"සැල්වදෝ්ර් ඩාලි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළුNo edit summary
සුළු ප්‍රවර්ගය:චිත්‍රශිල්පියෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
31 පේළිය: 31 පේළිය:
== ආශ්‍රිත නාමාවලිය ==
== ආශ්‍රිත නාමාවලිය ==
<references />
<references />

[[ප්‍රවර්ගය:චිත්‍රශිල්පියෝ]]

20:15, 13 සැප්තැම්බර් 2019 තෙක් සංශෝධනය

සැල්වදෝර් ඩාලි
1939 දී කාල් වෑන් වෙච්ටන් විසින් ගන්නා ලද
ඩාලිගේ ඡායාරූපයක්
උපතේදී නමසැල්වදොර් ඩොමින්ගෝ ෆලිපේ ජසින්ටෝ ඩාලි අයි ඩොමිනික්
උපත11 මැයි 1904(1904-05-11)
ෆිගාරෙස්, කැටලෝනියාව, ස්පාඥ්ඥය
මරණය23 January 1989(1989-01-23) (වයස 84)
ෆිගාරෙස්, කැටලෝනියාව, ස්පාඥ්ඤය
කලත්‍රයාගාලා ඩාලි (එලීනා ඉවානොව්නා දියකනෝවා) (වි. 1934; d. 1982)
ජාතිකත්වයස්පාඥ්ඤ
ක්ෂේත්‍රයPainting, drawing, photography, sculpture, writing, film, jewelry
පුහුණුවSan Fernando School of Fine Arts, මැඩ්රිඩ්, ස්පාඥ්ඥය
ව්‍යාපාරයCubism, ඩාඩාවාදය, අධිතාත්විකවාදය
කෘතීන්

සැල්වදෝර් ඩාලි යනුවෙන් නිල වශයෙන් හඳුන්වන Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí de Púbol (11 May 1904 – 23 January 1989) යනු ස්පාඥ්ඥයේ කැටලෝනියාවේ උපන් ප්‍රමුඛ අධිතාත්විකවාදී චිත්‍ර ශිල්පියෙකි. මනා කුසලතාවකින් යුතු චිත්‍රශිල්පියෙක් වූ ඩාලි වඩාත් ප්‍රකට වූයේ සිය අධිතාත්වික කලාකෘතීන්හි යොදාගත් මනහර වූද අද්භූත වූද හැඩතලයන් නිසාවෙනි. ඔහුගේ චිත්‍රශිල්පීය කුසලතාවය පුනරුද සමයට අයත් මහා කලාකරුවන්ගේ ආභාෂයෙන් ඇතිවූවක් ලෙස සැලකේ. [1][2]ඔහුගේ වඩාත් ප්‍රචලිත වු කෘතිය වන ද පර්සිස්ටන්ස් ඔෆ් මෙමරි නිම කෙරුනේ 1931 අගෝස්තුවේ දි ය. ඩාලිගේ පුළුල් ව පැතිරුණු කලා කුසලතාවය තමා තුළ සිටි විවිධ මාධ්‍යයන්ට අයත් කලාකරුවන් රැසක් විද්‍යාමාන කරමින් සිනමාව, මූර්ති කලාව සහ ඡායාරූප ශිල්පය වැනි ක්ශේත්‍රයන් රැසක පැතිරුණකි. රන් ආලේපිත සහ අධිකතර වු සෑමදෙයක් වෙත ම වූ සිය ඇල්ම, සුඛෝපභෝගීත්වයට වූ යටපත් කළ නොහෙන ආශාව සහ පෙරදිග රෙදිපිළි වෙත වූ ආකර්ෂණය අරාබි පෙළපතක් වෙතින් උරුම වූවක් බව ඩාලි පැවසූ අතර සිය ආදිතමයන් මුස්ලිම්වරුන්ගෙන් පැවතෙන බවට එමගින් ඔහු ඉඟි කළේ ය. [3] ඉතා උසස් පරිකල්පනයකින් යුතු වූ ඩාලි අසාමාන්‍ය සහ කැපී පෙනෙන හැසිරීම් පවත්වා ගැනීමෙන් ද සතුටු විය. ඔහුගේ විකේන්ද්‍රීය චර්යා රටාව සහ මහජන අවධානය දිනාගැනීමට සමත් ප්‍රසිද්ධ ක්‍රියාවන් ද ඇතැම්විට ඔහුගේ කෘතීන් දැඩි ලෙස අගය කළ අය ව කම්පාවටත් විවේචනය කළ අය ව ප්‍රකෝපනයටත් ලක් කරමින් ඹහුගේ කලාකෘතීන් අභිබවමින් අවධානයට පාත්‍ර විය. [4][5]

ආශ්‍රිත නාමාවලිය

  1. "Phelan, Joseph, ',The Salvador Dalí Show". Artcyclopedia.com. සම්ප්‍රවේශය August 22, 2010.
  2. Dalí, Salvador. (2000) Dalí: 16 Art Stickers, Courier Dover Publications. ISBN 0-486-41074-9.
  3. Ian Gibson (1997). The Shameful Life of Salvador Dalí. W. W. Norton & Company. Gibson found out that "Dalí" (and its many variants) is an extremely common surname in Arab countries like Morocco, Tunisia, Algeria or Egypt. On the other hand, also according to Gibson, Dalí's mother's family, the Domènech of Barcelona, had Jewish roots.
  4. Saladyga, Stephen Francis. "The Mindset of Salvador Dalí". lamplighter (Niagara University). Vol. 1 No. 3, Summer 2006. Retrieved July 22, 2006.
  5. Meisler, Stanley (April 2005). "The Surreal World of Salvador Dalí". Smithsonian.com. Smithsonian Magazine. සම්ප්‍රවේශය 2014-07-12.
"https://si.wikipedia.org/w/index.php?title=සැල්වදෝ්ර්_ඩාලි&oldid=441033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි