"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
175.157.64.128 මගින් සිදුකල 434855 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)

5 පේළිය: 5 පේළිය:
| imagesize =
| imagesize =
| caption = රෝලිං, 2010 දී
| caption = රෝලිං, 2010 දී
| pseudonym = {{unbulleted list|J. K. Rowling|Robert Galbraith}}vvcvbhhvfxxccc
| pseudonym = {{unbulleted list|J. K. Rowling|Robert Galbraith}}
|birth_name=ජොඈන් රෝලිං
|birth_name=ජොඈන් රෝලිං
| birth_date = {{Birth date and age|1965|7|31|df=yes}}
| birth_date = {{Birth date and age|1965|7|31|df=yes}}
33 පේළිය: 33 පේළිය:
රෝව්ලින්ග් ගේ ජීවිතකතාව අතිශය දුක්ඛිත ජීවන තත්වයක සිට ලොව ධනවත්ම පුද්ගලයන් අතරට අවුරුදු පහක් වැනි කෙටි කාලයකදී ළගා වූ අතිශය පෙරැළිකාර කතාන්දරයකි. 2011 මාර්තු මස වන විට ඇයගේ වත්කම ඇමෙ. ඩොලර් බිලියන 11 ක් බවට ගනන් බලා ඇත. 2008 ධනවත් පුද්ගලයන් ලැයිස්තුවට අනුව ඇයගේ ඇස්තමේන්තු ගත ධනය පවුම් මිලියන 560 (ඩොලර් මිලියන 760) කි.මේ අනුව ඇය එක්සත් රාජධානියේ සිටින 12 වෙනි ධනවත්ම කාන්තාවයි. ෆෝර්බ්ස් සගරාවට අනුව ඇය 48 වැනි වඩාත්ම ප්‍රභල තරුව ලෙස නම් කළ අතර ටයිම්ස් සගරාව ඇයගේ සාමජීය සහ දේශපලනික දායකත්වය මත ඇයව 2007 දී වසරේ චරිතය ලෙසින් නාම යොජනා කළේය. 2010 ඔක්තෝම්බර් මස වන විට සගරා කතෲවරුන් විසින් ඇය ව බ්‍රිතාන්‍යයේ වඩාත්ම ජනාදරයට පත් කාන්තාව ලෙසද හදුනා ගැනුනි. ඇයගේ සමාජ සත්කාරයන් හා නොමසුරු පරිත්‍යාගයන් මත ඇයව සමාජ සේවිකාවක් ලෙසින්ද ප්‍රකට වූවාය.

== නාමය ==
== නාමය ==
ඇය ජේ. කේ. රෝව්ලින්ග් නමින් ප්‍රේක්ශකයන් අතර ප්‍රකට වුවද තම ප්‍රථම හැරී පෝටර් කෘතිය පළ වන විට ඇය ජොඈන් රෝව්ලින්ග් වූවාය. තම ප්‍රේක්ශක තරුණ පරපුරට වඩාත් හොදින් සමීප වීම සඳහා තම සංස්කාරකයන්ගේ මගපෙන්වීම මත ඇය ජේ. කේ. රෝව්ලින්ග් ලෙසින් තම නාමය වෙනස් කර ගත්තාය. ඇය ජෝ ලෙසින් තමන්ව හදුනා ගන්නා අතර තමාගේ කුඩා කළ මිතුරන් තමා සමග අමනාප වූ විට ජොඈන් ලෙසින් තමාඅව අමතන බව විටෙක පවසා ඇත. තම විවාහයෙන් පසු යම් අවස්ථා වල ඇය ජොඈන් මුරේයි ලෙස ද තම නාමය භවිතා කර ඇත.

15:42, 27 අප්‍රේල් 2019 වන විට නවතම සංශෝධනය

J. K. Rowling
රෝලිං, 2010 දී
උපතජොඈන් රෝලිං
31 ජූලි 1965 (1965-07-31) (වයස 58)
යේට්, ග්ලූසෙස්ටර්ෂයර්, එංගලන්තය
ලේඛන අන්වර්ත නාමය
• J. K. Rowling
• Robert Galbraith
වෘත්තියනවකතාකරු
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
අධ්‍යාපනයBachelor of Arts
උගත් ශාස්ත්‍ර ශාලාව
කාලසීමාව1997–වර්තමානය
ප්‍රභේදයFantasy, drama, young-adult fiction, tragicomedy, crime fiction
සංගණ්‍ය කෘතිය(න්)හැරී පොටර් කතා මාලාව
කලත්‍රයා(යන්)
• Jorge Arantes (වි. 1992–95)
• Neil Murray (වි. 2001)
දරුවන්3

ආභාෂය ලැබූයේ

අත්සන

[http://jkrowling.com jkrowling.com]

ජොඈන් රොව්ලින්ග් නොහොත් ජේ. කේ.රොව්ලින්ග් යනු "හැරි පොටර්" කතාන්දර පොත් පෙළෙහි කතෘවරියයි. ඇය උපතින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වූවාය. ඇයගේ ලෝකප්‍රකට පොටර් කතා පෙළ පිටපත් මිලියන 400 ඉක්මවා අළෙවි වාර්ථා තැබීමට සමත් වූ අතර අතිසාර්ථක චිත්‍රපට ගනනාවකටම පාදක කර ගත්තකි. මෙම චිත්‍රපට සදහා රෝව්ලින්ග් තම අනුමැතිය ලබා දීමෙන් පමණක් නොව තමාගේ නිර්මණාත්මක නිෂ්පාදන සහායකත්වයෙන්ද දායක වී ඇත. රෝව්ලින්ග් පවසන පරිදි ඇයට මෙම කතාපෙළෙහි මූලික බීජය 1990 දී මැන්චෙස්ටර් නගරයේ සිට ලන්ඩන් දක්වා වූ දුම්රිය ගමනකදී එළැඹියකි.

රෝව්ලින්ග් ගේ ජීවිතකතාව අතිශය දුක්ඛිත ජීවන තත්වයක සිට ලොව ධනවත්ම පුද්ගලයන් අතරට අවුරුදු පහක් වැනි කෙටි කාලයකදී ළගා වූ අතිශය පෙරැළිකාර කතාන්දරයකි. 2011 මාර්තු මස වන විට ඇයගේ වත්කම ඇමෙ. ඩොලර් බිලියන 11 ක් බවට ගනන් බලා ඇත. 2008 ධනවත් පුද්ගලයන් ලැයිස්තුවට අනුව ඇයගේ ඇස්තමේන්තු ගත ධනය පවුම් මිලියන 560 (ඩොලර් මිලියන 760) කි.මේ අනුව ඇය එක්සත් රාජධානියේ සිටින 12 වෙනි ධනවත්ම කාන්තාවයි. ෆෝර්බ්ස් සගරාවට අනුව ඇය 48 වැනි වඩාත්ම ප්‍රභල තරුව ලෙස නම් කළ අතර ටයිම්ස් සගරාව ඇයගේ සාමජීය සහ දේශපලනික දායකත්වය මත ඇයව 2007 දී වසරේ චරිතය ලෙසින් නාම යොජනා කළේය. 2010 ඔක්තෝම්බර් මස වන විට සගරා කතෲවරුන් විසින් ඇය ව බ්‍රිතාන්‍යයේ වඩාත්ම ජනාදරයට පත් කාන්තාව ලෙසද හදුනා ගැනුනි. ඇයගේ සමාජ සත්කාරයන් හා නොමසුරු පරිත්‍යාගයන් මත ඇයව සමාජ සේවිකාවක් ලෙසින්ද ප්‍රකට වූවාය.

නාමය[සංස්කරණය]

ඇය ජේ. කේ. රෝව්ලින්ග් නමින් ප්‍රේක්ශකයන් අතර ප්‍රකට වුවද තම ප්‍රථම හැරී පෝටර් කෘතිය පළ වන විට ඇය ජොඈන් රෝව්ලින්ග් වූවාය. තම ප්‍රේක්ශක තරුණ පරපුරට වඩාත් හොදින් සමීප වීම සඳහා තම සංස්කාරකයන්ගේ මගපෙන්වීම මත ඇය ජේ. කේ. රෝව්ලින්ග් ලෙසින් තම නාමය වෙනස් කර ගත්තාය. ඇය ජෝ ලෙසින් තමන්ව හදුනා ගන්නා අතර තමාගේ කුඩා කළ මිතුරන් තමා සමග අමනාප වූ විට ජොඈන් ලෙසින් තමාඅව අමතන බව විටෙක පවසා ඇත. තම විවාහයෙන් පසු යම් අවස්ථා වල ඇය ජොඈන් මුරේයි ලෙස ද තම නාමය භවිතා කර ඇත.

පසුබිම[සංස්කරණය]

පීටර් ජේම්ස් රෝව්ලින්ග් සහ ඈන් රෝව්ලින්ග් යුවලට දාව 1965 ජුලි 31 වන දා එන්ගලන්තයේ උතුරු බ්‍රිස්ටල් හි යේට් ග්‍රාමයේ රෝව්ලින්ග් උපත ලැබීය. ඇයගේ මව ස්කොට්ලන්ත සහ ප්‍රන්ශ මිශ්‍ර සම්භවයක් ඇත්තියක් වන අතර ඇය ගේ මාතෲ පාර්ශවීය සීයා, ඩගල්ඩ් කෑම්ප්බෙල් ලම්ලාශ් හි උපත ලබූවකු වන අතර පීතෲ පාර්ශවයේ සීයා ලුයිස් වොලන්ට් ප්‍රතම ලෝක යුද සමයේ කෝසෙලස්-ලේ-කොම්ට් ග්‍රාමය බේරා ගැනීම වෙනුවෙන් සම්මන ලැබූවෙකි. රෝලින්ග් ගේ සොයුරිය උපත ලබන විට ඇයට මාස 23 කි. ඉන්පසු රෝලින්ග්ට වයස අවු. 4ක් පමණ වන විට ඔවුහූ වින්ටර්බෝර්න් ගම්මානයට පදින්චියට ගියහ.ඇය තම ප්‍රාතමික අධ්‍යාපනය ලැබූවේ සා. මිචෙල් ප්‍රාථමික පාසලෙනි. ඇයගේ කෘතියෙහි එන ඇල්බස් ඩම්බල්ඩෝර් චරිතය එහිදී තම ප්‍රධානාචාර්‍යවරයා වූ ඇල්ෆ්‍රඩ් ඩන් ගෙන් හඩගැන්වුනු බව රෝලින්ග් පවසයි.

කුඩා කළ සිටම රෝව්ලින්ග් මනකල්පිත කථාකරණයෙහි නියළුනු අතර ඇය මෙම කතාවන් තම සොයුරියට පැවසීමට පුරුදුව සිටියාය. එවැනි එක්තරා කතාවක තම සොයුරිය සා ළෙනක් තුළට වැටී ඒ තුල වූ සා පවුලක් ඇයට ස්ට්‍රෝව්බෙරි කැවූ කථා පුවතක් ඇය ආවර්ජනය කරයි. ඇය තම ප්‍රථම කතාව ලියූවේ වයස අවු. 5 හෝ 6 දීය. ඇයට වයස අවු 9 දී ඔවුහූ වේල්ස් හි චෙප්ස්ටෝව් නගරයේ ග්ලොසෙස්ටර්ශයර් ගම්මානයට පැමිණියහ. ඇයගේ නැන්දනිය තමාට ජෙසිකා මිට්ෆෝර්ඩ් ගේ චරිතාපදානය තෑගි කිරීමෙන් තම කියවීමේ ආශාව අවදි කළ බව රෝව්ලින්ග් පවසයි. ඉන් පසු මිට්ෆොර්ඩ් ඇයගේ වීර වරිය වූ අතර ඇය පසුව මිට්ෆෝර්ඩ් ගේ සියලුම කෘතීන් කියවූවාය.
රෝව්ලින්ග් තම ද්විතීයික අධ්‍යාපනය ව්යේඩීන් විදුහලෙන් ලැබීය. ඇයගේ මවද එහි විද්‍යා අන්ශයේ කාර්මික සේවිකාවක ලෙසින් සේවය කළාය. රෝව්ලින්ග් වරෙක පවසා ඇති පරිඩි තම කෘතියෙහි එන හර්මායිනී ( පොතෙහිම ගිලුනු සියල්ල දත් ) චරිතය තම කුඩා කල පදනම් කර ගත්තකි, සීන් හැරිස් රෝව්ලින්ගේ පසැලේ අඹ යහළුවෙකු වූ අතර ඔහු අනුසාරයෙන් රොන් චරිතය ගොඩනැන්ග්වී ඇත. පෙනුමෙන්ද ඔහු සීන් හ බොහෝ සෙයින් සමානය. සීන් සතුව ෆොර්ඩ් ඇන්ග්ලියා රථයක් තිබූ අතර කතාවෙහි එන පියාඹන රථයට මෙය මූලික වන්නට ඇත. රෝව්ලින්ගේ ප්‍රියතම සන්ගීත කණ්ඩායම වූයේ The Smiths සන්ගීත කණ්ඩායමයි. රෝව්ලින්ග් තම බී.එ. උපාධිය සදහා අධ්‍යයන කටයුතු වල නිරත වන කාලයේ තමා හා සමාන රැඩිකල් අදහස් සහිත මිතුරන් රැසක් හමු වේ යැයි බලාපොරොත්තු වුවද, රෝව්ලින්ග් තම බී.එ. උපාධිය සදහා අධ්‍යයන කටයුතු වල නිරත වන කාලයේ තමා හා සමාන රැඩිකල් අදහස් සහිත මිතුරන් රැසක් හමු වේ යැයි බලාපොරොත්තු වුවද, ඔවුන් සමග ආශ්‍රය කිරීම ඉතාම උද්යෝගීමත් අත්දැකීමක් වූ බව රොව්ලින්ග් පවසයි.වසරක් පමණ පැරීසියේ අධ්‍යයන කටයුතු වල නිරත වීමෙන් අණතුරුව ඇය පර්යේශකයෙකු සහ ද්වීභාෂා සහායකවරියක ලෙස ඇම්නෙස්ට්‍රි ඉන්ටර්නැශනල් ආයතනයේ සේවය කිරීම සදහා ලන්ඩන් නගරයට පදින්චියට පැමිණියාය.

1990 දී මැන්චෙස්ටර් සිට ලන්ඩන් ඩක්වා වූ ඩුම්‍රිය ගමනක් අතර තුර දුම් රියකින් මායා පාසැලකට යන කොලුවකුගේ කතාවක් තම මනසේ සිතුවම් වූ බව රොව්ලින්ග් පවසයි. එය ඉබේම තම මනසේ හට ගත් බවත් ඉන්පසු හැරීගෙන් පටන්ගෙන සියල්ල ඉබේටම ගලා ආ බවත් ඇය බොස්ටන් ග්ලෝබ් සගරාවට පවසා ඇත. ඇය තම නිවසට සෙන්දු වූ විගසම මේ සියල්ල සටහන් කිරීමට පටන් ගෙන ඇත. එම වසර අවසානයේදී, දස වසරක් රෝගාතුරව පසු වීමෙන් පසුව ඇයගේ මව මෙලොව හැර ගියාය. "මම හැරී පෝටර් රචනා කරමින් සිටින අතරතුරදීයි අම්මා මෙලොව හැර ගියේ. ඇයට හැරී පෝටර් ගැන පවසන්න මට බැරි උනා" යැයි විටෙක රෝව්ලින්ග් පවසා ඇත. මෙය තමාගේ රචනයට බලපෑම් ඇති කල බවද,මුල් කෘතිය තුල මේ හේතුව මත රෝව්ලින්ග් වැඩි වශයෙන් හැරීගේ මාපිය වියෝව ගැන විස්තර සඩහන් කර ඇති බවත් මෙය තමා මත ඇති වූ බලපෑම් පරිවර්තනය කරන බවත් රෝව්ලින්ග් පවසා ඇත.

ර්‍රෝව්ලින්ග් මේ ලගට පෘථුගාලයේ පෝර්ටොර් නුවරට ඉන්ග්‍රීසි භාශා ගුරුවරයෙක් ලෙස සේවයට පැමිනියාය. එහිදී 1992 ඔක්. 19 වන දින ඇය පෘථුගාල මඩ්‍යවේදියෙකු වූ ජෝර්ජ් ඇරන්ටස් සමග විවාහ දිවියට එලෙඹුණාය.ඔවුහූ තම ප්‍රථම දියනියට ජෙසිකා ඉසැබෙල් රෝව්ලින්ග් ඇරන්ටස් ලෙස නම් තැබූහ.කෙසේවෙතත් ඔවුහූ 1993 නොවැම්බෙර් මස වෙන් වූහ.1993 දෙසැම්බර් මස රෝව්ලින්ග් තම දියණිය සමග ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි තම සොහොයුරිය වෙත පැමිණියාය. මෙම අවදියේදී ඇය තදින් රෝගාතුර වූ අතර මෙම සමය තුලඩී ඇයට තම තුන්වන පොත තුල එන ආත්මීය සත්වයන් සහ ඩිමෙන්ටෝර් වරුන් ගැන ඇඩහස් පහල වී ඇත. තම උපාධියෙන් අවුරුදු 7 තුල ඇය තම ජීවිතයේ අදුරුම යුගය පසු කරමින් සිටියාය. ඇයගේ විවාහය දෙදරා ගොස් තිබූ අතර ඇය රැකියා විරහිත මවක් වූවාය.නමුත් ඇය මෙම අවධිය හදුන්වා දෙන්නේ තම නිදහසේ අවදිය ලෙසයි.

පරාජයේ බිහිසුණුකම මා අභිමුවෙහි වූ කඩඉම් ජය ගන්නා ළෙස මා හට බළ කර සිටියා. ජීවිතය නැවත වරක් මාගෙන් අප්‍රතිහත කැපකිරීමක් ඉල්ලා සිටියා. මම මා සතු සියළුම ශක්තිය එක්තැන් කොට මා අභිමුවෙහි වූ එකම අභියෝගය ජය ගැනීම වෙනුවෙන් යෙදවූවා. ජීවිතය මා ඉතාමත් අසරණ බවට පත් කොට තිබුණු අතර මට කළහැකි වෙන කිසිවක්ම තිබුනේ නෑ. මා මේ වන විට වෙන කිසියම් හෝ සාර්ථකත්වයක් ලබා තිබුනේ නම් මට මා තුලින් මෙතරම් වූ චිත්ත ආවේගයක් ජනණය කරගත නොහැකිව තිබුනා.මම මාගේ ජීවිතයේ බිහිසුණුම ඇත්දැකීමට මුහුණ දී සිටියා. මෙම අත්දැකීම විසින් මා හට අසීමාන්තික නිදහසක් ආරෝපණය කර තිබුණා.මම මාගේ එකම බලාපොරොත්තුව වූ මාගේ ආදරණීය දියණිය වෙනුවෙන් ජීවිතය සමග සටන් වැදුනා. මාගේ පැරණි ට්යිප් රයිටරය තුලින් මගේ සුවිසල් අදහස ක්‍රියාවට නැන්ග්වීමට පටන්ගත්තා. මෙම ශක්තිමත් පදනම මාගේ ජීවිතයේ නවමු ආරම්භයට මහත් පිටුවහලක් වුනා. - (ජේ. කේ. රෝලින්ග් , හාර්වර්ඩ් සමාරම්භක කතාවේදී)

ස්කොට්ලන්තයෙහි ඉගැන්වීම සදහා ඇයට පශ්චාත් උපාධියක් අවශ්‍ය වූ අතර මේ සදහා ඇයට 1995 සිට අවුරුද්දක් පමණ පූර්ණ කාලීන අධ්‍යයන කටයුතු වල නිරත වීමට සිදු වූවාය. මේ වන විට ඇය තම ප්‍රථම කෘතිය අවසන් කරමින් සිටියාය. ඇය බොහෝ වේලාවලදී කුඩා කඩ වලදී, හෝ තම දියනිය නිදිගන්වාගත හැකි ඔනෑම තැනකදී ඇය ලිවීමට පෙළඹුනාය.

"https://si.wikipedia.org/w/index.php?title=ජේ._කේ._රෝලිං&oldid=435202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි