"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
23 පේළිය: 23 පේළිය:
[[ගොනුව:Meeduma Walauwa, Rambukkana, Sri Lanka..jpg|thumb|right|260px|මිදුම වලව්ව, රඹුක්කන.<br> (නෙරංජන් විජයරත්න ගේ නිවස]]
[[ගොනුව:Meeduma Walauwa, Rambukkana, Sri Lanka..jpg|thumb|right|260px|මිදුම වලව්ව, රඹුක්කන.<br> (නෙරංජන් විජයරත්න ගේ නිවස]]
==මුල් දිවිය==
==මුල් දිවිය==
[[ගොනුව:EW & NW.jpg|thumb|left|160px|නෙරංජන් විජයරත්න ගේ මුත්තණු ඩී.එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය [[එඩ්වින් විජයරත්න|ශ්‍රීමත් එඩ්වින් විජයරත්න]] සමගින්]]
[[ගොනුව:EW & NW.jpg|thumb|left|160px|නෙරංජන් විජයරත්න ගේ මුත්තණු වු ඩී.එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය [[එඩ්වින් විජයරත්න|ශ්‍රීමත් එඩ්වින් විජයරත්න]] සමගින්]]
[[ගොනුව:NW in 1961.jpg|thumb|left|160px|නෙරංජන් විජයරත්න 1961 වසරේ දී]]
[[ගොනුව:NW in 1961.jpg|thumb|left|160px|නෙරංජන් විජයරත්න 1961 වසරේ දී]]
[[නිශ්ශංක විජයරත්න]] හා නීටා දූල්ලෑව විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් [[එඩ්වින් විජයරත්න]] යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු මනෝ <!--<ref>[http://www.sundayobserver.lk/2008/11/02/fea04.asp ඩ්‍රයිවර්ස් බී මෝ කෙයාෆුල්!]</ref> --> වැවිලි සේවා අමාත්‍ය හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූර‍ය තනතුර දැරී ය. ඔහුගේ තුන්වෙනි සොහොයුරු [[අනුරාධ දූල්ලෑව විජයරත්න|අනුරාධ]] සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන [[දියවඩන නිලමේ]] තනතුර 1975 සිට 2005 තෙක් කිහිප වරක් හොබවා ඇත. ලංකේෂ් සොහොයුරු හා එකම සහෝදරි නිශාංගනි ද වේ. නෙරංජන් විජයරත්න [[රාජකීය විද්‍යාලය|කොළඹ රාජකීය විද්‍යාලයෙන්]] ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබීය.

09:48, 4 ජනවාරි 2018 තෙක් සංශෝධනය

නෙරංජන් විජයරත්න
නෙරංජන් විජයරත්න දියවඩන නිලමේ ලෙසින්
පුද්ගලික තොරතුරු
උපත9 අගෝස්තු 1956 (1956-08-09) (වයස 67)
මහනුවර ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාදේවිකා විජයරත්න
දරුවන්මෝක්ෂනා හා නවින්ද්‍ර
වාසස්ථාන(ය)මිදුම වලව්ව, රඹුක්කන.
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලනය

නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න (ඉංග්‍රීසි: Neranjan Priyadarshana Dullewe Wijeyeratne) (උපත 9 අගෝස්තු 1956). ශ්‍රී ලංකාවේ හිටපු දියවඩන නිලමේ වරයෙකි. එම තනතුරු පුරා වසර 20 කාලයක් හෙබවූ පසුව දේශපාලනයට එක්විය. මහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක ධුරය තනතුර දැරූ ඔහු දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි.

මිදුම වලව්ව, රඹුක්කන.
(නෙරංජන් විජයරත්න ගේ නිවස

මුල් දිවිය

නෙරංජන් විජයරත්න ගේ මුත්තණු වු ඩී.එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න සමගින්
නෙරංජන් විජයරත්න 1961 වසරේ දී

නිශ්ශංක විජයරත්න හා නීටා දූල්ලෑව විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු මනෝ වැවිලි සේවා අමාත්‍ය හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූර‍ය තනතුර දැරී ය. ඔහුගේ තුන්වෙනි සොහොයුරු අනුරාධ සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 සිට 2005 තෙක් කිහිප වරක් හොබවා ඇත. ලංකේෂ් සොහොයුරු හා එකම සහෝදරි නිශාංගනි ද වේ. නෙරංජන් විජයරත්න කොළඹ රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබීය.

දියවඩන නිලමේ

තම පියාගේ අඩිපාරේ යමින් හේ, මහනුවර, ශ්‍රී දළදා මාලිගාවෙහි දියවඩන නිලමේ (ප්‍රධාන ගිහි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය.LTTE විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි.[1] දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, ශ්‍රී දළදා මාලිගාව සහ ශ්‍රී ලංකාවෙහි බුද්ධාගම ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය.[2] ශ්‍රී දළදා මාලිගාව විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, අමුත්තන් 1000 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ තායිලන්තය ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ආයතනය [3] නෙරංජන් විජයරත්න විසින් පිහිටවූයේ ඔහු දියවඩන නිලමේ ධූර‍ය හොබවමින් සිටි අවදියෙහිය.ඔහුගේ ධූර කාලයෙහිදී ඔහු, ජපන්, තායි සහ මියන්මාර ආගමික පූජ්‍යපදප්‍රාප්තීන් හා සමග කිට්ටු සබඳතා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවෙහි බෞද්ධ උරුමය වැඩිදියුණු කිරීමෙහි මහත් කාර්යභාරයකට උර දුනි. දියවඩන නිලමේ ධූරය සඳහා තරග වැදීමට පෙර, නෙරංජන් විජයරත්න, ලංකාතිලක මහා විෂ්ණු දේවාලයෙහි බස්නායක නිලමේ (ගිහි භාරකරු) ලෙස සේවය කලේය.

දේශපාලනය

දෙවන වාරයටත් දියවඩන නිලමේ ධූරය හෙබවීමෙන් අනතුරුව එම ධූරයෙන් නික්මුනු ඔහු ක්‍රියාකාරී දේශපාලනයට එළඹිණි.

පවුල් දිවිය

ආචාර්ය ලක්ෂ්මිනාත් හා චින්තා මැදිවකගේ දියණිය වන දේවිකා මැදිවක හා විවාහ වී ඇති ඔහුට මෝක්ෂනා දියණිය හා නවින්ද්‍ර නමින් පුතුකු ද වේ.

මෙයද බලන්න

ආශ්‍රිත

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=නෙරංජන්_විජයරත්න&oldid=415291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි