"සුපර්නැචුරල් (වාරය 1)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රූපවාහිනී කතාමාලා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
151 පේළිය: 151 පේළිය:


සුපර් නචුරල්හි කොටස් 4 ක් පෙන්වීමෙන් පසු ඩබ්.බී චැනලය තීරණය කලේ කොටස් 22 ම පෙන්වීමටයි.ශ්‍රේණිගත කිරීම් අනුව එය අවු 18-34 හා 12-34 කාණ්ඩ වල තුන්වැන්නට සටහ්ස්න් වුනා.තවද දෙවන වසරේදී 18-34 අතර පුරුෂ පක්ෂයේ ප්‍රේක්ෂකයින්ගේ 73% ක වර්ධනයක් දැකිය හැකි වුවද,සම්පුර්ණයෙන් ගතහොත් එය 4% කි.විශේෂ කාර්ය බලකායේ කෙවින් වෛස් පවසන ආකාරයට ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ වැඩිපුරම මිලදී ගන්නා සංයුක්ත තැටිය මෙහි පළමු කොටස් 2 ය.
සුපර් නචුරල්හි කොටස් 4 ක් පෙන්වීමෙන් පසු ඩබ්.බී චැනලය තීරණය කලේ කොටස් 22 ම පෙන්වීමටයි.ශ්‍රේණිගත කිරීම් අනුව එය අවු 18-34 හා 12-34 කාණ්ඩ වල තුන්වැන්නට සටහ්ස්න් වුනා.තවද දෙවන වසරේදී 18-34 අතර පුරුෂ පක්ෂයේ ප්‍රේක්ෂකයින්ගේ 73% ක වර්ධනයක් දැකිය හැකි වුවද,සම්පුර්ණයෙන් ගතහොත් එය 4% කි.විශේෂ කාර්ය බලකායේ කෙවින් වෛස් පවසන ආකාරයට ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ වැඩිපුරම මිලදී ගන්නා සංයුක්ත තැටිය මෙහි පළමු කොටස් 2 ය.

[[ප්‍රවර්ගය:රූපවාහිනී කතාමාලා]]

18:15, 10 අප්‍රේල් 2018 තෙක් සංශෝධනය

Supernatural Season 1
A DVD box set with the foreground of the cover portraying two men, one holding a bladed weapon and the other with a shotgun, and the background portraying an automobile and stormy sky.
DVD cover art
සම්භව රටUnited States
කථාංග සං.22
නිකුතුව
මුල් ජාලයThe WB
මුල් නිකුතුවසැප්තැම්බර් 13, 2005 (2005-09-13) – මැයි 4, 2006 (2006-05-04)
වාරය කාලානුක්‍රමය
පසු →
Season 2

සුපර් නැචුරල් (පළමු කොටස)

එරික් ක්රිප්කේ විසින් නිර්මාණය වූ ඇමෙරිකානු රුපවාහිනී චිත්‍රපට මාලාවක් වන සුපර් නැචුරල්හි;පළමු අදියරෙහි ප්‍රථම දර්ශන වාරය,2005 සැප්තැම්බර් මස 13 වන දින පැවැත්වූ අතර,කතාංග 22 කට පසු එය 2006 මැයි 4 වන දින අවසන් විය.තම මව හා සෑම්ගේ පෙම්වතිය මරා දැමු රකුසකු ලුහුබැද ගොස් අතුරුදන්වන සිය පියා සෙවීමට යන, සෑම් හා ඩීන් නම් වූ ප්‍රධාන නළුවන් වටා මෙම කතා පුවත ගෙතී ඇත.ඒ අතරතුර ඔවුන් සිය පියාගේ දිනපොත ආධාරයෙන්, අද්භූත සත්වයින් මරණයට පත් කරමින් මිනිසුන් බේරා ගැනීමෙහිද නිරත වන්නාහ.ජැරඩ් පැඩලෙකි හා ජෙන්සන් ඇක්ලස් මෙහි සෑම් හා ඩීන් ලෙස රඟ දක්වන අතර,ජෙෆ්රි ඩීන් මෝගන් ,ඔවුන්ගේ පියා ජෝන් ලෙසත්,නිකි ඒකොක්ස් ,රකුසා වන මෙග් මාස්ටර් ලෙසත් රංගනයෙන් දායක වෙති.ඩබ්.බී හා යු.පී.එන් චැනල වල ඒකාබද්ද ඉදිරිපත් කිරීමක් ලෙස මෙහි පළමු කොටස පමණක් ඩබ්.බීහි විකාශය වූ අතර,ඉතිරි සියලුම කොටස් සී.ඩබ් චැනලයෙහි විකාශය විය. මෙහි පළමු කතාංග 16 පමණක් (ඇමෙරිකාවේ) සෑම අගහරුවාදාවකම රාත්‍රී 9.00 ට විකාශය වූ අතර,ඉන් පසු කතා මාලාව බ්‍රහස්පතින්දා විකාශය වීම ඇරඹිණි.මෙය දල වශයෙන් ඇමෙරිකානු ප්‍රේක්ෂකයින් මිලියන 3.81 පමණ නරඹා ඇති බැව් වාර්තා වේ.බොහෝ සම්මාන සඳහා යෝජනා වූ මෙම චිත්‍රපටි මාලාවෙහි "පය්ලට්" කතාංගය,එමී සම්මාන දෙකක් සදහාද යෝජනා වී ඇත.සමහරක් විචාරකයින් මෙහි ගද්‍යමය ඉදිරිපත් කිරීමට අකමැති වුවද,එහි ඇති හැගීම්බර අවස්ථා හා ප්‍රධාන නළුවන් අතර තිබූ සහෝදර ප්‍රේමය,අනෙක් අයගේ පැසසුමට බදුන් විය. එක්සත් රාජධානියෙහි අයි.ටී,වී හිද,කැනඩාවෙහි සිට් ටීවීහිද,ඔස්ට්‍රලියාවේ නෙට්වර්ක් 10 හිද පළමුවර ජාත්‍යන්තර ලෙස විකාශය විය. "වෝනර් හෝම් වීඩීයෝ" මගින් මෙය පළමු වරට 2006.09.05 වන දින, සංයුක්ත තැටි 6 ක එකතුවක් සේ(රීජන් 1 හි) වෙළදපොලට නිකුත් කළහ.රීජන් 2 හි මෙම දර්ශන මාලාව පළමුව කොටස් 2 කින් නිකුත් වුවද;පසුව එය 2006.10.02 වන දින සම්පුර්ණ වශයෙන් නිකුත් විය.තවද,රීජන් 4 හි මෙය නිකුත් වුයේ 2007.10.02 වන දිනය.මෙම කතා මාලාව විද්‍යුත් වෙළදුන් වන ඇපල්හි අය්.ටියුන් ස්ටෝර්ස් වලද,මයික්රෝසොෆ්ට් හි එක්ස් බොක්ස් ලයිව් මාකට් ප්ලේස් හිද,ඇමසන්.කොම්හි ඔන් ඩිමාන්ඩ් ටීවී සීරීස්හිද මිලදී ගත හැක.



1) කතාංග

1) "පය්ලට්"

සම හා දීන් කුඩා කලදී ඔවුන්ගේ මව වන මේරි (සමන්තා ස්මිත්) දරුනු හා විස්තර කල නොහැකි අන්දමේ මරණයකට පත් වනවා.ඔවුන්ගේ මවගේ ජීවිතය නැති කල මෙමෙ අද්භූත බලවේගය සොයා ගැනීමේ අටියෙන් ,ඔවුන්ගේ පියා මොවුනට විශේෂ උපක්‍රම උගන්වනවා.වසර ගණනකට පසුව ස්ටන්ෆඩ් විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලබමින් සිටින සෑම්ට,නැවත මෙම අද්භූත ලෝකයට පිවිසීමට සිදුවන්නේ ඔවුන්ගේ පියාගේ අබිරහස් අතුරුදන්වීම පිළිබද සිය සොයුරා සැල කල පසුවය .මොවුන් ජෙරිකෝ හා කැලිෆෝනියා හි ඔහු සෙවීමට ගත් උත්සාහය අතරමග නතර කරන්නේ, සුදු ඇදුමකින් සැරසුණු ගුප්ත කාන්තාවක් (සාරා ශාකි) පුරුෂයින් බිල්ලට ගන්න බව ආරංචි වූ පසුවයි.මැය සිය දරුවන් දියේ ගිල්වා මරාදමා ,සිය දිවි හානි කරගත් තැනැත්තියකගේ භූතාත්මයයි.මොවුන් මේ පිළිබද පරීක්ෂණ පවත්වන අතරවාරයේදී, ෆෙඩරල් නියෝජිතයකු ලෙස පෙනී සිටීම හේතුවෙන්,ඩීන් අත්තඩංගුවට ගැනෙනවා.කෙසේ වුවද ඔහු හිරෙන් පැන ගොස්,පලිගැනීමට එන භූතාත්මයෙන් සිය සොයුරාව බේරා ගන්නවා.සිය දරුවන්ගේ ආත්මයන් හමුවට පමුණුවන ලද්දා වූ සුදු වත හැදි කතා,අවසානයේ විනාශ කර දැමීමට මෙම දෙසොහොයුරන් සමත් වනවා.එහෙත් තම නිවසට පැමිණෙන සෑම් දකින්නේ ඔහුගේ පෙම්වතිය සිවිලිමට සිර කොට,තම මව මෙන්ම අද්භූත බලවේගයකින් මරා දමන ආකාරයයි. ජෙසිකාගේ මෙම මරණය හේතුවෙන් ඔහුද ඩී න් සමග භුතාත්ම දඩයමට පිවිසෙනවා.

2)"වෙන්ඩිගෝ"

ජෙසිකාගේ මරණය පිලිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට හැකි නොවූ කල්හි ඔවුන් තම පියාගේ දිනපොත ආධාරයෙන් බ්ලැක් වෝටර් රිජ්,ලොස්ට් ක්‍රීක්,කොලරාඩෝ කරා සේන්දු වනවා.උයන් පල්ලන් ලෙස හැසිරෙන මොවුන්,හේලි(ජීනා ගෝල්ඩන්) නම් තරුණ කාන්තාවක් හා ඇගේ බාල සොයුරා වන බෙන්ගේ(ඔල්ඩන් එරන්රීච් ),නැතිවුණු වැඩිමහල් සොයුරා වන ටොමි(ග්‍රැහැම් වොඩ්ල්)සොයා දීමට උපකාර වනවා.කඳවුරකදී සිදු වන මෙය.1936 පටන් වනයට අරක්ගෙන සිටි වෙන්ඩිගෝ ගේ ක්‍රියාවකැයි සොයුරන් වටහා ගන්නවා.ඔහු සෙවීම අතරවාරයේදී හේලි හා ඩීන් පැහැරගැනුනද,ඔවුන් පතලකදී සොයා ගැනීමට සෑම් හා බෙන් සමත් වනවා.ඩීන්,හේලි හා ටොමි නිදහස් කරගත් පසු වෙන්ඩිගෝව තුවක්කුවකින් මරා දමනවා.

3)"ඩෙඩ් ඉන් ද වෝටර්"

පියා සෙවීමේ කටයුතු මදකට බැහැර කරන දෙසොහොයුරෝ,සැක කටයුතු සිද්දියක් නිරීක්ෂණය කිරීමට විස්කොන්සින්හි මනිටොක් විල කරා යනවා.එහි වසරක් ඇතුලත මරණ 3 ක් වාර්තා වන අතර,සිරුරු විලෙහි අතුරුදන් වනවා.සොයුරන්ට අවබෝධ වන්නේ එම පළාතේ පොලිස් නිලධරයකු(ඩැනියල් හියු කෙලි) හා අවසානයේ මියගිය පුද්ගලයා අතින් කුඩා කාලයේදී වැරදීමකින් මිය ගිය පිරිමි දරුවකුගේ ආත්මයක්,විලට අරක්ගෙන ඇති බවයි.පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කරන භුතාත්මය,මෙම පොලිස් නිලධරයාගේ දියණිය වන ඇන්ඩ්රියා (ඒමි ඇක)හා ගොළු මුනුබුරා වන ලුකස්(නිකො මැක් ඉයන්)බ්ල්ලට ගැනීමට තැත් කරනවා.ලුකස් විලට ඇදගත් පසු පොලිස් නිලධරයා තමාවම එම ආත්මයට භාර දී,මුනුබුරාව බේරා ගන්නවා.

4)"පැන්තම් ට්‍රැවලර්"

තම පියා විසින් පෙර දිනකදී බේරා ගත් අයකු,ගුවන් යානයක අද්භූත ලෙස සිදු වූ අනතුරක් පිලිබඳ සෙවීමට සෑම් හා ඩීන් ගේ සහය පතනවා.මෙම ගුවන් අනතුරෙන් දිවි ගලවා ගන්නේ 7 දෙනෙකු පමණයි.තොරතුරු වලින් පෙනී යන්නේ මෙය යක්ෂාවේශ වූ පුද්ගලයකු විසින් කල බවයි.දිවි බේරා ගත් ය එකිනෙකා මෙම යක්ෂයා විනාශ කරන බව දැනගත් විට,තමන්ට ගුවනේ යාමට ඇති බියද පසෙකලා,රකුසාගේ ඊළඟ ගොදුර වන අය(ජෙමි රේ නිව්මන්)යන මාර්ගය ඔස්සේ,ඩීන් ගුවන් යානයකින් ගමන් කරයි.එම යක්ෂාවේශ වූ පුද්ගලයාව කාමරයක සිර කිරීමට සෑම් හා ඩීන් සමත් වෙයි.යකුන් පලවා හැරීමේ චාරිත්‍රය සිදු කරන විට එම යක්ෂයා පුද්ගලයාගේ සිරුරින් ඉවත් වුවද,එය දිගටම කිරීම නිසා යක්ෂයා අපායටම යනවා.

5)"බ්ලඩී මේරි"

සිය දියණිය "බ්ලඩී මේරි" යයි තෙවරක් කන්නාඩියක් ඉදිරියේ සිට කීම නිසා,ඇස් පිපිරී මිනිසකු මිය යනවා. ටොලිඩෝ,ඔහියෝ හි සිදුවූ මෙය ගැන පරීක්ෂණ පැවැත්වීමට යන්නේ දෙසොහොයුරන්ය.ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ,බ්ලඩී මේරි(ජෝවානා හියුගට්) යනු කන්නාඩියක් ඉදිරියේ ඇස් උගුල්ලා මරා දැමු තරුණ කාන්තාවකගේ ආත්මය බවයි.ඇය ඒ තුල සිරවී සිටින්නීය. මෙම කන්නාඩිය නගරයේ පැරණි බඩු විකුණන සාප්පුවක තබා ඇති හෙයින්,"බ්ලඩී මේරි" එහිසිටින,අන් අයෙකුගේ මරණයක් සිදු කර ඇති පුද්ගලයින් බිල්ලට ගන්නාහ. අත්වැරැද්දකින් සිදුවූවක් නිසා දැරියක(මානට් පැටසන්) ඇගේ ඊළඟ ගොදුර වීම වැළැක්වීමට දෙසොහොයුරන්ටන් උපක්‍රමයක් සෙවීමට සිදු වනවා. ඔවුන් එම කන්නාඩිය සොයා විනාශ කල විට "බ්ලඩී මේරි" ඉන් නිදහස් වනවා.කෙසේ වුවද ඩීන් ඇයට ඇගේම ඡායාව පෙනෙන්නට සැලැස්වීමෙන්,තම රහස් පිලිබඳ තැවුලට පත් වන ඇය විනාශ වනවා.

6)"ස්කින්"

සෑම්ගේ පාසල් මිතුරකු වන සැක්,සිය පෙම්වතිය මරා දැමීමේ චෝදනාව මත සිරගත කල පසු ඒ පිළිබඳව සොයා බැලීමට දෙසොහොයුරන් ශාන්ත ලුවී,මිසූරියට යනවා.ඒ අවස්ථාවේදී ඔහු ඇය සමග සිටි බව සැක් ගේ සොයුරිය බෙකී(ඒමි ග්රාබෝ) කියා සිටියද,මුරකරුවන් පවසන්නේ අන් දෙයක්ය.එවැනිම තවත් මිනීමැරුමක් සිදුවූ විට ඔවුන්ට වැටහෙන්නේ මෙය,තම පෙනුම වෙනස් කල හැකි බලවේගයකින් කරන්නක් බවයි.මෙම භූතාත්මය සොයුරන් අල්වාගෙන,ඩීන් ගේ වේශයෙන් ගොස් බෙකී මැරීමට තැත් කරයි.ඊට පෙර ඔහුගෙන් ගැලවී යන දෙසොහොයුරෝ මේ පිලිබදව පොලිසිය දැනුවත් කරයි.බෙකී ඉන් ගැලවුනද,ඇය විනාශ කිරීමට ආ පුද්ගලයා ඩීන් බව පොලිසිය විශ්වාස කරයි.ඩීන් භුතයාගේ ගුහාව පිරික්සන අතරතුර,සෑම් ඔවුන් මුහුණ දී ඇති තත්වය පැහැදිලි කිරීමට බෙකී ගේ නිවසට යනවා.එහෙත් ඇය එක්වරම භුතයාගේ ස්වරූපය ගෙන සෑම්ට සිහිසුන් වන තෙක් පහර දී,නැවත ඩීන්ගේ වෙස් ගන්නවා.සත්‍ය බෙකී ගුහාවෙහි බැඳ තබා සිටිනු සොයා ගන්නා ඩීන්,තවමත් තම ස්වරුපයෙන් සිටින භූතයා වෙඩි තබා විනාශ කරනවා.

7)"හුක් මෑන්"

සාහසික ලෙස මරා දැමුණු පාසල් ශිෂ්‍යයකුගේ ඝාතනය පිලිබඳ සොයා බැලීමට සෑම් හා ඩීන් යන අතර,ඝාතනය වූ පුද්ගලයාගේ පෙම්වතිය ලෝරි(ජේන් මැක් ග්‍රේගර් ) පවසන්නේ ඝාතකයා අදෘශ්‍යමාන බවයි. තවත් එවැනිම සිදුවීම් බොහොමයක් සිදුවන අතර ඒ සියල්ලටම මෙම දැරිය සම්බන්ධ බවක් පෙනී යනවා.මෙය "හුක් මෑන්"ගේ ක්‍රියාවක් බව දෙසොහොයුරන් විශ්වාස කරන අතර,පරීක්ෂණ වලින් පෙනී යන්නේ එය 1862 දී ගණිකාවන් 13 ක් තම අත වෙනුවට තිබු කොක්කෙන් මරා දමා,පසුව එම වැරදි වලට මරණයට නියම වූ,ජේකබ් කාන්ස් නම් පියතුමෙකුගේ ආත්මය බවයි.එය නැවැත්වීමට නම් එම කොක්ක විනාශ කල යුතු වුවද,කාන්ගේ මරණයෙන් පසුව එය උණු කර වෙනත් ද්‍රව්‍යයක් තනා තිබෙනවා.මෙය සෙවීමට පල්ලියට යන මොවුනට "හුක් මෑන්" මුණගැසෙනවා.එම වස්තුව ලෝරිට පියතුමකු විසින් දුන් මාලයවිය යුතු යයි ඔවුන්ගේ තීක්ෂණ බුද්ධියට වැටහීම හේතුවෙන්,ඔවුන් මාලය විනාශ කර දිවි බේරා ගන්නවා.

8)"බග්ස්"

නව නිවාස සංකීර්ණයක් සෑදීමේදී නල පද්ධතියක් තුල මිය යන කම්කරුවකුගේ මොලය මිනිත්තු ගණනකදී දියවී යනවා.මේ පිලිබඳ තතු සෙවීමට ඔක්ලහෝමාහි ඔඅසිස් තැනිතලා බිම් කරා සොයුරන් යනවා.ඔවුන්ට දන ගැනීමට ලැබෙන්නේ කෘමින් නිසා බොහෝ මරණ සිදුව ඇති බවයි.පරීක්ෂණ වලින් පෙනී යන්නේ මෙහි විසූ ස්වදේශීය ඇමෙරිකානුවන් පිරිසක්.තුරඟ සේනාවක් විසින් ඝාතනය කල බවත්,එහි නායකයා මිය යාමට පෙර එම භූමියට ශාප කල බවත්ය.එම රාත්‍රිහිදී කෘමීන්ගේ ආක්‍රමණයේ උච්චතම අවස්තාව එළඹෙන බව වටහාගන්නා දෙසොහොයුරෝ,එහි වෙසෙන පවුලට මේ පිලිබඳ අනතුරු අඟවයි.රආත්රිහිදී කෙසේ හෝ කෘමින් එළවා මොවුන් ආරක්ෂා වන අතර,හිරු නැග එද්දී කෘමීන් එම පෙදෙසින් ඉවත් වනවා.

9)"හෝම්"

සෑම් තමන් කුඩා කල සිටි නිවසේදී, තම පවුලට අමනුෂ්‍ය බලවේගයක් පහරදෙනු සිහිනෙන් දැකීම නිසා,සිය සොයුරාට ලෝරන්ස්,කැන්සාස් වෙත පැමිණෙන ලෙස පවසනවා.නිවසේ සිටින විවිධ ශබ්ධ නගන භූතාත්මය එළවීමට, ඔවුන් විශේෂ මානසික ශක්තියකින් යුත්,තම පියාගේ මිතුරකු වන මිසූරි මොස්ලි(නෝමන් ආම) ගේ උපකාර පතනවා.මිසූරි තම කාර්යය සාර්ථක බව පැවසුවත් එය විශ්වාස නොකරන දෙසොහොයුරෝ,නිවසේම රැඳී සිටිනවා.සෑම් පෙර දුටු දෙය සත්‍ය වන්නේ එම භූතයා නිවසට පැමිණි විටයි.තම පවුල බේරා ගැනීමට යන සොයුරන් දෙදෙනාද බේරෙන්නේ,ඔවුන්ගේ මවගේ ආත්මය භුතයාට බිලි වූ පසුවයි.

10)"අසෛලම්"

සිය පියාගෙන් ලැබුණු ඉඟියක් අනුව,1969 දී උන්මත්තක අපරාදකරුවන් කලබල ඇති කල,රෝක්ෆාඩ්,ඉලිනොඉස් හි පිහිටි අමනුෂ්‍ය පරිගෘහිත රුස්වෙල්ට් උන්මත්තකාගාරය වෙත දෙසොහොයුරන් යනවා.මෙම කලබල සමයේ එක ගොදුරක් වී ඇත්තේ,එහි ප්‍රධාන මානසික රෝග විශේෂඥයායි(නෝමන් ආම). එහි සිටින භූතාත්ම සමග තොරතුරු හුවමාරු කර ගැනීමේදී පෙනී යන්නේ,මෙම විශේෂඥයා රෝගීන්ට දරුණු වධ හිංසා පමුණුවමින් ඔහුගේ 'අධික ලෙස කුපිත කල ව්ට මානසික රෝග සුවවේය'යන මතය තහවුරු කර ගැනීමට තැත් කල බවයි. මෙම මානසික රෝග විශේෂඥයාගේ ආත්මය සැමට හමු වූ ව්ට ඔහුගේද මනස විකල් වී ඩීන් මරා දැමීමට තැත් කරයි.ඩීන් කෙසේ හෝ දොස්තරගේ සිරුර පුළුස්සා,සෑම් බේරා ගනී.

11)"ස්කෙයා ක්‍රෝ"

ඉන්දියානාහි අභිරහස් ලෙස අතුරුදන් වන තරුණ පෙම්වතුන් සොයා යන ලෙස පියාගෙන් ලැබුණු පණිවිඩයක් අනුව,ඩීන් කටයුතු කිරීමේදී,සෑම් පවසන්නේ ඔහු තම පියා සොයා යන බවයි.එසේ ඔවුන් අමනාපයෙන් වෙන් වන්නාහ.ඒ ගමනේදී සෑම්ට තවත් මෙග් මාස්ටර් නම් වූ (නිකි එකොක්ස්)අයෙක් හමු වනවා.ඩීන් පණ ඇති පබයකුගෙන් යුවලක් බේරා ගන්නවා.ඩීන් සෑම්ට මේ තතු සැල කරන අතර,ඔවුන්ට අවබෝධ වන්නේ නගරය ආරක්ෂා කිරීම සඳහා පබයකුගේ වෙස් ගත් "වානිර්" කෙනෙකු ඔවුන් බිල්ලට ගන්නා බවත් ඊට,පුජනිය ගසක් ශක්තිය සපයන බවත්ය.ඉන් පසු බිල්ලට ගැන්මට සිටින යුවල පැනයන හෙයින් ඒ වෙනුවට ඩීන් හා එමිලි බිල්ලට දීමට නගර වැසියන් තීරණය කරයි.එමිලි තම නැන්දා හා මාමා සමග නගරයේ වෙසෙන යුවතියකි.සාම ඔවුන් බේරා ගන්නා නිසා,පබයා එමිලි ගේ නැන්දා හා මාමා බිල්ලට ගනී.පසු දින ගස පිලිස්සීමෙන් අනතුරුව,එමිලි හා දෙසොහොයුරෝ නගරයෙන් පිට වෙති.ඒ අතරතුර මෙග් අධිවේගී මාර්ගයක යන වාහනයක් නවතා එහි නැග,රියදුරාගේ ගෙල සිඳ,ඔහුගේ රුධිරය බඳුනකට දමා අගේ පියා යයි කියන්නා වූ අයෙක් සමග කතා කරයි.

12)"ෆේත්"

'රෝහෙඩ්' කෙනෙකු සමග සටනේදී ඩීන්ට විදුලි සැර වැදී ඔහුගේ හදවතට හානි සිදු වේ.ඔහු තව සති කිහිපයක් පමණක් ඔහු ජීවත් වන බව වෛද්‍යවරු පවසයි.ඔහු බේරා ගැනීමට මගක් සොයන සෑම්ට,සුව කල නොහැක්කන් සුවකරන දේශකයකු හමු වේ(කෙවින් මැක් නල්ටි).රැස්වීමේදී ඩීන් තෝරාගෙන ඔහු සුවපත් කෙරේ.කෙසේ වුවද ඔවුනට දැනගැනීමට ලැබෙන්නේ ඩීන් සුව වූ මොහොතේම,සමලිංගික ගුරුවරයකු හර්ද්යාබාධයකින් මිය ගිය බවයි.තවදුරටත් පරීක්ෂණ කිරීමේදී පෙනී යන්නේ,සෑම සුව කිරීමක්ම සිදුවනවිට තවත් අයකු මිය යන බවයි.එනිසා දෙසොහොයුරන් විශ්වාස කරන්නේ 'රිපර්' කෙනෙකු ආධාරයෙන්,පියතුමාට පවුකාරයන් සේ හැඟෙන අය විනාශ කොට,අනෙක් අය ජීවත් කරන බවයි.එහෙත් අවසානයේ ඒ සියල්ල පිටුපස ඔහුගේ බිරිඳ සිටින බව පැහැදිලි වන අතර, 'රීපර්' පාලනය කරන අල්තාරය වහා විනාශ කිරීමට සොයුරන් කටයුතු කරයි.මොලයේ ගෙඩියක් ඇති ලෛලා නම් කාන්තාවක් සුව කරන අතරවාරයේ 'රීපර්' ඩීන් පසුපස යයි.සාම අල්තාරය විනාශ කරන අතර,නිදහස් වූ රීපර් බිරිඳ මරා දමයි.එහෙත් තරුණ කාන්තාව සුව නොවන අතර,ඇය තම මරණය පිළිබඳව සිත හදා ගන්නීය.ඩීන් ඇය වෙනුවෙන් යාග්ඥා කිරීමට පොරොන්දු වෙයි.


13)"රූට් 666"

ජාති භේද හේතුවෙන් සිදුවූ මිනීමැරුම් මාලාවක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ,ඩීන් ගේ පළමු පෙම්වතිය,කැසී ඔහුට මිසුරියට ඒමට පවසයි.මෙහිදී ඇගේ පියාද මිය යන්නේය.සෑම මරණයක්ම කිසිදු සලකුණක් ඉතිරි නොකරන ලොරියකින් සිදු වන අතර එහි රියදුරෙක්ද නැත්තේය.පසුව පෙනී යන්නේ සුදු කාන්තාවක වන කැසිගේ මව,සිය පෙම්වතා වන සෛරස් අතහැර, අප්‍රිකානු-අමෙරිකානුවකු වන කැසිගේ පිය සමග ගොස් ඇති බවයි.සෛරස් ඔහු මැරීමට තත් කලද අවසානයේ ඔහු අනෙකා අතින් මරණයට පත් වනවා.සෛරස්ගේ සිරුර ලොරියක දමා වෙලකට තල්ලුකරනවා.එහෙත් අවසාන ඔවුන් සෛරස්ගේ ආත්මය වුනු පල්ලියක් කරා ගෙනගොස් විනාශ කරනවා.

14)"නෛට් මේයාර්"

සිගිනාවා,මිචිගන්හි මිනිසකු මරා,එය සියදිවි හානි කරගැනීමක් සේ පෙනෙන්නට සලස්වන බව සෑම්ට පෙර නිමිත්තකින් පෙනෙනවා.මියගිය අයගේ පුතා වන මැක්ස්ට කතා කිරීමේදී අද්භුත කිසිවක් සිදු නොවූ බව පවසන අතර,මාක්ස්ගේ මාමාට ප්‍රවේසම් වන සේ පවසනවා.ඔහුද අබිරහස්ලෙස මරණයට පත් වූ විට සාම හා ඩීන් සිතන්නේ එම පවුලට ශාපයක් වැඩි ඇති බවයි.එහෙත් පසුව අනාවරණය වන්නේ,ඔහු කුඩා කල පියා හා මාමා පහරදුන් බවයි.තවත් පෙර නිමිත්තකින් සෑම්ට පෙනෙන්නේ,මානසික ශක්තියකින් මැක්ස් තම කුඩම්ම ව මරණ අයුරුයි.දෙසොහොයුරෝ මෙය වලක්වුවද මැක්ස් පවසන්නේ තම මවද එලෙසම ඔහු කුඩා කල මිය ගිය බවයි.මැක්ස්ගේ වෛරය එක්වරම මතුව ඔහු සංවා පෙට්ටගමක සිර කරයි.ඔහු ඩීන්ව මැරීමට යන බව දැනගත් සාම මානසික ශක්තියකින් ඔහු එසේ කිරීම වලකයි.එහෙත් අසිහියෙන් සිටින මැක්ස් සියදිවි හානි කරගනී.

15) "ද බෙන්ඩස්"

හිබින්ග්,මිනසොටාවෙහි මිනිසකු අතුරුදන් වනු කුඩා දරුවකු දැකීම හේතුවෙන් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට සෑම් හා ඩීන් යයි.ඒ අතරතුර සෑම් ද පැහැරගැනේ.ඩීන් පොලිස් කාරයකුගේ වෙස් ගෙන,උප පරීක්ෂක කැත්ලින් හුදක්(ජෙසිකා ස්ටීන්) සමග තම ඥාති සොයුරා සෙවීමට සේ පැමිණේ.ඩීන් ගේ අනන්‍යතාවය හෙළි වුවද,ඇයගේද සොයුරා එලෙසම වසර 3 කට පෙර අතුරුදන් වූ බැවින් තමා සමග එක්ව වැඩ කිරීමට අවස්ථාව ලබා දේ. එහෙත් මොහුව ඇය විශ්වාස නොකරන අතර,අපරාධකරුවන් සොයා ගත විට,ඔහුව කාරයට තබා මාංචු දමයි.කත්ලින්වද පහර ගැනෙන අතර යට අවබෝද වන්නේ ඒ විනෝදය පිණිස මිනිසුන් දඩයම් කරන පවුලක් පවයි.ඩීන් ද ඇය සෙවීමට ගොස් පහර ගැනේ.මේ අතරතුර සෑම් හා කැත්ලින් තමන් සිර කල තැනින් පැන ඔවුන් බේරා ගනී.පසු දිනක කැත්ලින් සිය පියා සමග තනිවම සිටින විට,ඇගේ සොයුරාගේ අතුරුදන් වීම පිළිබඳව ඇයට බැන වදී.ඇය,ඔහු පැන යාමට තැත් කල බව පොලිසියට කීමේ අටියෙන් ඔහුට වෙඩි තබයි.

16)"ශඩෝ "

සත්වයකුගෙන් සිදු වූ මරණයක් පිළිබඳව චිකාගෝ හිදී පරීක්ෂණ පවත්වන අතරතුර,ලෙයින් කල සලකුණක් හමු වේ.මෙය 'ඩිවා' නම් වූ සොරස්ට්‍රියන් සත්වයකුට සම්බන්ධ බව ඩීන් වටහා ගනී.ඔවුන්ට පසුව මෙග් මාස්ටර් හමු වන අතර,ඇය එම මිනීමැරුමට සම්බන්ධ බව,සෑම්ට ඇය ගැන තිබු සැකය අනුව කටයුතු කිරීමේදී පෙනේ.එහෙත් ඇය පවසන්නේ මෙය ඔවුන්ගේ පියා අල්ලා ගැනීමට යෙදු උපක්‍රමයක් බවයි.සෑම් හා ඩීන් ඇයට විරුද්ධව 'ඩිවාස්' යොදවන අතර,ඇය ජනේලයක් තුලින් තට්ටු කිහිපයක් බිම වැටේ.ඔවුන් තම හෝටලයට පිවිසි විට,පියා ඔවුන් එන තෙක් මග බලා සිටි.එහෙත් නැවත මෙග් පැමිණ ඔවුන් විනාශ කිරීමට ඩිවාස් යොදවයි.දිගු ආලෝක ධාරාවලින් ,සෑම් උන් පලවා හරි.තිදෙනාම එකට සිටීම නුවණට හුරු නැති සිතන ජෝන් නැවත යයි.

17)"හෙල් හවුස්"

මොඩිචයි මර්ඩොක් නම් වූ,1930 දී තම දියණියන් 3 දෙනා මැරූ බව පැවසෙන අයෙකුගේ හොල්මන,ප්‍රදේශයේ නිවසක සැරිසරති රාවයක්,ළමුන් පිරිසක් විනෝදයට පතුරුවා හරි. මෙය "හෙල් හවුන්ඩ්ස් ලෙයා" නම් වූ වෙබ් අඩවියෙහි පල වේ.මෙම නිවස සත්‍ය ලෙසම එවැන්නක් බව දැනගත් විට ඒ ගැන සෙවීමට රිචඩ්සන් වෙත සොයුරන් යයි.එහිදී ඔවුන්ට අද්භූත ක්‍රියාකාරකම් පිලිබඳ සොයා බලන එඩ් සේද්මෝ හා හරි ස්පෙන්ග්ලර්,එම වෙබ් අඩවියේ අයිතිකාරයන් හමු වේ.ඉතිහාසයේ ලියවී ඇති දෙය වෙනස් වුවද,සොයුරන්ට එම ආත්මය හමු වේ.එය සත්‍ය ලෙසම ළමයින් විසින් ඇඳි ටිබෙට් භූත රූපයකින් එන 'තුල්පයක් ' බව ඔවුන්ට වැටහේ.එඩ් හා හැරී රවටා,වෙබ් අඩවිය මගින් හොල්මන නිවසට ගෙන්වීමට ඔවුන් කටයුතු කරයි.එහෙත් එහි පැමිණෙන එඩ් හා හැරී පවසන්නේ කාර්මික දෝෂයක් ඇති වූ බවයි.'තුල්පය 'විනාශ නොවූ නිසා ඩීන් නිවස පුළුස්සා දමයි.

18)"සම්තින්ග් විකඩ් "

ළමුන් සිහි මුර්ජා වීමක් පිලිබඳ සෙවීමට පියාගෙන් ලැබුණු තොරතුරක් අනුව සොයුරෝ ෆිට්ච්බෙර්ග්, විස්කොන්සින් වෙත යයි.එය 'ශ්ට්‍රිගා 'නම් වූ වැමපය කෙනෙකු කරන බව හෙළි වේ.ඩීන් පවසන්නේ එය මැරීමට තම පියා මින් පෙර උත්සාහ කල බවත්,සිය නොසැලකිල්ල හේතුවෙන් ශ්ට්‍රිගා පැනගිය අතර සෑම් ගේ ජීවිතය පවා නැති වීමට තිබු බවත්ය.තමන් සිටින හෝටලයේ අයිතිකරුගේ පුතාටද මෙයසිදුව ඇති අතර,ඔහුගේ අනෙක් පුතා යොදා ඔවුන් වෙත ශ්ට්‍රිගා ගෙන්වාගන්නා සොයුරෝඕ අයව මරා,ළමයින් බේරා ගනී.

19)"ප්රෝවිනන්ස්"

තරුණ යුවලක් අගුල් දැමු නිවසක මරා දැමු පුවතක් ගැන සොයා බලන විට වැටහෙන්නේ,එවැනිම සිද්ධි,කිහිපයක් එම ප්‍රදේශයේ පසුගිය දශකය ඇතුලත සිදුව ඇති බවයි.ඔවුන්ගේ සියලුම බදු වෙන්දේසි කිරීමට තබා ඇති හෙයින් එම වස්තුවක් තුල භූතාත්මයක් සිටි දී සොයුරෝ පරික්ෂා කරයි.වෙන්දේසි සල් හිමියාගේ දියණිය වන සාරා ගෙන් එම වස්තු වල සම්භවය ගැන සෑම් සොයා ගනී.ඩීන් සොයා ගන්නේ මිය ගිය සියලු පවුල් සතුව.ඉසාය වෙළඳ පවුලේ 1910 ඇඳි රුපයක් තිබු බවයි.මෙහි වෙළෙන්දා සිය පවුල මරා,තමන්ද සිය දිවි හානි කරගෙන තිබෙනවා.එය පිලිස්සුවද නැවත යතා තත්වයට පත් වනවා.ඩීන් වෙළෙන්දාගේ සිරුරළඟ මෙය වලලුවද,සෑම් හා සාරා එය නැවත විනාශ කිරීමට යාමේදී,වෙළෙන්දාගේ දියණිය ඉන් මතු වනවා.මිනීමැරුම් සිදු කර ඇත්තේ යයි.ඇගේ ගිසකෙස් සහිත බෝනික්කකු පිලිස්සු විට ඇය අතුරුදන් වනවා.

20)"ඩෙඩ් මෑන්ස් බ්ලඩ්"

පැරණි වැම්පයර් දඩයක්කරුවකු මැරීමට එන වැම්පයර්ලා, කෝල්ට් " පිස්තෝලයකින් උන් මැරීමට හදයි.එහෙත් ඔහු මිය යන අතර,පිස්තෝලය, වැම්පයර් කේට්, ඇගේ සගයා වන නායක ලුතර් ට දෙයි.මේ බව පුවත්පතක දකින සොයුරෝ,බෝල්ඩර්.කොලරාඩෝ වෙත යන අතර,එහිදී පියාට එවූ ලිපියක් හමු වේ.පියාද එහි පැමිණේ.එහි කියවෙන්නේ පිස්තෝලයෙන් ඕනෑම දෙයක් විනාශ කල හැකි බවයි.ඉන් තම මව මැරූ අසාසල් යක්ෂයා විනාශ කල හැකි බව දන, කෙට්ව අල්ල ගන්න මොවුන්,ඇය ආපසු බාර දී පිස්තෝලය ගැනීමට තැත් කරයි.එවිට ලුතර් ජෝන්ට පහර දීමට එන අතර ඔහුව සොයුරන් බේරා ගනී.ලුතර්ට වෙඩි තැබූ විට ඔහු මිය යයි.

21)"සැල්වේෂන්"

මෙග් මෙම පිස්තෝලය ගැනීමේ අදහසින් සොයුරන්ගේ මිත්‍රයන්ට හිංසා කිරීමට ගන්නවා.එවිට අසිසා පිළිබඳව වසර ගණනක් තිස්සේ කල පරීක්ෂණ ගැන ජෝන් තම දරුවනට පවසනවා.ඉන් පෙනී යන්නේ ඔහුගේ ඊළඟ ඉලක්කය 'සැල්වේෂන් ',ඉයෝවා වෙත යාම බවයි.මේ තිදෙනාද එහි යන අතර,පෙර නිමිත්තකින් ඊළඟ ගොදුර කවුදැයි සෑම්ට වැටහෙනවා.ඒ පිලිබඳ සිතා බැලීමට පෙර,මෙග් මොවුනට පවසන්නේ පිස්තෝලය නොදුන්නොත් මිතුරන් මරා දමන බවයි.ජෝන් ඒ වෙනුවට එවැනිම වෙනත් පිස්තෝලයක් දීමට යන අතර,එහිදී ඔහුව මෙග් විසින් අල්ලා ගැනෙනවා.සෑම් හා ඩීන් අසාසල්ගෙන් පවුල බේරා ගත්තද,ඔහු විනාශ කිරීමට පෙර පැන යනවා.

22)"ඩෙවිල්ස් ට්‍රැප්"

පියා බේරා ගැනීම සඳහා සොයුරෝ ඔවුන්ගේ මිතුරකු හා තවත් දඩයක්කරුවකු වන බොබී සිංග ගේ උදවු පතනවා.මෙග් ඔවුන් පසුපස හඹා ආවද 'ඩෙවිල්ස් ට්‍රැප්-යක්ෂ උගුල' නම් වූ සලකුණක් යටට ගෙන යාම නිසා ඇගේ බලය නැති වී යනවා.මෙග් මිය යාමට පෙර ජෝන් සිටින ස්ථානය පිලිබඳ හෝඩුවාවක් ලබා දෙනවා.සෑම් හා ඩීන් ජෙෆර්සන්,මිසුරියට ගොස් පියා බේරා ගන්නවා.එහෙත් අසාසල් ඔහුට ආවේශ වී හිඳ,සොයුරන්ට පහර දෙනවා.ජෝන්ට යම් තාක් දුරට පාලනය කල හැකි වුවද,ඩීන් ට හිංසා පමුණුවන අසාසල් මරා දමන ලෙස ජෝන් අයැද සිටිනවා.පියා මැරීමට නොහැකි හෙයින් සෑම් ඔහුගේ පයට වෙඩි තබනවා.එවිට අසාසල් එතනින් පලා යනවා.රෝහලට යන අතරතුර මොවුන් ලොරියක හැපෙනවා.

නිෂ්පාදනය

තිර රචනය

පළමු කොටසෙහි වැඩිපුරම සිදුවන්නේ තම අතුරුදන් වූ පියා සෙවීමයි.එය 'සරල ','හැගීම්බර','පවිත්‍ර 'එකක් බව කතා මාලාවේ නිර්මාතෘ එරික් ක්රිප්කේ පවසනවා.කෙසේ වුවද කතාවේ පැවැත්මට සම්බන්ධ නැති සමහර කොටස්ද මෙහි ඇති බව ඔහු පවසනවා.සත්‍ය වශයෙන්ම කතා පුවත නිසි ලෙස ආරම්භ වන්නේ 11 වන කොටසින් පසුවයි.විධායක අධ්‍යක්ෂක කිම් මැනස්ගේ හැංගීම මෙහි එන මෙග් මාස්ටර් අත්‍යවශ්‍ය සාධකයක් බවයි.ඔහු කිනම් ආකාරයකට යොදාගත යුතුයි ඔවුනට නිශ්චයක් නැති වුවද,දෙසොහොයුරන්ට සම විටම එදිරිවාදියෙකු සේ යොදාගෙන ඇත.යක්ෂයන් මැරීමට පිස්තෝලයක් යොදා ගැනීමෙන් මෙහි "නව ඇමෙරිකානු යුරෝපිය" සංකල්පය පිළිඹිබු කරනවා.

"කුරුසයක් ඇල්ලිමෙන්ම වැම්පයර් කෙනෙකු පලා යති අපට සිතිය නොහැකි.මිනිසුන් ගතානුගතිකව වැම්පයර් ලා ගැන සිතන දෙය වැරදයි.එනිසා අප අපේම සත්වයකු නිර්මාණය කළා "-ක්‍රිප්කේ

සොයුරන්ට මුහුණ දීමට සිදුවන බොහෝ දේ ප්‍රබන්ධ මත පදනම් වුවද,ඔවුන්ගේම කතාවද ඊට එක කර තිබේ.උදාහරණයක් ලෙස මෙක්සිකානු ජනප්‍රවාදයේ සඳහන් 'ලා ලොරෝනා 'හා අතුරුදන් වන "හිච් හෛකෙර් "සම්බන්ද කිරීම සඳහන් කල හැක.'හුක් මෑන්' ට නම් ඉතිහාසයෙන් ගත දෑ බොහෝය.ඉතිහාසයේ ඔහු මානසික රෝගියෙක් බව ලියවුනත්,මෙහිදී එය අතේ කොක්කක් සහිත මිනිසෙකු බවට පත් කර ඇත.නව සිතුවිලි මත පදනම් වනවාට වඩා ක්‍රිප්කේ හා උප-විධායක නිෂ්පාදක ජෝන් සිතුවෙ ප්‍රබන්ධ මත පදනම් වීමටය.වැම්පයෙර්ලාට මොර දත් දුන් අතර,ක්‍රිප්කේ පැවසුවේ මිනිස් ලේ දෙතොත් වැම්පයෙර්ලා දුබල වනු ඇති බවයි.

අනෙක්වා හුදෙක් අදහස් ලෙස පැන නැගිණි.ස්කින් කොටසේ ස්වරුපය වෙනස් කල හැක්කා ප්‍රධාන චරිතයකට හැරිය යුතු බව ඔවුන්ගේ අදහස විය.ඩීන් මේ සඳහා තෝරා ගැනුණු අතර,ඔහුගේ නමද මිනීමැරුමට සම්බන්ධ කෙරිණි.ප්‍රධාන චරිතයක් සැකකරුවකු කිරීම කතාවේ අගය අඩු කරති සිතුවද,එය බෙහෙවින් සාර්ථක බව පසුව ඔවුන්ගේ අදහස විය.ඩීන් පිලිබඳ මෙම සැකය "බෙන්ඩර්ස්" හි යලි පැන නගින අතර 2 හා 3 කොටස් වලද නැවත ප්‍රශ්න කෙරේ."හුක් මන් "හි ලුණු වතුර විදිය හැකි පිස්තෝලයද,"අසයිලම් "හි යකඩ පොල්ලද,භූතයන්ට එරෙහිව සටන් කල හැකි ආයුධ සේ සැලකේ.යහපත් මිනිසුන් සුව කිරීමට වුවද,අයහපත් යයි පිළිගන්නා ඇය විනාශකිරීම නිවැරදිදැයි,"ෆේත්" හි ප්‍රශ්න කෙරේ.ක්‍රිප්කේ පවසන්නේ 'ලයිලා 'ජිවත් විය යුතු දැරියක බවත්,අප නොදැන බොහෝ අය මිය යාම නොවැලැක්විය හැකි හෙයින් ,විටෙක ඇය ජිවත් කරවීම සාධාරණ වීමට හැකි වූ බවත්ය.පළමු තිර රචනයෙහි 'රිපර්ස්'ලා නොසිටි අතර ,කතාව භයංකර වීමටත්,සුවකරන්නන් පිළිබඳව පැවසිමටත් එය පසුව එක කරන ලද්දකි.තිර රචකයන් ඔහුගේ ගතානුගතික පෙනුම ගෙනහැර පෑමට,හිස වසා ගත්,දාකත්තක් අතින් ගත් වයසක මිනිසකු පිලිබිබු කරයි.

"අධ්භුත සතුන් සොබාදහමට ඉතා සමීප බව ඒ පිළිබඳව සිතීමේදී වැටහී යනවා.උන් වෑයම් කරන්නේ ජීවත් වීමටයි.ඔවුන් මිනිසුන් තරම් විකුර්ති නොවෙති." -ශිබන්.

"හෙල් හවුස්" හි සිටින්නේ අධ්භුත සතුන් වුවද එය තිර රචක ට්‍රේ,කුඩා කල ලැබූ අත්දැකීමකි.ඔවුන් හිස් මඩුවක මරණ සිදුවෙතැයි යහළුවන් රවටා ඇත.ළමුන් එහි ගොස් එකිනෙකා බිය ගන්වාගන්නා අතර,වරක් දැරියක හොල්මනක් දුටුවයි පවසා දිවීමට ගොස් කකුලක් කඩාගෙනද ඇත."බෙන්ඩර්ස් "හි කිසිදු අධ්භුත දෙයක් නොමැති අතර එය ප්‍රේක්ෂකයන් විශ්මයට පත් කිරීමට හා,සොයුරන්ට වෙනස් අත්දැකීමකට මුහුණ දීමට සම්පාදනය කර ඇත."නයිට්මෙයාර්" හි මාක්ස් සානුකම්පිත චරිතයක් කිරීමට ටකර් උත්සාහ කල අතර, එම කතාව අවසන් කිරීමට ක්‍රමයක් නොතිබි හෙයින් අවසානයේ ඔහු සියදිවි හානි කරගන්නා ලෙස ලියා ඇත. බෆි නම් වැම්පයර් ඝාතකයා නිසා,කතාව මුලදී වැම්පයර්ලා යොදා ගැනීමට ක්‍රිප්කේ අකමැති වුවද,පසුව ඔහු එය කතාවේ යොදා ගනී."ඩෙඩ් මෑන්ස් බ්ලඩ් " තනි කොටසක් සේ යොදාගැනීමට සිටියද,'කෝල්ට් 'පිස්තෝලය නිසා එය කතාවේ අනික් කොටස් වලටද සම්බන්ධ වේ.මේ නිසා රචකයිනට ,මෙග් මැරීමට ආයුදයක් මෙන්ම,සොයුරන් සමග මෙග්ට සටන් කිරීමටද හේතුවක් ලෙසද පිස්තෝලය යොදා ගත හැකි විය.මෙග් පැන යන විට සොයුරන්ට කිරීමට දෙයක් නොවුයෙන්,ජෝන් මෙග් පසුපසද,සොයුරන් අසාසල් හිද සිටින සේ කතාව ලියැවිණි.ටකර් ට හැගෙන ආකාරයට මේ නිසා "කතාවේ සියලු මාතෘකා එක වුනු "අතර," මිනිසුන්ගේ හැගිම්ද විමසා බැලුනා".පියා හා යක්ෂයා සෙවීම යන කරුණු දෙකම සපිරෙන ලෙස,"ඩෙවිල්ස් ට්‍රැප් "හි ජෝන්ගේ සිරුර තුල යක්ෂයා සිටින සේ කතාව නිර්මාණය වුනා.

ප්‍රසිද්ධ සංස්කෘතියෙන් ලැබූ ආබාශය.

බොහෝ දෑ ගැමි හා භූත ප්‍රබන්ධ මත පදනම් වුවද,සමහර කතා වලට සංස්කෘතික කරුණු මුල් වුනා.වෙන්ඩිගෝ ගේ ස්වරුපය තීරණය වුනේ අෆෙක්ස් ට්වින් හි "කුම් ටු ඩඩී " ගීතයේ වීඩියෝව මතයි.මොහුට මනුෂ්‍ය ස්වරුපය මෙන්ම මනුෂ්‍ය කට හඬවල් අනුකරණය කිරීමේ හැකියාවද තිබෙනවා.එහෙත්,වෙන්දිගොගේ අවසාන පෙනුම පිළිබඳව ක්‍රිප්කේ නොසතුටු වූ අතර,එනිසා බොහෝ කොටස් වල ඔහු දක්නට නෑ."අන් ඇමරිකන් වෙයාවුල්ෆ් ඉන් ලන්ඩන්" හි මෙන් 'ස්කින් 'හි ස්වරූප වෙනස් කරන අතර,ඒ සඳහා වැඩිපුර යොදාගෙන ඇත්තේ,වේශ නිරුපනය මිස පරිගණක තාක්ෂනය නොවේ.රින්ග් හි සමාරා ලෙස 'බ්ලඩී මාරි 'නිරූපිත අතර,එම චරිත වල සමානාත්මතාවය වැඩි බව ක්රිප්කෙගේ මතයයි.

රුගත කිරීම

"පයිලට් "හි රුගත කිරීම් ලොස් ඇන්ජලීස්හි සිදුවුවද,ඉතිරි කොටස් සිදු කෙරුනේ වැන්කුවර්,බ්‍රිතාන්‍ය කොලොම්බියාවෙදිය."ඩෙඩ් ඉන් ද වෝටර් "හි බොහෝ කොටස් බන්සන් විල ආශ්‍රිතවද,වෙන්ඩිගෝ හි අවසානකොටස් බ්‍රිටානියා මුහුදු තීරයේද රුගත කෙරුනා.රිවර් විව් රෝහල,මානසික රෝහල සඳහා ගැනුනා.අනෙකුත් රුපවාහිනි චිත්‍රපට මාල වල පසුබිමද භාවිතා කර ඇති අතර,"ද බෙන්ඩර්ස් "හි පෙර ගොඩනැගුනු නගරයක් යොදාගෙන ඇත."ශඩෝ "හි විකුනුම්හල සඳහා 'ට්රු කෝලින්ග් 'හි පසුබිම යොදා ගැනුනා.එහෙත්මොවුන් බොහෝ දෑ අලුතින් නිර්මාණය කල අතර,හෝටල් කාමර නැවත භාවිතා කල හැකි සේ සෑදුනා.එහි සුළු වෙනස්කම් මගින් වෙනස් ස්ථානයක් සේ පෙන්වූවා.

සංගීතය

ක්‍රිස්ටෝෆර් ලෙනර්ට්ස් හා ජේ ගෘස්කා,දර්ශන මත පදනම්ව සංගීතය නිර්මාණය කර ඇත."ඩෙඩ් වෝටර් "හි පුනරුක්ති වන සේ සංගීතය යෙදෙන අතර"වෝටර් "හා "ඩයි"හි ගැඹුරු ස්වරයකින් සංගීතය දේ."හෝම් "හි බොහෝ හැඟීම්බර සංගීතයක් යෙදෙන අතර අවසාන කොටස ඉතා භයංකර හා රන්ගනාත්මක බව ඔවුන්ගේ අදහසයි.මෙහි රොක් සංගීතයද යොදා ඇති අතර,ඒ සී/ඩී සී,බ්ලූ ඔයිස්ටර් කල්ට් ,බෑඩ් කම්පැනි වැනි තුර්ය වාදක කණ්ඩායම්ද යෙදෙනවා.

රංගප්‍රයෝග

අසාමාන්‍ය හැකියාවන් පෙන්වීමට දර්ශනමය,විශේෂ හා වෙස් ගැන්වීමේ කලාව යොදා ගැනෙන අතර,'පයිලට් 'සඳහා බොහෝ කොන්ත්‍රාත්තු ලබා දුනි.ඉතිරිවා සඳහා නව කාර්මික මණ්ඩලයක් ගෙන්වීමට සිදු විය."එන්ටිටි එෆ් එක්ස් "නම් මණ්ඩලය "පයිලට් "කොටස සිදු කල අතරානෙක් කොටස් සිදු කලේ අයිවන් හේඩන් විසිනි.

දර්ශනමය හා විශේෂ රන්ගප්‍රයෝග බොහෝවිට එකට දීමට සිදු වන අතර පයිලට් කොටස මෙයට හොඳම උදාහරණය වේ."බග්ස් "හි නළුවන්ව මි මැස්සන් සිය ගණනක් සිටින කුඩා කාමරයකට දැමීමට සිදුවූ අතර ආරක්ෂක ඇඳුම් ඇඳ සිටියද ඔවුනට උන් විද ඇත.එහෙත් අවසානයේදී එය කැමරාවේ හොඳින් සටහන්ව නොතිබූ අතර,එය පරිගණකයෙන් සිදු කිරීමට සිදු විය. "ඩෙඩ් ඉන් ද වෝටර් "හි දරුවකු දිය යටට ඇදගන්නා අවස්ථාවේදී ජෙන්සන්ට ඔහුගේ දෙපා අල්ලාගෙන ජලයේ අඩී 10 ක් ගැඹුරට යාමට සිදු විය.භූතාත්මය රංග දක්වන්නාට ඔහුගේ ඇඳුම යටින් ජලයට ඔරොත්තු දෙන ඇඳුමක් හැදීමට සිදු විය.

රුගත කිරීම සඳහා අංශ 3 නම බෙහෙවින් දායකත්වය ලැබිණි.රිය අනතුර පෙන්වන දර්ශනයේදී,කාරය හා ට්‍රුක් රථය කේබලයකින් සම්බන්ධ කොට එකිනෙක කරා පදවන ලදී.මොවුන්ගේ අදහස වුනේ කැනන් එකක් පතිත කරවීමෙන් කාරය විනාශ කොට,ට්‍රුක් රථය එය පසු කර යන සේ රුගත කිරීමයි.එහෙත් කාරය ට්‍රුක් රථයේ බුම්පරයේ සිර වීම නිසා ට්‍රුක් රථයට පාලනයක් නැතිව යනවා.එහෙත් එය කෙසේ හෝ පාලනය කර ගැනීමට රියදුරා සමත් වනවා.මෙම සිදුවීමෙන් චිත්‍රපටියට තාත්වික බවක් ලැබුණු බව ක්‍රිප්කෙගේ අදහසයි.

පිළිගැනීම

සුපර් නචුරල්හි කොටස් 4 ක් පෙන්වීමෙන් පසු ඩබ්.බී චැනලය තීරණය කලේ කොටස් 22 ම පෙන්වීමටයි.ශ්‍රේණිගත කිරීම් අනුව එය අවු 18-34 හා 12-34 කාණ්ඩ වල තුන්වැන්නට සටහ්ස්න් වුනා.තවද දෙවන වසරේදී 18-34 අතර පුරුෂ පක්ෂයේ ප්‍රේක්ෂකයින්ගේ 73% ක වර්ධනයක් දැකිය හැකි වුවද,සම්පුර්ණයෙන් ගතහොත් එය 4% කි.විශේෂ කාර්ය බලකායේ කෙවින් වෛස් පවසන ආකාරයට ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ වැඩිපුරම මිලදී ගන්නා සංයුක්ත තැටිය මෙහි පළමු කොටස් 2 ය.

"https://si.wikipedia.org/w/index.php?title=සුපර්නැචුරල්_(වාරය_1)&oldid=421185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි