"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Singhalawap විසින් ජෛන ධර්මය සිට ජෛනාගම වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
2 පේළිය: 2 පේළිය:
| image = Jain flag.jpg
| image = Jain flag.jpg
| alt = Jain flag
| alt = Jain flag
| caption = The [[Jain flag]]
| caption = [[ජෛන කොඩිය]]
| abbreviation = Jain
| abbreviation = Jain
| orientation = ''[[Ahimsa in Jainism|Ahimsa]]'' (non-violence)<!-- Do not replace this with Ahinsa -->
| orientation = ''[[Ahimsa in Jainism|Ahimsa]]'' (non-violence)<!-- Do not replace this with Ahinsa -->

17:26, 23 අප්‍රේල් 2017 තෙක් සංශෝධනය

ජෛනාගම
Jain flag
කෙටි යෙදුමJain
පෙළගැස්මAhimsa (non-violence)
ScriptureJain Agamas
Other name(s)Jina śāsana or Jain dharma

ජෛනාගම ක්‍රි.පූ. 6 වන සියවසේ දී ඉන්දියාවේ බිහිවූ ආගමකි. එකල ඉන්දියාවේ පැවති හින්දු ආගමෙහි පිරිසිදු බවත් චාම්, සරල ලක්ෂණත් විනාශ වෙමින් ඒ වෙනුවට එය අනුරාගී පූජා විධි, බිලි පූජා සහ හරසුන් ශාන්තිකර්ම වලට වැඩි අවධානයක් යොමු කිරීම නිසා බිහි වෙමින් පැවති නව ආගම් වලට වැඩි ජනතා ආකර්ෂණයක් ලැබුණි.

පාර්ශ්වනාථ

ජෛන සම්ප්‍රදායයේ පිළිගැනීමට අනුව එම ආගම මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය තරමට ම පැරණි වන අතර එමගින් තිර්තංකරයන් (සාන්තුවරයන්) 24 දෙනෙකු බිහි කොට ඇත. ඒ අතරින් වෘෂභනාථගෙන් පටන් ගන්නා ප්‍රථම තිර්තංකරයන් 22 දෙනා ජනශ්‍රැතියට අයත් පුද්ගලයන් බව පෙනෙන අතර අවසාන දෙදෙනා වන පාර්ශ්වනාථ සහ මහාවීර ඓතිහාසික පුද්ගලයෝ වෙති. පාර්ශ්වනාථ ජිවත් වී ඇත්තේ මහාවීර ඉපදීමට අවුරුදු 250 කට පෙර බව පිළිගැනේ. ඔහු බරණැස අශ්වසේන රජුගේ පුත්‍රයා ය. වයස අවුරුදු 30 දී තවුස් දිවිය ඇරඹු ඔහු වටා අනුගාමිකයන් විශාල පිරිසක් එක්රොක් වූ අතර ඔවුන් "නිගණ්ඨ" නමින් හැඳින්විණි. ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම හතරක් ප්‍රගුණ කළ යුතු බව පාර්ශ්වනාථ සිය අනුගාමිකයන්ට අවධාරණය කළේ ය. ඒවා නම් සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ (දේපොළ කෙරෙන් වෙන් වීම), සහ ආස්තෙය (සොරකම් කිරීමෙන් වැළකීම) යි.

වර්ධමාන මහාවීරතුමා

ජෛන සම්ප්‍රදායට අනුව මහාවීරතුමා 24 වන හෙවත් අවසාන තිර්තංකර විය. එතුමා ක්‍රි.පූ. 540 දී පමණ වේදේහ ජනපදයේ අගනුවර වූ වෛශාලියේ කුණ්ඩග්‍රාම නම් ප්‍රදේශයේ උපත ලැබී ය. ඔහුගේ දෙමව්පියන් වූයේ සිද්ධාර්ථ සහ ත්‍රිශලා ය. ප්‍රභූ පවුලක උපත ලැබූ මහාවීර හැදී වැඩුනේ මහත් සැප සම්පත් මධ්‍යයේ ය. ඔහු යසෝධා කුමරිය සමඟ විවාහ වීමෙන් දියණියක ලැබූ අතර ඇය අනෝජා හෙවත් ප්‍රියදර්ශන නම් වූවා ය. සිය දෙමවුපියන්ගේ අභාවයත් සමඟ ගිහිගෙය හැර යාම සඳහා සිය සොහොයුරාගෙන් අවසර ලබා ගත් වර්ධමාන වයස අවුරුදු 32 දී ලෞකික සැප සම්පත් අත්හැර ශ්‍රමණයෙකු බවට පත් විය.

සිය වස්ත්‍ර අත්හැර දිගම්බර (දිශාවන්ට හැඳිවත) තත්ත්වයට පත් ඔහු ඊළඟ වසර 22 තුළ පරම සත්‍යය අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව දුෂ්කර ජීවිතයකට එළඹ භාවනානුයෝගී ව කාලය ගත කළේ ය. එම කාලය අවසානයේ දී ඔහු කේවල හෙවත් සර්වඥ තත්ත්වයට පත් විය. ඉන් අනතුරුව වර්ධමාන, කෙලෙස් දිනූ තැනැත්තා යන අර්ථයෙන් ජින සහ මහාවීර යන නම් වලින් හැඳින්විණි.

වර්ධමාන මහාවීරතුමා තම ජිවිතයේ ඉතිරි කාලය තුළ අංග, මගධ, මිථිලා සහ කෝසල වැනි ප්‍රදේශ වල ජනතාවට සිය ධර්මය දේශනා කිරීමේ නිරත විය. විශාල පිරිසකගේ සිත් ඇද ගැනීමට සමත් වූ එතුමාගේ ධර්මය වැළඳගත අය අතර රජවරු, බලවත් ප්‍රභූවරු, ධනවත් වෙළෙන්දෝ, සහ ගෘහපතියෝ ද වූහ. මහාවීරතුමා වසර 72 ක් ආයු වළඳා පැට්නා නුවර පාවා නමැති ස්ථානයේ දී පරලෝ සැපත් විය. මහාවීරතුමා ගෞතම බුදුන් වහන්සේගේ සමකාලීනයෙකු වූ නමුත් ඒ දෙදෙනා කිසි දිනක ඔවුනොවුන් මුණ ගැසී නොමැත.

මහාවීරතුමාගේ ඉගැන්වීම්

මහාවීරතුමාගේ අනුගාමිකයෝ නිග්‍රන්ථ නම් වූහ. මහාවීරතුමා සිය කාලය මිඩංගු කළේ එතුමාගේ පූර්වගාමිකයා වූ පාර්ශ්වනාථ ගොඩනගා තිබූ දහම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ය. පාර්ශ්වනාථ දේශනා කොට තිබූ සිව් වැදෑරුම් ධර්මයට මහාවීරතුමා පස්වැන්නක් එකතු කළ අතර එය බ්‍රහ්මචර්යා නම් විය.

ජෛනාගමේ ප්‍රධාන අංගයක් වූයේ ආත්මය සහ කර්මය පිළිබඳ විශ්වාසය යි. සෑම මූල ධාතුවක් ම භූත සහ ආත්ම යන සාධක වල එකතුවක් බවත් එයින් පළමුවැන්න (භෞතික සාධක) විනාශ වන නමුත් දෙ වැන්න වූ ආත්මය එසේ නොවන බව එතුමා ප්‍රකාශ කළේ ය. ඕනෑම පුද්ගලයෙක් උපත් සහ මරණ විශාල සංඛ්‍යාවකට ගොදුරු වන බවත් එය කර්මය නිසා සිදු වන බවත් දේශනා කල මහාවීරතුමා ආත්මය සහ කර්මය අතර ඇති එම බැඳීමෙන් මිදීම සඳහා කර්මය විනාශ කල යුතු බව පෙන්වා දුන්නේ ය. එතුමාගේ දර්ශනය අනුව මේ තත්ත්වය ලඟා කර ගත හැකි වූයේ ශීල පහ, එනම් සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ, ආස්තේය සහ බ්‍රහ්මචර්යා ප්‍රගුණ කිරීමෙනි.

සිද්ධ සීල හෙවත් පාරිශුද්ධ වූ ද සදාකාලික වූ ද විමුක්තිය උදාකර ගැනීම සඳහා නියම ජෛන භක්තිකයෙකු විසින් ශීල පහට අමතරව රත්න නමින් හැඳින්වූ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම සහ නිවැරදි පැවැත්ම යන තුන් වැදෑරුම් මාර්ග ද අනුගමනය කළ යුතු ය.

අවිහිංසාව පිළිබඳ දර්ශනය ද ජෛන ආගමේ වැදගත් අංගයක් විය. මිනිසුන් සහ සතුන්ට පමණක් නොව ගස් වැල්, ලෝහ වර්ග, ජලය සහ දැව යනාදී සියළු අප්‍රාණික වස්තූන්ට ද ජීවයක් තිබෙන බවත් ඒ නිසා ඒ සියල්ල සම්බන්ධයෙන් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් මහාවීරතුමා අවධාරණය කොට දැක්වී ය. ඕනෑ ම පුද්ගලයකු තම ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාව ජයගත යුතු අතර ඒ සඳහා සිය ශරීරයට දුක් දෙන අත්තකිලමථානුයෝගී වූ ජීවිතයක් ගත කළ යුතු ය. විශ්වය දෙවියන් විසින් මවන ලද බව විශ්වාස නොකළ මහාවීරතුමා දෙවි කෙනෙකු ගැන කිසිම සඳහනක් කර නැත. වෙනස්කම් ඇති වීම ස්වභාව ධර්මය අනුව සිදුවන බව ප්‍රකාශ කළ එතුමා උපත සහ මරණය සියළු මනුෂ්‍යයන්ට මෙන් ම ද්‍රව්‍ය වලට ද එක සේ අදාළ ස්වභාවයක් බව පැහැදිලි කළේ ය.

වෛදික ඉගැන්වීම් නොවැදගත් ලෙස සලකා බැහැර කල මහාවීරතුමා බ්‍රාහ්මණයන් විසින් සිදු කරන ලද බිලිපූජා හෙළා දැක්කේ ය. කාන්තාවන්ගේ නිදහස පිළිබඳ ව විශ්වාස කල එතුමා ශ්‍රාවිකාවන් ලෙස මෙන් ම දායිකාවන් ලෙසත් ශාසනය?ට ඇතුළු වීමට ඔවුන්ට අවසර දුන්නේ ය.

ශ්වේතම්බර සහ දිගම්බර ජෛනයෝ

ක්‍රි.පූ. 4 වන සියවස අවසාන කාලයේ දී බිහාර් ප්‍රාන්තයේ මහා සාගතයක් ඇති වූ හෙයින් භද්‍රබාහු නම් නායකයා යටතේ ජෛන භක්තිකයෝ දහස් ගණනක් මයිසූර් ප්‍රදේශයට සංක්‍රමණය වූහ. ඉතිරි වූ ජෛනයෝ මූලික ආගමික ඉගැන්වීම් වලට පටහැනිව ශ්වේත වර්ණ ඇඳුම්වලින් සැරසී සිටියහ. ඒ නිසා ඔවුහු ශ්වේතම්බර නමින් හැඳින්විණි. එහෙත් භද්‍රබාහු සහ ඔහුගේ අනුගාමිකයෝ පැරණි ඉගැන්වීම් වලට අනුව ජීවත්වීමට දැඩි ලෙස කැප වී සුපුරුදු ලෙස ම නිරුවත්ව (දිගම්බරව) සිටියහ. පසුකාලීන ධර්ම සංගායනා මගින් සකස් කළ ධර්ම ග්‍රන්ථ සහ විනය නීති පිළිගැනීම ප්‍රතික්ෂේප කළ දිගම්බර ජෛනයෝ 'පුර්ව' කෘති වල අන්තර්ගත මූලධර්ම තවදුරටත් දැඩි ලෙස අනුගමනය කළහ.

ආගමික සාහිත්‍ය

මහාවීරතුමාගේ ඉගැන්වීම පූර්ව නමින් හැඳින්වෙන පැරණි ධර්ම ග්‍රන්ථ 14 ක අන්තර්ගත වී ඇත. ක්‍රි.පූ. 4 වන සියවස අවසාන කාලයේ දී භාද්‍රබාහු යටතේ ජෛන භක්තිකයෝ දහස් ගණනක් මයිසූර් ප්‍රදේශයට සංක්‍රමණය වීමෙන් පසු ඉතිරි වූ ජෛනයන් විසින් ධර්ම සංගායනාවක් කැඳවන ලදී. එහි දී සම්පාදනය කළ කෘති 12 ක් වූ අතර ඒවා අංග නමින් හැඳින්වේ. ජෛන ආගමික ලියවිලි සියල්ල එකතු කොට සන්හිතාවක් සකස් කිරීම සඳහා ක්‍රි.ව. 6 වන සියවසේ දී පමණ වලහි ප්‍රදේශයේ තවත් සංගායනාවක් පැවැත්විණි. එම ධර්ම ග්‍රන්ථ ප්‍රාකෘත භාෂාවකින් ලියා ඇත.

ජෛනාගමේ ව්‍යාප්තිය

මහාවීරතුමාගේ මරණින් පසුව එතුමාගේ ඉගැන්වීම් ප්‍රචලිත කරන ලද්දේ අංගධර නම් වූ පිරිසක් විසිනි. ජෛනාගමට චන්ද්‍රගුප්ත මෞර්ය, බිම්බිසාර සහ සම්පාති වැනි ප්‍රබල රජවරුන්ගේ අනුග්‍රහය ද ලැබුණි. මෞර්ය අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ජෛනාගම ඉන්දියාවේ දකුණු සහ බටහිර දිසාවන්ට ව්‍යාප්ත විය. ශක, ශත්‍රප සහ රාජ්පුත් පාලකයෝ බටහිර සහ උතුරු ඉන්දියානු ප්‍රදේශ වල ජෛනාගමික ආශ්‍රම ඉදි කළහ. කාලිංග දේශයේ ඛාරවේල රජු ජෛනාගමේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු විය.

"https://si.wikipedia.org/w/index.php?title=ජෛනාගම&oldid=396797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි