්ගෙන් වෙන් කොට තැබීම ප‍්‍රධාන පරමාර්ථය විය. පෙන්සිල්වේනියාවේ බන්ධනාගාර ක‍්‍රමය පහත සඳහන් මූල ධර්මඔස්සේ සකස් විය.

  • .රුඳවුම්කරුන්ගෙන් පළිගැනීම මුල් කොට බන්ධනාගාර ජීවිතය සකස් විය යුතු නැත.බන්ධනාගාර ජීවිතය සකස් විය යුක්‍තේ මහන්සි වී වැඩ කරන මාර්ගයෙනි.රැදවුම්කරුවන්ගේ ජීවිතය වෙනස් කිරීමට උපයෝගී කරගෙනය.
  • . බන්ධනාගාරයේ අවශේෂ රැදවුම්කරුවන් හා තවත් අය වෙතින් රැඳවුම්කරුවන් කෙරෙහි ඇතිවන නරක බලපෑම අඩු කිරීම හ ඒ අයගේ බලපෑමෙන් ඉවත් කිරීමට තනි කුටි සදා ඇත.හුදෙකලාවම ජීවිතය ගෙනියන්නට මාර්ගය සකස් කොට ඇත්තේය.
  • ..හුදෙකලාව සිටින විට රුඳවුම්කරුවන්ට තමාගේ වැරදි ගැන තනිව සිතාමතා පශ්චත්තාප විය හැකිය.
  • .. මිනිසාසමාජයෙන් ඈත් කොට තනි කොට තිබීම ඔහුට දඩුවමක් වන්නේය.
  • . හුදෙකලා සිර ද`ඩුවම ආර්ථික වියදම්හෝ පාඩු සිදුවන බරපතල වරදක් නොවේ. ඉතා විශාල ප‍්‍රමාණයක නිළධාරීන් හෝ

මුරකරුවන් රැසක් ඊට අවශ්‍ය වන්නේ නැත. ඇඳුම් පැළඳුම් වලට පවා යන වියදම අඩුය.

Faucault සඳහන් කරන ආකාරයට බන්ධනාගාරය තුළ වරදකරුවන්ට දඩුවම් ලබාදෙන අතර වරද කළ පුද්ගලයාට නැවතසංශෝධනයක් ලබා දේ. වරදකරුවන් අපචාරී ක‍්‍රියාවන්ගෙන් මුදවා ගැනීමට බන්ධනාගාරය තුළින් උත්සාහ කරයි. සිරකරුවන්ගේ ශාරීරික හා මානසික සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ආරම්භ කළ ඕබරන් බන්ධනාගාර ක‍්‍රමය තුළින් වඩාත් ශීක්‍ෂණයකින් යුත් සිරකරුවන් පිරිසක් බිහි කිරීමට උත්සාහ ගන්නා ලදි. බන්ධනාගාරය කායික හෝ මානසික පීඩාවක් නොවන ලෙස ක‍්‍රියාත්මක විය යුතුය.

1876 දී නිව්යෝක්හි එල්මිරා වල බන්ධනාගාරයක් ආරම්භ කෙරුණි. එම බන්ධනාගාර ක‍්‍රමය තුළ රුඳවුම්කරුවන්පුනරුත්ථාපනය හෝ සංශෝධනය සිදු කළේ අධ්‍යාපනය මගිනි.එල්මිරා වල වැරදිකරුවන් ශ්‍රේණි තුනකට බෙදා බන්ධනාගාරයට ඇතුළත් කර ගන්නා ලදි. හයමසක් කල් ක‍්‍රියාව යහපත්ව සිටියහොත් ඔහු පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරන අතර අයහපත් චර්යා රටා තුළින් රුඳවුම්කරුවන් තුන්වැනි ශ්‍රේණියට පත් කරනු ලැබේ.

අර්වින් ගොප්මාන් සඳහන් කරන ආකාරයට බන්ධනාගාරය පූර්ණ ආයතනයකි. සියලූ දෙනාම ඒ තුළ රඳවයි. මොවුන් ආයතනය තුළ ගත කළ යුත්තේ නිළධාරීන්ගේ අණසකට සැමවිටම යටත්වය. ආයතනය කොටස් දෙකකට බෙදේ. ඉන් විශාල ප‍්‍රමාණයක් සිටිනුයේ වැරදිකරුවන්ය.මොවුන් බාහිර ලෝකය සමඟ සම්බන්ධකම් නොමැති අතර එම සම්බන්ධකම් නිළධාරීන්ට පමණක් සීමා වේ. මේ අනුව නිළධාරිහු වැරදිකරුවන්ට වඩා ඉහළ පුද්ගලයෝ වෙති. බන්ධනාගාරයක සංවිධානය ඉතා සුරක්‍ෂිත ය. ඉහළ සිට පහළ මට්ටමට එය සංවිධානය කොට ඇත. ඇමෙරිකාවේ බන්ධනාගාර ක‍්‍රමය මාර්ග තුනක් යටතේ සංවිධානය වී ඇත.

  • .උපරිම ආරක්‍ෂාව සහිත බන්ධනාගාර
  • .මධ්‍යම ගණයේ ආරක්‍ෂා සහිත බන්ධනාගාර
  • ..අවම ආරක්‍ෂා සහිත බන්ධනාගාර වශයෙනි. වරදකරුවන්ගේ වරදේ ප‍්‍රමාණය අනුව මොවුන් බන්ධනාගාරගත කිරීම සිදුවී ඇත.ඒ අනුව වරදකරුවන්ට ලැබිය යුතු වරප‍්‍රසාදයන්හි වර්ග කිරීමක් සිදුකර ඇත.බන්ධනාගාරය අපරාධ කළ විට ලබාදෙන දඩුවමක් ලෙස ක‍්‍රියාත්මක වේ.ඕලන්දයේ ඇම්ස්ටර්ඩැමි වලින් ප‍්‍රචලිත වූ ”ටුච්ට්හුයිස්” නම් ආයතනය පහළ වීමද සිදුවිය. එම ක‍්‍රමයේ බලපෑම අන් රටවලටද ගලා ගියේ ය. මෙම ආයතන වල පරමාර්ථය වූයේ සුලූ අපරාධකරුවන්ට මෙන්ම අයාලේ යන අයට වඩා චරිත ප‍්‍රතිසංවිධානයට මාර්ගයක් සකස් කිරීමයි.[තහවුරු කර නොමැත]

මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති විකාශනය

මත්ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ලබා ගැනීම මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත අපරාධ වැලැක්වීම නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ බලපාන නෛතික ප‍්‍රතිපාදන ආඥා පනතක් ගොඩනැඟී ඇත.

  • ..විෂ අබිං අන්තරායකර ඖෂධ ආඥා පනත (1948 අංක 13 දරණ සංශෝධනය)
  • .දණ්ඩ නීති සංග‍්‍රහය (1983 අංක 2 දරණ සංශෝධනය)
  • ..සුවඳ විලවුන් ඖෂධ හා උපකරණ ආඥාපනත (1984 අංක 38 දරණ සංශෝ්ධනය)
  • ..ආයුර්වේද ආඥා පනත (1961 අංක 31 දරණ සංශෝධනය)

කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය ආශිත ගෝලිය තත්වය

ගොනුව:Drug abuse.jpg

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනය පිරිමි ජනගහනය අතර පමණක් නොව කාන්තා ජනගහනය අතරද ව්‍යාප්තව ඇත. ලෝක ජනතාවගෙන් මිලියන 120 ක් මත්ද්‍රව්‍ය භාවිතයට අවතීර්ණ වී ඇති අතර වර්ෂයකට 123,000 ත් වඩා වැඩිප‍්‍රමාණයක් මරණයට පත් වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් මිලියන 2105 ක් දුම්බීමට ඇබ්බැහි වී ඇත.කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය දුර්භාවිතය දකුණු දිග ආසියාව තුළ වැඩිවෙමින් පවතී. ඉන්දියාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන කාන්තා අනුපාතය පහළ මට්ටමක පැවතිය ද ලිංගික වෘත්තිකයින් සේවයේ නියැළෙන ඒ ආශ‍්‍රිත ව්‍යාපාර පවතින ප‍්‍රදේශවල බහුලව දක්නට ඇත.

බංගලාදේශය හා නේපාලය තුළ ද මතුවන ප‍්‍රශ්නයක් ලෙස මෙය හඳුනාගත හැකි අතර දුර්භාවිතයේ යෙදෙන වැඩි කොටසක් ගෝත‍්‍රික සහ වතු වගා කරන කාන්තාවන් ය. කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය මනෝ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක සහ සමාජමය ආදී පැතිකඩකි. ඉන්දියාවේ නගර 33 ක් ආශ‍්‍රයෙන් කරන ලද සමීක්‍ෂණයකදී පැහැදිලි වූයේ ගෝවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය දුර්භාවිතය ඉහළ මට්ටමක පැවතී බවයි. එය පිරිමින් හා කාන්තාවන් අතර සංසන්දනයේදී 20.1 අනුපාතිකයකින්විය. මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැඩි වශයෙන් කාර්මික සේවකයින් හා පැල්පත් වාසීන් අතර හඳුනා ගත හැකිය.[තහවුරු කර නොමැත]

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ ප‍්‍රවණතාවයන්

ගොනුව:Srilanka prison women.jpg

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සාපේක්‍ෂ වශයෙන් ආසියානු කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිත මට්ටමට එතරම් වෙනස් නොවේ. මත්ද්‍රව්‍ය භාවිතා කරන ශ්‍රී ලාංකික කාන්තාවන් ආශ‍්‍රයෙන් විශේෂ ලක්‍ෂණ දෙකක් හඳුනාගත හැකිය.

  • . මත්ද්‍රව්‍ය භාවිතා කරන කාන්තාවන්ගේ ප‍්‍රමාණය සාපේක්‍ෂ වශයෙන් පිරිමි ප‍්‍රමාණය හා සසඳන විට ඉතා අඩු මට්ටමක පැවතීම.
  • . ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයේ යථා ස්වභාවය හෙලිකරන සංඛ්‍යාලේඛන විරල වීම.

ගම්බද ප‍්‍රදේශවල මෙන්ම නාගරික ප‍්‍රදේශවලද අඩු ආදායම් ලබන පවුල් වල කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හා මත්ද්‍රව්‍ය නිෂ්පාදන කාර්යයෙහි යෙදීම පිළිබඳ නිරවද්‍ය සංඛ්‍යාලේඛන අප‍්‍රකටය. එහෙත් මත්ද්‍රව්‍ය වැරදි හේතුකොටගෙන අත් අඩංගුවටගැනීම් පිළිබඳ සංඛ්‍යාලේඛන පලවී ඇත. මෙහිදී සැලකිය යුතු කරුණක් වනුයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යා තුළින් මත්ද්‍රව්‍ය පිළිබඳ සම්පූර්ණ තත්‍වය නොපෙන්වන බවයි. මත්ද්‍රව්‍ය භාවිතයේ එක් අංශයක් පමණක් නිරූපණය වේ. තවද 1996 - 2000 දක්වා මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ බන්ධනාගාරගත වූවන්ගේ සංඛ්‍යාලේඛන වලට අනුව මෙම කාල පරාසය තුළ පිරිමින්ගේ වර්ධනයට සාපේක්‍ෂව කාන්තාවන්ගේ සිරගත වීම් වල 100 - 200 ප‍්‍රතිශත වර්ධනයක් දක්නට ලැබේ. මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත වැරදි හේතුවෙන් අත්අඩංගුවට පත්වීමේ ස්වභාවය දිස්ත‍්‍රික්ක පදනමින් සලකා බලන විට වැඩිම නාගරීකරණය වූ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත වැරදි හේතුවෙන් අත් අඩංගුවට ගන්නා ලද වැඩි පිරිස වාර්තාවේ. 1981 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා කාලය තුළ අත් අඩංගුවට ගන්නා ලද පිරිස 59% අයත්වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයටය.ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ස්ත‍්‍රීන්ගේ සේවා නියුක්තිය පිළිබඳ විග‍්‍රහ කිරීමේදී කැපී පෙනෙන විශේෂ ලක්‍ෂණ ඇත. ගුණවර්ධනසඳහන් කරන ආකාරයට ලිංගික සේවිකාවන් සහ කම්කරු වෘත්තියෙහි නියැලෙන කාන්තාවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත. 23.43% ක් ලිංගික සේවිකාවන් වේ. 22.9% ක් කම්කරු රැුකියාවල නිරත වේ. කම්කරු කාන්තාවන් සනීපාරක්‍ෂක කම්කරු කුලී වැඩ, වතු ආශ‍්‍රිත වැඩ, කොහුලණු, වීමෝල වල වැඩ කරන හා විවිධ ආයතන වල සුළු සේවිකාවන් ලෙස කටයුතු කරන අයගෙන් සමන්විතය. ෙම ක්‍ෂේත‍්‍රවල රැකියාවල නිරතවූවන්ගේ සමාජ පිළිගැනීම, වෘත්තිය, පරිසරය හා ආකල්ප ස්ත‍්‍රීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමුවීමට සෘජුවම බලපා ඇත.[තහවුරු කර නොමැත]

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත වැරදි හේතුවෙන්අත්අඩංගුවට පත් අයගේ ස්ත‍්‍රී පුරුෂ අනුපාතය

වර්ෂය ස්ත්‍රී පිරිමි පිරිමි/ස්ත්‍රී අනුපාතය
1981 91 6184 0.015
1982 279 5009 0.056
1983 185 4567 0.004
1984 235 6660 0.035
1985 185 7017 0.026
1986 150 8359 0.018
1987 33 6183 0.005
1988 145 6208 0.023
1989 219 6953 0.031
1990 486 11778 0.041
1991 277 12246 0.023
1992 1104 12939 0.085
1993 692 13892 0.050
1994 500 11852 0.042
1995 430 13057 0.033
1996 89 14710 0.006
1997 177 13369 0.013
1998 192 14868 0.013
1999 178 15668 0.011
2000 276 14845 0.019
2001 388 15089 0.026
2002 781 17669 0.044
2003 781 21456 0.028

මුලාශ්‍රය:අන්තරායකර පාලක ජාතික මණ්ඩලය,2006:15

වැරදිකරෑවන් වු පිරිසගෙන් මත්ද්‍රව්‍යවැරදි හේතුවෙන් බන්ධනාගාරගත වු ස්ත‍්‍රී පුරුෂ අනුපාතය 1996-2007

වර්ෂය ස්ත්‍රී පිරිමි ඵකතුව
1996 53 7296 7349
1997 86 7053 7139
1998 126 8073 8199
1999 148 8790 8938
2000 51 8300 8351
2001 91 7911 8002
2002 77 9740 9817
2003 97 10291 10338
2004 140 10379 10519
2005 144 13291 13435
2006 170 10214 10384
2007 159 11319 11478

prision Statistics of Sri lanka, 2008:74.

කාන්තාවන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව බන්ධනාගාරගතවි‍මෙ සමාඡිය සාධක


  • .අධ්‍යාපනය
  • .පවුල් පරිසරය
  • .විවාහක අවිවාහක බාවය
  • .වයස් මටිටම
  • .සේවානියුක්තිය
  • .සමාජානුයොජනය

වැඩිදුර කියවිම සඳහා

කාරැණාතිලක. 1999. අපරාධ බලාඅපරාධ සහ පුනරැත්ථාපනය. කඩවත : මාලිංගප්‍රකාශකයෝ

ගාමිණි ලෙස්ලි, ඡි. ඵ්. 2005. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය. මරදාන: ආරියප්‍රකාශකයෝ.

ජයතිලක දේවිකා, වි‍ජෙසිංහ ධනපාල 2007. කොළඹ නගරයේ කාන්තා මත්ලෝලිත්වය. රාජගිරිය :අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලය.

ඉංග්‍රීසි මුලාශ්‍ර සඳහා

Eitorr, E 1992. Women &Substance. Londan: The Maemillan Prees LTD

Foucault, Michel 1979. Discipline & Punish, The Birth of the Prison. New yourk: Vitage Books Gross. Paur R, Norman Levitt & MartinuLewis


අඩවියෙන් බැහැර

http://www.oasas. State.ny. us/pio/ publications/ f53-htm26, November 2005

පින්තූර එකතුව