"ශ්‍රී ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්
සුළුNo edit summary |
No edit summary |
||
23 පේළිය: | 23 පේළිය: | ||
|leader_name2 = [[රනිල් වික්‍රමසිංහ]] |
|leader_name2 = [[රනිල් වික්‍රමසිංහ]] |
||
|leader_title3 = [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක|කථානායක]] |
|leader_title3 = [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක|කථානායක]] |
||
|leader_name3 = [[කරු |
|leader_name3 = [[කරු ජයසූරිය]] |
||
|leader_title4 = [[ශ්‍රීලංකාවේ ප්‍රධාන විනිසුරුවරයා|අගවිනිසුරුවරයා]] |
|leader_title4 = [[ශ්‍රීලංකාවේ ප්‍රධාන විනිසුරුවරයා|අගවිනිසුරුවරයා]] |
||
|leader_name4 = [[කේ.ශ්‍රීපවන් |
|leader_name4 = [[කේ.ශ්‍රීපවන්]] |
||
|sovereignty_type = [[ශ්‍රී ලංකා ඉතිහාසය|නිදහස]] |
|sovereignty_type = [[ශ්‍රී ලංකා ඉතිහාසය|නිදහස]] |
21:30, 7 ඔක්තෝබර් 2015 තෙක් සංශෝධනය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය இலங்கை ஜனநாயக சமத்துவ குடியரசு Democratic Socialist Republic of Sri Lanka ශ්‍රී ලංකා | |
---|---|
අගනුවර | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (පරිපාලන අග නගරය) කොළඹ (වාණිජ අග නගරය) |
විශාලතම නගරය | කොළඹ |
නිල භාෂා(ව) | සිංහල, දෙමළ |
ජනවාර්ගික කණ්ඩායම් (2001) | ≈73.9% සිංහල,[1] ≈12.6% දෙමළ,[1] ≈7.4% මුස්ලිම්,[1] ≈5.2% ඉංදියානු සම්භවය සහිත දෙමළ,[1] ≈0.5% වෙනත්[1] |
ජාති නාම(ය) | ශ්‍රී ලාංකික |
රජය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය |
• ජනාධිපති | මෛත්‍රීපාල සිරිසේන |
• අගමැති | රනිල් වික්‍රමසිංහ |
• කථානායක | කරු ජයසූරිය |
කේ.ශ්‍රීපවන් | |
නිදහස | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 65,610 km2 (25,330 sq mi) (122nd) |
• ජලය (%) | 4.4 |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 20,238,000[2] (53th) |
• 2012 ජන සංගණනය | 20,277,597[3] |
• ඝණත්වය | 323/km2 (836.6/sq mi) (40th) |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | 142.719 billion[4] (64th) |
• ඒක පුද්ගල | $7,046[4] (99th) |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $70.966 billion[4] (68th) |
• ඒක පුද්ගල | $3,385[4] (122nd) |
ගිනි (2010) | 36.4 මධ්‍යම |
මාසද (2013) | 0.750 [5] දෝෂය: අනීතික HDI අගය · 73rd |
ව්‍යවහාර මුදල | ශ්‍රී ලංකා රුපියල් (LKR) |
වේලා කලාපය | UTC+5:30 (ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය) |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | 94 |
අන්තර්ජාල TLD | .lk, .ලංකා, .இலங்கை |
ශ්‍රී ලංකාව (දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ, ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකින් ද විශාල සමුද්‍ර කලාපයකින් ද සමන්විත ස්වෛරීය රාජ්‍යයකි .
වෙනත් නම්
අතීතයේ දී මෙය නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලිවලින් ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.
ආණ්ඩුව
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.
අගනුවර
අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. එහි වාණිජ අග නගරය වන්නේ කොළඹ නගරයයි.
වර්ග ප්‍රමාණය
- ප්‍රධාන (ලංකා)දූපත 65 525 sq km
- අභ්‍යන්තර සමුද්‍ර ජල ප්‍රදේශය 1 570 sq km
- ඓතිහාසික මුහුද 12 060 sq km
- රාස්ඨීය මුහුද 18 060sq km
- යාබද මුහුද 17 000 sq km
- පරම ආර්ථික කලාපය 437 400 sq km
- සමස්ථ වර්ගඵලය 554 200 sq km
ශ්‍රී ලංකාවේ ජාතික සංකේත
- ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් මල වේ.
- ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගසය.
- ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වළි කුකුළාවේ.
- ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා මහ කුරුලු පිය පැපිලියා වේ.
ශ්‍රී ලංකාවේ අතීතය
ප්‍රාග් ඓතිහාසික යුගය
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය(?)
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදින් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකාවේ වයඹදිග හා ගිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප්‍රදේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.
ඓතිහාසික යුගය
ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.
යටත් විජිත යුගය
වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතරතුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය.
නවීන යුගය
ලංකා රාජධානිය
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය
කොටි ත්‍රස්තවාදය
අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත.
ශ්‍රී ලංකාවේ පුරාවස්තු
ස්වභාවික ව්‍යසන
ශ්‍රී ලංකාව ස්වභාවික ව්‍යසන අවම රටකි. නමුත් වර්ෂාව නිසා ඇතිවන ව්‍යසන නිතර දැකිය හැක. ක්‍රි.ව. 2004 වසරේ දෙසැම්බර් 26 වනදා බලපෑ සුනාමිය ව්‍යසනය ශ්‍රී ලංකාවේ වාර්තාගත දරුණුතම ස්වභාවික ව්‍යසනය වේ.
ශාක සහ සත්ත්ව සංහතිය
විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී.[6] ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18 ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55 න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නො කරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350 ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95 කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.[7]
ශ්‍රී ලංකාවේ උප බෙදීම්
පළාත්
ශ්‍රි ලංකාව පළාත් 9කට බෙදා දේශපාලන බලය විමධ්‍යගතකර ඇත.
පරිපාලන දිස්ත්‍රික්ක
ශ්‍රී ලංකාව පරිපාලනය දිස්ත්‍රික් 25ක් වශයෙනි.
ජනතාව
ජනගහණය
2012 ඇස්තමේන්තුව 20,277,597
සමාජය
බහු සංස්කෘතිකමය රටකි. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජාතිකයෝ වේ. රාජ්‍ය ආගම බුද්ධාගමය. පෙරදිග සංස්කෘතියට අනුගත සමාජයකි.
ජාතීන්
සිංහල, දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, වැදි ආදී විවිධ ජාතින් ජීවත්වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.
භාෂා
සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්ත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.
ආගම්
ප්‍රධාන ආගම බුදු දහම වේ.
වර්ෂය | බෞද්ධ | හින්දු | ඉස්ලාම් | කතෝලික | වෙනත් | එකතුව | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සංඛ්‍යව | % | සංඛ්‍යව | % | සංඛ්‍යව | % | සංඛ්‍යව | % | සංඛ්‍යව | % | සංඛ්‍යව | % | |
1881 සංගණනය | 1,698,100 | 61.53% | 593,600 | 21.51% | 197,800 | 7.17% | 268,000 | 9.71% | 2,300 | 0.08% | 2,759,800 | 100.00% |
1891 සංගණනය | 1,877,000 | 62.40% | 615,900 | 20.48% | 212,000 | 7.05% | 302,100 | 10.04% | 800 | 0.03% | 3,007,800 | 100.00% |
1901 සංගණනය | 2,141,400 | 60.06% | 826,800 | 23.19% | 246,100 | 6.90% | 349,200 | 9.79% | 2,500 | 0.07% | 3,566,000 | 100.00% |
1911 සංගණනය | 2,474,200 | 60.25% | 938,300 | 22.85% | 283,600 | 6.91% | 409,200 | 9.96% | 1,100 | 0.03% | 4,106,400 | 100.00% |
1921 සංගණනය | 2,769,800 | 61.57% | 982,100 | 21.83% | 302,500 | 6.72% | 443,400 | 9.86% | 800 | 0.02% | 4,498,600 | 100.00% |
1931 තක්සේරුව | 3,266,600 | 61.55% | 1,166,900 | 21.99% | 354,200 | 6.67% | 518,100 | 9.76% | 1,100 | 0.02% | 5,306,900 | 100.00% |
1946 සංගණනය | 4,294,900 | 64.51% | 1,320,400 | 19.83% | 436,600 | 6.56% | 603,200 | 9.06% | 2,200 | 0.03% | 6,657,300 | 100.00% |
1953 සංගණනය | 5,209,400 | 64.33% | 1,610,500 | 19.89% | 541,500 | 6.69% | 724,400 | 8.95% | 12,100 | 0.15% | 8,097,900 | 100.00% |
1963 සංගණනය | 7,003,300 | 66.18% | 1,958,400 | 18.51% | 724,000 | 6.84% | 884,900 | 8.36% | 11,400 | 0.11% | 10,582,000 | 100.00% |
1971 සංගණනය | 8,536,800 | 67.27% | 2,238,600 | 17.64% | 901,700 | 7.11% | 1,004,300 | 7.91% | 8,400 | 0.07% | 12,689,800 | 100.00% |
1981 සංගණනය | 10,288,300 | 69.30% | 2,297,800 | 15.48% | 1,121,700 | 7.56% | 1,130,600 | 7.62% | 8,300 | 0.06% | 14,846,700 | 100.00% |
බොජුන්
ජාතික ආහාරය බත් වේ. - (බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.)
දේශපාලනය
ප්‍රධාන දේශපාලන පක්‍ෂ
තනි පක්‍ෂ
- ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
- එක්සත් ජාතික පක්‍ෂය
- ජනතා විමුකිති පෙරමුණ
හවුල් සංධාන
- එක්සත් ජනතා නිදහස් සංධානය
- එක්සත් ජාතික පෙරමුණ
- ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය
අධ්‍යාපනය
ආර්ථිකය
සමාජවාදී සහ ධනවාදී ලක්‍ෂණ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් පවතී. මූලිකවම කෘෂිකාර්මික රටකි.
කෘෂීකර්මය
දේශීය පරිභෝජනය සඳහා
- වී ගොවිතැන
- පොල් වගාව
අපනයන බෝග
- ශ්‍රී ලංකාවේ තේ
- රබර්
- කුළු බඩු
කර්මාන්ත
සාම්ප්‍රදායික කර්මාන්ත
- ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය
- හස්ත කර්මාන්ත
නව කර්මාන්ත
ස්වභාවික පරිසරය
- ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන්
- ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ
- ශ්‍රී ලංකාවට ආවේනික ක්ෂීරපායීන් ලැයිස්තුව
- දියඇලි - ශ්‍රී ලංකා
ක්‍රීඩා
නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන් ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසල්, උසස් අධ්‍යාපන ආයතන යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානය ද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ.
සිංහල ස්පෝට්ස් ක්ලබ්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරළ අසබඩ ද, නිසල ජල තටාකවල ද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන් ම විදේශ සංචාරකයන්ගේ ද සිත් පැහැර ගනී.
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 Demographics of Sri Lanka#CIA World Factbook demographic statistics.
- ↑ Department of Economic and Social Affairs Population Division. "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. Retrieved on 2009-03-12.
- ↑ "Census of Population and Housing 2011 Enumeration Stage February – March 2012" (PDF). Department of Census and Statistics – Sri Lanka. සම්ප්‍රවේශය 15 July 2014.
- ↑ 4.0 4.1 4.2 4.3 "Sri Lanka". International Monetary Fund. සම්ප්‍රවේශය 15 July 2014.
- ↑ "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
- ↑ "Unique and threatened biodiversity". biodiversityhotspots.org. Conservation International. සම්ප්‍රවේශය 2009-09-15.
- ↑ "Forest Resources". Forest resources of Sri Lanka Country report. Food and Agriculture Organization. Rome, 2001. සම්ප්‍රවේශය 2009-09-15.
{{cite web}}
: Check date values in:|date=
(help)