"රන්ජන් රාමනායක" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
|||
483 පේළිය: | 483 පේළිය: | ||
==මේවාද බලන්න== |
==මේවාද බලන්න== |
||
*http://www.facebook.com/real.rr රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් පිටුව. |
|||
*[[ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව]] |
*[[ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව]] |
||
11:39, 19 පෙබරවාරි 2018 තෙක් සංශෝධනය
සුපිරි තරුව නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක | |
---|---|
තනතුර දරමින් 2015 සැප්තැම්බර් 4 | |
Deputy Minister of Social Empowerment & Welfare | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
Minister | එස්.බී.දිසානයක |
සමාජ සේවා, සුබ සාධන හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 2015 ජනවාරි 21 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
Minister | පී හැරිසන් |
තනතුර දරමින් 2015 | |
ඡන්ද කොට්ඨාසය | ගම්පහ දිස්ත්‍රික්කය |
Member of Parliament for රත්නපුරය දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 2010 | |
පුද්ගලික තොරතුරු | |
උපත | මාර්තු 11, 1963 මීගමුව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
Relations | විජය කුමාරතුංග ජීවන් කුමාරතුංග |
වාසස්ථාන(ය) | නො D 4, MPP Housing Scheme, මැදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. |
උගත් ශාස්ත්‍රාලය | මාරිස්ටෙලා විද්‍යාලය |
වෘත්තිය | රංගන ශිල්පී |
වෙබ් අඩවිය | ranjanramanayake.net |
සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු; නැතහොත් රන්ජන් රාමනායක (1963 මාර්තු 11) යනු ශ්‍රී ලංකාවේ දක්ෂ නළුවෙකු,[1] චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ දේශපාලඥයෙකු වෙයි.[2][3]
මුල් අවධිය
1963 මාර්තු 11 වැනිදා මීගමුවේදී උපත ලැබූ රන්ජන් මහතා සිය අධ්‍යාපන කටයුතු මාරිස්ටෙලා විද්‍යාලයෙන් හදාරණ ලදී. ඔහුට ප්‍රධාන චරිතයක් මගින් ශ්‍රී ලාංකික සිනමාවට මං විවරකරදුන් චිත්‍රපටි නිෂ්පාදකවරයෙකුට ගරු කිරීමක් වශයෙන්, රන්ජන් මහතා සිය නාමයට 'රාමනායක' නමින් කොටසක් එක්කර ගත් බව පැවසෙයි. [4]
විශේෂයන්
රන්ජන් රාමනායක තරුණ කල ජීවත් වූ තම විජය මාමාගේ ගමෙහි දිල්හානි අශෝකමාලා ද පදිංචිව සිටි අතර රන්ජන් - දිල්හානී ප්‍රේම සම්බන්ධයට සහගෝගය දැක්වූයේ විජය කුමාරතුංගයන් බවද පැවසෙයි. ඔවුන්ගේ ප්‍රේමය දෙකඩ වීමක් නිසා රන්ජන් ඇය වෙනුවෙන් ඇයි අශෝකමාලා ඔය වාගේ කෝපවීලා… ඇගේ නමෙහි කොටසක් යොදා ගීතය සෑදීය. එම ප්‍රේම දෙපළු වීමෙන් පසු ඔහු තනිකඩ දිවියක් ගත කරයි.[5]
සිනමා දිවිය
සිය සිනමා දිවිය, වාණිජ චිත්‍රපටියක් වූ ජය කොතැනද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ආරම්භ කල රන්ජන් මහතා, 1990 දශකය පුරාවට සිය ප්‍රතිරූපය වාණිජ චිත්‍රපටි නළුවෙක් ලෙස පවත්වා ගන්නා ලදී. එසේ වූවත් සමහර අවස්ථාවලදී චිත්‍රපටි සඳහා, ඔහු තරමක් ගැඹුරු චරිතද නිරූපණය කොට තිබේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවරගිර චිත්‍රපටියේ ඔහු නිරූපණය කරන චරිතය එවැන්නකි. මෑත කාලීනව ඔහු වාණිජ සිනමා චරිත නිරූපණය කිරීමට අමතරව, පාර්ලිමන්ට් ජෝක්ස්, වන් ෂොට් වන් හා ලීඩර් වැනි චිත්‍රපටි තුලින්, අධ්‍යක්ෂණය සහ තිර රචනයටද දායක වී තිබෙයි.
රංගනයට අමතරව, ජය කොතැනද, නරලොව හොල්මන්, ලවු ඉන් බැංකොක් සහ තවත් චිත්‍රපටි කීපයක් සඳහා ගීත ගායනයෙන්ද දායක වී තිබෙන රන්ජන් මහතා, චිත්‍රපටියක් වෙනුවෙන් ගායනා කල 'රන් සමනල ජෝඩුව වාගේ' ගීතය එකල ප්‍රේකෂකයින් අතර බෙහෙවින් ජනප්‍රිය විය.[6][7]
සිනමාගමනය
වසර | සිනමාපටය | චරිතය | විෂේශ කරැණු |
---|---|---|---|
1988 | කෝ හතුරෝ | ||
1989 | සිනාසෙන්න රත්තරනේ | ||
1990 | දෑසේ මල් පිපිලා | ||
1990 | වීර උදාර | ||
1990 | ජය කොතනැද | ||
1990 | චන්ඩි රජා | ||
1990 | ක්‍රිස්තු චරිතය | ||
1991 | හිම ගිර | ||
1991 | ලව් ඉන් බැන්කොක් | ||
1991 | රන් හදවත | ||
1991 | මා ඔබේ හිතවතා | ||
1992 | සල්ලි තිබුණට මදි | ||
1992 | සක්විති රජා | ||
1992 | චන්ඩි රැජිණ | ||
1992 | සිංහයගෙත් සිංහයා | ||
1992 | රජෙක් වගේ පුතෙක් | ||
1993 | මැවීලා පෙනේවි ඔබෙ රෑපේ | ||
1993 | කම් ඔර් චිකාගෝ | වික්‍රමසිංහ මුදියන්සේලාගේ රංජන් කරුණානායක | |
1993 | සඳරේඛා | ||
1993 | ළඟින් ගියොත් ඇහැක් නෑ | ||
1993 | ජූරියි මමයි | ||
1993 | සූර වීර චන්ඩියෝ | ||
1994 | නොහඬන් ලඳුනේ | ||
1994 | හලෝ මයි ඩාලිං | ||
1995 | අවරගිර | ප්‍රියංකර සැතිගල | |
1996 | වෛරයෙන් වෛරය | ||
1996 | මල් 7යි | ||
1997 | සූරයෝ වැඩකාරයෝ | ||
1998 | රෑ දනියෙල් දවල් මිගෙල් | චණ්ඩි | |
1998 | මොහොතින් මොහොත | ||
1999 | බහු බාර්‍යා | කපිල | |
2000 | රෑ දනියෙල් දවල් මිගෙල් 2 | චණ්ඩි | |
2001 | ජොන්සන් ඇන්ඩ් ගොන්සන්ඩ් | ජොන්සන් | |
2001 | රෝස වසන්තේ | ||
2002 | පාර්ලිමන්ට් ජෝක්ස්' | ළවාරිස් | ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ සරසවිය සම්මාන හොඳම සිනමාපටය |
2003 | පිස්සු ට්‍රිබල් | ||
2003 | වැලා ඉන් ලන්ඩන් | ||
2003 | යකඩ පිහාටු | ||
2005 | වන් ෂොට් | වන්ෂොට් නොහොත් විජේ | දෙවන සිනමා අධ්‍යක්ෂණය |
2006 | නිළම්බරේ | නිර්වාන් | හොඳම නළුවා සරසවිය සම්මාන |
2009 | ලීඩර් | ලීඩර් | තෙවන සිනමා අධ්‍යක්ෂණය |
2010 | පායා එන්න හිරු සේ | ||
2011 | කිව්වද නහී නොකිව්වද නහී | කලණ | |
2012 | ජීවිතේ ලස්සනයි | විශ්ව | |
2012 | ශ්‍රී සිද්ධාර්ථ ගෞතම | සුද්ධෝදන රජු | |
2013 | රජ හොරු | මහේෂ් | |
2014 | රංජා | රංජා නොහොත් රන්ජන් | |
2014 | පරපුර | සුරනිමල | |
2014 | රෑපාන්තරණ | ||
2015 | ප්‍රවේගය | කාර්‍යාල කළමනාකරු | ගරු රඟපෑම් |
2016 | සිංහයා | ||
2016 | මායා | මායා | |
ළඟදීම | ඩොක්ටර් නවරියන් | නවරියන් | සිව්වන සිනමා අධ්‍යක්ෂණය |
දේශපාලන දිවිය
2008 වර්ෂයේදී, සබරගමුව පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරඟ වැදුනු රාමනායක මහතා,[8] එම ඡන්දයෙන් සභාවේ ප්‍රධාන විපක්ෂ අමාත්‍යවරයා බවට පත්විය. 2010 වසරේදී එක්සත් ජාතික පක්ෂය හරහා රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමිකරගත් රාමනායක මහතා, වත්මන් විපක්ෂයේ ප්‍රධාන සක්‍රීය සාමාජිකයෙකු ලෙස ක්‍රියාකරයි.
මතභේදයට ලක්වීම්
අත්අඩංගුවට පත්වීම
මහනුවර පාසල් ගුරුවරියක විවාහ කරගන්නා බව පවසා ඇගෙන් රු. මිලියනයක පමණ මුදලක් වංචා කරන ලදැයි රාමනායක මහතාට චෝදනා එල්ල වූ අතර, එම ගුරුවරිය විසින් ඔහුට එරෙහිව ගොනුකල පැමිණිල්ල මත, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව 2010 වසරේදී රන්ජන් මහතාව අත්අඩංගුවට ගන්නා ලදී.[9] මේ හේතුවෙන් දින කිහිපයක් බෝගම්බර බන්ධනාගාරගතව සිටි රාමනායක මහතා ඉන් ඇපමත නිදහස්ව අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන ලදී. කෙසේ නමුදු එජාප පාම රාමනායක මහතාගේ ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා, වෙනත් දේශපාලඥයෙකු විසින් අදාල චොදනාව එල්ල කල ගුරුවරිය පොළඹවාගෙන ඇතැයි පසුව කල පොලිස් පරීක්ෂණ මගින් අවසානයේ තහවුරු විය.[10]
වාද වැඩසටහනක නිවේදිකාවකට තර්ජනය කිරීම
2010 වර්ෂයේදී, ටීවී දෙරණ හී 360 දේශපාලන වාද වැඩසටහනකට එක්වූ රාමනායක මහතා එම වැඩසටහන මෙහෙයවනු ලැබූ ඩිල්කා සමන්මලී නිවේදිකාවට තර්ජනය කල බවට චෝදනා එල්ල වුණි.[11] ඊට අමතරව සමන්මලී විසින් එම වැඩසටහන තුලදී සිය ප්‍රතිරූපයට හානි කල බවට චෝදනා කරමින්, සමන්මලී මහත්මියගේ දෙමාපියන්ටද දුරකථන ඇමතුමක් මගින් තර්ජනය කල බවට රාමානායක මහතාට චෝදනා එල්ල විණි. සමන්මලී වෙත යම් කරදරයක් සිදුවිය හැකිබවට, රාමනායක මහතා විසින් එම දුරකථන ඇමතුම හරහා අනතුරු හඟවා තිබූ බවද පැවසෙයි. කෙසේ නමුදු මෙම චෝදනා ප්‍රතික්ෂේප කල රාමානායක මහතා පසුව ප්‍රකාශ කලේ, අදාල වැඩසටහන තුල ඔහුගේ දියණිය පක්ෂපාතීව ක්‍රියාකල බවට තමා විසින් ඕස්ට්‍රේලියාවේ සිටි සමන්මලීගේ පියාට දුරකථන ඇමතුමක් මගින් ආචාරශීලීව දැනුම් දීමක් පමණක් සිදුකල බවයි.[12]
සම්මාන
රාමනායක මහතා සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 4 වතාවක් දිනාගෙන තිබේ.
2016 වසරේ 10 වන වතාවටත් පැවැත්වුනු ස්ලිම් නිල්සන් ජනතා සම්මාන (SLIM Nielsen People’s Awards) උලෙළේදී "ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා" (SLIM Nielsen People’s Awards People’s Actor of the year) සම්මානයත්, "ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ පි‍්‍රයතම රංගන ශිල්පියා" (SLIM Nielsen People’s Awards Youth choice Actor of the year) යන සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායක විසින් ලබාගන්නා ලදි. ඔහු මෙම ස්ලිම් නිල්සන් පීපල්ස් සම්මානය ලැබූයේ පිට පිට 10 වන වතාවටය. නළුවකු එකපිටම 10 වතාවක් එකම සම්මානයක් ලැබූ වාර්තාවටද රන්ජන් රාමනායක මහතා හිමිකම් කියයි.[13]
ස්ලිම් නෙල්සන්
වසර | සම්මානය | දින්නා / නැහැ |
---|---|---|
2007 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2008 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2009 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2010 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2011 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2012 | ජනප්‍රියතම නළුවා | දිනාගති |
2013 | ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ නළුවා | දිනාගති |
2014 | ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීම | දිනාගති |
2015 | ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීම | දිනාගති |
2016 | ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීම | දිනාගති |
සරසවිය
වසර | සම්මානය | දින්නා / නැහැ |
---|---|---|
1990 | නැගී එන නළුවා | දිනාගති |
1990 | ජනප්‍රියතම නවක නළුවා | දිනාගති |
2001 | හොඳම ජනප්‍රිය නළුවා | දිනාගති |
2002 | හොඳම ජනප්‍රිය නළුවා, ජනප්‍රියතම සිනමාපටය | දිනාගති |
2003 | හොඳම ජනප්‍රිය නළුවා | දිනාගති |
2004 | හොඳම ජනප්‍රිය නළුවා | දිනාගති |
2005 | හොඳම ජනප්‍රිය නළුවා | දිනාගති |
2006 | හොඳම නළුවා | දිනාගති |
සිග්නීස් සම්මාන
වසර | සම්මානය | සිනමාපටය |
---|---|---|
2007 | නිර්මාණාත්මක කුසලතා | නිලම්බරේ |
2010 | නිර්මාණාත්මක කුසලතා | පායා එන්න හිරු සේ |
වසර | සම්මාන වාරය | සම්මානය |
---|---|---|
2011 | දෙරණ සිනමා සම්මාන 2011 | ජනප්‍රියතම නළුවා |
2015 | දෙරණ සිනමා සම්මාන 2015 | ජනප්‍රියතම නළුවා |
මේවාද බලන්න
ආශ්‍රිත
- ↑ "ඔන්ලයින් එඩිෂන් ඔෆ් ඩේලි නිව්ස් - ෆීචර්ස්". Dailynews.lk. 2004-12-22. සම්ප්‍රවේශය 2012-08-30.
- ↑ "ද පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා - ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්". Parliament.lk. 1963-03-11. සම්ප්‍රවේශය 2012-08-30.
- ↑ ":: ඩේලි මිරර් - ඔපීනියන් ::". Archives.dailymirror.lk. 2005-08-15. සම්ප්‍රවේශය 2012-08-30.
- ↑ ":: ඩේලි මිරර් - ඔපීනියන් ::". Archives.dailymirror.lk. 2005-05-16. සම්ප්‍රවේශය 2012-08-30.
- ↑ "රන්ජන් දිල්හානි ප්‍රේමය හා විජයගේ කපුකම". දිනමිණ.
- ↑ "රංජාගේ ඉන්දියා ශ්‍රී ලංකා දැවැන්ත පාළම". Sundaytimes.lk. 2016-04-29. සම්ප්‍රවේශය 2016-07-05.
- ↑ "රන්ජන් රජිනිකාන්ත් හමුවෙයි". Indiaglitz.com. 2016-04-29. සම්ප්‍රවේශය 2016-07-05.
- ↑ "ද සන්ඩේ ලීඩර් ඔන්ලයින්". Thesundayleader.lk. සම්ප්‍රවේශය 2012-08-30.
- ↑ "Sri Lanka Security News | Online edition of Daily News - Lakehouse Newspapers". Dailynews.lk. 2010-10-15. සම්ප්‍රවේශය 2012-08-30.
- ↑ "රන්ජන් රාමනායක විලේයින් නෝ මේර්; සේෆ් ටු කාස්ට් ඈස් හීරෝ වන්ස් අගෙයින්". Lakbimanews.lk. සම්ප්‍රවේශය 2012-08-30.
- ↑ "විඩියෝ:රන්ජන් ත්‍රෙටන්ස් ඩිල්කා ඕවර් දෙරණ 360 ප්‍රෝග්‍රෑම්". Adaderana.lk. 2010-08-30. සම්ප්‍රවේශය 2012-08-30.
- ↑ "නිව්ස්". Nation.lk. සම්ප්‍රවේශය 2012-08-30.
- ↑ http://www.sarasaviya.lk/2016/03/31/?fn=sa16033110