"සංචාරක නිකේතන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
67 පේළිය: 67 පේළිය:
087 2223655
087 2223655


www.salikainn.com
www.[http://www.salikainn.com බලන්න]
<br>
<br>
salika@sltnet.lk





06:45, 13 අගෝස්තු 2008 තෙක් සංශෝධනය

හැඳින්වීම

නූතනයේ සීඝ්‍රයෙන්ම දියුණු වන කර්මාන්තයකි සංචාරක කර්මාන්තය. සංචාරය කිරීමට මිනිසා දක්වන සහජ ආශය නිසාම සංචාරක කර්මාන්තය අද වන විට සීඝ්‍ර දියුණුවක් අත්කරගෙන ඇති බව ඒ පිළිබඳ ඇති දත්ත විමසීමේදී පෙනීයයි. රට වටා මෙන්ම ලොව වටා සංචාරය කරන සංචාරකයන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. මේ හේතුව නිසාම සංචාරකයන්ගේ අවශතා තෘප්තිමත් කිරීම සඳහා සංචාරක නිකේතන සංචාරක පුරවරයන් තුළ ඉදිව තිබේ.

සංචාරක නිකේතන පිළිබඳ විමසීමේදී දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ඉදිව තිබෙන සංචාරක නිකේතන සංඛ්‍යාව අතිවිශාලය.මේ නිබන්ධනයේ මූලික අරමුණ වන්නේ දේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා එවැනි සංචාරක නිකේතන කිහිපයක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමයි. විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් වෙනුවෙන් ම ඉදිවුණු තරු පංතියේ සංචාරක නිකේතන පිළිබඳ තොරතුරු අන්තර් ජාලය හරහා ඕනෑ තරම් ලබා ගත හැකිවුව ද දේශීය සංචාරකයන්ගේ ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙන්කර ගත හැකි සංචාරක නිකේතන පිළිබඳ තොරතුරු අන්තර් ජාලය හරහා ලබා ගැනීම අසීරුය. මෙ‍ම ගැටළුවට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතන කිහිපයක් පිළිබඳ කෙටි විමසුමක් මෙම නිබන්ධනය තුළින් සිදුවන තවත් සංචාරක නිකේතන කිහිපයක් පිළිබඳ මූලික තොරතුරු මෙහි ඇතුළත් කෙරේ.

කැප්ටන් ඩෝසන්ගේ බංගලාව

ලංකාවේ ප්‍රධානම මාර්ගය වන A1, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ හරි අඩක පිහිටා ඇති අඹේපුස්ස නගරයේ කැප්ටන් ඩෝසන්ගේ බංගලාව පිහිටා තිබේ. සැබවින්ම කැප්ටන් ඩෝසන්ගේ බංගලාව අද දවසේ හඳුන්වනනේ අඹේපුස්ස තානායම ලෙසයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට මෙරට යටත්ව පැවති සමයේ කොළඹ - නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු පැවරී තිබුණේ කැප්ටන් ඩෝසන් නම් ඉංජිනේරුවරයාට ය. කැප්ටන් ඩෝසන්ට නවාතැන් ගැනීම සඳහා එවකට ඉදිකරන ලද නිවහන අද දින අඹේපුස්ස තානායම නමින් හැඳිනවේ.

1860 දශකයේ දී ඉදිකරන ලද කැප්ටන් ඩෝසන්ගේ බංගලාව පසු කලකදී රාජ්‍ය නිලධාරීන්ගේ සංචාරක නවාතැනක් ලෙස යොදා ගන්නා ලදී. නමුත් 1967 වසරේදී එය ලංකා හෝටල් සංස්ථාවට පවරා ගත් අතර වර්තමානයේ ගෝල්ෆේස් හෝටල් සමාගම යටතේ අඹේපුස්ස තානායම පාලනය වේ.අක්කර 3 1/2 ක භූමි භාගයක පිහිටා තිබෙන අඹේපුස්ස තානායම පිහිටා තිබෙන්නේ සුව පහසු කාමර හතක් පමණි. තානායමේ කළමණාකාරිත්වය පවසන්නේ සංචාරකයන්ට නිදහසේ පරිසරයේ සුන්දරත්වය අත්විඳීමට හැකිවන පරිදි අවස්ථාව ලබාදිය යුතු නිසා කාමර සංඛ්‍යාව අනවශ්‍ය ලෙස වැඩි නොකරන බවයි.

අමුත්තන් එකසිය පනහකට පමණ එකවර ආහාර - පාන ලබාගත හැකි පරිදි ඉදිකර තිබෙන ශාලාව එක් පසෙකින් පරිසරයට විවෘත කරමින් සකසා තිබේ. දේශීය ආහාර මෙන්ම ඉන්දියානු හා බටහිර ආහාර - පාන ද අඹේපුස්ස තානායමේදී සංචාරකයන්ට ලබා ගැනීමට අවස්ථාව උදාවෙයි. එසේම සති අන්තයේ තානායමට පැමිණෙන සංචාරකයන්ට මිහිරි කැලිප්සෝ සංගීතයේ රස විඳීමට ද අවස්ථාව උදාකර තිබේ. මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට දේවගිරි ලෙන් විහාරය, අල්ගම ඇල්ල, මා ඔය වැනි ස්ථාන නැරඹීමේ අවස්ථාව උදාවෙයි.

ද ලව්ලි බීච් හොටෙල්

වයික්කාල, කම්මල (දකුණ) ප්‍රදේශයේ ද ලව්ලි බීච් හොටෙල් පිහිටා තිබේ. ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත මෙම සංචාරක නිකේතනය 2005 වසරේදී ඉදිකරන ලද්දකි.මුහුදු වෙරළේ සුන්දරත්වය අත්විඳීමට කැමති ඕනෑම අයෙකුට තම හෝටලයේ අවශ්‍ය පහසුනම් සපයා තිබෙන බව කළමණාකාරිත්වය පවසයි.හෝටලයේ ඉදිරිපසින් සුන්දර මුහුදු වෙරළ පිහිටා තිබෙන අතර අනෙක් පසින් සුන්දර වන ලැහැබක් පිහිටා තිබේ.හෝටලය සතුව විශාල ක්‍රීඩා පිටියක්ද තිබෙන අතර බීච් වොලිබෝල්, ක්‍රිකට්, පාපන්දු වැනි තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාවද සංචාරකයන්ට උදාකර තිබේ. හෝටලය සතුව කබානා දහයක් තිබෙන අතර හෝටලයේ උඩු මහලේ සුවිශේෂී නැරඹුම් කබානාවක් ද පිහිටා තිබේ. ඇතැම් කබානා වායු සමනය කර ඇති අතර වායු සමනය නොකරන ලද කබානා ද සංචාරකයන්ට වෙන්කර ගත හැකිය. දේශීය සංචාරකයන් වෙනුවෙන් ම වෙන්වුණු සුවිශේෂී පැකේජයන් කිහිපයක් ම හෝටලය සතුව තිබෙන බව කළමණාකාරවරයා පවසයි.

වැඩිදුර තොරතුරු බලන්න

අඹ සෙවන වලව්ව

මාවනැල්ල - අරනායක මාර්ගයේ උස්සපිටිය ප්‍රදේශයේ අඹ සෙවන වලව්ව පිහිටා තිබේ. දේශීය සංචාරකයන් වෙනුවෙන් ම නිමැවුණු මෙම සංචාරක නිකේතනය සොබා දහමේ සුන්දරත්වය විඳගැනීමට හැකිවන පරිදි අවශ්‍ය පහසුකම් සපයා තිබේ. ලංකා හෝටල් සංස්ථාවේ අනුමත මෙම මෙම සංචාරක නිකේතනය ආගන්තුක සත්කාර සඳහා නිබඳවම සූදානම්ව සිටී.වැඩිදුර තොරතුරු : දුරකතන / ෆැක්ස් : 035 2247769 :

ලක් නිවස ටුවරිස්ට් ඉන්

පින්නවල අලි අනාථාගාරය නැරඹීමට යන සංචාරකයන් වෙනුවෙන් ඉදිකරන ලද ලක් නිවස ටුවරිස්ට් ඉන් රඹුක්කන - පින්නවල මාර්ගයේ පිහිටා තිබේ. දෙස්, විදෙස් ආහාර - පාන, නවාතැන් පහසුකම් මෙහිදී ලබාගත හැකිය.

දුරකතන / ෆැක්ස් : 035 2265186


සොරබොර විලේජ් ඉන් හොටෙල්

ශ්‍රී ලංකාවේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ සංචාරය කරන සංචාරකයන් නිබඳවම පිය නගන ස්ථානයක් වන්නේ දඹානේ ආදීවාසී ගම්මානය යි. ආදීවාසී සිරිත් විරිත් ඔවුනගේ සංස්කෘතිය නරඹන සංචාරකයන්ට වෙහෙස නිවාගැනීම සඳහා සුදුසු ස්ථානයක් ලෙස සොරබොර විලේජ් ඉන් හොටෙල් ආරම්භ කළ බව කළමණාකාරවරයා පවසයි. මහියංගනය - සොරබොර වැව මාර්ගයේ පිහිටා තිබෙන මෙම සංචාරක නිකේතනය දෙස්, විදෙස් සියලුම සංචාරකයන් සඳහා පහසුකම් සළසයි.වායු සමීකරණය කරන ලද කාමර පහසුකම් මෙන්ම වායු සමනය නොකරන ලද කාමර පහසුකම් ද සංචාරකයන්ට සළසා තිබේ. දෙස්, විදෙස් ඕනෑම ආහාර - පාන වර්ගයක් ද මෙහිදී ලබාගත හැකිය. ලංකා හෝටල් සංස්ථාවේ අනුමත මෙම හෝටලය සියයට සියයක් ම සංචාරකයන්ගේ අවශ්‍යතා සපුරාලන බව කළමණාකාරවරයා පවසයි.

තවත් සංචාරක නිකේතන කිහිපයක්

රීෆ්රෙෂ් හොලිඩේ රෙසෝට්
නො. 211,
රිවර් රෝඩ්,
ඉහළ තල්දූව,
අවිස්සාවේල්ල.

036 2233182 / 0716825579

ශාලිකා ඉන්,
නො. 27/1,
රජ පිහිල්ල මාවත,
මහ නුවර.

087 2223655

www.බලන්න


සන්ෆලවර් රෙසෝට්
නො.111,
කිඹුලාවල,
හඟුරක්ගොඩ.

060 2276032

"https://si.wikipedia.org/w/index.php?title=සංචාරක_නිකේතන&oldid=41874" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි