"රන්ජා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
6 පේළිය: 6 පේළිය:
| film name =
| film name =
| director = සුදේෂ් වසන්ත පීරිස්
| director = සුදේෂ් වසන්ත පීරිස්
| producer = [[සුනිල් ටී ප්‍රනාන්දු]]
| producer = සුනිල් ටී ෆිල්ම්ස්
| writer = සුදේශ් වසන්‍ත පීරිස්
| writer = සුදේශ් වසන්‍ත පීරිස්
| screenplay = සුදේශ් වසන්ත පීරිස්
| screenplay = සුදේශ් වසන්ත පීරිස්

16:27, 15 අගෝස්තු 2018 තෙක් සංශෝධනය

රන්ජා
අධ්‍යක්‍ෂණයසුදේෂ් වසන්ත පීරිස්
රචනයසුදේශ් වසන්‍ත පීරිස්
තිර රචනයසුදේශ් වසන්ත පීරිස්
කතාවස්තුවසුදේශ් වසන්ත පීරිස්
නිශ්පාදනයසුනිල් ටී ෆිල්ම්ස්
රංගන ශිල්පීන්රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, හිමාලි සිරිවර්ධන
සිනෙමාරූපණයගාමිණී මොරගොල්ලාගම
සංස්කරණයකුමාරසිරි ද සිල්වා
සංගීතයකේෂාන් පෙරේරා
Production
company
ෆයින් විෂන්
බෙදාහැරීමඑම්.පී.අයි සහ ඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය
  • මැයි 28, 2014 (2014-05-28)
රටශ්‍රී ලංකා
භාෂාවසීංහල
ආදායමරු.ලක්ෂ 650(දින 25කින්[1])

රන්ජා (English: Ranja) යනු 2014 තිරගවූ සිංහල ක්‍රියාදාම චිත්‍රපටියකි.මෙහි අධ්‍යක්ෂණය සුදේෂ් වසන්ත පීරීස් වන අතර රංගනයෙන් දායක වන ප්‍රසිද්ධ නළු නිළියන් වනූයේ සුපිරි තරුව රන්ජන් රාමනායක සමඟ හිමාලි සිරිවර්ධන,ටෙනිසන් කුරේ,රෙක්ස් කොඩිප්පිලි,රොජර් සෙනෙවිරත්න,වසන්ත කුමාරවිල,නිල්මිනී කොට්ටේගොඩ හා ශ්‍රීමාල් වෙඩිසිංහයි.

කථාව

ගමේ ඇලක් අසල ඇති කර්මාන්ත ශාලාවකින් අපවිත්‍ර ජලය බැහැර කිරීම නිසා ගමේ අයට එහි ජලය භාවිතයට ගැනීමට නොහැකි වෙයි. මේ ගැන උරන වූ ජනයා කර්මාන්ත ශාලාව විනාශ කිරීමට බෝම්බ සවි කරයි. මේ ආරංචිය දැනගත් රන්ජා එතැනට පැමිණ, මෙය පිපිරවීමට සැරසෙන ගම්මුනට පහර දී එය වලක්වයි. පසුදින ග්‍රාමසේවක සහ ගමේ පිරිස මේ ගැන සාකච්ඡා කර ඇමති හමුවීමට තීරණය කරයි.

මේ කටයුත්ත සඳහා රන්ජා යැවීමට සියලු දෙනා කැමති වෙයි. ගමේ තරුණියක් වන විහඟි ද ඔහු සමඟ නගරයට පැමිණීමට ඉදිරිපත් වේ. ඇයගේ නැන්දා ද ඔවුන් සමඟ එයි.නගරයට පැමිණෙන රන්ජා තමාගේ මිතුරා වන ජොනීගේ නිවසේ නතර වේ. ටොමී ජොනීගේ හොඳම මිතුරාය. ටානියා නගරයේ හැදුණු සංකර ගති පැවතුම් ඇති තරුණියකි. ජොනී ඇයගේ ආදරය ලබා ගැනීමට උත්සාහ කරයි.ස්වර්ණා පාතාලයේ රැජිනයි. කළු විජේ ඇයගේ සොහොයුරාය. ඇමතිතුමා මේ පාතාල කල්ලිය මෙහෙයවයි. කළු විජේ මොවුන් සිටින වීදියේ මැරකම් කරමින් කප්පම් ගනිමින් සිටී.මෙම වීදියේ සිදුවන දූෂණ හා මැරකම් නැතිකර සාමකාමී පරිසරයක් ඇති කිරීමට උත්සාහ කරන නීති ගරුක පොලිස් පරීක්ෂකවරයෙක් සිටී. ඔහු මෙම පාතාල කල්ලිය මර්ධනය කිරීමට සියලු බලතල යොදයි. මේ නිසා මොහු සමඟ ඇමති සහ පාතාල කල්ලිය වෛරයෙන් පසුවෙයි.

රන්ජා ඇමතිතුමා හමු වී ගමේ ප්‍රශ්නය පැවසූ විට ඔහු එය විසඳා දීමට පොරොන්දු වේ. ටානියා ජොනීට අකමැති නිසා ඇය රන්ජා හා හාද වීමට උත්සාහ කරයි. මෙය දැනගත් විහඟි තරහින් පසුවේ.

ටානියා රන්ජා හා හාදවීමට උත්සාහ කරන බව දැනගත් ජොනී කණගාටුවට පත් වෙයි.කළු විජේ කඩවීදියේ කප්පම් ගැනීමට පැමිණි අවස්ථාවේ රන්ජා හා ඇතිවන කතාබහකදී රන්ජා කළු විජේ ගේ අත කඩයි. මේ නිසා රන්ජා හා කළු විජේ අතර වෛරයක් ගොඩ නැගේ.ස්වර්ණා ඇමතිගේ ආධාරයෙන් මැතිවරණයට ඉදිරිපත් වී මැර බලයෙන් ඡන්දය ජයග්‍රහනය කරයි. ස්වර්ණා සහ කළු විජේ තමන්ගේ බලය පාවිච්චි කර රන්ජා විනාශ කිරීමට සැරසේ. ස්වර්ණා සහ කළු විජේ ඇමැති හමු වී රන්ජාගෙන් තමන්ට කරදර සිදුවන බව පවසයි. මේ නිසා ඇමති රන්ජා සමඟ තරහින් පසුවේ.මේ අතර ටානියා වෙනත් පෙදෙසක පදිංචියට යයි. රන්ජා ඇමති හමු වී ගමේ ප්‍රශ්නය පිළිබඳව විමසයි. මේ අවස්ථාවේ ඇමැති සමඟ ස්වර්ණා හා කළු විජේ ද සිටිති. ඇමැති රන්ජාට තර්ජනය කරයි. ස්වර්ණා සහ කළු විජේ රන්ජාට පහර දී මැරුණා යයි සිතා මහ මඟ දමා යයි.

රන්ජා ගෙදර නොපැමිණි නිසා විහඟි ඔහු සොයමින් සිටී. මේ අතර ටානියා ත්‍රීවිලරයකින් යන විට මහ මඟ වැටී සිටින රන්ජා හමුවේ. ඇය ඔහු ගෙදරට රැගෙන යයි. ඇය විහඟිට රන්ජා හමු වූ බව දැනුම් දෙයි. විහඟි පැමිණ රන්ජා හමුවේ. රන්ජා මෙහි සිටීම අනතුරුදායක බැවින් ගමට යන ලෙස ඇයට කියා සිටී.රන්ජා මැරී නැති බව ඇමැති දැන ගනී. ඔහු මේ බව ස්වර්ණාට දැනුම් දෙයි. මේ ගැන විමසිල්ලෙන් සිටින ඔවුන්ට විහඟි සහ නැන්දා ත්‍රීවිලරයෙන් යන විට හමුවේ. මෙම ත්‍රීවිලරය ලුහුබැඳ ගොස් ඔවුන් ගමන් ගන්නා ජීප් රථය හප්පයි. මෙහිදී විහඟි බරපතල තුවාල ලබයි. මේ දැනගත් රන්ජා ඇය බැලීමට රෝහලට යයි. ඇය දුටු රන්ජා ඇමතිගෙන් පලිගැනීමේ දැඩි තීරණයකට එළඹේ.රන්ජා ඇමැති හමුවීමට යන විට එහි ස්වර්ණා හා කළු විජේ ද සිටී. මොවුන් අතර සටනක් ඇතිවේ. එහිදී කළු විජේ සහ ස්වර්ණා මරණයට පත්වේ.මේ වන විට මහ ඇමති මෙම දූෂිත ඇමතිවරයාගේ ක්‍රියා කලාපය ගැන දැනගෙන සිටී. ඔහු රන්ජා හමු වී ගමේ ප්‍රශ්නය විසඳා ඔහුට ද ප්‍රශංසා කරයි.[2]

රංගනය

  • රන්ජන් රාමනායක - රන්ජා/රන්ජන්
  • හිමාලි සිරිවර්ධන - විහඟී
  • ටෙනිසන් කුරේ - ජොනී
  • නිපුනි විල්සන් - ටානියා
  • නිල්මිණී කෝට්ටගොඩ - විහඟීගේ අම්මා
  • ශ්‍රීමාල් වෙඩිසිංහ - ඇමතිතුමා
  • පියුමි බොතේජු - ස්වර්ණා
  • වසන්ත කුමාරවිල - කළු විජේ
  • රොජර් සෙනෙවිරත්න - පොලිස් ස්ථානාධිපති
  • දෙනුවන සේනාධී - ටොමී
  • රෙක්ස් කොඩිප්පිලි - උසස් පොලිස් නිලධාරි
  • සුමනා ගෝමස් ශකීලා
  • සඳුන් විජේසිරි
  • ප්‍රේමදාස විතානගේ
  • දහාරා බණ්ඩාර (ළමා)
  • ශාන් බන්දු වීරසිංහ
  • කීර්ති රංජිත්
  • දයාරත්න සිරිවර්ධන
  • දොන් ලීලාරත්න
  • එස්. ඒ. රෝහණ
  • නිශාන්ත සරබරණ
  • කෝකිල සෙනෙවිරත්න
  • ප්‍රමෝද් ගුණසේකර
  • ලසන්ත බණ්ඩාර
  • ජයන්ත ප්‍රනාන්දු
  • ලක්ෂ්මන් අමරසේකර
  • ශානක දිනුම් බණ්ඩාර
  • රංජිත් පීරිස්
  • වයි. පීටර්
  • ටී. පී. රාජා
  • ගාමිණී දිසානායක
  • ඊ. ආශිර්වාද
  • ආර්. පී. සරත්
  • භානුක මහේෂ් පෙරේරා
  • චන්ද්‍රසිරි විදානගම
  • මොහොමඩ් හුසේන්
  • රොෂාන් රලපනාව
  • චන්දන දිමුතු කුමාර

ගීතයන්

  • ගීත ගායනය - එච්. ආර්. ජෝතිපාල
  1. සැලෙන ලෙලෙන දලුව - එච්.ආර්. ජෝතිපාල
  2. ඉන්දිකාර යාර වන්දි - එච්.ආර්. ජෝතිපාල, චන්ද්‍රිකා සිරිවර්ධන, ඇන්ජලින් ගුණතිලක

සම්මාන

දෙරණ සිනමා සම්මාන 2014

  • හොඳම දෘශ්‍ය ප්‍රයෝග චමත් පරණවිදාන.
  • හොඳම සටන් අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිල.[3]

මූලාශ්‍ර

"https://si.wikipedia.org/w/index.php?title=රන්ජා&oldid=426775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි