"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
7 පේළිය: 7 පේළිය:
[[ගොනුව:Egyptian mourners001.jpg|left|thumb|121px| [[වෘත්තීමය ශෝකවීම |ශෝකවීමෙහි]] ව්‍යක්ත අභිනයක් පෙන්නුම් කරන [[වෘත්තීමය ශෝකවන්නෝ]].]]
[[ගොනුව:Egyptian mourners001.jpg|left|thumb|121px| [[වෘත්තීමය ශෝකවීම |ශෝකවීමෙහි]] ව්‍යක්ත අභිනයක් පෙන්නුම් කරන [[වෘත්තීමය ශෝකවන්නෝ]].]]
[[ප්‍රාග්ඓතිහාසික ඊජිප්තුව |පුර්ව-රාජවංශික ඊජිප්තුවෙහි]] සිට පැවතෙන ලිඛිත සාක්ෂි නොමැති වුවද, ප්‍රාඥයන් විශ්වාස කරනුයේ භෞතික දේහයෙහි සහ එහි සංරක්ෂණයෙහි වැදගත් කම පිළිබඳ සංකල්පයන් එම කාලසීමාවෙහිදී ඇරඹුනු බවය. මෙම කාලසීමාවෙහි ජීවත්වූ ජනයා ආදාහනය කිරීමේ පසිඳු චාරිත්‍රය භාවිතා නොකොට එය වෙනුවට මළවුන් මිහිදන් කල හේතුව මෙය විසින් පැහැදිලි කරයි. මරණයෙන් පසුව දේහයන්ට සුදුසු සැලකීම් නොදැක්වුවහොත් එම දේහයන් යළි මළවුන්ගෙන් නැගිටින බවට භීතියක් ඔවුන් තුල පැවති බවද සමහරුන් විශ්වාස කරති. <ref>ෆ්‍රන්සුවේස් ඩූනන්ඩ් සහ රොජර් ලිච්ටෙන්බෙයාර්ග්, මමීස් ඇන්ඩ් ඩෙත් ඉන් ඊජිප්ට්, (ලන්ඩනය: [[කෝනෙල් විශ්වවිද්‍යාලය |කෝනෙල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය]], 2006), පි. 9</ref>

ආදි කාලසීමාවෙහිදී දේහයන් මිහිදන් කරන ලද්දේ සරල, නොගැඹුරු අණ්ඩාකාර වළවල් තුල වන අතර, මිහිදන් භාණ්ඩ කිහිපයක් පමණක් භාවිතා කෙරිණි.

===ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම් ===
===ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම් ===

10:22, 10 පෙබරවාරි 2017 තෙක් සංශෝධනය

පුරාතන ඊජිප්තියානුවන්ට විස්තීරණ අවමංගල්‍යමය සිරිත් ගොන්නක් පැවතුනේ ඔවුන්ගේ මරණින් මතු (ඊළඟ උපතෙහි) අමරණීය බවට එය අවශ්‍ය බව ඔවුන් විශ්වාස කල බැවිනි. මෙම පූජාවිධි සහ චාරිත්‍රවිධි අතර සිරුරට බෙහෙත් කවා මමිකරණය, මායා මන්ත්‍ර ජප කිරීම, සහ විශේෂිත සොහොන් භාණ්ඩ හා සමගින් මිහිදන්කෙරුම වූයේ ඊජිප්තියානු ඊළඟ උපත සඳහා අවශ්‍ය බව සිතන ලද නිසාය. [1] [2]

කාලය ගතවත්ම, පුරාතන ඊජිප්තියානුවන් විසින් භාවිතා කෙරුණු මිහිදන් කිරීමේ ක්‍රියාවලිය පරිණාමයට ලක්වූ අතර, පැරණි චාරිත්‍ර බැහැරවෙමින් නව චාරිත්‍ර යොදාගත් මුත්, වැදගත් කරුණු කිහිපයක් දිගටම පැවතිණි. විශේෂිත සවිස්තර සැලසුම් කාලය සමග වෙනස් වුවද, දේහය සූදානම් කිරීම, අදාල වූ මායා මන්ත්‍ර ජපකිරීමේ චාරිත්‍ර සහ, යොදා ගැනුණු සොහොන් භාණ්ඩ යන දේවල් යථා යෝග්‍ය ඊජිප්තියානු අවමංගල්‍යයක ආවශ්‍යික කොටස් විය.

ඉතිහාසය

ශෝකවීමෙහි ව්‍යක්ත අභිනයක් පෙන්නුම් කරන වෘත්තීමය ශෝකවන්නෝ.

පුර්ව-රාජවංශික ඊජිප්තුවෙහි සිට පැවතෙන ලිඛිත සාක්ෂි නොමැති වුවද, ප්‍රාඥයන් විශ්වාස කරනුයේ භෞතික දේහයෙහි සහ එහි සංරක්ෂණයෙහි වැදගත් කම පිළිබඳ සංකල්පයන් එම කාලසීමාවෙහිදී ඇරඹුනු බවය. මෙම කාලසීමාවෙහි ජීවත්වූ ජනයා ආදාහනය කිරීමේ පසිඳු චාරිත්‍රය භාවිතා නොකොට එය වෙනුවට මළවුන් මිහිදන් කල හේතුව මෙය විසින් පැහැදිලි කරයි. මරණයෙන් පසුව දේහයන්ට සුදුසු සැලකීම් නොදැක්වුවහොත් එම දේහයන් යළි මළවුන්ගෙන් නැගිටින බවට භීතියක් ඔවුන් තුල පැවති බවද සමහරුන් විශ්වාස කරති. [3]

ආදි කාලසීමාවෙහිදී දේහයන් මිහිදන් කරන ලද්දේ සරල, නොගැඹුරු අණ්ඩාකාර වළවල් තුල වන අතර, මිහිදන් භාණ්ඩ කිහිපයක් පමණක් භාවිතා කෙරිණි.

ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම්

උතුරෙහි ඔමාරි සහ මහායඩී යන ගම්මාන වල ඊජිප්තුවෙහි පළමු ගොවියෝ ජීවත්ව සිට ඇත. මෙම ගම්මාන වල වැසියෝ ඔවුන්ගේ මළවුන් වැලලුයේ සරල, වටකුරු සොහොන් තුල වන අතර එක් මුට්ටියක් එය තුල තැබූහ. පසුකාලීනව ඓතිහාසික කාලසීමාවෙහිදී සිදු කල අයුරින් දේහය පිළියම් කිරීම හෝ ක්‍රමානුකූල අයුරින් සැකසීම හෝ සිදු නොකෙරිණි. ලිඛිත සාක්ෂි නොමැති තන්හී, සොහොනෙහි නිත්‍ය ලෙසින් මුට්ටියක් බහා ලීම හැරුණු විට, ඊළඟ උපත පිළිබඳ සමකාලීන ඇදහිලි පැවති බවට දැක්වෙන තොරතුරු සුළු ප්‍රමාණයක් පවතියි. පසුකාලීන චාරිත්‍ර හා සීහීමට තැත් දැරීමේදී, මෙලෙස මුටටියක් බහා ලීම මියගිය තැනැත්තාට අවශ්‍ය යැයි සැලකුණු ආහාර තැන්පත් කිරීමට භාවිතා කල බවක් සිතිය හැකිය. [4]

ප්‍රාග්-රාජවංශික යුගය, චාරිත්‍රවල ප්‍රවර්ධනය

කාන්තා රූපය, ක්‍රිපූයු 3500-3400 පමණ, බෲක්ලීන් කෞතුකාගාරය

ප්‍රාග්ඓතිහාසික යුගයන්හී පැවැති අවමංගල්‍යමය සිරිත් වෙතින් ඇරඹී ඒවා කිසියම් ප්‍රවර්ධනයකට ප්‍රාග්-රාජවංශික යුගයෙහිදී ලක්වූ බවක් පෙනෙයි. මෙම කාලසීමාවෙහි ජීවත්වූ ජනයා පළමුව ඔමාරි සහ මහායඩී සම්ප්‍රදායයන් දිගටම අනුගමනය කරමින් වටකුරු සොහොන් සාරමින් එක් මුට්ටියක් පමණක් භාවිතා කල බවක් බඩාරියානු යුගය (ක්‍රිපූයු 4400-3800) තුලින් පෙනී යයි. ප්‍රාග්-රාජවංශික යුගය නිමාවත්ම, චතුරස්‍රාකාර සොහොනක් තුල තැන්පත් කෙරුණු වස්තූන් සංඛ්‍යාවෙහි වර්ධනයක් පෙන්නුම් කෙරුණු අතර, දෙවන නාක්වාඩා යුගය (ක්‍රිපූයු 3650-3300) තුලදී ඊජිප්තියානුවන් විසින් අවමංගල්‍යමය සිරිත්විරිත් ව්‍යවහාර කෙරුණු බවට වඩ වඩාත් සාක්ෂි පෙන්නුම් කෙරිණි.

මුල් රාජවංශික යුගය, සෙහොන් ගෙවල් සහ මිනීපෙට්ටි

පළමුවන රාජවංශය පැමිණෙත්ම, වැල්ලෙහි සාරන ලද සරල සොහොන් තුල ඔවුන්ගේ දේහයන් තැන්පත් කෙරෙනු වෙනුවට සොහොන් ගෙවල් තැනීමට තරම් සමහරක් ඊජිප්තියානුවෝ ධනවත් වූහ.

පැරණි රාජධානිය, පිරමිඩ සහ මමීකරණය

පැරණි රාජධානිය තුලදී, රජවරුන් විසින් ඔවුන්ගේ සොහොන් ගෙවල් සඳහා පළමුවවෙන් පිරමිඩ තැනවූ අතර, ඔවුන්ගේ උසස් නිලධාරින් සඳහා ගලින් නිමැවුනු මාස්ටාබා සොහොන් ගෙවල් එය වටා පිහිටුවනු ලදි. බොහෝ උසස් නිලධාරින් වූයේ රාජකීය ඥාතීන්ම වීම, එවන් පිහිටුවීමකට තවද අභිප්‍රායනයක් විය: මෙවැනි සංකීර්ණයන් පවුල් සුසානයන් බවටද පත්වී තිබුණි.

ආශ්‍රිත

  1. ඩිජිටල් ඊජිප්ට්, බරියල් කස්ටම්ස්
  2. ඒන්ෂන්ට් ඊජිප්ෂියන් මමීස්: අ වෙබ් ක්වෙස්ට් ෆො 4ත්-6ත් ග්‍රේඩ් (සෝෂල් ස්ටඩීස්), ලී ඈන් බ්‍රාන්ට්. 2013 මැයි 8 දිනදී වේබෑක් යන්ත්‍රය අන්තර්ජාල අධිලේඛනය වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි.
  3. ෆ්‍රන්සුවේස් ඩූනන්ඩ් සහ රොජර් ලිච්ටෙන්බෙයාර්ග්, මමීස් ඇන්ඩ් ඩෙත් ඉන් ඊජිප්ට්, (ලන්ඩනය: කෝනෙල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2006), පි. 9
  4. බ්ලෙයිඩ්බර්ග්, එඩ්වඩ් (2008). ටු ලිව් ෆොඑවර්: ඊජිප්ෂියන් ට්‍රෙෂර් ෆ්‍රොම් ද බෲක්ලීන් මියුසියම්. බෲක්ලීන්. නිව්යෝර්ක්: බෲක්ලීන් කෞතුකාගාරය. p. 71.