"රනිල් වික්‍රමසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළුNo edit summary
සුළු Bot: Replacements: fix URL prefix
91 පේළිය: 91 පේළිය:
* [http://www.parliament.lk/en/members-of-parliament/directory-of-members/viewMember/1244 රනිල් වික්‍රමසිංහ,ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුව]
* [http://www.parliament.lk/en/members-of-parliament/directory-of-members/viewMember/1244 රනිල් වික්‍රමසිංහ,ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුව]
* [http://www.unp.lk/index.php/media-gallery/video-gallery/900-honranil-wickramasinghe-speech-at-parliament-612013- එක්සත් ජාතික පක්ෂයේ නිල වෙබ් අඩවිය]
* [http://www.unp.lk/index.php/media-gallery/video-gallery/900-honranil-wickramasinghe-speech-at-parliament-612013- එක්සත් ජාතික පක්ෂයේ නිල වෙබ් අඩවිය]
* [http://http://www.dinamina.lk/?q=2015/08/22/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A රනිල් වික්‍රමසිංහ]
* [http://www.dinamina.lk/?q=2015/08/22/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A රනිල් වික්‍රමසිංහ]
{{DEFAULTSORT:වික්‍රමසිංහ, රනිල් }}
{{DEFAULTSORT:වික්‍රමසිංහ, රනිල් }}
<!--Categories-->
<!--Categories-->

18:42, 30 අගෝස්තු 2015 තෙක් සංශෝධනය

රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යය
තනතුර දරමින්
2015 අගෝස්තු 21
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
පූර්වප්‍රාප්තිකයාදි. මු. ජයරත්න
තනතුර දරමින්
2001 දෙසැම්බර් 9 – 2004 අප්‍රියෙල් 6
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
පූර්වප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමනායක
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
තනතුර දරමින්
1993 මැයි 7 – 1994 අගෝස්තු 19
ජනාධිපතිවරයාඩී.බී. විජේතුංග
පූර්වප්‍රාප්තිකයාඩී.බී. විජේතුංග
අනුප්‍රාප්තිකයාචන්ද්‍රිකා කුමාරතුංග
විපක්ෂ නායක
තනතුර දරමින්
2004 අප්‍රියෙල් 22 – 2015 ජනවාරි 9
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රත්නසිරි වික්‍රමනායක
දි. මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
තනතුර දරමින්
1994 ඔක්තෝම්බර් 28 – 2001 ඔක්තෝම්බර් 10
ජනාධිපතිවරයාරත්නසිරි වික්‍රමනායක
අග්‍රාමාත්‍යවරයාසිරිමාවෝ බණ්ඩාරනායක
රත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාගාමිණි දිසානායක
අනුප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමනායක
Member of Parliament
for කොළඹ දිස්ත්‍රික්කය
තනතුර දරමින්
1989 පෙබරවාරි 15
පුද්ගලික තොරතුරු
උපත24 මාර්තු 1949 (1949-03-24) (වයස 75)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
(ශ්‍රී ලංකාව)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ
උගත් ශාස්ත්‍රාලයකොළඹ විශ්වවිද්‍යාලය,
රාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ
වෘත්තියනීතිඥ

රනිල් වික්‍රමසිංහ ( උපත 1949 මාර්තු 24 ) යනු ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වේ. ඔහු මීට පෙර 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වරක් කටයුතු කර තිබේ. 2015 ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සිව් වන වරටත් තෝරා පත් කෙරුණි.

අධ්‍යාපනය

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා ය. අනෙක් සියලුම රාජ්‍ය නායකයින් (ජනාධිපති/අගමැති) විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරුවෝ වෙති.

මුල් අවධිය

1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි.

ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.

අග්‍රාමාත්‍යවරයා ලෙස

පළමුවර

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් කෙරුණි.

දෙවනවර

2001 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද හෙතෙම මෙරට අගමැතිවරයා ලෙස පත්විය.

තෙවනවර

2015 ජනවාරි 15 දිනදී, රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වන වරටත් තෝරා පත් කෙරුණි.

පුද්ගලික දිවිය

1949 වසරේදි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදි විවාහ දිවියට එළඹිය.

ආශ්‍රිත ලිපි

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=රනිල්_වික්‍රමසිංහ&oldid=342958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි