"සිරිධම්ම විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු නිල ලාංඡනය, දැක්ම සහ මෙහෙවර ප්‍රකාශය එක් කිරීම. ~~
Missing essential information such as license, permission or source (F5), හේතුව ලෙස දක්වා c:User: විසින් Crest_of_Srirdhamma_College.svg
2 පේළිය: 2 පේළිය:
|name = සිරිධම්ම විද්‍යාලය
|name = සිරිධම්ම විද්‍යාලය
|native_name =Siridhamma College
|native_name =Siridhamma College
|image =
|image =[[file:Crest of Srirdhamma College.svg|thumb|සිරිධම්ම විද්‍යාලයීය නිල ලාංඡනය]]
|Region = [[ලබුදූව]]
|Region = [[ලබුදූව]]
|motto = පඤ්ඤා නරානං රතනං
|motto = පඤ්ඤා නරානං රතනං

04:53, 4 ජූනි 2019 තෙක් සංශෝධනය

සිරිධම්ම විද්‍යාලය
Siridhamma College
Location
Map

ඛණ්ඩාංක06°04′19.48″S 80°13′54.58″E / 6.0720778°S 80.2318278°E / -6.0720778; 80.2318278ඛණ්ඩාංක: 06°04′19.48″S 80°13′54.58″E / 6.0720778°S 80.2318278°E / -6.0720778; 80.2318278
තොරතුරු
වර්ගයආණ්ඩුවේ පාසලකි
ආදර්ශ පාඨයපඤ්ඤා නරානං රතනං
ආරම්භ කලේ1995 පෙබරවාරි 06
ආදිකර්තෘආචාර්ය රිචඩ් පතිරණ
විදුහල්පතිරවීන්ද්‍ර පුෂ්පකුමාර
ශ්‍රේණි1 - 13
බාලක/බාලිකාමිශ්‍ර
Enrollment3500
වර්ණ(ය)" නිල් " සහ " රන් "         
වෙබ් අඩවියwww.siridhammacollege.lk

“පඤ්ඤා නරානං රතනං” – ප්‍රඥාව මිනිසාට මාණික්‍යයක් බඳුය යන්න ආදර්ශ පාඨය කරගත් සිරිධම්ම විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ල, ලබුදූව හි පිහිටුවා ඇත, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකෙන්ම සමන්විත මිශ්‍ර පාසල් අතුරෙන් ඉහලින්ම සිටින පාසලක් වන අතර කෙටි කාලයකින් ඉමහත් කීර්තියක් අත්කරගත් ජාතික පාසලකි.

ඉතිහාසය

ගොනුව:Ven Dr Labuduwe Siridhamma Thera.jpg
ගරුතර ලබුදුවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේ

ආරම්භය

දිවංගත ගරු අධ්‍යාපන අමාත්‍ය, රිචඩ් පතිරණ මහතාගේ ප්‍රථිමාව

අක්මීමණ ආසනයේ අවශ්‍යතාවයක් සපුරාලමින් 1995 පෙබරවාරි 06 වන දින එවක අධ්‍යාපන අමාත්‍ය, දිවංගත ගරු රිචඩ් පතිරණ මැතිතුමාගේ[1] සමාරාධනාවෙන් එවක අග්‍රාමාත්‍ය, දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සුරතින් පළමු ළමයා ඇතුලත් කරගනිමින් පාසල ආරම්භ කරන ලදී. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලබාගත් පළමු හිමිනම වන ගරුතර ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ගරු කිරීමක් ලෙස ලබුදූව සිරිධම්ම විද්‍යාලය ලෙස පාසල නම් කරන ලදී. ළමුන් 90 කින් සහ එක් ගොඩනැගිල්ලකින් ඇරඹි පාසල වසරින් වසර 1 වසරට හා 5 වසර ශිෂ්‍යත්වයෙන් 6 වසර සඳහා ළමුන් ඇතුලත් කරගනිමින් තම සිසු සංඛ්‍යාව ඉහල නංවාගන්නා ලදී. මුල් විදුහල්පති P.S.K.රාජපක්ෂ මූලිකව මාලා ජයසේකර, සන්ධ්‍යා කොඩිකාර, මාලා අලස්, අනූජා වීරසිංහ, චන්දන පන්ඩිත්සේකර, M.K.සෝමපාල, A.M.විජේරත්න, නයනා කුලතිලක ගුරුමණ්ඩලය පාසලේ ආරම්භක ගුරුවරුන් වෙත්.

දැක්ම

පිරිපුන් දැයක් උදෙසා පිරිපුන් දරුවෙක්.

මෙහෙවර

පිරිපුන් දරුවෙක් බිහි කළ හැකි ඵලදායි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.

මඟ සළකුණු

  • 1995 පෙබරවාරි 06 දින පාසල ආරම්භය
  • 1996 ජනවාරි 06 ප්‍රාථමික අංශයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම හා විද්‍යාගාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම
  • 1996 පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
  • 1996 නොවැම්බර් 17 විද්‍යාගාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
  • 1998 ජනවාරි 17 සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
  • 1999 පාසලේ ශ්‍රවණාගාරය, පරිගනක ඒකකය සහිත තෙමහල් ගොඩනැගිල්ල හා නේවාසිකාගාර ගොඩනැගිලි විවෘත කිරීම
  • 1999 5 වසර ශිෂ්‍යත්වය සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
  • 2004 උසස්පෙළ සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
  • 2012 ඔක්තෝබර් 07 ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම

ආදි විදුහල්පතිවරුන්

විදුහල්පතිවරයා/විදුහල්පතිවරිය සිට දක්වා
P.S.K.රාජපක්ෂ 1995 2004
සුමේධ වක්වැල්ල 2004 2007
මුනිපාල 2007 2008
ප්‍රේමසිරි ඈපා 2008 2012
කපිතාන්. S.P.ආරියරත්න 2016
රවීන්ද්‍ර පුෂ්පකුමාර 2016

වර්ථමානය

අද වන විට සිසුන් 3500 ක් පමන දක්වා වර්ධනය වී ඇත.

සිරිධම්ම විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල හා බුදුමැදුර

නිවාස

පෙරදී (1995 -2008), පාසලේ ළමුන් මැණික් වර්ගවල නම් සහිත නිවාස 4කට බෙදා තිබුනි, එනම්.

  • සෆායා - නිල් වර්ණය
  • ඔපල් - දම් වර්ණය
  • ක්‍රිස්ටල් - රතු වර්ණය
  • ඩයමන්ඩ් - කහ වර්ණය

2008-2012 දක්වා සිසුන් නිවාස 5කට බෙදා තිබුනි එනම්,

  • සිංහරාජ - කොළ වර්ණය
  • දුන්හිඳ - රතු වර්ණය
  • මහවැලි - නිල් වර්ණය
  • සමනළ - කහ වර්ණය
  • සීගිරි - රෝස වර්ණය

2013 වසර සිට නැවතත් පෙර පරිදි නිවාස වල නම් සකස්කර ඇත.

  • සෆායා - නිල් වර්ණය
  • ඔපල් - දම් වර්ණය
  • ක්‍රිස්ටල් - රතු වර්ණය
  • ඩයමන්ඩ් - කහ වර්ණය

ක්‍රීඩා

ශිෂ්‍යභට ඛණ්ඩය

පිරිමි ශිෂ්‍යභට කණ්ඩය

ආරම්භක වර්ෂය 2003
NCC පුහුණු කඳවුරු තුලදී ලබාගත් ස්ථාන

වසර ස්ථානය වසර ස්ථානය
2003 21 2013 -
2004 16 2014 -
2005 11 2015 -
2006 09 2016 -
2007 09 2017 -
2008 04 2018 -
2009 04 2019 -
2010 11 2020 -
2011 11 2021 -
2012 09 2022 -

කාන්තා ශිෂ්‍යභට කණ්ඩය

ආරම්භක වර්ෂය 2008
NCC පුහුණු කඳවුරු තුලදී ලබාගත් ස්ථාන

වසර ස්ථානය වසර ස්ථානය
2008 23 2018 -
2009 03 2019 -
2010 - 2020 -
2011 - 2021 -
2012 - 2022 -
2013 - 2023 -
2014 - 2024 -
2015 - 2025 -
2016 - 2026 -
2017 - 2027 -

නිළ ඇඳුම

  • පිරිමි ළමුන් 1 වසර සිට 9 වසර දක්වා
    සුදු අත්කොට කමිසය හා නිල් කොට කලිසම
  • පිරිමි ළමුන් 10 වසර සිට 13 වසර දක්වා
    සුදු අත්කොට කමිසය හා සුදු දිග කලිසම
  • ගැහැණු ළමුන් 1 වසර සිට 13 වසර දක්වා
    නිල් කරපටිය සමඟ සුදු අත්කොට හැට්ටය හා නිල් රැලි සාය

සියළුම සිසුන්ගේ කමිස සාක්කුවෙහි ඉහල වම් කෙළවරෙහි පාසල් නිල ලාංඡනය අනිවාර්යය වේ.

පාසල් ගීතය

සිරිධම්ම විද්‍යාලයීය පාසල් ගීතය
ඉංග්‍රීසි: Siridhamma College
පද රචනයරත්න ශ්‍රී විජේසිංහ
සංගීත නියැදිය

සිරි සරසවි නිතියෙන් රඳනා
සිරිත විරිත නැණ ගුණ වඩනා
සිරිදම් විදුහල් මවුනි දයාබර
පහන් ටැඹකි ඔබ මඟ කියනා

නව විදු නැණ සිප් ලලිත කළා
නිපුණ වෙමින් කෙළි මඩුලු දිනා
පිරිපුන් දරුවන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා

විපුල දිරිය ඉඳු බව සපුරා
සාධු ගුනෙන් හදවත සරසා
පිරිපුන් මිනිසුන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා

පබැඳුම, රත්න ශ්‍රී විජේසිංහ

ආදි ශිෂ්‍ය සංගමය

2012 ඔක්තෝබර් 07 වැනි දින පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නිළ වශයෙන් පිහිටුවන ලදී.ආදී ශිෂ්‍ය මව් සංගම් කාර්යාලය නිළ වශයෙන් පාසල තුල විවෘත කිරීම 2016 ඔක්තෝබර් මස 07 වැනි දින සිදු කරන ලදී.

මේ අඩවිත් බලන්න

යොමුව

  1. දිවයින හා සිළුමිණ පුවත්පත්වල පලවු දිවංගත ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා පිළිබඳ ලිපි
"https://si.wikipedia.org/w/index.php?title=සිරිධම්ම_විද්‍යාලය&oldid=436602" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි