"ටෙඩී විද්‍යාලංකාර" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'{{Infobox person | honorific_prefix = | name = <!-- include middle initial, if not specified in birth_na...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

04:43, 15 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

ටෙඩී විද්‍යාලංකාර
උපත1958 (වයස 65–66)
ජාතිකත්වයසිංහල
අධ්‍යාපනයකොළඹ කේරි විද්‍යාලය
සක්‍රීය වසර1977-සිට
ප්‍රසිද්ධව ඇත්තේඅනූෂා
කලත්‍රයා(යන්)ඈන් සෙනවිරත්න
පවුලදයානන්ද විද්‍යාලංකාර (සහෝදරයා)
ආගමරෝමානු කතෝලික

ටෙඩී විද්‍යාලංකාර ශ්‍රී ලාංකික සටන් අධ්‍යක්ෂකවරයෙකු සහ නළුවෙකු ද වෙව්. සිංහල සිනමාවට ඔහු පිවිසෙනුයේ 1977දී ය. සිංහල චිත්‍රපට උදෙසා සටන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස චිත්‍රපට 532ක සටන් අධ්‍යක්ෂණය කොට ඇත. ඒ අතර සිංහල සිනමාවේ සටන් කලාව උදෙසා වෙනසක් කරමින් ප්‍රථම වරට කණ්ඩායම් සටන් සම්ප්‍රදාය ගෙන ආවේ ද ඔහු ය. ටෙඩී රඟපෑ සෑම චිත්‍රපටයකම පාහේ සටන් අධ්‍යක්ෂක වූයේ ද ඔහුය. ඔහු විසින් සිනමාව උදෙසා සටන් නළුවන් දෙදහසක් පමණ සිනමාව හරහා බිහි කර ඇත.

පෙර අවධිය

1958දී මීගමුව හි උපත ලද ටෙඩී තම අධ්‍යාපන කටයුතු කොළඹ කේරි විද්‍යාලයෙන් සපුරා ගැනී ය. කුඩා කල සිට ම ආත්මාරක්ෂක සටන් ශිල්පය සඳහා යොමු වූ ටෙඩී කරාතේ, ජූඩෝ, ජිම්නාස්ටික්වල වැනි කායික ශක්තිය වඩවන ක්‍රියාකාරකම් කෙරෙහි යෙදවී ය. පාසල් අවධියේ බොක්සිං ක්‍රීඩාවට උනන්දුවක් දැක්වීය. කහ බළල්ලු, කරාටේ කීලස් චිත්‍රපට නැරඹීමෙන් ඔහු කරාතේ කෙරෙහි හිත යොමු විය. එම කල දී ම හෝප් නැව ලංකාවට පැමිණියේ ය. එවක ඔබ්සවර් පුවත්පතේ පළ වූ විවෘත ආරාධනය කර තුබූ විදෙස් මාෂල් ආර්ට්ස් (Martial Arts) පුහුණුකරුවන් විසින් පැවැත් වූ පාඨමාලාව කොළඹ වයි. එම්. බී. ශාලාවෙහි පැවැත්වී ය. එම ආරාධනය අනුව ටෙඩී එම පැවැත් වුණු පුහුණු පන්තියකට ගියේ ය. තව ද ටෙඩී වරාය අධිකාරිය අසල වූ වෙල්ගම මාස්ටර්ගේ කරතේ පන්තියට ද ගියේ ය. එහි දී ඔහු හට කීයකුෂන් කායි ශෛලිය ඉගෙනීමට හැකි විය. එම කල දී ම තෙන්නකෝන් මාස්ටර් යටතේ ජූඩෝ ක්‍රීඩාව හි ද නියැලුණේ ය. ජයවීර මාස්ටර් යටතේ ජිම්නාස්ටික් ඉගෙන ගනු ලැබීය. ටෙඩී ජාතික ජිම්නාස්ටික් සංගමයේ තේරීම් කමිටුවේ සභාපති ලෙස අවුරුදු 12ක් පුරා කටයුතු කරනු ද ලබයි. ඊට අමතරව ද ජිම්නාස්ටික් පුහුණුකරුවකු ලෙසින් ද සෙවය කරනු ලබයි.

එන්ටර් ද ඩ්‍රැගන් චිත්‍රපටය ජනප්‍රිය වූ සමයේ ඔහුගේ මිතුරෙක් වූ දේවින්ද මාක්ස් සමඟ උත්සවවල සටන් ජවනිකා ඉදිරිපත් කිරීමට ගියේ ය. ඔවුන්ගේ මෙම ක්‍රියාවලිය ජනප්‍රිය වීම නිසාවෙන් දිනෙක ශාන්ත කුලතුංග නම් ඔහුගේ හිතවතෙකු විසින් කළුතර නගර ශාලවේ හි උත්සවයක් සංවිධානය කොට ඔවුන් හට ආරාධනා කරනු ලැබීය. 1976 දී එම උත්සවයට පැමිණ සිටි දයානන්ද රොඩ්රිගෝ විසින් ඔවුන් ගේ දක්ෂතා දැක චිත්‍රපටයක දර්ශනයකට පෙනී සිටීමට පැමිණෙන ලෙස ආරාධනා කිරී ය. ඒ වන විට ඔහු ජීවන ගංගා චිත්‍රපටය තිස්ස විජේසුරේන්ද්‍ර යොදවා රූගත කොට නිමා කර තිබිණ. එනමුදු ඔහු විසින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් ම සටන් ජවනිකාවක් එක් කරවා ටෙඩී සහ ශාන්ත කුලතුංග, දේවින්ද මාක්ස් තිදෙනාම ඒ චිත්‍රපටයට ඇතුල් කරනු ලැබීය.

පසුව ජීවන ගංගා චිත්‍රපටයේ හඬකැවීම්වලට සරසවි චිත්‍රාගාරයට ගිය අවස්ථාවේ දී එහිදි එතැන වූ අනෙක් හඬකැවීම් වලට එක් වූ ලෙනින් මොරායස්, දයානන්ද ජයවර්ධන වැනි නළුවන් හඳුනා ගැනීමට ඔහුට ඉඩ ලැබුණි. ඉන් පසු එක සැනින් චිත්‍රපට අටක රංගනය සඳහා ඔහුට ආරාධනා ලැබුණි. දයානන්ද රොඩ්රි ගේ ගේ අනූෂා චිත්‍රපටයෙන් සටන් අධ්‍යක්ෂණය කරමින් සහ රංගනයෙන් මුලින්ම එක් වීමට හැකි වුණි.

"https://si.wikipedia.org/w/index.php?title=ටෙඩී_විද්‍යාලංකාර&oldid=383807" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි