"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
[[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තියානුවන්ට]] විස්තීරණ '''අවමංගල්‍යමය සිරිත්''' ගොන්නක් පැවතුනේ ඔවුන්ගේ මරණින් මතු (ඊළඟ උපතෙහි) අමරණීය බවට එය අවශ්‍ය බව ඔවුන් විශ්වාස කල බැවිනි.
[[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තියානුවන්ට]] විස්තීරණ '''අවමංගල්‍යමය සිරිත්''' ගොන්නක් පැවතුනේ ඔවුන්ගේ මරණින් මතු (ඊළඟ උපතෙහි) අමරණීය බවට එය අවශ්‍ය බව ඔවුන් විශ්වාස කල බැවිනි. මෙම පූජාවිධි සහ චාරිත්‍රවිධි අතර [[මමිය|සිරුරට බෙහෙත් කවා මමිකරණය]], [[මායා මන්ත්‍රය|මායා මන්ත්‍ර]] ජප කිරීම, සහ විශේෂිත සොහොන් භාණ්ඩ හා සමගින් මිහිදන්කෙරුම වූයේ [[පුරාතන ඊජිප්තියානු ආගම#ඊළඟ උපත|ඊජිප්තියානු ඊළඟ උපත]] සඳහා අවශ්‍ය බව සිතන ලද නිසාය.


==ඉතිහාසය==
==ඉතිහාසය==

06:47, 10 පෙබරවාරි 2017 තෙක් සංශෝධනය

පුරාතන ඊජිප්තියානුවන්ට විස්තීරණ අවමංගල්‍යමය සිරිත් ගොන්නක් පැවතුනේ ඔවුන්ගේ මරණින් මතු (ඊළඟ උපතෙහි) අමරණීය බවට එය අවශ්‍ය බව ඔවුන් විශ්වාස කල බැවිනි. මෙම පූජාවිධි සහ චාරිත්‍රවිධි අතර සිරුරට බෙහෙත් කවා මමිකරණය, මායා මන්ත්‍ර ජප කිරීම, සහ විශේෂිත සොහොන් භාණ්ඩ හා සමගින් මිහිදන්කෙරුම වූයේ ඊජිප්තියානු ඊළඟ උපත සඳහා අවශ්‍ය බව සිතන ලද නිසාය.

ඉතිහාසය

ශෝකවීමෙහි ව්‍යක්ත අභිනයක් පෙන්නුම් කරන වෘත්තීමය ශෝකවන්නෝ.

පුර්ව-රාජවංශික ඊජිප්තුවෙහි සිට පැවතෙන ලිඛිත සාක්ෂි නොමැති වුවද, ප්‍රාඥයන් විශ්වාස කරනුයේ භෞතික දේහයෙහි සහ එහි සංරක්ෂණයෙහි වැදගත් කම පිළිබඳ සංකල්පයන් එම කාලසීමාවෙහිදී ඇරඹුනු බවය. මෙම කාලසීමාවෙහි ජීවත්වූ ජනයා ආදාහනය කිරීමේ පසිඳු චාරිත්‍රය භාවිතා නොකොට එය වෙනුවට මළවුන් මිහිදන් කල හේතුව මෙය විසින් පැහැදිලි කරයි. මරණයෙන් පසුව දේහයන්ට සුදුසු සැලකීම් නොදැක්වුවහොත් එම දේහයන් යළි මළවුන්ගෙන් නැගිටින බවට භීතියක් ඔවුන් තුල පැවති බවද සමහරුන් විශ්වාස කරති.

ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම්

උතුරෙහි ඔමාරි සහ මහායඩී යන ගම්මාන වල ඊජිප්තුවෙහි පළමු ගොවියෝ ජීවත්ව සිට ඇත. මෙම ගම්මාන වල වැසියෝ ඔවුන්ගේ මළවුන් වැලලුයේ සරල, වටකුරු සොහොන් තුල වන අතර එක් මුට්ටියක් එය තුල තැබූහ. පසුකාලීනව ඓතිහාසික කාලසීමාවෙහිදී සිදු කල අයුරින් දේහය පිළියම් කිරීම හෝ ක්‍රමානුකූල අයුරින් සැකසීම හෝ සිදු නොකෙරිණි. ලිඛිත සාක්ෂි නොමැති තන්හී, සොහොනෙහි නිත්‍ය ලෙසින් මුට්ටියක් බහා ලීම හැරුණු විට, ඊළඟ උපත පිළිබඳ සමකාලීන ඇදහිලි පැවති බවට දැක්වෙන තොරතුරු සුළු ප්‍රමාණයක් පවතියි. පසුකාලීන චාරිත්‍ර හා සීහීමට තැත් දැරීමේදී, මෙලෙස මුටටියක් බහා ලීම මියගිය තැනැත්තාට අවශ්‍ය යැයි සැලකුණු ආහාර තැන්පත් කිරීමට භාවිතා කල බවක් සිතිය හැකිය. [1]


ආශ්‍රිත

  1. බ්ලෙයිඩ්බර්ග්, එඩ්වඩ් (2008). ටු ලිව් ෆොඑවර්: ඊජිප්ෂියන් ට්‍රෙෂර් ෆ්‍රොම් ද බෲක්ලීන් මියුසියම්. බෲක්ලීන්. නිව්යෝර්ක්: බෲක්ලීන් කෞතුකාගාරය. p. 71.