"මායා (ත්‍රිමාන චිත්‍රපටිය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Suranandana මගින් සිදුකල 384424 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) න්මෝකක්ද මේ
No edit summary
18 පේළිය: 18 පේළිය:
| language = [[සිංහල]]
| language = [[සිංහල]]
| released = {{film date|2016|09|01|සැවෝයී}}
| released = {{film date|2016|09|01|සැවෝයී}}
| length =
| length = මිනිත්තු 150
| budget = රු. කෝටි 8<ref name="මායා රන්ජන්" />
| budget = රු. කෝටි 8<ref name="මායා රන්ජන්" />
| gross =
| gross =
59 පේළිය: 59 පේළිය:
* හංසි - රේඛා
* හංසි - රේඛා
* මොරින් චාරුනි - රේඛාගේ මව
* මොරින් චාරුනි - රේඛාගේ මව
* ශ්‍රීමාල් වෙඩිසිංහ - ඇමැති, මායා විසින් මිලදී ගත් ඉඩම හොර ඔප්පුවක් මඟින් තමා වෙත පවරා ගනියි. ඒ ගැන කිපී මායා ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ඇයව ඉඩමේ ඔප්පුව යළි ඇයට දෙන ලෙස ඇයව රවටා කුමන්ත්‍රණය කර මායා ද ඇයව බේරා ගැනීමට පැමිණි රාමු හා ඔහුගේ මානසික රෝගී පුතාව ද මරා දමා එම ඉඩමේ ම වළදමයි.
* ශ්‍රීමාල් වෙඩිසිංහ - ඇමැති අශෝක, මායා විසින් මිලදී ගත් ඉඩම හොර ඔප්පුවක් මඟින් තමා වෙත පවරා ගනියි. ඒ ගැන කිපී මායා ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ඇයව ඉඩමේ ඔප්පුව යළි ඇයට දෙන ලෙස ඇයව රවටා කුමන්ත්‍රණය කර මායා ද ඇයව බේරා ගැනීමට පැමිණි රාමු හා ඔහුගේ මානසික රෝගී පුතාව ද මරා දමා එම ඉඩමේ ම වළදමයි.
* ඉෂාන් ගම්මුදලි - හාමුදුරුවෝ, මාලන් ගේ සිරුරේ තිබූ අමනුෂ්‍ය අත්මයන් බෝතලයකට ගෙන ඉවත් කරනු ලබන්නේ උන් වහන්සේ විසිනි.
* ඉෂාන් ගම්මුදලි - හාමුදුරුවෝ, මාලන් ගේ සිරුරේ තිබූ අමනුෂ්‍ය අත්මයන් බෝතලයකට ගෙන ඉවත් කරනු ලබන්නේ උන් වහන්සේ විසිනි.
* අනුර බණ්ඩාර රාජගුරු - සාමි
* අනුර බණ්ඩාර රාජගුරු - සාමි
98 පේළිය: 98 පේළිය:
| Venue =
| Venue =
| Genre = <!-- Do not add unsourced genres -->
| Genre = <!-- Do not add unsourced genres -->
| Length = <!-- {{Duration|m=|s=}} -->
| Length = {{Duration|m=5|s=39}}
| Label =
| Label =
| Producer = ආර්. සදේශ් කුමාර්
| Producer = ආර්. සදේශ් කුමාර්
110 පේළිය: 110 පේළිය:
{{track listing
{{track listing
| extra_column = ගායනය
| extra_column = ගායනය
| music_credits = no
| music_credits = yes
| lyrics_credits = yes
| lyrics_credits = yes
| total_length =
| total_length =
| title1 = ''මායා එනවා''
| title1 = ''මායා එනවා''
| extra1 = භාචි සුසාන්
| extra1 = උදිත සංජය
| lyrics1 = විමලජිත් දොඹගහවත්ත
| lyrics1 = විමලජිත් දොඹගහවත්ත
| music1 = රන්දීර් විතාන
| length1 =
| length1 = 2.53
| title2 = ''හීනෙන් ඇවිදින්න''
| title2 = ''හීනෙන් ඇවිදින්න''
| extra2 = සුරේන්ද්‍ර පෙරේරා, හිරුෂි ජයසේන
| extra2 = සුරේන්ද්‍ර පෙරේරා, හිරුෂි ජයසේන
| lyrics2 = නිලාර් එම්. කාසිම්
| lyrics2 = නිලාර් එම්. කාසිම්
| music2 = පසන් ලියනගේ
| length2 =
| length2 = 2.46
}}
}}
== පසුබිම ==
== පසුබිම ==

08:11, 12 නොවැම්බර් 2016 තෙක් සංශෝධනය

මායා
අධ්‍යක්‍ෂණයඩොනල්ඩ් ජයන්ත
රචනයආර් සදේෂ් කුමාර්
තිර රචනයපුබුදු චතුරංග
කතාවස්තුවකාංචනා 2011 රාඝවා ලෝරන්ස්ගේ දමිල සිනමාපටයෙන්
නිශ්පාදනයආර් සදේෂ් කුමාර් ශ්‍රීමති සදේෂ් කුමාර්
රංගන ශිල්පීන්රන්ජන් රාමනායක

පුබුදු චතුරංග

උපේක්ෂා ස්වර්ණමාලි
සිනෙමාරූපණයආයේෂ්මන්ත හෙට්ටිආරච්චි
සංගීතයභාතිය සහ සන්තුෂ්[1]
Production
company
රියල් ඉමේජ් පික්චර්ස් ස්ටූඩියෝ
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 1, 2016 (2016-09-01) (සැවෝයී)
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල
පිරිවැයරු. කෝටි 8[2]

මායා 2016 සැප්තැම්බර් 01 දා තිරගත කළ සිංහල ත්‍රිමාණ[3] චිත්‍රපටියකි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ හෙවත් 3D[3] සිනමාපටය යි. මෙම චිත්‍රපටිය හොල්මන්, ත්‍රාසජනක, ක්‍රියාදාම, විනෝදකාමී සිනමා නිර්මාණයකි. මෙහි අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත[4] වන අතර මෙහි තිර රචනය පුබුදු චතුරංගගේ ය.[5] මායා හි රංගනයෙන් රන්ජන් රාමනායක,[2] පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි, සොමී රත්නායක, ගිරිරාජ් කෞෂල්‍ය, නිල්මිණී කෝට්ටගොඩ ඇතුළු ප්‍රසිද්ධ නළු නිළි රැසක් දායක වේ.[6] දිවයින පුරා පිහිටි සියලුම ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල දී හා ත්‍රිමාන සිනමාහල් වලදි මෙය අති සාර්ථක ව තිර ගත විය.[7][8][9][10][11][12][13][14][15][16][17]

මෙහි කතාව දමිළ චිත්‍රපටියක් වූ මුනි දෙවන කොටස කාංචනා හි අනුවර්තනයකි. නමුත් තිර රචනයේ දී කාංචනා පිටපත විවිධ වෙනස් කම් වලට භාජනය කර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා හට ඔබින සේ නිර්මාණය කර ඇත. මෙහි තිර දර්ශන පිටපත පුබුදු චතුරංගගේ වන අතර මෙය ඔහුගේ දෙවන තිර රචනය වේ.[5] මීට පෙරාතුව ඔහු විසින් සාරා හි තිර රචනය ටෙලි නාට්‍යයක් ඇසුරන් පිටපත ලියා සිනමාවට නැගුණ මුල්ම නිර්මාණය ලෙස එය ඉතිහාසයට එක් විය.[5] සම්මානනීය සහාය අධ්‍යක්ෂක වරයෙකු වූ ඩොනල්ඩ් ජයන්ත ගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය යි. ප්‍රවේගය (2015) ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය යි. ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් යුවල විසින් නිෂ්පාදනය කරනු ලැබූ තෙවැනි සිනමාපටය යි. මින් පෙර ඔවුන් නිෂ්පාදනය කළ සුපර් සික්ස් (2012) ලංකාවේ අධික ආදයම් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටිය වූවා. නමුත් එහි වියදම පියවා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබිණ. නැවත ප්‍රවේගය සමඟින් දෙවන නිෂ්පාදනය හා පැමිණි ඔවුන්ගේ පරමාර්ථය සඵල විය. එය එ දිනවල තිබූ රජ චිත්‍රපට රැල්ල ගලවාලීමට සමත් විය. එම චිත්‍රපටිය වර්තා තබමින් සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරිණ.

රන්ජන් රාමනායක මෙහි දී කාන්තා චරිතයක් රඟ දක්වන අතර ඔහු ප්‍රථම වතාවට මෙලෙස කාන්තා චරිතයක් මෙන්ම අසීරු රංගනයකට එක් වූයේ ය.[18] ඔහු ඇතැම් චිත්‍රපට හිදී සුළු සුළු ලෙස ස්ත්‍රී වෙස් ගෙන ඇතැත් මෙලෙස කාන්තාවක් හා සමානව ම රංගනයේ යෙදෙනුයේ ප්‍රථම අවස්ථාවටයි. මින් පෙර විකට යුගලය සමඟ ඇතැම් චිත්‍රපටවල ස්ත්‍රී වෙස් ගෙන ඇත.

කථාව

මාලන් (පුබුදු චතුරංග) අවුරුදු 25 ක කඩවසම් විනෝදකාමී තරුණයෙකි. ඔහුගේ පියා මිය ගොසින් ය. ඔහුගේ විනෝදාංශය ක්‍රිකට් ය. මවගේ (නිල්මිණි කොට්ටෙගොඩ) දැඩි ආදරය, සෙනෙහස යටතේ තම මිතුරන් සමඟ ප්‍රීතියෙන් ජීවත් වන කෙලිලොල් මාලන් කළුවරට හා හොල්මන්වලට බියගුළු අයෙකි. දිනක් මිතුරන් සමඟ ඔට්ටුවක් අල්ලන මාලන්ට ක්‍රීඩා පිටියක රැයක් තනිව ගත කිරීමට සිදු වේ. ඉතා බියෙන් රැය නිදිවරන ඔහුට ඒ රාත්‍රියේ එහි පැමිණෙන නිර්භීත ශයිනි (ශෙහාරා හේවාදේව) නම් සුරූපි තරුණිය මුණ ගැසේ. දෙදෙනාගේ මිත්‍රභාවය කෙමෙන් ප්‍රේමයක් බවට දළුලා වැඩේ. දෙදෙනාගේ ප්‍රේමය මෙසේ දෙපාර්ශවයේ අනුදැනුම මත ගලාගෙන යද්දී දිනක් මාලන් මිතුරන් සමඟ සුපුරුදු ක්‍රීඩා පිටියට ගිය ද ඇතුලුවීමට අවසර නොලැබෙයි. ඒ බලධාරීන් විසින් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නිර්දේශ කර තිබෙන නිසා ය. කනස්සල්ලට පත්වන මාලන් සහ තම සගයන් පිරිස වෙනත් ක්‍රීඩා පිටියක් සොයා යයි.

ඔවුන් හට වල්බිහි වී ගිය පාළු ක්‍රීඩා පිටියක් හමු විය. මාලන් ඇතුළු පිරිස ක්‍රීඩා පිටිය සුද්ධ පවිත්‍ර කරති. මාලන් සියතින්ම විකට් ඉනි සිටුවන විටම හතර වට කළු කර සුළං හමා එයි. ඉන් බියට පත් වන මාලන් ඇතුළු පිරිස හිස් ලූලූ අත දිව යයි. එහෙත් කලකට ඉහත ක්‍රීඩාපිටියේ වලලා ඇති මිනීවල ආත්මයන් මාලන් සමඟ ඔහුගේ නිවසට පැමිණේ. එතැන් සිට මාලන්ගේ නිවසේ විවිධ අවස්ථාවල අද්භූත බලවේගයන් සැරිසරනු පෙනේ. විටෙක මව ගීතා (නිල්මිණි කොට්ටගොඩ) ද, සොයුරිය නිර්මලා (උපේක්ෂා ස්වර්ණමාලි) ද, අයියා ගාමිණී (ගිරිරාජ් කෞෂල්‍ය) ද බියට පත් වේ. මාලන්ගේ හැසිරීම් රටාවද කෙමෙන් කෙමෙන් වෙනස් වීමකට ලක් වේ. මේ ගැන ඇසීමට සාස්තරකරුවන් හමුවීම සඳහා මාලන්ගේ මවත්, සහෝදරියත් විවිධ වර උත්සාහ දරයි. ඉන් එක් සාස්තරකරුවෙකු කියා සිටියේ නිවසට අද්භූත ඉතා බලගතු ආත්මයක් ඇතුළු වී ඇති බවයි. දිනෙක මේ සඳහා කරන ශාන්තිකර්මයකදී යක්ෂයා සිය සැබෑ ස්වරූපයෙන් පෙනී සිටියේය.

මේ අතර මිනීමරුම් කීපයක් ද සිදු වේ. ඔවුහු සියල්ල මැරයන් වන අතර මිය යන්නේ ද ඉතා අද්භූතජනක අන්දමට ය. මේ අතර දිනක් කෑම මේසයේදී මාලන් හට යක්ෂයන් ආවේශ වේ. යක්ෂ ආත්ම තුනක් මාලන්ට වැසී ඇත. එක් ආත්මයක් ගැහැනියකි. අනෙකා දෙමළ ජාතිකයෙකි. අනෙක් ආත්මය වූයේ මන්ද මානසික ළමයෙකි. මාලන් ආවේශයෙන් එදින තුන් ආවේශයෙන් නිවසේ යකා නටයි. මාලන්ගේ ඥතීන් ඔහුව කැටුව භික්ෂූන් වහන්සේ නමක් හමුවීමට යයි. එහිදී මාලන් ආවේශ වේ. මාලන්ට ආවේශ වන්න් ගැහැනු ආත්මයකි. මේ භික්ෂූන් වහන්සේ බෞද්ධ ක්‍රම වේද මඟින් මාලන්ගේ ශරීරයේ සිටින ආත්මයන් ඉවතට ගනියි. මෙසේ ඉවතට එන ගැහැනු ආත්මය සිය පෙර ආත්මයේ වූ අතීත කතාව දිග හරියි. ඇය නමින් මායා (රන්ජන් රාමනායක) ය. කුඩා කළ පිරිමි දරුවකු ලෙස ඉපදුන ද හෝමෝන ආශ්‍රිත වෙනස් වීමක් නිසා කාන්තාවක් බවට පරිවර්තනය වන මනුස්ස පරාණයකි. ගැහැනු පිරිමි ද්විත්ව ගති ලක්ෂණ දරන මැය ඉතා අහිංසක කරුණාබර හදවතක් ඇති මනුෂ්‍යයෙකි. නමුත් සමාජයේ ආක්‍රෝශ පරිභව සහ නිග්‍රහයන්ට ලක්වන මැය මේ සියල්ල දරාගෙන නොයෙකුත් කම්කටොලු මැද ජීවිකාව ගෙන යයි. සිය නිවෙසින් ද ඇය ව ප්‍රතික්ෂේප කර පාරට ඇද දමා සිටිය දී ඇයට පිහිට වන්නේ ශිවා නම් ද්‍රවිඩ වයසක පුද්ගලයෙකි. ඇය ගැන අනුකම්පාවෙන් මේ කුඩා මායාව දරුකමට ඔහු විසින් හදා ගනී. ඔහුට ද තවත් දරුවකු සිටින අතර ඒ දරුවා මන්ද මානසික දරුවෙකි.

මායා ටිකෙන් ටික වැඩී වයසට පත්වෙද්දී ඇයගේ උත්සාහයෙන් හා උනන්දුවෙන් ඇය කුලී වැඩ කර මුදල් උපයා ගනී. ඒ මුදලින් ඇය හා සමාන හෝමෝන විපර්යාසයකට ලක් වූ පිරිමි දැරියක් හට උසස් අධ්‍යාපනය ලබා දෙයි. ඇය අවසානයේ වෛද්‍යවරියක් ලෙස සමත් වේ. මායාගේ අවසාන සිහිනය කෙසේ හෝ මෙවැනි සමාජ අසාධාරණයට ලක්වන පිරිසට රෝහලක් තැනවීමටයි. ඒ වෙනුවෙන් ඇය ඉඩමක් ද මිලදී ගනියි. මේ ඉඩම හොර ඔප්පුවකින් ඇමතිතුමා විසින් ලියා ගනු ලබයි. ඊට විරෝධය පාන මායා ඇතුළු පවුල ඇමැති විසින් ඝාතනය කර ක්‍රීඩා පිටියේ මලමිනී වලලයි. මේ පාපොච්චාරණය අසා සිටින භික්ෂූන් වහන්සේ මායා ඇතුළු ආත්මයන් බෝතලයකට දමා ගනියි. මාලන්ගේ අතෙහි නූලක් බැඳ වහාම ගොස් එම බෝතලය මුහුදට විසි කරයි.

මාලන් හට මායා අක්කා ගැන සිත් තැවුලක් ඇති වී තම අතෙහි බැඳි පිරිත් නූල ලෙහයි. ඒ වහා ම මුහුදු පත්ලෙහි වූ බෝතලයේ සිර කර සිටි යක්ෂාත්ම ඔහුට ආවේශ වෙයි. එතැන් පටන් ඔවුන් තම පලිගැනීම ආරම්භ කරයි.

රංගනය

  • රන්ජන් රාමනායක - මායා,[3] ලිංග විපර්‍යාසයකට ලක් වූ මිනිසෙකි. ළමා වියේදී ම ඔහුට මෙම ලක්ෂණ මතුවිය. තම පියා විසින් ගෙදරින් පන්නා දමන ඈ හට සරණක් වනූයේ රාමු නම් දමිළ මිනිසෙකි. ඇය ඔහුගේ පිළිසරණ මත හැදී වැඩෙයි. පසුව ඇය තමා මෙන් අසරණ භාවයට පත් වූ තවත් දරුවෙකු තමන් යටතේ හදා වඩා ගනියි. මායා ඇයට අම්මා වූවා ය. මායා කාන්තාවක් වූවා ද ඇයගේ පෞරුෂය තරමක් පිරිමියෙකු හට් සමාන ය. ඇය තම දුවට බොහෝ සෙයින් ආදරය කරයි සේම ඇය කරදරයකට පත් වූ විට මායා ඇයව බේරා ගනියි. තම දියණිය හොඳින් ඉගෙනුම ලබා ඇය උසස් අධ්‍යාපනය හදාරන නිසාවෙන් ඇය තම දුව ව සතුටු කරවීමට නව රෝහලක් සෑදීමට ඉඩමක් මිලදී ගනියි.
  • පුබුදු චතුරංග - මාලන්,[5]ඔහු විනෝදකාමී තරුණයෙකි. කෙළිලොල් තරුණයෙකු වූ මොහු හොල්මන් හට දැඩි බියක් දක්වයි. තම මවගේ තුරුල්ලේ හැදී වැඩෙන මොහු වැසිකිළියට යන්නේ, ද මව සමඟිනි. කිසියම් විටෙක බියට පත් වූ විට තම මෑණියන්ගේ ඔඩොක්කුව වෙත පනියි. දිනක් ඔහු ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පාළු වත්තකට යයි. යළිදු ඔහු නිවසට පැමිණෙන්නේ තනිව නොවේ. වැළලුණු අත්මයන් තුනක් ද සමඟිනි. එතැන් පටන් ඔහු යම් යම් වෙනස් වීම වලට ලක් වෙයි. විටෙක මනුෂ්‍යයෙකු ලෙසත් තවත් විටෙක අමනුෂ්‍යයෙකු ලෙසත් හැසිරෙයි.
  • නිල්මිනී කෝට්ටගොඩ - ගීතා, මාලන් ගේ ආදරණීය මව ය. ඇයගේ සැමියා මිය ගොසින් ය. ඇය තම වැඩිමහල් පුතා ගාමිණී හා පොඩි පුතු මාලන් සමඟ තම ජීවිකාව ගෙන යයි. ඇයගේ බාල පුතු වූ මාලන් හට දැඩි සෙනෙහසක් දක්වයි. තම හුරුතලයේ සෑදුන බාල පුතුගෙන් එම හුරුතලය නිසා ම විවිධ කරදර වලට පාත්‍ර වේ. තම බාල පුතු කුමකට හෝ බිය වූ විට ඇයගේ ඇග මත කඩා පනියි. ඒ නිසාවෙන් රාත්‍රි කාලයේ දී තම පුතුගේ ආරක්ෂක නිලධාරීනිය සේ ඔහු ගේ පිටුපසින් ම සිටියි.
  • උපේක්ෂා ස්වර්ණමාලි - නිර්මලා, ගාමිණීගේ ආදරණීය බිරිඳ ය. ඇය දෙදරු මවකි.
  • ෂෙහාරා හේවාදේව - ශයිනි, මාලන් ගේ පෙම්වතිය යි.
  • ගිරිරාජ් කෞෂල්‍ය - ගාමිණී, මාලන් ගේ සහෝදරයා ය. දෙදරු පියෙකි. පවුලේ බර දරමින් තම පවුලේ ජීවිකාව ගෙන යයි. තම සහෝදරයා පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසු වෙයි.
  • රමණී සිරිවර්ධන - ශයිනිගේ මව
  • සොමී රත්නායක - විදුල්පති, මායාගේ සමලිංගික දුව පාසලට ඇතුළත් කරගැනීමට නොහැකියි යැයි කියා ඇය ව ප්‍රතික්ෂේප කරයි. පසුව මායා ඔහුගේ දෙපා වැඳ ඇය ව පාසලට ඇතුළත් කරගන්නා ලෙස අයදී. පසුව ඒ ගැන හිත උණු වූ නිසාවෙන් ඔහු ඇය ව පාසලට ඇතුළත් කර ගනියි.
  • සරත් චන්ද්‍රසිරි - කපුවා
  • නන්දන හෙට්ටිආරච්චි - හොර කපුවා 1
  • ගුණදාස මදුරසිංහ - හොර කපුවා 2
  • අන්ජනා සත්‍යංගනි (ළමා නිළි) - ෂශි
  • දිලුම් විජේරත්න (ළමා නළු) - රිෂි
  • නිහාල් ප්‍රනාන්දු - රාමු
  • මිහිර සිරිතිලක - රාමුගේ පුතා
  • කුමාර තිරිමාදුර - මායාගේ පියා
  • යොහාන් පෙරේරා - මයන්ත
  • වසන්ත කුමාරවිල - ශාන්ත
  • හංසි - රේඛා
  • මොරින් චාරුනි - රේඛාගේ මව
  • ශ්‍රීමාල් වෙඩිසිංහ - ඇමැති අශෝක, මායා විසින් මිලදී ගත් ඉඩම හොර ඔප්පුවක් මඟින් තමා වෙත පවරා ගනියි. ඒ ගැන කිපී මායා ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ඇයව ඉඩමේ ඔප්පුව යළි ඇයට දෙන ලෙස ඇයව රවටා කුමන්ත්‍රණය කර මායා ද ඇයව බේරා ගැනීමට පැමිණි රාමු හා ඔහුගේ මානසික රෝගී පුතාව ද මරා දමා එම ඉඩමේ ම වළදමයි.
  • ඉෂාන් ගම්මුදලි - හාමුදුරුවෝ, මාලන් ගේ සිරුරේ තිබූ අමනුෂ්‍ය අත්මයන් බෝතලයකට ගෙන ඉවත් කරනු ලබන්නේ උන් වහන්සේ විසිනි.
  • අනුර බණ්ඩාර රාජගුරු - සාමි
  • දමිතා අබේරත්න - ශාන්තගේ පෙම්වතිය
  • සුජීව ප්‍රියලාල් - මායාගේ දුව, මායා විසින් හදාගනු ලබන තවත් ඇය වැනි ම ලිංගික විපර්‍යාසයකට ලක් වූ අයෙකි. මායා වූ තමන්ගේ මෑණිය විඳින දුක් ගැහැට නිමා කර දැමීමට ඇය හොඳින් ඉගෙනුම ලබන්නී ය. පෙරදී ඇයව පිළිනොගත් තම විදුහලෙන් ප්‍රථම ස්ථානය ගත් ඇය වෛද්‍යවරියක වීමට උසස් අධ්‍යාපන හදාරන්නී ය.
  • ටානියා ප්‍රනාන්දු - ටානියා
  • ජනක රණසිංහ - පූසාරියා
  • කුමුදුනී අධිකාරි - මෙහෙකාරිය[3]

නිෂ්පාදන කටයුතු

ගොනුව:Ranjan Ramanayake in Maya Premiere.jpg
රන්ජන් රාමනායක මහතා මායා මුහුරත් උලෙළේදී

මායා හි චිත්‍රපට රූගත කිරීම් 2013 දී පමණ අරඹා ඇත. ආරම්භයේ දී මෙම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙස ඩොනල්ඩ් ජයන්තගේ නාමය සදහන් විය.[19]

රන්ජන් රාමනායක මෙහි ප්‍රධාන චරිතය සඳගා ම නිර්දේශ කළ ද රන්ජන් හට මායා හි රංගනයට ආරාධනා කළ විට ඔහු එය ප්‍රතික්ෂේප කරන ලදි. නිෂ්පාදක සදේශ් කුමාර් රන්ජන් නොමැතිව මෙම චිත්‍රපටය නිෂ්පාදනය නොකෙරෙන බව එකහෙළා ම ප්‍රකාශ කිරී ය. පසුව රන්ජන් විසින් තිර පිටපත කියවා බලා එය බාර ගැණින. පළමුවර එය ප්‍රතික්ෂේප කරනු ලැබූවේ තමාට මෙහි රඟපෑමෙන් දේශපාලනික වශයෙන් විරුද්ධවාදීන්ගේ මත ඉදිරිපත් වෙතැයි යැයි සිතා බව ඔහු කීවේ ය. පසුව ඔහු විසින් කාන්තා ගැටලු ගැන සොයා බැලූ නිසාවෙන් බොහෝ දෙනාගේ අදහස් මත ඔහු මායා වීමට කැමැත්ත ප්‍රකාශ කිරීය.[20]

රන්ජන් රාමනායක මායා කිරීමෙහි ලා ඔහුගේ වේශාලංකරණය සඳහා ඉන්දියාවෙන් වේශ නිරූපණ ශිල්පියකු ගෙන්වා ගැනීමට පළමුව කථිකා කර ගත්ත ද පසුව ඒ සඳහා ශ්‍රී ලාංකික වේශ නිරූපණ ශිල්පියෙකු වූ නලින් ප්‍රේමතිලක ව ඒ සඳහා තෝරා ගනු ලැබී ය. රන්ජන් කාන්තාවක් ලෙස සැරසීමේ අභියෝගයට ඔහු මුහුණ දී එය ජය ගත්තේ ය. ඔහු විසින් රන්ජන් රාමනායක ව මායා ලෙස හැඩගැන් වීය.[2]

මෙහි සටන් අධ්‍යක්ෂණය ඉන්දියාවේ සටන් අධ්‍යක්ෂකවරයෙකු විසින් සිදු කර ඇත. ඇතැම් සටන් දර්ශන සඳහා ද ඉන්දියාවේ දී රූ ගත කර ඇත. චිත්‍රපටයේ අවසන් සටන් ජවනිකාව රූ ගත කර ඇත්තේ කොචින්වල දී ය. එහි දී එම දර්ශනය තෙදිනක රාත්‍රියේ දී රූ ගත කර ඇත. එහි රූගත කිරීම්වලට ලක්ෂ අසූවක මුදලක් වැය විය. එම මුදල ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටයක වැයවන මුදලට සමාන ය.[2]

මෙහි දී සටන් ජවනිකා සඳහා රන්ජන් තරමක් අපහසුතාවයකට පත් වී ඇත. මන්ද ඔහු තමා ගැහැනියක යැයි අමතක කොට සටන් ජවනිකා හිදී තමා පෙර දී රඟ පෑ ක්‍රියාදාම චිත්‍රපට සේ සටන් වැදී ඇත. කිහිප වරක් මෙසේ පුරුදු ස්වභාවය මතු කරමින් සටන් කර ඇත. පසුව සටන් අධ්‍යක්ෂකවරයා ද බොහෝ වෙහෙසක් ගෙන කාන්තාවක් ලෙස සටන් දර්ශනය නිමා කිරී ය.[2][21]

නිකුතුව

පත්තිනි චිත්‍රපටය දින 100 කඩඉම පසු කරමින් අගෝස්තු 31 දින තිරගත වීම අවසන් වූ පසුව මායා චිත්‍රපටය සැප්තැම්බර් 1 දා සිට ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාහල්වලදී පිටපත් 50ක් සමඟින් තිරගත වූයේ ය. මෙය ශී‍්‍ර ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය වන අතර එහි ප්‍රධාන චරිතයට පණ පොවනුයේ රන්ජන් රාමනායක ය. ඔහුගේ සිනමා ජීවිතයේ වඩාත් කථා බහට ලක්විය හැකි ඉතා ආකර්ෂණීය චරිතයක් මෙහි හී රඟ දක්වයි. ඔහු විසින් ප්‍රථම වතාවට ප්‍රධාන වීර කාන්තා චරිතයකින් මෙම චිත්‍රපටයට තම උපරිම දායකත්වය සපයා ඇත. සිංහල සිනමාවෙහි ප්‍රථම වතාව වශයෙන් කි‍්‍රයාදාමයන්ගෙන් සපිරි වීර කාන්තා චරිතය වඩාත්ම සුවිශේෂ වනුයේ දරුවෙකු තම ළමා කාලයේදී ඔහු තුළ සිදුවන ලිංගික වෙනස්වීමක ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට සමාජයෙන් අත්විඳීන්නට සිදු වූ අසාධාරණකම් මුල් කොට මෙම චරිතය නිර්මාණය වී ඇති හෙයිනි. [22][23]

කාර්මික ශිල්පින්

  • කලා අධ්‍යක්ෂ - ඇහැලියගොඩ සෝමතිලක
  • අංග රචනය සහ කොණ්ඩා සැකසුම - නලින් ප්‍රේමතිලක
  • සහය අධ්‍යක්ෂක - ජනක චාමර / නිරෝෂන් එදිරිමාන්න
  • නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න[3]

සංගීතය

Untitled

මායා හි සංගීත අධ්‍යක්ෂණය භාතිය සහ සන්තුෂ් දෙපළ විසිනි.[1] ප්‍රවේගය හි සංගීතය සැපයුම ද ඔවුන් විසින් ඉටු කරනු ලැබීය. තවද පසුබිම් ගායනයෙන් සුරේන්ද්‍ර පෙරේරා, හිරුෂි ජයසේන, භාචි සුසාන් එක් වේ.[1]

අංකය. ගීතයගී පදවැලසංගීතයගායනය කාලය
1. "මායා එනවා"  විමලජිත් දොඹගහවත්තරන්දීර් විතානඋදිත සංජය 2.53
2. "හීනෙන් ඇවිදින්න"  නිලාර් එම්. කාසිම්පසන් ලියනගේසුරේන්ද්‍ර පෙරේරා, හිරුෂි ජයසේන 2.46

පසුබිම

මෙම චිත්‍රපටයට පසුබිම වනූයේ ලිංග විපර්‍යාස නිසාවෙන් සම ලිංගී මිනිස් කොට්ඨාශයකි. මෙම ලිංග විපර්‍යාසවලට ලක් වූ මෙවැනි ජන කොට්ඨාස මිනිසුන් විසින් පහත් ලෙස සළකමින් ඔවුන් හට අපහාස කරමින් සමාජයෙන් නෙරපා දමයි. මෙය ශ්‍රී ලංකාවේ සීමිත ව දැකිය හැකි දෙයකි. නමුත් මෙහි උපුටා ගත් කෘතිය වූ කාංචනා නිර්මාණය කළ ඉන්දියාවේ ඇතැම් පෙදෙස් වල මෙවැනි ජන කොට්ඨාස ද දැකිය හැක. එහි දී මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමේ පැහැදිලි අරමුණක් ලෙස මෙම ගැටලුව ඔවුන් චිත්‍රපටයට නඟා සමාජයේ අවධානය ඔවුන් වෙත යොමු කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවක් විය.

ලංකාවේ මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට රන්ජන් රාමනායක මහතා හට ආරාධනා කළ අවස්තාවේ ඔහු විසින් එය ප්‍රතික්ෂේප කර නැවත එහි දායකත්වය සැපයීමට ඔහු කැමති වූයේ මෙම ප්‍රශ්නය සුළු වශයෙන් හෝ ලංකාවේ පවතින හෙයිනි. රන්ජන් රාමනායක මහතා දේශපාලනිකයෙකු ලෙස රිසානා, සේයා සදෙව්මි ඝාතනය, විදෙශස් ප්‍රශ්නවලට මැදි වූ කාන්තා ගැටලු වැනි සමාජයේ කාන්තාවන් හට වන අකටයුතුකම් ගැන සොයා බලා ඔවුන් හට සාධාරණය ඉටුකර දීමට නිතර ම මුහුණ දීය. එනිසා වෙන් ම ඔහු හට මෙම චිත්‍රපටයෙන් පෙන්වා දී ඇති ගැටලුව ගැන ඔහු සිතා බලා මෙවැනි ගැටලු ඇති මිනිසුන් හට සාධාරණ ඉටු කරදීමට මෙහි රඟපෑමට ඉදිරිපත් වූයේ ය. පසුව මෙම චිත්‍රපටයෙන් ලබා දෙනු ලබන ආදර්ශය ගැන බලධාරීන්ගේ අවධානය යම්තාක් දුරට යොමු විය. [24]

ආශ්‍රිත

  1. 1.0 1.1 1.2 "මායා ආවා..." සන්ඩේටයිම්ස් පුවත්පත. 2016-09-11. සම්ප්‍රවේශය 2016-10-03.
  2. 2.0 2.1 2.2 2.3 2.4 "මිනිහා මාව මෝහිණී කියල හිතල පස්ස නොබල දිව්වා". සරසවිය පුවත්පත. 2016-09-01. සම්ප්‍රවේශය 2016-10-03.
  3. 3.0 3.1 3.2 3.3 3.4 "එක සිරුරක් ආත්ම හතරක් ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාන චිත්‍රපටය". සරසවිය පුවත්පත. 2016-07-14. සම්ප්‍රවේශය 2016-10-04.
  4. "මායා ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටිය නමුත් කොපියක් ම නෙවෙයි : ඩොනල්ඩ් ජයන්ත". දිවයින පුවත්පත. 2016-09-02. සම්ප්‍රවේශය 2016-10-02.
  5. 5.0 5.1 5.2 5.3 "මායා මගේ රංගන ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් : පුබුදු". සරසවිය පුවත්පත. 2016-09-22. සම්ප්‍රවේශය 2016-10-02.
  6. "මායා තිරගත වේ". 2016-09-12. සම්ප්‍රවේශය 2016-10-02.
  7. {"මායා තිර ගත වෙයි". නවසිනමා.එල්.කේ. සම්ප්‍රවේශය 2016-10-02.
  8. "රන්ජන්ගේ මායා". ලංකානිවුස්.කොම්. සම්ප්‍රවේශය 2016-10-02.
  9. "සැවෝයී එක ලඟ රන්ජන් ට වෙච්චි දේ". සිංහල.ලංකාහිට්ගොසිප්.කොම්. 2016-07-09. සම්ප්‍රවේශය 2016-10-02.
  10. මායා එළි දකී
  11. මායා බලන්න එන්න: රන්ජන් කියයි
  12. "ඇස් නොපෙනෙන ඉන්දික තොටවත්ත මායා බලල කියපු දේ". ලන්කනෙට්ගොසිප්.කොම්. 2016-09-10. සම්ප්‍රවේශය 2016-10-02.
  13. ඇස් නොපෙනෙන ඉන්දික තොටවත්ත රන්ජන් ගේ මායා බලල කියපු අනාවැකිය (වීඩියෝ)
  14. "රන්ජන් ගේ මායා (වීඩියෝ)". සම්ප්‍රවේශය 2016-10-02.
  15. මායා මායා මායා
  16. රන්ජන් මායා ගැන කතා කරයි
  17. "රන්ජන් රාමනායක ශ්‍රී ලංකා සුපර් ස්ටාර්". ලංකාසීනිවුස්.කොම්. සම්ප්‍රවේශය 2016-10-02.
  18. "මායා සමඟ රන්ජන් කාන්තාවක් වෙයි". දිනමිණ පුවත්පත. 2016-07-05. සම්ප්‍රවේශය 2016-10-04.
  19. "ඡායා නොවන මායා". සරසවිය පුවත්පත. 2013-12-12. සම්ප්‍රවේශය 2016-10-03.
  20. "රංගන ජීවිතයේ මම රඟපෑ අසීරු තම රංගනය". සිටිසන්.එල්කේ. 2016-09-12. සම්ප්‍රවේශය 2016-10-02.
  21. "මායා හැදුණු හැටි". සිලෝන්ලීඩර්.කොම්. සම්ප්‍රවේශය 2016-10-02.
  22. "රන්ජන් බහින කොට හොල් එකේ කෙළවර සිටි උන් විසිල් ගැහුවා". උඩුවාගේ.බ්ලොග්ස්පොට්.කොම්. 2016-09-11. සම්ප්‍රවේශය 2016-10-03.
  23. "මායා ගැන විස්තරයක් දැනගන්න". ශෂිවර්ඩ්ස්.කොම්. 2016 සැප්තැම්බර්. සම්ප්‍රවේශය 2016-10-02. {{cite web}}: Check date values in: |date= (help)
  24. "සංක්‍රාන්ති ලිංගිකයින්‍ට ද සමාන අයිතිවාසිකම් තිබිය යුතුය". BBC News. සම්ප්‍රවේශය 2016-10-02.

බාහිර ලිපි