"සැල්වදෝ්ර් ඩාලි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
15 පේළිය: 15 පේළිය:
| movement = [[ඝනකවාදය]], [[ඩාඩාවාදය]], [[අධිතාත්විකවාදය]]
| movement = [[ඝනකවාදය]], [[ඩාඩාවාදය]], [[අධිතාත්විකවාදය]]
| works = {{plainlist|
| works = {{plainlist|
* ''[[The Persistence of Memory]]'' (1931)
* ''The Persistence of Memory'' (1931)
* ''[[Soft Construction with Boiled Beans (Premonition of Civil War)]]'' (1936)
* ''Soft Construction with Boiled Beans (Premonition of Civil War)'' (1936)
* ''[[Dream Caused by the Flight of a Bee Around a Pomegranate a Second Before Awakening]]'' (1944)
* ''Dream Caused by the Flight of a Bee Around a Pomegranate a Second Before Awakening'' (1944)
* ''[[Galatea of the Spheres]]'' (1952)
* ''Galatea of the Spheres'' (1952)
* ''[[Crucifixion (Corpus Hypercubus)]]'' (1954)}}
* ''Crucifixion (Corpus Hypercubus)'' (1954)}}
| spouse = {{marriage|ගාලා ඩාලි (එලීනා ඉවානොව්නා දියකනෝවා)|1934|1982|end={{abbr|d.|died}}}}
| spouse = {{marriage|ගාලා ඩාලි (එලීනා ඉවානොව්නා දියකනෝවා)|1934|1982|end={{abbr|d.|died}}}}
| patrons =
| patrons =

19:09, 25 සැප්තැම්බර් 2019 තෙක් සංශෝධනය

සැල්වදෝර් ඩාලි
1939 දී කාල් වෑන් වෙච්ටන් විසින් ගන්නා ලද
ඩාලිගේ ඡායාරූපයක්
උපතේදී නමසැල්වදොර් ඩොමින්ගෝ ෆලිපේ ජසින්ටෝ ඩාලි අයි ඩොමිනික්
උපත11 මැයි 1904(1904-05-11)
ෆිගාරෙස්, කැටලෝනියාව, ස්පාඥ්ඥය
මරණය23 January 1989(1989-01-23) (වයස 84)
ෆිගාරෙස්, කැටලෝනියාව, ස්පාඥ්ඤය
කලත්‍රයාගාලා ඩාලි (එලීනා ඉවානොව්නා දියකනෝවා) (වි. 1934; d. 1982)
ජාතිකත්වයස්පාඥ්ඤ
ක්ෂේත්‍රයචිත්‍ර කලාව,ඡායාරූප ශිල්පය, මූර්ති ශිල්පය, ලේඛනය, සිනමාව
පුහුණුවReal Academia de Bellas Artes de San Fernando|San Fernando School of Fine Arts, මැඩ්රිඩ්, ස්පාඥ්ඥය
ව්‍යාපාරයඝනකවාදය, ඩාඩාවාදය, අධිතාත්විකවාදය
කෘතීන්
  • The Persistence of Memory (1931)
  • Soft Construction with Boiled Beans (Premonition of Civil War) (1936)
  • Dream Caused by the Flight of a Bee Around a Pomegranate a Second Before Awakening (1944)
  • Galatea of the Spheres (1952)
  • Crucifixion (Corpus Hypercubus) (1954)

සැල්වදෝර් ඩාලි යනුවෙන් නිල වශයෙන් හඳුන්වන Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí de Púbol (11 May 1904 – 23 January 1989) යනු ස්පාඥ්ඥයේ කැටලෝනියාවේ උපන් ප්‍රමුඛ අධිතාත්විකවාදී චිත්‍ර ශිල්පියෙකි.

මනා කුසලතාවකින් යුතු චිත්‍රශිල්පියෙක් වූ ඩාලි වඩාත් ප්‍රකට වූයේ සිය අධිතාත්වික කලාකෘතීන්හි යොදාගත් මනහර වූද අද්භූත වූද හැඩතලයන් නිසාවෙනි. ඔහුගේ චිත්‍රශිල්පීය කුසලතාවය පුනරුද සමයට අයත් මහා කලාකරුවන්ගේ ආභාෂයෙන් ඇතිවූවක් ලෙස සැලකේ. [1][2]ඔහුගේ වඩාත් ප්‍රචලිත වු කෘතිය වන ද පර්සිස්ටන්ස් ඔෆ් මෙමරි නිම කෙරුනේ 1931 අගෝස්තුවේ දි ය. ඩාලිගේ පුළුල් ව පැතිරුණු කලා කුසලතාවය තමා තුළ සිටි විවිධ මාධ්‍යයන්ට අයත් කලාකරුවන් රැසක් විද්‍යාමාන කරමින් සිනමාව, මූර්ති කලාව සහ ඡායාරූප ශිල්පය වැනි ක්ශේත්‍රයන් රැසක පැතිරුණකි.

රන් ආලේපිත සහ අධිකතර වු සෑමදෙයක් වෙත ම වූ සිය ඇල්ම, සුඛෝපභෝගීත්වයට වූ යටපත් කළ නොහෙන ආශාව සහ පෙරදිග රෙදිපිළි වෙත වූ ආකර්ෂණය අරාබි පෙළපතක් වෙතින් උරුම වූවක් බව ඩාලි පැවසූ අතර සිය ආදිතමයන් මුස්ලිම්වරුන්ගෙන් පැවතෙන බවට එමගින් ඔහු ඉඟි කළේ ය. [3]

ඉතා උසස් පරිකල්පනයකින් යුතු වූ ඩාලි අසාමාන්‍ය සහ කැපී පෙනෙන හැසිරීම් පවත්වා ගැනීමෙන් ද සතුටු විය. ඔහුගේ විකේන්ද්‍රීය චර්යා රටාව සහ මහජන අවධානය දිනාගැනීමට සමත් ප්‍රසිද්ධ ක්‍රියාවන් ද ඇතැම්විට ඔහුගේ කෘතීන් දැඩි ලෙස අගය කළ අය ව කම්පාවටත් විවේචනය කළ අය ව ප්‍රකෝපනයටත් ලක් කරමින් ඹහුගේ කලාකෘතීන් අභිබවමින් අවධානයට පාත්‍ර විය. [4][5]

ජීවන චරිතය

මුල් අවධිය

මැඩ්රිඩ් සහ පැරිස්හි ගත කළ සමය

1929 සිට දෙවන ලෝක යුද්ධය දක්වා කාලය

දෙවන ලෝක යුධ සමය

ස්පාඥ්ඥයේ නැවත ගතකළ සමය

අවසන් කාලය සහ මරණය

සංකේත භාවිතය

ඩාලිගේ සිතුවම්වල සංකේත භාවිතය ඉතා පුළුල් දෘෂ්ටියකින් සහ යටිපෙළකින් යුතු විය. නිදසුනක් ලෙස The Persistence of Memory හි වනා දමා සහ අතුරා තිබෙන ඔරලෝසු තුළින් කාලය සාපේක්ෂ වූවක් මිස ස්ථාවර වූවක් නොවන බවට වූ අයින්ස්ටයින්ගේ ප්‍රවාදය ඉදිරිපත් කෙරේ. [6]Salvador Dalí, [La Conquête de l'irrationnel] Error: {{Lang}}: text has italic markup (help) (Paris: Éditions surréalistes, 1935), p. 25.</ref>ඔහුට මේ අදහස පෙන්නුම් කිරීම සදහා දිය ව යන ඔරලෝසු පිළිබද සිතුවිල්ල පැමිණියේ උණුසුම් දිනක මෙළෙක් වී ගලා යන කැමෙම්බර්ට් චීස් පෙති කීපයක් දක්නට ලැබීමෙනි. [7]

අලියන් ද ඩාලිගේ සිතුවම් තුළ යළි යළිත් මතුවන රූපයකි. 1944 දී ඇදි Dream Caused by the Flight of a Bee Around a Pomegranate a Second Before Awakening නම් සිතුවම තුළ මෙය යොදාගැනුණි. ගියන් ලොරෙන්සෝ බර්නිනිගේ මූර්ති පාදකයක් වන පුරාණ ශිලාස්ථම්භයක් පිට හිදුවාගත් හස්තියකුගේ රූපයකින් ආභාශය ලැබූ [8]ඩාලිගේ අලියන් සිතුවම් කර ඇත්තේ "ඉතා දිගු, පුරුක් එක් වී තැනුණු, මුළුමනින් ම වාගේ අදෘෂ්‍යමාන වූ ආශාවේ පාදයන් සහිත ව" [9]පිට මත ශිලාස්ථම්භ දරා සිටින අයුරිනි. සිහින් දුර්වල පාදයන් සමග එක් වූ විට මෙම ෆැලිකමය බව විසින් කැපී පෙනෙන ස්කන්ධයන් අද්භූත යථාර්ථයක් පිළිබද සංවේදනයක් මවයි. "අලියන් දිස්වන්නේ අවකාශයේ ඇති විකෘතියක් පරිද්දෙනි" යැයි එක්තරා විචාරයක කියැවේ. "ඔවුන්ගේ දුර්වල කෙට්ටු දිගු පාද උපරිසැහැල්ලුබවේ සහ ව්‍යුහයේ අසමානතාවය පෙන්නුම් කරයි.” [9]

"I am painting pictures which make me die for joy, I am creating with an absolute naturalness, without the slightest aesthetic concern, I am making things that inspire me with a profound emotion and I am trying to paint them honestly."

—Salvador Dalí, in Dawn Ades, Dalí and Surrealism.

බිත්තරය ද තවත් ඩාලිනියානු රූපයකි. ඔහු බිත්තරය පූර්වප්‍රසූතිකත්වය සහ අන්තර්ගර්භාෂකත්වය සමග සම්බන්ධ කරමින් බලාපොරොත්තුව සහ ආදරය සංකේතවත් කිරීමට යොදාගනී. [10]The Great Masturbator හි සහ The Metamorphosis of Narcissus හි ඒ දිස් වේ. The Metamorphosis of Narcissus මරණය සහ පාෂාණීභවනය ද සංකේතවත් කරයි.

තවත් විවිධ සත්ව රූප ඔහුගේ සිතුවම් තුළ සංකේතාත්මක ව නිරන්තර ව භාවිත වේ. කූඹින් මරණය, වියැකීම සහ අසීමාන්තික ලිංගික ආශාව දැක්වීමට යොදාගැනෙන අතර මිනිස් හිසට සම්බන්ධ වුණු ගොලුබෙල්ලන්ගේ රූප ද භාවිත කරයි. (ඔහු ෆ්‍රොයිඩ් ව මුනගැසුණු මුල් අවස්ථාවේ ෆ්‍රොයිඩ්ගේ නිවසින් පිටත බයිසිකලයක් තුළ සිටි ගොලුබෙල්ලකු නෙත ගැටුණි.) පළගැටියන් ද නාස්ති වීමේ සහ භීතියේ සංකේතයක් ලෙස භාවිත වේ. [10]

ඩාලි සහ ඔහුගේ පියා කැඩකේස් සමීපයේ මුහුදින් අල්ලාගත් අලුත මුහුදු ඉකිරියන් ආහාරයට ගැනීමට ප්‍රිය කළ අතර ඉකිරියන්ගේ සමමිතික බවින් වසග වූ ඔහු එය ද සිතුවම් රැසක යොදාගත්තේ ය. [11]

ඩාලි සහ විද්‍යාව

20 වන සියවසේ දී ක්වොන්ටම් භෞතිකයේ උපතත් සමග ඇති වූ සුසමාදර්ශ වෙනස කෙරෙහි ඩාලි දැක්වූ වශීකෘත හැගීම විද්‍යාව කෙරෙහි ඔහු තුළ පැවති සවිඥානක බවට නිදසුනකි. වර්නර් හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මයෙන් (uncertainty principal) ආභාෂය ලැබ 1958 දී සිය Anti-Matter Manifesto නම් ලියැවිල්ල තුළ ඔහු මෙසේ රචනා කළේ ය. “මගේ කලා දිවියේ අධිතාත්විකවාදී සමයේ දී මට අවශ්‍ය වූයේ එකල මගේ පියා වූ ෆ්‍රොයිඩ් විසින් හදුන්වා දුන් ඒ විස්මිත වූ ලෝකය, අපේ අභ්‍යයන්තර ලෝකය සිතුවම් හරහා පිළිබිඹු කිරීම යි. නමුත් අද මගේ චිත්‍රවලින් පිළිබිඹු වන්නේ අපේ අභ්‍යයන්තර ය නොව අපට බාහිර වූ ලෝකය වන අතර මනෝවිද්‍යාවේ අතික්‍රමණය කරමින් භෞතික විද්‍යාව කරා මා පැමිණ ඇත. අද මගේ වන්නේ ආචාර්ය හයිසන්බර්ග් ය.”[12] මේ අනුව 1954 දී The Persistence of Memory සිතුවම කැබලිවලට බිදී ගොස් වෙන් ව පවතින (painting in fragmentation and disintegration) ස්වභාවයකින් The Disintegration of the Persistence of Memory නමින් නැවත සිතුවම් කිරීම නැගී එමින් පැවති විද්‍යාව කෙරෙහි ඩාලි තුළ වූ අවබෝධයේ කැඩපතක් වෙයි. [12]

ආශ්‍රිත නාමාවලිය

  1. "Phelan, Joseph, ',The Salvador Dalí Show". Artcyclopedia.com. සම්ප්‍රවේශය August 22, 2010.
  2. Dalí, Salvador. (2000) Dalí: 16 Art Stickers, Courier Dover Publications. ISBN 0-486-41074-9.
  3. Ian Gibson (1997). The Shameful Life of Salvador Dalí. W. W. Norton & Company. Gibson found out that "Dalí" (and its many variants) is an extremely common surname in Arab countries like Morocco, Tunisia, Algeria or Egypt. On the other hand, also according to Gibson, Dalí's mother's family, the Domènech of Barcelona, had Jewish roots.
  4. Saladyga, Stephen Francis. "The Mindset of Salvador Dalí". lamplighter (Niagara University). Vol. 1 No. 3, Summer 2006. Retrieved July 22, 2006.
  5. Meisler, Stanley (April 2005). "The Surreal World of Salvador Dalí". Smithsonian.com. Smithsonian Magazine. සම්ප්‍රවේශය 2014-07-12.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Conquete නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Salvador Dalí, The Secret Life of Salvador Dalí (New York: Dial Press, 1942), p. 317.
  8. Michael Taylor in Dawn Adès (ed.), Dalí (Milan: Bompiani, 2004), p. 342
  9. 9.0 9.1 Dalí Universe Collection. County Hall Gallery. Retrieved on July 28, 2006.
  10. 10.0 10.1 "Salvador Dalí's symbolism". County Hall Gallery. Retrieved on July 28, 2006
  11. "Salvador Dali: Liquid Desire". ngv.vic.gov.au. සම්ප්‍රවේශය February 14, 2015.
  12. 12.0 12.1 Dalí: Explorations into the domain of science. The Triangle Online. Retrieved August 8, 2006.
"https://si.wikipedia.org/w/index.php?title=සැල්වදෝ්ර්_ඩාලි&oldid=441646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි