"ටෙඩී විද්‍යාලංකාර" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
100 පේළිය: 100 පේළිය:
ඔහු සිනමාවට පැමිණි 1977ටත් පෙර සිට 2010 දක්වා සිනමාපට සඳහා භාවිත වූයේ දළ සේයා පටයන් ය. එදා කල සටන් දර්ශනයක් සඳහා ඔවුන් හට රිහසල් ගණනාවක් කර රූගත කිරීමට යොමු විය යුතුය. ටේක් එකට යෑමට කලිනුත් ද සැකයක් මතුවී නම් නැවතත් රිහසල් කළේ ය. බොහෝ විට ටේක් වන් හිදී එම දර්ශනය නිම වෙයි. ඊටත් අපහසු වුණහොත් ටේක් ටූ වලට ගිය ද ටේක් ත්‍රී වලට ගිය හොත් නම් විහිලුවට හෝ පසු දා පැමිණෙනකොට නෙගටිව් කෑන් එකක් ගෙන එන්න යැයි කියති.
ඔහු සිනමාවට පැමිණි 1977ටත් පෙර සිට 2010 දක්වා සිනමාපට සඳහා භාවිත වූයේ දළ සේයා පටයන් ය. එදා කල සටන් දර්ශනයක් සඳහා ඔවුන් හට රිහසල් ගණනාවක් කර රූගත කිරීමට යොමු විය යුතුය. ටේක් එකට යෑමට කලිනුත් ද සැකයක් මතුවී නම් නැවතත් රිහසල් කළේ ය. බොහෝ විට ටේක් වන් හිදී එම දර්ශනය නිම වෙයි. ඊටත් අපහසු වුණහොත් ටේක් ටූ වලට ගිය ද ටේක් ත්‍රී වලට ගිය හොත් නම් විහිලුවට හෝ පසු දා පැමිණෙනකොට නෙගටිව් කෑන් එකක් ගෙන එන්න යැයි කියති.


ටෙඩී විසින් සටන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර විදෙස් චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට 22 ක්, පකිස්තාන් චිත්‍රපට 14 ක්, ඉන්දියන් දෙමළ සහ හින්දි චිත්‍රපට 12 ක සටන් අධ්‍යක්ෂණය කර ඇත.
ටෙඩී විසින් සටන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර විදෙස් චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට 22 ක්, පකිස්තාන් චිත්‍රපට 14 ක්, ඉන්දියන් දෙමළ සහ හින්දි චිත්‍රපට 12 ක සටන් අධ්‍යක්ෂණය කර ඇත. හොලිවුඩ් හා බොලිවුඩයේ ද සුපිරි නළුවන් හා කරට කර සටන් කළ නළුවන් අධ්‍යක්ෂණය කළ ටෙඩී ලංකාවේ රූ ගත කළ හවුල් චිත්‍රපට නිෂ්පාදන කීපයකම මම දායක වනු ලැබූවේ ය. එම චිත්‍රපටවල ලංකාවේ නියෝජනය ලෙස ටෙඩී සටන් අධ්‍යක්ෂණයේ නියමුවා වූයේ ය. [[වෝටර්]], [[මිඩ්නයිට් චිල්රන්]], [[බ්ලඩ් ස්පෝට්]], [[ජංගල් හීට්]], [[තී]] වැනි විදෙස් චිත්‍රපට රැසක් වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත.

09:40, 15 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

ටෙඩී විද්‍යාලංකාර
උපත1958 (වයස 65–66)
ජාතිකත්වයසිංහල
අධ්‍යාපනයකොළඹ කේරි විද්‍යාලය
සක්‍රීය වසර1977-සිට
ප්‍රසිද්ධව ඇත්තේඅනූෂා
කලත්‍රයා(යන්)ඈන් සෙනවිරත්න
පවුලදයානන්ද විද්‍යාලංකාර (සහෝදරයා)
ආගමරෝමානු කතෝලික

ටෙඩී විද්‍යාලංකාර ශ්‍රී ලාංකික සටන් අධ්‍යක්ෂකවරයෙකු සහ නළුවෙකු ද වෙව්. සිංහල සිනමාවට ඔහු පිවිසෙනුයේ 1977දී ය. සිංහල චිත්‍රපට උදෙසා සටන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස චිත්‍රපට 532ක සටන් අධ්‍යක්ෂණය කොට ඇත. ඒ අතර සිංහල සිනමාවේ සටන් කලාව උදෙසා වෙනසක් කරමින් ප්‍රථම වරට කණ්ඩායම් සටන් සම්ප්‍රදාය ගෙන ආවේ ද ඔහු ය. ටෙඩී රඟපෑ සෑම චිත්‍රපටයකම පාහේ සටන් අධ්‍යක්ෂක වූයේ ද ඔහුය. ඔහු විසින් සිනමාව උදෙසා සටන් නළුවන් දෙදහසක් පමණ සිනමාව හරහා බිහි කර ඇත.

පෙර අවධිය

1958දී මීගමුව හි උපත ලද ටෙඩී තම අධ්‍යාපන කටයුතු කොළඹ කේරි විද්‍යාලයෙන් සපුරා ගැනී ය. කුඩා කල සිට ම ආත්මාරක්ෂක සටන් ශිල්පය සඳහා යොමු වූ ටෙඩී කරාතේ, ජූඩෝ, ජිම්නාස්ටික්වල වැනි කායික ශක්තිය වඩවන ක්‍රියාකාරකම් කෙරෙහි යෙදවී ය. පාසල් අවධියේ බොක්සිං ක්‍රීඩාවට උනන්දුවක් දැක්වීය. කහ බළල්ලු, කරාටේ කීලස් චිත්‍රපට නැරඹීමෙන් ඔහු කරාතේ කෙරෙහි හිත යොමු විය. එම කල දී ම හෝප් නැව ලංකාවට පැමිණියේ ය. එවක ඔබ්සවර් පුවත්පතේ පළ වූ විවෘත ආරාධනය කර තුබූ විදෙස් මාෂල් ආර්ට්ස් (Martial Arts) පුහුණුකරුවන් විසින් පැවැත් වූ පාඨමාලාව කොළඹ වයි. එම්. බී. ශාලාවෙහි පැවැත්වී ය. එම ආරාධනය අනුව ටෙඩී එම පැවැත් වුණු පුහුණු පන්තියකට ගියේ ය. තව ද ටෙඩී වරාය අධිකාරිය අසල වූ වෙල්ගම මාස්ටර්ගේ කරතේ පන්තියට ද ගියේ ය. එහි දී ඔහු හට කීයකුෂන් කායි ශෛලිය ඉගෙනීමට හැකි විය. එම කල දී ම තෙන්නකෝන් මාස්ටර් යටතේ ජූඩෝ ක්‍රීඩාව හි ද නියැලුණේ ය. ජයවීර මාස්ටර් යටතේ ජිම්නාස්ටික් ඉගෙන ගනු ලැබීය. ටෙඩී ජාතික ජිම්නාස්ටික් සංගමයේ තේරීම් කමිටුවේ සභාපති ලෙස අවුරුදු 12ක් පුරා කටයුතු කරනු ද ලබයි. ඊට අමතරව ද ජිම්නාස්ටික් පුහුණුකරුවකු ලෙසින් ද සෙවය කරනු ලබයි.

එන්ටර් ද ඩ්‍රැගන් චිත්‍රපටය ජනප්‍රිය වූ සමයේ ඔහුගේ මිතුරෙක් වූ දේවින්ද මාක්ස් සමඟ උත්සවවල සටන් ජවනිකා ඉදිරිපත් කිරීමට ගියේ ය. ඔවුන්ගේ මෙම ක්‍රියාවලිය ජනප්‍රිය වීම නිසාවෙන් දිනෙක ශාන්ත කුලතුංග නම් ඔහුගේ හිතවතෙකු විසින් කළුතර නගර ශාලවේ හි උත්සවයක් සංවිධානය කොට ඔවුන් හට ආරාධනා කරනු ලැබීය. 1976 දී එම උත්සවයට පැමිණ සිටි දයානන්ද රොඩ්රිගෝ විසින් ඔවුන් ගේ දක්ෂතා දැක චිත්‍රපටයක දර්ශනයකට පෙනී සිටීමට පැමිණෙන ලෙස ආරාධනා කිරී ය. ඒ වන විට ඔහු ජීවන ගංගා චිත්‍රපටය තිස්ස විජේසුරේන්ද්‍ර යොදවා රූගත කොට නිමා කර තිබිණ. එනමුදු ඔහු විසින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් ම සටන් ජවනිකාවක් එක් කරවා ටෙඩී සහ ශාන්ත කුලතුංග, දේවින්ද මාක්ස් තිදෙනාම ඒ චිත්‍රපටයට ඇතුල් කරනු ලැබීය.

පසුව ජීවන ගංගා චිත්‍රපටයේ හඬකැවීම්වලට සරසවි චිත්‍රාගාරයට ගිය අවස්ථාවේ දී එහිදි එතැන වූ අනෙක් හඬකැවීම් වලට එක් වූ ලෙනින් මොරායස්, දයානන්ද ජයවර්ධන වැනි නළුවන් හඳුනා ගැනීමට ඔහුට ඉඩ ලැබුණි. ඉන් පසු එක සැනින් චිත්‍රපට අටක රංගනය සඳහා ඔහුට ආරාධනා ලැබුණි. දයානන්ද රොඩ්රි ගේ ගේ අනූෂා චිත්‍රපටයෙන් සටන් අධ්‍යක්ෂණය කරමින් සහ රංගනයෙන් මුලින්ම එක් වීමට හැකි වුණි.

සිනමාව

ටෙඩී 1977 දී සිනමාවට පැමිණියේ ය. ඒ වන විට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, රොබින් ප්‍රනාන්දු ක්ෂේත්‍රයේ සිටි සිනමාවේ නම් දැරූ සටන් නළුවන් වූයේ ය. එවක සටන් නළුවන් අතර තිරයේ දුෂ්ටකම් අතරේ ඉහළින් වැජඹුණු සේනාධීර රූපසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, වොලී නානායක්කාර, ලයනල් දැරණියගල, තිස්ස විජේසුරේන්ද්‍ර වැනි නළුවන් රැසක් සමඟ ඔහු ද එදා කරට කර රංගනයේ නියැලිය.

ඔහු විසින් චිත්‍රපටයක භාවිත කරනු ලැබූ ශිල්ප ක්‍රමය බොහෝ දුරට බොලිවුඩ්, හොලිවුඩ් සිනමාවන්ට ද පරයා ගියේ ය. ඔහු සටන් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපට හි තාක්ෂණය එය තිරගත වන සමය හා ගැලපෙන සේ ඉදිරිපත් කර තිබුණි. එයට හොඳම උදාහරණයක් ලෙස හොලිවුඩ් හි නිපදවූ ඔන් බැක් චිත්‍රපටයේ යොදා ගත් තාක්ෂණය ඊට පෙර ඔහුගේ චිත්‍රපටයකට යොදා තිබුණි.

ඔහු සිනමාවට පැමිණි 1977ටත් පෙර සිට 2010 දක්වා සිනමාපට සඳහා භාවිත වූයේ දළ සේයා පටයන් ය. එදා කල සටන් දර්ශනයක් සඳහා ඔවුන් හට රිහසල් ගණනාවක් කර රූගත කිරීමට යොමු විය යුතුය. ටේක් එකට යෑමට කලිනුත් ද සැකයක් මතුවී නම් නැවතත් රිහසල් කළේ ය. බොහෝ විට ටේක් වන් හිදී එම දර්ශනය නිම වෙයි. ඊටත් අපහසු වුණහොත් ටේක් ටූ වලට ගිය ද ටේක් ත්‍රී වලට ගිය හොත් නම් විහිලුවට හෝ පසු දා පැමිණෙනකොට නෙගටිව් කෑන් එකක් ගෙන එන්න යැයි කියති.

ටෙඩී විසින් සටන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර විදෙස් චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට 22 ක්, පකිස්තාන් චිත්‍රපට 14 ක්, ඉන්දියන් දෙමළ සහ හින්දි චිත්‍රපට 12 ක සටන් අධ්‍යක්ෂණය කර ඇත. හොලිවුඩ් හා බොලිවුඩයේ ද සුපිරි නළුවන් හා කරට කර සටන් කළ නළුවන් අධ්‍යක්ෂණය කළ ටෙඩී ලංකාවේ රූ ගත කළ හවුල් චිත්‍රපට නිෂ්පාදන කීපයකම මම දායක වනු ලැබූවේ ය. එම චිත්‍රපටවල ලංකාවේ නියෝජනය ලෙස ටෙඩී සටන් අධ්‍යක්ෂණයේ නියමුවා වූයේ ය. වෝටර්, මිඩ්නයිට් චිල්රන්, බ්ලඩ් ස්පෝට්, ජංගල් හීට්, තී වැනි විදෙස් චිත්‍රපට රැසක් වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ටෙඩී_විද්‍යාලංකාර&oldid=383876" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි