"වියට්නාම් යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව ඡේද
ටැගය: 2017 source edit
නව ඡේද
ටැගය: 2017 source edit
8 පේළිය: 8 පේළිය:
උතුරු වියට්නාම රජය සහ වියට්කොන්ග් සටන් වැදුණේ වියට්නාමය නැවත එක් කිරීම සඳහාය. ඔවුන් එම යුද්ධය සළකන ලද්දේ ප්‍රංශය සහ එක්සත් ජනපදය සමග පැවති පළමු ඉන්දුචින යුද්ධයේ දිගුවක් සහ යටත්විජිතවාදී යුද්ධයක් ලෙසටය. යුද්ධයට එක්සත් ජනපදයේ මැදිහත්වීම, එක්සත් ජනපද රජය විසින් සළකන ලද්දේ කොමියුනිස්ට්වාදීන් දකුණු වියට්නාමය අත්පත් කරගැනීම වැළක්වීමේ මාවතක් ලෙසිනි. මෙය, කොමියුනිස්ට්වාදය පැතිරයාම වැළක්වීම අරමුණු කරගත් පුළුල් වළකාලීමේ පිළිවෙතක එන ඩොමිනෝ සංකල්පයේ කොටසකි.

1950 ආරම්භයේ පටන් ඇමෙරිකානු යුධ උපදේශකයන් එවකට ප්‍රංශ ඉන්දුචිනයට පැමිණියහ. ප්‍රංශ යුධ ක්‍රියාන්විතය සඳහා ආධාර බොහෝමයක් එක්සත් ජනපදය විසින් සපයන ලදී. 1960 මුල් භාගයේදී එක්සත් ජනපද මැදිහත්වීම වර්ධනය වූ අතර 1961 දී සහ 1962 දී යුධ බල ඇණි ප්‍රමාණය තෙගුණ කරන ලදී. 1964 ටොන්කින් ගල්ෆ් සිදුවීමෙන් පසු එක්සත් ජනපද මැදිහත්වීම තවදුරටත් වැඩි විය. එහිදී ඇමෙරිකානු යාත්‍රාවක් උතුරු වියට්නාම වේග ප්‍රහාරක යානාවක් මගින් විනාශ වීම නිසා ටොන්කින් ගල්ෆ් යෝජනාව මගින් එක්සත් ජනපද හමුදා සහභාගිත්වය වැඩි කිරීමට එකසත් ජනපද ජනාධිපති අවසරය ලබා දෙන ලදී. ea
1950 ආරම්භයේ පටන් ඇමෙරිකානු යුධ උපදේශකයන් එවකට ප්‍රංශ ඉන්දුචිනයට පැමිණියහ. ප්‍රංශ යුධ ක්‍රියාන්විතය සඳහා ආධාර බොහෝමයක් එක්සත් ජනපදය විසින් සපයන ලදී. 1960 මුල් භාගයේදී එක්සත් ජනපද මැදිහත්වීම වර්ධනය වූ අතර 1961 දී සහ 1962 දී යුධ බල ඇණි ප්‍රමාණය තෙගුණ කරන ලදී. 1964 ටොන්කින් ගල්ෆ් සිදුවීමෙන් පසු එක්සත් ජනපද මැදිහත්වීම තවදුරටත් වැඩි විය. එහිදී ඇමෙරිකානු යාත්‍රාවක් උතුරු වියට්නාම වේග ප්‍රහාරක යානාවක් මගින් විනාශ වීම නිසා ටොන්කින් ගල්ෆ් යෝජනාව මගින් එක්සත් ජනපද හමුදා සහභාගිත්වය වැඩි කිරීමට එකසත් ජනපද ජනාධිපති අවසරය ලබා දෙන ලදී. 1965 පටන් සාමාන්‍ය එක්සත් ජනපද හමුදා ඛණ්ඩ මෙහෙයුම් වලට එකතු කරන ලදී. ජාත්‍යන්තර දේශසීමා ඉක්මවමින් ද මෙහෙයුම් ක්‍රියාත්මක වන්නට විය. ලාඕසයේ සහ කාම්බෝජයේ දේශසීමා ප්‍රදේශ උතුරු වියට්නාමය විසින් සැපයුම් ප්‍රදේශ ලෙසට භාවිත කරන ලදී. 1968 වනවිට යුද්ධයට ඇමෙරිකාවේ සහභාගිත්වය උපරිමයකට ලඟා වී තිබුණෙන් එම ප්‍රදේශ දැඩි ලෙස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයට ලක්වන්නට විය. 1968 දී කොමියුනිස්ට්වාදී පාර්ශ්වය විසින් Tet Offensive දියත් කරන ලදී. Tet Offensive හි අරමුණ වූයේ දකුණු වියට්නාම රජය බලයෙන් පහ කිරීමයි. එම අරමුණ ඉටු නොවූ නමුදු Tet Offensive යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය. වසර ගණනාවක් පුරා දකුණු වියට්නාමයට දැවැන්ත ලෙස යුධ ආධාර සපයමින් යුද්ධය දිනන බවට ඇමෙරිකානු රජය සිදුකල ප්‍රකාශ මායාවක් බව Tet Offensive මගින් විශාල ඇමෙරිකානු ප්‍රජාවකට ඒත්තු ගන්වන ලදී.

්‍රලැයිස්තුව|30em}}
ක්‍රමිකව ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම "වියට්නාමිකරණයේ" කොටසක් ලෙසට ඇරඹුණු අතර එමගින් ඇමෙරිකාව යුද්ධයෙන් ඉවත් වී කොමියුනිස්ට්වරු සමඟ යුද්ධ කිරීම දකුණු වියට්නාමයට පවරන ලදී. 1973 ජනවාරි මස සියළු පාර්ශව විසින් පැරිස් සාම සම්මුතිය අත්සන් තැබුවද එය නොතකා සටන් තවදුරටත් පැවතුණි. එක්සත් ජනපදයේ සහ බටහිර ලෝකය තුළ විශාල ප්‍රතිසංස්කෘතියක කොටසක් ලෙස දැවැන්ත වියට්නාම යුධ විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගුණි.

එක්සත් ජනපද හමුදා වල ඍජු මැදිහත්වීම් 1973 අගෝස්තු 15 අවසන් විය. උතුරු වියට්නාම හමුදාව 1975 අප්‍රේල් වලදී සයිගොන් අත්පත් කරගැනීම, යුද්ධයේ නිමාව සනිටුහන් කරන ලදී. ඊට පසු වසරේ දී උතුරු සහ දකුණු වියට්නාමය නැවත එක් කරන ලදී. යුද්ධය නිසා විශාල පිරිසකගේ ජිවිත අහිමි විය. ඇස්තමේන්තුගත වියට්නාම සොල්දාදුවන් සහ සිවිල් වැසියන්ගේ ජිවිත හානි වීම් ගණන 966 000 - මිලියන 3.1 තරම් පරාසයක පවතී. 240 000 සිට 300 000 දක්වා වූ කාම්බෝජ වැසියන් පිරිසකගේ ද 20 000 සිට 62 000 දක්වා වූ ලාඕස වැසියන් පිරිසකගේ ද ජිවිත යුද්ධය නිසා අහිමි විය. එක්සත් ජනපද හමුදා භටයින් 58 220 කගේ ජිවිත යුද්ධය නිසා අහිමි වූ අතර 1 626 දෙනෙකු ක්‍රියාන්විතයේදී අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී ඇත.

16:34, 6 අප්‍රේල් 2018 තෙක් සංශෝධනය

වියට්නාම් යුද්ධය (වියට්නාම්: චියෙං චං වියට් නාම්), දෙවන ඉන්දුචින යුද්ධය, ඇමෙරිකාවට එරෙහි ප්‍රතිරෝධී යුද්ධය හෝ සරලව ඇමෙරිකානු යුද්ධය ලෙස හැඳින්වෙන්නේ සීතල යුද්ධය-යුගය තුල, 1955 නොවැම්බර් 1 වන දින සිට[A 1] 1975 අප්‍රේල් 30 දිනදී සයිගොං යටත්වීම දක්වා වියට්නාමය, ලාඕසය, සහ කාම්බෝජය යන රටවල් තුල පැවති හමුදාමය ගැටුමකි. ඉන්දුචින යුද්ධ වලින් දෙවැන්න වූ එම සටන නිලවශයෙන් උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාම රජය අතර පැවතුණි. උතුරු වියට්නාම හමුදාවට සෝවියට් සංගමය, චීනය සහ අනෙකුත් කොමියුනිස්ට් රටවල සහාය ලැබුණු අතර දකුණු වියටනාම හමුදාවට එක්සත් ජනපද, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය සහ වෙනත් කොමියුනිස්ට්-විරෝධී රටවල සහාය ලැබුණි. එනිසා එම යුද්ධය, සිතල යුධ සමයේ අතුරු යුද්ධය (proxy war) ක් ලෙස සළකනු ලැබේ. එම යුද්ධය එක්සත් ජනපදයට සිදු වූ අවමානයක් ලෙස සළකනු ලැබේ.

උතුරු වියට්නාමයේ සහාය ලද වියට්කොන්ග් නමැති දකුණු වියට්නාමිය කොමියුනිස්ට් පෙරමුණ එම කලාපයේ කොමියුනිස්ට් විරෝධී බලවේග වලට එරෙහිව ගරිල්ලා යුද්ධයක් ඇති කරන ලදී. එහිදී උතුරු වියට්නාම හමුදාව ලෙසටද හැඳින්වෙන වියට්නාම මහජන හමුදාව, විශාල හමුදා ඒකක සටනට යොදවමින් සම්ප්‍රධායික යුධමය තත්ත්වයක් ඇති කරන ලදී. යුද්ධය දිගටම ක්‍රියාත්මක වන්නට වූ විට වියට්කොන්ග් වරුන්ගේ යුධමය ක්‍රියා අඩු වූ අතර උතුරු වියට්නාම හමුදාවේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. එක්සත් ජනපද සහ දකුණු වියට්නාම හමුදා ගුවන් ගුවන් බලය සහ ගිනි අවි බලය පිලිබඳ විශ්වාසය තබමින් පාබල හමුදා, ආටිලරි සහ ගුවන් ප්‍රහාර මගින් සෙවීමේ සහ විනාශ කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අක්රන්නට විය. යුද්ධයේදී එක්සත් ජනපද මගින් උතුරු වියට්නාමයට එරෙහිව මහා පරිමාණ උපක්‍රමශීලී බෝම්බ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.

උතුරු වියට්නාම රජය සහ වියට්කොන්ග් සටන් වැදුණේ වියට්නාමය නැවත එක් කිරීම සඳහාය. ඔවුන් එම යුද්ධය සළකන ලද්දේ ප්‍රංශය සහ එක්සත් ජනපදය සමග පැවති පළමු ඉන්දුචින යුද්ධයේ දිගුවක් සහ යටත්විජිතවාදී යුද්ධයක් ලෙසටය. යුද්ධයට එක්සත් ජනපදයේ මැදිහත්වීම, එක්සත් ජනපද රජය විසින් සළකන ලද්දේ කොමියුනිස්ට්වාදීන් දකුණු වියට්නාමය අත්පත් කරගැනීම වැළක්වීමේ මාවතක් ලෙසිනි. මෙය, කොමියුනිස්ට්වාදය පැතිරයාම වැළක්වීම අරමුණු කරගත් පුළුල් වළකාලීමේ පිළිවෙතක එන ඩොමිනෝ සංකල්පයේ කොටසකි.

1950 ආරම්භයේ පටන් ඇමෙරිකානු යුධ උපදේශකයන් එවකට ප්‍රංශ ඉන්දුචිනයට පැමිණියහ. ප්‍රංශ යුධ ක්‍රියාන්විතය සඳහා ආධාර බොහෝමයක් එක්සත් ජනපදය විසින් සපයන ලදී. 1960 මුල් භාගයේදී එක්සත් ජනපද මැදිහත්වීම වර්ධනය වූ අතර 1961 දී සහ 1962 දී යුධ බල ඇණි ප්‍රමාණය තෙගුණ කරන ලදී. 1964 ටොන්කින් ගල්ෆ් සිදුවීමෙන් පසු එක්සත් ජනපද මැදිහත්වීම තවදුරටත් වැඩි විය. එහිදී ඇමෙරිකානු යාත්‍රාවක් උතුරු වියට්නාම වේග ප්‍රහාරක යානාවක් මගින් විනාශ වීම නිසා ටොන්කින් ගල්ෆ් යෝජනාව මගින් එක්සත් ජනපද හමුදා සහභාගිත්වය වැඩි කිරීමට එකසත් ජනපද ජනාධිපති අවසරය ලබා දෙන ලදී. 1965 පටන් සාමාන්‍ය එක්සත් ජනපද හමුදා ඛණ්ඩ මෙහෙයුම් වලට එකතු කරන ලදී. ජාත්‍යන්තර දේශසීමා ඉක්මවමින් ද මෙහෙයුම් ක්‍රියාත්මක වන්නට විය. ලාඕසයේ සහ කාම්බෝජයේ දේශසීමා ප්‍රදේශ උතුරු වියට්නාමය විසින් සැපයුම් ප්‍රදේශ ලෙසට භාවිත කරන ලදී. 1968 වනවිට යුද්ධයට ඇමෙරිකාවේ සහභාගිත්වය උපරිමයකට ලඟා වී තිබුණෙන් එම ප්‍රදේශ දැඩි ලෙස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයට ලක්වන්නට විය. 1968 දී කොමියුනිස්ට්වාදී පාර්ශ්වය විසින් Tet Offensive දියත් කරන ලදී. Tet Offensive හි අරමුණ වූයේ දකුණු වියට්නාම රජය බලයෙන් පහ කිරීමයි. එම අරමුණ ඉටු නොවූ නමුදු Tet Offensive යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය. වසර ගණනාවක් පුරා දකුණු වියට්නාමයට දැවැන්ත ලෙස යුධ ආධාර සපයමින් යුද්ධය දිනන බවට ඇමෙරිකානු රජය සිදුකල ප්‍රකාශ මායාවක් බව Tet Offensive මගින් විශාල ඇමෙරිකානු ප්‍රජාවකට ඒත්තු ගන්වන ලදී.

ක්‍රමිකව ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම "වියට්නාමිකරණයේ" කොටසක් ලෙසට ඇරඹුණු අතර එමගින් ඇමෙරිකාව යුද්ධයෙන් ඉවත් වී කොමියුනිස්ට්වරු සමඟ යුද්ධ කිරීම දකුණු වියට්නාමයට පවරන ලදී. 1973 ජනවාරි මස සියළු පාර්ශව විසින් පැරිස් සාම සම්මුතිය අත්සන් තැබුවද එය නොතකා සටන් තවදුරටත් පැවතුණි. එක්සත් ජනපදයේ සහ බටහිර ලෝකය තුළ විශාල ප්‍රතිසංස්කෘතියක කොටසක් ලෙස දැවැන්ත වියට්නාම යුධ විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගුණි.

එක්සත් ජනපද හමුදා වල ඍජු මැදිහත්වීම් 1973 අගෝස්තු 15 අවසන් විය. උතුරු වියට්නාම හමුදාව 1975 අප්‍රේල් වලදී සයිගොන් අත්පත් කරගැනීම, යුද්ධයේ නිමාව සනිටුහන් කරන ලදී. ඊට පසු වසරේ දී උතුරු සහ දකුණු වියට්නාමය නැවත එක් කරන ලදී. යුද්ධය නිසා විශාල පිරිසකගේ ජිවිත අහිමි විය. ඇස්තමේන්තුගත වියට්නාම සොල්දාදුවන් සහ සිවිල් වැසියන්ගේ ජිවිත හානි වීම් ගණන 966 000 - මිලියන 3.1 තරම් පරාසයක පවතී. 240 000 සිට 300 000 දක්වා වූ කාම්බෝජ වැසියන් පිරිසකගේ ද 20 000 සිට 62 000 දක්වා වූ ලාඕස වැසියන් පිරිසකගේ ද ජිවිත යුද්ධය නිසා අහිමි විය. එක්සත් ජනපද හමුදා භටයින් 58 220 කගේ ජිවිත යුද්ධය නිසා අහිමි වූ අතර 1 626 දෙනෙකු ක්‍රියාන්විතයේදී අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී ඇත.

  1. DoD 1998
  2. Lawrence 2009, p. 20
  3. James Olson and Randy Roberts, Where the Domino Fell: America and Vietnam, 1945–1990, p. 67 (New York: St. Martin's Press, 1991).
  4. Origins of the Insurgency in South Vietnam, 1954–1960, The Pentagon Papers (Gravel Edition), Volume 1, Chapter 5, (Boston: Beacon Press, 1971), Section 3, pp. 314–346; International Relations Department, Mount Holyoke College.

උපුටාදැක්වීම් දෝෂය: "A" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="A"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=වියට්නාම්_යුද්ධය&oldid=420974" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි