"මීතිරිගල ධම්මාවාස මහ තෙරුන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
new article started
(වෙනසක් නොමැත)

19:35, 20 ජූනි 2017 තෙක් සංශෝධනය

මීතිරිගල ධම්මාවාස මහ තෙරුන් වහන්සේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ තෙවන නායක හිමිපාණන් විය. අපවත් වන විට උන්වහන්සේ මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ පැරණිම ජීවමාන සිසුවෙකු වූ අතර උන්වහන්සේ පුරා අවුරුදු හතළිහක් නිස්සරණ වනය තුළම ගත කර තිබිණි..

1931 දී උපත ලද ධම්මාවාස හිමියන් සිය ළමා කාලය තුළ දී නිවන් අවබෝධ කිරීමට දැඩි ආශාවක් දැක්වූ බව පසු කලෙක සිහිපත් කළහ. ඔහු වයසින් මුහුකුරා ගිය පසුව ඔහු තුළ ගැඹුරු භික්ෂුවක් බවට පත්වීම සඳහා අනුගමනය කළ යුතු පුහුණු ක්‍රියාවලිය වර්ධනය කිරීම සඳහා උචිත ගුරුවරයෙකු සොයා ගමනක් ආරම්භ කළේය. එහෙත්, කොහේ ගියත්, ඔහු බලාපොරොත්තු සුන් කර ගත්තේය.

වයස තිස් ගණන් පමණ වන විට ඔහු මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ දී පැවිදි වීමට ස්ථිර අධිෂ්ඨානයක් තබා ගත්තේය. ඔහුගේ අභිප්‍රායය වූයේ සියලු ලෞකික අභිලාශයන් අත්හැරීමයි. ගත වූ දිනයක් පාසා, අත්හැරීමේ සිතුවිල්ල ඔහුගේ මනස තුළ බලවත් විය. විමුක්තිය සඳහා වූ මෙම උද්යෝගය මීතිරිගල නිස්සරණ වනයට පැමිණීමෙන් අනතුරුව ඉතා ප්‍රබල විය.

ධම්මාවාස හිමියන් තම ගුරුවරයා සමඟ උන්වහන්සේගේ පළමු හමුව සිහිපත් කරමින්, උන්වහන්සේගේගේ ජීවිතයේ උතුම්ම මොහොත ලෙසින් එම මොහොත හඳුන්වයි. ඔහු නිස්සරණ වනයට පැමිණි පළමු අවස්ථාවේ දී, මුලින්ම අට සිල් සමාදන් වී ලොකු හිමියන්ගේ කුටිය දෙසට ගොස් තිබේ. පූජනීය ගුරුතුමාට වන්දනා කර උන්වහන්සේගේ ඇඳ අසල වාඩි වී සිට ඇත. එම අවස්ථාවේදී මාතර ලොකු ස්වාමින් වහන්සේ සිය ඇඳ මත වාඩිවී බඩු බාහිරාදිය මල්ලකට අසුරමින් සිට ඇත්තේ පිටත චාරිකාවකට සූදානම් වෙමිනි.

ගුරු ස්වාමින් වහන්සේ මෙම තරුණ උපාසකයාගේ පැමිණීම දුටු නමුත් වචන කිසිවක් කථා නොකළ අතර ඔවුන් විනාඩි කිහිපයක් නිශ්ශබ්දව සිට ඇත. එවිට ඇස් කොණකින් බැලූ , මාතර ලොකු ස්වාමින් වහන්සේ ඔහු පැමිණියේ මන්දැයි විමසා ඇත. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.