"පරිශීලක සාකච්ඡාව:Singhalawap" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
11 පේළිය: 11 පේළිය:
*[[/ක්‍රි.ව.2014|ක්‍රි.ව.2014]]
*[[/ක්‍රි.ව.2014|ක්‍රි.ව.2014]]
}}
}}
==විශේෂාංග ලිපිය [[Image:Cscr-featured.png|50px|This star symbolizes the featured content on Wikipedia.]] සලකුණ නොපෙන්වීමේ වරද==

විකිපීඩියාව තුල විශේෂාංග ලිපි තෝරා ගැනීමේදී කළින් තෝරා ගන්නා ලද ලිපියක් නැවත වරක් විශේෂාංග ලිපිය ලෙස තෝරා ගැනීමේ වරද සිදු නොවීම සඳහා මෙම [[Image:Cscr-featured.png|10px|This star symbolizes the featured content on Wikipedia.]] සලකුණ එම පිටුවේ ඉහළ දකුණු කෙලවරේ ප්‍රදර්ශනය වන බව දකින්නට ලැබුණි.තවද මෙසේ දර්ශනය වීම මගින් මෙම ලිපිය උසස් ප්‍රමිතියකින් හෙබි ලිපියක් ලෙස වටහා ගත හැකි බව මාගේ අදහසයි.නමුත් අපගේ විකිය තුල තෝරාගන්නා ලද මෙම ලිපි සඳහා මෙම සලකුණ ක්‍රියාත්මක නොවන බව මුල්පිටේ දැක්වෙන [[ශ්‍රී දළදා මාළිගාව]] ලිපිය නැරඹීමේදී පෙනී යයි.දැන ගත යුත්තේ මෙම සලකුණ ලිපියේ සටහන් වන්නේ auto ද manual ද යන්න සහ මෙය auto සටහන් විය යුත්තක් නම් මෙසේ සටහන් නොවන්නේ ඇයි කියායි.මා මේ පැනය ඔබට යොමු කළේ ඔබ මෙහි පරිපාලකයෙකු ලෙස දැක්වුණු නිසයි.ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. --[[User:Sachira Bhanu(sachi)|Sachira (සචිර )]] ([[User talk:Sachira Bhanu(sachi)|talk]]) 05:09, 17 ජූනි 2015 (යූටීසී)


== අලි අතුන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ==
== අලි අතුන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ==

05:09, 17 ජූනි 2015 තෙක් සංශෝධනය



සංරක්‍ෂිත ලේඛණ

විශේෂාංග ලිපිය This star symbolizes the featured content on Wikipedia. සලකුණ නොපෙන්වීමේ වරද

විකිපීඩියාව තුල විශේෂාංග ලිපි තෝරා ගැනීමේදී කළින් තෝරා ගන්නා ලද ලිපියක් නැවත වරක් විශේෂාංග ලිපිය ලෙස තෝරා ගැනීමේ වරද සිදු නොවීම සඳහා මෙම This star symbolizes the featured content on Wikipedia. සලකුණ එම පිටුවේ ඉහළ දකුණු කෙලවරේ ප්‍රදර්ශනය වන බව දකින්නට ලැබුණි.තවද මෙසේ දර්ශනය වීම මගින් මෙම ලිපිය උසස් ප්‍රමිතියකින් හෙබි ලිපියක් ලෙස වටහා ගත හැකි බව මාගේ අදහසයි.නමුත් අපගේ විකිය තුල තෝරාගන්නා ලද මෙම ලිපි සඳහා මෙම සලකුණ ක්‍රියාත්මක නොවන බව මුල්පිටේ දැක්වෙන ශ්‍රී දළදා මාළිගාව ලිපිය නැරඹීමේදී පෙනී යයි.දැන ගත යුත්තේ මෙම සලකුණ ලිපියේ සටහන් වන්නේ auto ද manual ද යන්න සහ මෙය auto සටහන් විය යුත්තක් නම් මෙසේ සටහන් නොවන්නේ ඇයි කියායි.මා මේ පැනය ඔබට යොමු කළේ ඔබ මෙහි පරිපාලකයෙකු ලෙස දැක්වුණු නිසයි.ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. --Sachira (සචිර ) (talk) 05:09, 17 ජූනි 2015 (යූටීසී)[reply]

අලි අතුන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම

හස්තීන් මගින් මරණ දණ්ඩනය පැමිණවීම යන ලිපිය ඔබ විසින් අලි අතුන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යනුවෙන් වෙනස් කර ඇත. අලි නම් අපි දනිමු. ඇතුන්ද දනිමු. අතුන් යනු කුමන සතුන් වර්ගයක්ද? අපි නම් නොදනිමු. කරුණාකර පහදා දෙනු මැනවි. ඉහත ලිපිය හස්තයන් මගින් මරණ දණ්ඩනය ලෙසින් දින කිහිපයක් පැවතියද ඔබ එම කාලය තුල විකියට පැමිණියද හස්තයන් යන වචනය වැරදි බව අප පෙන්වා දී තිබුණද එය වෙනස් කිරීමට යුහුසුළු නොවූ ඔබ, අද දින මා විසින් එම වරද නිවරද කොට හස්තීන් පදය යෙදූ විගසින් වැරදි පදයකට නැවත මාතෘකාව වෙනස් කර ඇත. යම් වෙහෙසක් ගෙන ඔබගේ සිංහල දැනුම දියුණු කර ගන්න. එවිට විකියට වැඩදායකවීමට ඔබට හැකි වනු ඇත. ඔබ පරිශීලනය කරන පොත් ලැයිස්තුවක් ඔබගේ පිටුවෙහි දක්වා ඇත. ඒවාද කියවා මෙසේ දොස් ඇති වැඩ කරයි නම් එම කතුවරුන් වල දමා ඇති තැන එහෙ මෙහෙ පෙරලෙනු ඇත. දිවි ගෙවන්නෝ දිවි අහිමි කරගැනුමට සිතනු ඇත..--- Shwetha (talk) 14:29, 11 අප්‍රේල් 2014 (යූටීසී)[reply]

Facebook Sinhala Localization

Hello Singhalawap, Are you on Facebook? Please help us with Facebook Sinhalese Localization. If you need any help, please contact me. I am the current project manager. Translation -> https://www.facebook.com/?sk=translations Translation group -> https://www.facebook.com/groups/572345802855037/ My profile -> https://www.facebook.com/pkavinda?ref=tn_tnmn Thanks! Pasindu Kavinda, Facebook Translation Team. පසිඳු කාවින්ද () 09:59, 9 මැයි 2014 (යූටීසී)[reply]

වෙරළබඩ වැදි ජනයා සහ මූදු වැද්දෝ

ඉහත වෙරළබඩ වැදි ජනයා ලිපිය නිමවා සංස්කරණය කල පසු විකිපීඩියාවේ මෑත විමසීම් තුල එම සංස්කරණයන් දර්ශනය විය. ඔබ විසින් එම ලිපිය මූදු වැද්දෝ වෙත ගෙන ගොස් යළි වෙරළබඩ වැදි ජනයා වෙත ගෙන යෑමෙන් පසු විකිපීඩියාවේ මෑත විමසීම් තුල මා විසින් කල සංස්කරණයන් දර්ශනය නොවේ. මෙයට හේතුව කුමක්ද? --- Shwetha (talk) 14:21, 10 මැයි 2014 (යූටීසී)[reply]

ශබගෙන් පිළිතුරක් බලාපොරොත්තු වන අතර, මෙය අනෙකුත් පරිහීලකයන්ටද වැදගත් වෙයි. --- Shwetha (talk) 21:05, 11 මැයි 2014 (යූටීසී)[reply]
හිතවත් Shwetha
මෑත විමසීම් යනුවෙන් දෙයක් මම නොදනිමි. කරුණාකර පහදාදෙන්න.
Singhalawap (talk) 05:03, 12 මැයි 2014 (යූටීසී)[reply]
දහස්වරක් සමාවන්න. එය "මෑත වෙනස්කිරීම්" විය යුතුයි. ඔබගේ කාර්ය බහුලත්වය මාගේ අත්වැරැද්දෙන් උද්ධමනය වූවා නම් සමාව අයදිමි. පිළිතුරක් බලාපොරොත්තු වෙමි. --- Shwetha (talk) 06:12, 12 මැයි 2014 (යූටීසී)[reply]
හිතවත් Shwetha
මෙම සබැඳිය බලන්න.
එයට අනුව මං එම ලිපිය මූදු වැද්දෝ වෙත ගෙන ගොස් යළි වෙරළබඩ වැදි ජනයා වෙත ගෙන යෑමෙන් පසු ඔබ සංස්කරණ සිදුකරල නැහැ. ඒක වැරදියි කියලද කියන්නෙ?
Singhalawap (talk) 10:20, 12 මැයි 2014 (යූටීසී)[reply]
සබැඳියේ තියෙන්නේ ඔබ කළ දෙය. එය කළ බව මම දනිමි. සබැඳිය ඇත්ත වශයෙන්ම අවශ්‍ය නොවේ. ඔබ එය කළ නිසා සිදුවූ දෙයක් ගැනයි මම අහන්නේ. මම මෙම ලිපිය පිළිබඳ කළ සංස්කරණ මෑත වෙනස්කිරීම් වල පෙන්නුම් කළා. ඔබ අර තට්ටුමාරුව කළ පසු ඒවා පෙනෙන්නේ නැහැ. ඔබගේ ක්‍රියාවෙන් පසු මම එම ලිපියට සංස්කරණය නොකළ බව ඇත්ත. එමනිසා කරපු නැති සංස්කරණ දකින්න මට ඕන නැහැ. මම කියන්නේ ඔබගේ ක්‍රියාවට කලින් මම ඔය ලිපියට කළ සංස්කරණ ඔබගේ එම ක්‍රියාවට පෙර ඹෑත වෙනස්කිරීම් වල පෙනුනා නමුත් ඔබගේ ක්‍රියාවට පසුව ඒවා පෙනෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලයි. ඔබගේ ක්‍රියාවේ සාරධර්ම ගැන කියමින් කාලය නාස්ති කරන්න මම කැමති නැහැ. ඒක නොවෙයි ප්‍රශ්නය. පිළිතුරක් බලාපොරොත්තු වෙමි. --- Shwetha (talk) 10:56, 12 මැයි 2014 (යූටීසී)[reply]
හිතවත් Shwetha
දැං තමයි ප්‍රශ්නෙ හරියට තේරුනේ.
එහෙම මෑත වෙනස්කිරීම් වලින් සංස්කරන නොපෙනීයන අවස්ථාවක් හෝ සිදුවීමක් ගැන මං අහලම නෑ.
උනානං මාර අප්සෙට් වැඩක්නෙ.
ඔය තාක්‍ෂණික කරුනු දන්න කෙනෙක්ගෙං ඇහුවනං හරි.
Singhalawap (talk) 11:14, 12 මැයි 2014 (යූටීසී)[reply]
මේක "උනානං මාර අප්සෙට්" වැඩක් නොවෙයි. මේක "වී ඇති මාර අප්සෙට්" වැඩකි. ඔබ කලින් එවපු බැඳිය පරිදී 2014 මැයි 10 දින 12.49 සිට 12.54 දක්වා සංස්කරණ 7 ක් කර ඇත්තෙමි. දැන් මෑත වෙනස්වීම් වල 2014 මැයි 10 දිනට ගොස් බලන්න එම සංස්කරණ එකක් හෝ පේනවද කියා. මෙයට හේතුව මොකක්ද? පිළිතුරක් බලාපෛාරොත්තු වෙමි. --- Shwetha (talk) 11:22, 12 මැයි 2014 (යූටීසී)[reply]
හිතවත් Shwetha
මෑත වෙනස්වීම් වල නිශ්චිත දිනක විස්තර බලන්නේ කොහෙමද. මම දන්නෙ නැහැ.
අදාල ලිපියෙ ඉතිහාසයෙ නං ඔයා කරපුවා තියනවා.
කොහොම උනත් මං නං ඒවා මකල නෑ. මකන ක්‍රමයක් තියනවද කියල මං දන්නෙත් නෑ.
Singhalawap (talk) 11:28, 12 මැයි 2014 (යූටීසී)[reply]
හිතවත් පරිපාලක තුමනි
විකි කේත පිළිබඳ ඔබගේ දැනුම අනර්ඝ විය යුතුයි. එහෙත් මම ඔබට කියමි. මෑත වෙනස්වීම් වලට ගොස් පසුපසට ස්ක්‍රොල් කල විට 2014 මැයි 10 දිනට ගිය හැක. ඔබ විසින් වෙරළබඩ වැදි ජනයා යන ලිපිය මූදු වැද්දෝ වෙත ගෙන ගොස් නැවතත් මූදු වැද්දෝ ලිපිය වෙරළබඩ වැදි ජනයා වෙත ගෙන යෑමෙන් පසුව තමයි මෙම සංස්කරණ පිළිබඳ සටහන් අතුරුදහන් වුනේ.
මම සරල ප්‍රශ්නයක් අසන්නම්. ඔබ සිතුවේ වෙරළබඩ වැදි ජනයා යන මාතෘකවට වඩා මූදු වැද්දෝ යන මාතෘකාව සුදුසුය යන බව නම්, ඇයි එතනින් නොනැවතුනේ? ඇයි නැවත මූදු වැද්දෝ යන්න වෙරළබඩ වැදි ජනයා වෙතට ගෙන ගියේ? --- Shwetha (talk) 11:37, 12 මැයි 2014 (යූටීසී)[reply]
හිතවත් Shwetha
පස්සෙ උත්තර දෙනනං
Singhalawap (talk) 11:57, 12 මැයි 2014 (යූටීසී)[reply]

වෙරළබඩ වැදි ජනයා සහ මූදු වැද්දෝ සම්බන්ධ 2014 මැයි 10 සිදුවීම ගැන

ගරු Singhalawap මහතාණෙනි,

Shwetha මහතා විසින් පෙන්වා දුන් පරිදි, මෑත වෙනස්කිරීම් වලින් වෙරළබඩ වැදි ජනයා හා ඇත් පොකුණ යන ලිපියන්හී සංස්කරණ අතුරුදන් වී යාමේ සිදුවීම මමද පැහැදිලිව දුටුවෙමි. එසේම නව පිටු ලැයිස්තුවෙන්ද උක්ත ලිපි දෙක අතුරුදන්ව තිබෙයි. මේ මාර අප්සෙට් සිදුවීම සමග අපි දැනගත යුතු යම් දෙයක් වේද, ඒ ගැන දැනුවත් වීමට මමද කැමැත්තෙමි. (අනෙකුත් පරිශීලිකයනුත් කැමති ඇති කියා සිතමි)---L Manju (talk) 16:57, 12 මැයි 2014 (යූටීසී)[reply]


Shwetha සහ හිතවත් පරිශීලක:L Manju වෙත
මෙම පිටුවේ මේ ගැන සටහනක් තැබූයෙමි.
Singhalawap (talk) 03:46, 13 මැයි 2014 (යූටීසී)[reply]
මෙසේ ලිපි දෙවරක් ගෙන යෑමෙන් මෙවැනි අතුරුදහන් වීම් වන බව පැහැදිලිය. එබැවින් ලිපි ශීර්ෂයක් නුසුදුසු බව සිතෙයි නම් නව ශීර්ෂයකට ගෙන යෑමෙන් පසු යලි ගෙනයෑම් වලින් වැලකිය යුතු යැයි යෝජනා කරමි. හොඳින් සිතා බලා එම ගෙන යෑම කළ යුතු යැයි යෝජනා කරමි. --- Shwetha (talk) 04:25, 13 මැයි 2014 (යූටීසී)[reply]

තල්දූවේ සෝමාරාම සහ තල්දූවේ සෝමාරාම තෙරණුවෝ යන ලිපි සහ ඔබතුමානන් වහන්සේ

මෙහි 2014 මැයි 13 දින 14.40 ට ම විසින් තල්දූවේ සෝමාරාම ලිපිය තැනූ සටහන "මෑත වෙනස්කිරීම්" තුලින් අතුරුදහන් වී ඇත. මෙය සිදුවී ඇත්තේ ඔබ විසින් තල්දූවේ සෝමාරාම තෙරණුවෝ ලිපිය තල්දූවේ සෝමාරාම බවට ගෙන යෑමෙන් පසුවය. මෙසේ වීම වැලැක්විය යුතු බව එකඟ වී තිබියදී මෙසේ අත්තනෝමතික ලෙසින් ක්‍රියා කරන්නේ ඇයි? --- Shwetha (talk) 02:17, 14 මැයි 2014 (යූටීසී)[reply]

හිතවත් Shwetha
  1. ඔබ විසින් කල තල්දූවේ සෝමාරාම තෙරණුවෝ‎ ලිපියට කල වෙනස්කිරීම් මගේ බ්‍රවුසරයෙන් බැලූ විට හොඳින් පෙනේ. ගැටළුව ඇත්තේ ඔබේ ගිණුමේ හෝ බ්‍රවුසරයේ වියහැක.
  2. අප කලින් සාකච්චා කලේ ලිපි ගෙනගොස් නැවත මුල් ලිප මාතෘකාවට ගෙන ඒම පිළිබඳවය. මෙතැන එවැන්නක් සිදුවී නැත.
  3. ලිපි ගෙනගොස් නැවත මුල් ලිප මාතෘකාවට ගෙන ඒම පිලිබඳවද මත පලකිරීම් සිදුවූ බව දුටුවද එකඟතාවකට එලඹීමක් නුදුටුවෙමි. එකඟතාවයකට එලඹීමක් ඇත්නම් එය ඇති ස්ථානයේ සඹැදිය ලබාදීමට කාරුණික වන්න.
තක්‍ෂණික ගැටළුවක් ඇත්නම් කලයුත්තේ එය තාක්‍ෂණිකව විසඳිම මිස විකියේ එදිනෙදා කටයුතු නවතාලීම නොවන බව විශ්වාස කරමි.
අසිරිමත් වෙසක් මංගල්‍යයකට අසිරි පතමින් නවතිමි.
Singhalawap (talk) 03:02, 14 මැයි 2014 (යූටීසී)[reply]
ඔබගේ බ්‍රවුසරයෙන් බැලූ විටද "මෑත වෙනස්කිරීම්" පෙනෙන්නේ පහත පරිදී විය යුතුයි.

දැන් මෙහි 2014 මැයි 13 දින 14.40 ට ම විසින් තල්දූවේ සෝමාරාම ලිපිය තැනූ සටහන මෙහි නොමැති බව පෙනේද? --- Shwetha (talk) 03:42, 14 මැයි 2014 (යූටීසී)[reply]

හරියට හරි මචෝ. ඔය සීන් එකම තමා මටත් පෙනුනෙ. ලිපිය තැනූ සටහන නැති සීන් එක මාත් note කලා. හැබැයි මචෝ මං ලිපිය තැනූ සටහන නැති සීන් දැක්කෙ move පාර දාන්නත් කලිං.
මොකක් හරි පට්ට අවුලක් තියනව වගේ. හේතුව ගැන නං මට no idea.
Singhalawap (talk) 01:19, 17 මැයි 2014 (යූටීසී)[reply]

විකිපීඩියාව තුල සංස්කාරකවරුන්ට අඩන්තේට්ටම් (harassment) සිදුවීම

ගරු Singhalawap මහතාණෙනි,

සිංහල විකිපීඩියාව තුල පරිශීලකයින්ගේ පුද්ගලික හඳුනාගැනීම සිදුකිරීමත් (විකිපීඩියාවෙහි බලධරයෙකු වන Shwetha මහතා විසින් මෙහි දැක්වෙන 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර යටි ඡේදයේ මා සම්පූර්ණයෙන් හඳුනාගති යන්න පිළිගෙන ඇති නිසා), විකිපීඩියාවෙහි අන්තර්ගතය ගැන සංවාද නොකොට සංස්කාරකවරයාගේ/වරුන්ගේ පුද්ගලික ගතිපැවතුම් තමන්ගේ පදනම් මත යැපෙමින් අවඥාවට සහ සමච්චලයට ලක් කිරීමත්, ඔවුන්ට අනාරාධිත ලෙස පීඩාවට ලක්වන ආකාරයේ අවවාද ලබා දීමත්, නිශ්චිත පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකු අරමුණු සහගත ලෙස ඉලක්ක කොට ගනිමින් එම සංස්කාරකවරුන්ට විකිපීඩියාව අප්‍රසන්න ස්ථානයක් බවට පත්කිරීමට උත්සාහ දැරීමත් හා මා ලවාම සංස්කරණ සිදුකරවීමේ (කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ) විකීලුහුබැඳීම් (WIKIHOUNDING) වැනි දෑ දක්නට ලැබෙන නිසාත්, පරිශීලක අවකාශයන්හී නොමනා "අවවාද" ස්ථාපනය කිරීම් ආදිය පිහිටුවීමත් (Miran27 පිටුවට අවවාද කිරීම), එවැනි අඩන්තේට්ටම් (harassment) විකිපීඩියා සුසිරිත් වලට අදාල නොවන නිසාත්, මෙවැනි භාහිර පුද්ගල ගතිපැවතුම් අපහාසයට පත්කිරීම වැනි ක්‍රියාවන් ඉදිරියට සිදු නොවීම පිණිසත්, සිංහල විකිපීඩියාවේ වගකීමක් සහිත බලධාරී මහත්වරුවන් වශයෙන් මෙවැනි සිදුවීම් සම්බන්ධව යම් කිසි ක්‍රියා මාර්ගයක් ගනු ඇතැයි මා විශ්වාස කරමි.

මේ සම්බන්ධ පොදු සංවාදයක්, පරිපාලකවරුන් වන ඔබතුමන්ලා විසින් පරිශීලකයන් සියළු දෙනාට අදහස් දැක්විය හැකි ස්ථානයක ඇති කරයි යැයි මා බලාපොරොත්තු වෙමි. මෙවැනි සිදුවීම් තව දුරටත් වර්ධනය වීම, සිංහල විකිපීඩියා ව්‍යාපෘතිය කඩාකප්පල් වීම හා නවක පරිශීලකයින් සිංහල විකිපීඩියාව හැරයන තත්වයක් ගොඩනැංවීම පිණිස හේතුකාරක විය හැකි බව විකිපීඩියා අඩන්තේට්ටම් කිරීම් (Wikipedia:Harassment) හී දක්වා තිබෙයි. --- L Manju (talk) 06:38, 17 මැයි 2014 (යූටීසී)[reply]

හිතවත් L Manju
මේ පිලිබඳව මාගේ අවධානය යොමුකරලීම පිලිබදව ස්තූතිවන්ත වෙමි.
අදාල සංකල්පය (විකිපීඩියා:හිරිහැරකිරීම්) පිලිබඳව මා මෙතෙක් නොදැන සිටි බැවින් ඒ ගැන අධ්‍යයනය කිරීම ආරම්භ කලෙමි.
Singhalawap (talk) 18:36, 20 මැයි 2014 (යූටීසී)[reply]

අත්‍යවශ්‍ය කාරණයක් සම්බන්ධයෙන් ...

Singhalawap මහතා ... අත්‍යවශ්‍ය කාරණයක් සම්බන්ධයෙන් ඔබතුමාගෙන් කරුණු දැනගන්නට අවශ්‍යයයි... ඔබව සම්බන්ධ කරගන්නට පුළුවන් කොහොමද ?

ස්තූතියි

හැකිය, ක්‍රම 2කි.
  1. මෙම සාකච්ඡා පිටුවේ සටහනක් තබන්න.
  2. වම් පස තීරුවේ ඇති "මෙම පරිශීලක වෙත විද්‍යුත්-ලිපියක් යවන්න" ආධාරයෙන් අදාර කාරණය දන්වන්න. (මා විතර ඊ-මේල් නොබලන බැවින්; ඊ-මේල් කල පසු මෙම පිටුවේ ඒ බවට සටහනක් තැබීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
Singhalawap (talk) 18:41, 20 මැයි 2014 (යූටීසී)[reply]

මගේ විරාමයට යන්නට කලින්

අළුතින් නවකයෙකු ලෙස සිංහල විකිපීඩියාවට පැමිණි මා කෙරේ ධෙෙර්ය හා විශ්වාසය ඇති කරමින්, සිංහල විකිපීඩියාව තුලදී හිතවත් සහ ප්‍රසන්න ආකාරයෙන් සැළකීම සම්බන්ධව ගරු Singhalawap මහතාණෙනි ඔබට බොහොමත්ම ස්තූතියි.--- L Manju (talk) 07:53, 31 මැයි 2014 (යූටීසී)[reply]

The Good Heart Barnstar කරුණාවන්ත ලෙස නවකයින් පිළිගැනීම වෙනුවෙන් පිදෙන තාරකාව
සිංහල විකිපීඩියාවට පැමිණෙන නවකයන් විවෘත භාහුවලින් පිළිගැනීමත්, අපමණ ලෙස ඉවසීම සහ කාරුණිකත්වය ප්‍රදර්ශනය කරමින් විකිපීඩියාව වඩා හොඳ ස්ථානයක් බවට පත්කිරීමට විශේෂ විකිපීඩියානුවෙකු ලෙස වෙහෙසීමත් හේතුවෙන්,
මෙම විකි තාරකාව Singhalawap මහතා වෙත ලබා දුන්නේ --- L Manju (talk) 07:54, 31 මැයි 2014 (යූටීසී) L Manju si 1[reply]
ඔබගෙන් ලද අගැයීම මට ඉමහත් සතුටකි.
Singhalawap (talk) 01:24, 1 ජූනි 2014 (යූටීසී)[reply]

A barnstar for you!

The Original Barnstar
ඔබ වසර 7ක සිට විකීපීඩියා දැනුම් සංචිතය ගොඩනැගීමට වෙන වෙහෙස මවිසින් අගය කරන වගයි!!! L.S. Semasinghe (talk) 14:59, 27 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]

A barnstar for you!

The Original Barnstar
ඔබ වසර 7ක සිට විකීපීඩියා දැනුම් සංචිතය ගොඩනැගීමට වෙන වෙහෙස මවිසින් අගය කරන වගයි!!! L.S. Semasinghe (talk) 14:59, 27 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]
හිතවත් L.S. Semasinghe
ඔබගෙන් ලද අගයකිරීම ඉමහත් සතුටින් බාරගනිමි.
Singhalawap (talk) 14:22, 30 සැප්තැම්බර් 2014 (යූටීසී)[reply]

A barnstar for you!

The Barnstar of Diplomacy
Thank you! Randeerjayasekara (talk) 18:10, 23 ඔක්තොම්බර් 2014 (යූටීසී)

A barnstar for you!

The Barnstar of Diplomacy
Thank you! Randeerjayasekara (talk) 18:10, 23 ඔක්තොම්බර් 2014 (යූටීසී)
හිතවත් Randeerjayasekara
අගයක්රීමෙන් දිරිියක් ලදිමි.
තුති Singhalawap (talk) 13:39, 30 ඔක්තොම්බර් 2014 (යූටීසී)

විකිපීඩියාවේ විද්‍යාව, නවීන විද්‍යාව සහ ශ්‍රී ලංකාවේ ජාතික ගීය

සිංහල විකිපීඩියාව තුල සයන්ස් යන්නට නවීන විද්‍යාව භාවිතා කිරීමට කිසියම් විලාසිතාවක් ඉස්මතු වී ඇත. එනමුත් ජීව විද්‍යාව, රසායන විද්‍යාව ආදිය නිකම්ම විද්‍යාවන් වෙති. විද්‍යාව යන්න බෞද්ධ සංකල්පයක් යයි කියති. ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ එන, "...ඔබ වේ අප විද්‍යා...." යන්නේ එන්නේ මොන විද්‍යාවද? කරුණාකර පැහැදිලි කරන්න. --- Shwetha (talk) 08:27, 6 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

ඉක්මන් පිළිතුරු පතමි. -- Shwetha (talk) 18:50, 7 නොවැම්බර් 2014 (යූටීසී):[reply]
හිතවත් Shwetha
මා දන්නා පරිදි සයන්ස් යන්න සිහලෙන් නවීන විද්‍යාව නම්වේ. 1980 සහ 1990 ගනන් වලදී නව-විද්‍යාව ලෙසද හඳුන්වා ඇත. බටහිර විද්‍යාව යන්නද සමාන තේරුමැති විකල්ප යෙදුමකි.
විද්‍යව (සහ අවිද්‍යව) යන සංකල්ප යම් වෙනස්කම් සහිතව විවිධ සමාජ සහ ආගම් වල ඇත. බෞද්ධ දර්ශනයට ඉන් එකකකි.
ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ එන, "...ඔබ වේ අප විද්‍යා...." යන්නේ එන්නේ මොන විද්‍යාවද යන්න කීමට තරම් මා ශ්‍රී ලංකාවේ ජාතික ගීය හදාරා නැත.
බටහිර විද්‍යව (සහ බටහිර විද්‍යාවට පටහැනි) සහ විද්‍යව (සහ අවිද්‍යාව) ආදී සංල්ප ඉතා සංකීර්ණ බැවින් මෙලෙස පහදාදිය නොහැක. අදාල ග්‍රන්ථ පරිශීලනය හා විෂය හැදෑරීම යෝග්‍ය බව සිතමි.
Singhalawap (talk) 19:28, 7 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
විකිපීඩියාවෙහි අන්තර්ගත කල යුත්තේ "ඔබ දන්නා පරිදී" ලෙසින් දැක්විය හැකි කරුණු නොව, උපන්‍යාස මගින් මනා ලෙස ස්ඵුට කල හැකි කරුණුය. සයන්ස් යන්න නවීන නිද්‍යාව නම්, මෙඩිකල් සයන්ස් යන්න නවීන වෛද්‍ය විද්‍යාව විය යුතු නේද? මිනිස්ට්‍රි ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලජී යන්න කවීන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විය යුතු නේද? විකිපීඩියාවේ භාවිතා කල යුත්තේ" සයන්ස් යන්නට රටෙහි ජනතාව භාවිතා කරන විද්‍යාව යන පදයද, නැත්නම් ප්‍රාඥයන් කිහිප දෙනෙක් තමන්ගේ පුද්ගලික මතිමතාන්තර සහ දෘෂ්ටිවාදයන් නිසා පෞද්ගලික මට්ටමෙන් භාවිතා කල පදයක්ද? මෙම ප්‍රාඥයින්ට (හා ඔබට) දශක දෙකකට වඩා කාලයක් තුලදීත් මෙම නව පදය ජන භාවිතයට එක් කරන්නට නොහැකි වූ තැන, විකිපීඩියාව තුලින් එය ඉස්මතු කරන්නට තතනන්නේ ඇයි? මෙවැනි නව පද භාෂාවකට එක් වන්නේ ක්‍රමයෙනි. ජනතාව එය පිළිගත යුතුයි. ජනමාධ්‍ය එය පිළිගත යුතුයි. පාලකයෝ එය පිළිගත යුතුයි. ඉන් පසුව අපට මෙය විකිපීඩියාව තුල භාවිතා කල හැකියි නේද? ---- Shwetha (talk) 01:36, 8 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
මෙය ඉතා වැදගත් දෙයකි. විගසින් පිළිතුරු පතමි. --- Shwetha (talk) 10:24, 9 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
Moving an article "Surpassing a Redirect" is only possible for an Administrator. An Administrator should exercise this right only after careful study. Whether the Sinhala word for "Science" is "විද්‍යාව" or "නවීන විද්‍යාව" is under discussion. As an Administrator you should not have moved Portals, Templates, Files and Articles with Title containing "Science" (විද්‍යාව or නවීන විද්‍යාව) term "Surpassing a Redirect". I am sorry to note your undue behavior. ---- Shwetha (talk) 12:19, 9 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

හිතවත් Singhalawap ඉහත විද්‍යාව හා නවීන විද්‍යාව මාතෘකාව පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරගැනීමට කැමැත්තෙමු. විද්‍යව සම්බන්ධව ලිපි සැකසීම සදහා මෙය ස්තීරවම දැනගැනීම මහත් සහනයකි, ඒ සදහා දායක වන මෙන් ගෞරවයෙන් ඇරයුම් කරමි.--raju (talk) 12:44, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]

නවීන විද්‍යාව ද්වාරයේ "/හදුන්වාදීම" කොටස සම්බන්ධව

ඔබ විසින් "නවීන විද්‍යාව/හදුන්වාදීම" කොටස not tally with the wikipedia theme යන හේතුව යොදා ඉවත් කර ඇත්තේ එහි සදහන් විද්‍යාව හා තාක්ෂණවේදය යන්න යොදා තිබූ බැවින් නම් එය නවීන විද්‍යාව ලෙස සංස්කරණය කර යොදාගත හැක.
නවීන විද්‍යාව ද්වාරය වෙත පිවිසෙන අය හට තමා පිවිස ඇත්තේ විද්‍යාව පිලිබද ස්ථානයකට බව පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා එය උපකාරී වනු ඇත.
එය උපුටා ගන්න ලද්දේ විකිපීඩියා විද්‍යාව ද්වාරයේ ඉතාලි භාෂාවෙන් ඇති සංස්කරණයෙනි.
Susith Chandira (talk) 05:02, 10 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

හිතවත් Susith Chandira
not tally with the wikipedia theme ලෙස යෙදීම පැහැදිලි මදි බව තේරුම් ගතිමි. සමාවන්න.
නවීන විද්‍යාව හා තාක්‍ෂණවේදය යන්න වඩා නිවැරදි නමුත් මම not tally with the wikipedia theme යන්නෙන් අදහස්කලේ එය නොවේ.
මින් පෙර එක් පරිශීලකයෙකු විසින් මුල්පිටුව සහ තවත් පිටු කීපයක් යම් භෘෂා විකියකට අනුව යමින් (භාෂාව නිවැරදිව මතක නැත) වඩා රූප සහික සහ වර්ණවත් ලෙස වෙනස්කරන ලදී. ඒ පිලිබඳව සිංහල විකිප්‍රජාව තුල යම් කතිකාවතක් ගොඩනැගුනු අතර සිංහල විකිපීඩියාව මූලිකවම භාවිත කරන රට වන ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය ඇතුළු කරුනු කීපයක් සලකාබලා වඩාත් යෝග්‍යවන්නේ සරල සහ බර අඩු තේමාවේ පිටු බව තීරණය විය. අදාාල පිටු නැවත තිබූ තත්වයට පත්කරන ලදී.
මා not tally with the wikipedia theme ලෙස අදහස්කලේ එම කරුණයි.
පෙර මාගේ ප්‍රකාශයේ විස්තර මදබවට නැවතත් සමාව ඉල්ලා සිටිමි.
Singhalawap (talk) 05:42, 11 නොවැම්බර් 2014 (යූටීසී)[reply]
හරි මට තේරුනා, පැහැදිලි කර දීම සම්බන්දයෙන් ස්තූතියි. -- Susith Chandira (talk) 10:15, 11 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

තෝරාගත් සංවත්සර/නොවැම්බර් 13

ඔබ සිදු කල සංස්කරණයකදී මුල් පිටුවට ඉංග්‍රීසි අන්තර්ගතය හා රතු-සබැඳි එක්වී ඇත. ඉදිරියේදී එසේ කිරීමෙන් වලකින්න. ---- Shwetha (talk) 05:19, 13 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

හිතවත් Shwetha
නොසලකිල්ල නිසා සිදුවූ වරදට සමාවන්න. ඉදිරියේදී මෙවැනි වරදක් නොකිරීමට සැලකිලිමත් වෙමි. Singhalawap (talk) 13:16, 15 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

Hello. Concerning your contribution, උපාලි විජේවර්ධන, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from http://www.divaina.com/2010/02/14/feature08.html. As a copyright violation, උපාලි විජේවර්ධන appears to qualify for deletion under the speedy deletion criteria. උපාලි විජේවර්ධන has been tagged for deletion, and may have been deleted by the time you see this message.

If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:

However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. Shwetha (talk) 06:32, 1 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

ආපසුපෙරලීම් හිමිකම් ඉල්ලා සිටීම

හිතවත, කරුණාකර මාගේ ආපසුපෙරලීම් හිමිකම් ඉල්ලා සිටීම පිළිබද සලකා බැලීමට හැකිද? විකිපීඩියා:Requests_for_permissions/Rollback#Susith_Chandira

හිතවත
මෙම හිමිකම ලබාදීමේ ක්‍රමය හෝ ලබාදීමේ මිණුම්දඬු නොදන්මි. සොයා බලා කියවා බලා හැකි සහ යුතු දෙයක්නම් ඉටුකරන්නම්.
කාර්යබහුල බැවින් දිනක් දෙකක් කල්ගතවිය හැක.
සමාවන්න් Singhalawap (talk) 12:02, 12 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]
විශේෂ:පරිශීලක_හිමිකම් හරහා ලබාදිය හැක. Susith Chandira (talk) 10:36, 22 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]
තුති Singhalawap (talk) 06:54, 23 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

සංස්කරණ 20,000+ සඳහා

විශේෂ රන්තරුව
සිංහල විකිපීඩියාව සදහා ඔබ සංස්කරණයන් 20,000 කට වඩා වැඩි ප්‍රමාණයක් කරමින් ලබාදී ඇති දායකත්වය අගය කිරීම සඳහා මෙම විශේෂ රන්තරුව පුදකර සිටිමි.​ Susith Chandira (talk) 12:58, 25 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]
හිතවත් talk
ලද අගැයීම මහත් දිරියකි. තුති Singhalawap (talk) 18:31, 28 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා

සුභ නව වසරක් වේවා
ලැබුවා වූ 2015 නව වසර සුභම සුභ නව වසරක් වේවා. -- L Manju (talk) 19:29, 31 දෙසැම්බර් 2014 (යූටීසී)[reply]
එසේ ම වේවායි පතමි ! Singhalawap (talk) 04:14, 1 ජනවාරි 2015 (යූටීසී)[reply]

පරිපාලක Singhalawap, ඉහත පිටුව ඔබ විසින් තනා ඇති බව දුටිමි. එහෙත් මාගේ අදහස නම් එවන් ලිපියක් තැනීමට කිසිදු වුවමනාවක් තවමත් නොමැති බව යි. අප රටේ එවන් ජනාධිපතිවරණයක් කැඳවීමට ද තවත් වසර හතරක් ඇති බැවිනුත් එම කාලයෙන් පසු කුමන වසරේ එය පැවැත්වේදැ යි අප තවමත් නිශ්චිතව ම නොදන්නා බැවිනුත් (මා දන්නා පමණින් කිසිදු නිල ලත් ආරංචියක් නැත) මෙම ලිපියේ කරුණු කිසිවක් අපට තහවුරු කළ නොහැක. එහෙත් විශාලම පැනය නම් විධායක ජනපති ධූරය අහෝසි කරන බව පත් වූ ජනපති අවධාරණය කර ඇති පසුබිමක දී නැවත මෙරට ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව යි. මෙම පිටුව මකා දැමිය යුතු යැයි සිතමි. -- හරිත (talk) 08:16, 9 ජනවාරි 2015 (යූටීසී)[reply]

මෙයා හරීම කරදරයක් අප්පා. --175.157.227.252 13:09, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]

"වරයා" භීතිය

"වරයා" යන පදය සිංහල විකිපීඩියා ලිපි තුල භාවිතා කිිරීම (විශේෂයෙන් මාතෘකාවන්හී) පිළිබඳ කිසියම් භීතියක් ඔබ තුල ඇතිවී ඇති බව ඔබතුමාගේ මෑත කාලීන ක්‍රියා කාරකම් වලින් නිරික්ෂණය කලෙමි. "ජනාධිපතිවරයා" යන්න "ජනාධිපති" ලෙස වෙනස් කරන ඔබ "ජනාධිපතිවරිය" යන්නද "ජනාධිපති" වෙත යළියොමු කරයි. "ආණ්ඩුකාරවරයා" යන්න "ආණ්ඩුකාර" වෙතට ගෙන යන ඔබ "ආණ්ඩුකාරවරිය" යන නව ලිපියක් තනා එය "ආණ්ඩුකාර" වෙත යළියොමු කරයි. "අග්‍රාමාත්‍යවරයා" ආදි අනෙකුදු "වරයා" යන්නෙන් කෙළවර වන මාතෘකාද ඉහත ඉරණමට ඔබ වෙතින් අත් පත් වෙයි. "ගුරුවරයා" යන්නෙහිද "ගුරුවරිය" යන ස්ත්‍රී-ලිංගික පදයක් සිංහලයෙහි ඇති බැවින් මෙම ගුරුවරයා ලිපියට කුමක් කරමුද? මෙයට "ගුරුතුමා" යන්න පවා භාවිතා කල නොහැක. මන්ද, "ගුරුතුමිය" යයි පදයක් ඇති බැවිනි. "ගුරුවරු" හෝ "ගුරුවරයෝ" යැයි මාතෘකාව වෙනස් කිරීමටද බැරිය. "ගුරුවරියෝ" යැයි ස්ත්‍රී ලිංග පසයට වෙනම බහුවචන පදයත් ඇති බැවිනි. මෙම ලිපිය "ගුරු" යන්නට ගෙන යමුද? කරුණාකාර විගසින් අදහස් දක්වන්න. --- Shwetha (talk) 19:50, 15 ජනවාරි 2015 (යූටීසී)[reply]

රෝගයක් ඇති බව ඉක්මනින්ම වැටහේවා --175.157.227.252 13:11, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]

සිංහලවැප් මහතාණෙනි, ශ්වේත මහතා විසින් දක්වා ඇති ඉහත කරුණ සම්බන්ධව සියල්ලන්ටම අදහස් දැක්විය හැකි පොදු ස්ථානයක (කෝපි කඩේ (යෝජනා) වැනි) කතාබහක් ඇතිකිරීම අපට මෙන්ම අනාගත පරිශීලකයින් හටද වැදගත් වේ යැයි සළකමි. මෙම ගැටළුව විසදී නොතිබීමත් ඉන් පරිශීලකයෝ අතර ප්‍රශ්නාර්ථයක් ඉතිරිවීමත්, සැබැවින්ම මෙය සංවාදයට සුදුසු කරුණක් වීමත්, එසේම පොදු ස්ථානයක් ලෙස විකිපීඩියාව තුල සියළු අදහස් කෙරේ ඉඩ සැකසීම සඳහා එය හේතුවන බැවිනුත් හා නිර්නාමිකව මුහුණ පමණක් වසා ගනිමින්, නිරුවත එලියේ දමාගෙන සිටින සමහර ලේඛනගත පරිශීලකයින් සිදුකරන (ඉහත 16 ජනවාරි 2015 ප්‍රතිචාරය වැනි) අපරිණත අසංවර බස්වහර එල්ල වීම වැළැක්වීමටත් එය හේතුවක් වේ යැයි සිතමි. --- L Manju (talk) 06:59, 18 ජනවාරි 2015 (යූටීසී)[reply]
හිතවත් L Manju
ඔබගේ යෝජනාව ඉතා හොඳ යෝජනාවකි. Singhalawap (talk) 18:29, 18 ජනවාරි 2015 (යූටීසී)[reply]

"වරයා" භීතිය_1

"වරයා" යන පදය සිංහල විකිපීඩියා ලිපි තුල භාවිතා කිිරීම (විශේෂයෙන් මාතෘකාවන්හී) පිළිබඳ කිසියම් භීතියක් ඔබ තුල ඇතිවී ඇති බව ඔබතුමාගේ මෑත කාලීන ක්‍රියා කාරකම් වලින් දැනටමත් අවබෝධ කර ඇත්තෙමු. "ජනාධිපතිතුමා" යන්නද "ජනාධිපති" ලෙස වෙනස් කරන ඔබ "ජනාධිපතිතුමිය" යන්නද "ජනාධිපති" වෙත යළියොමු කරයි. සමහරක් පුරුෂ ලිංග මාතෘකා යෙදූ ලිපි වලින් අදාළ ස්ත්‍රී ලිංගික විෂයයන්ද ආවරණය වන බව වටහා ගැනුමට ඔබගේ බුද්ධිය ප්‍රමාණවත් නොවීම පිළිබඳ කණගාටු වෙමු. ඔබ සිංහල විකිපීඩියාවේ පරිපාලක වරයෙක් වීම නිසා සමබර ආකල්ප සහිත විය යුතු වුවද පැත්තකට නැඹුරු වී එහිද එල්බගෙන සිටීම ගැන නැවතත් කණගාටු වෙමු. "වරයා" යන්නෙන් කෙළවර වන මාතෘකාද ඉහත ඉරණමට ඔබ වෙතින් අත් පත් වෙයි. "වෛද්‍යවරයා" යන්නෙහිද "වෛද්‍යවරිය" යන ස්ත්‍රී-ලිංගික පදයක් සිංහලයෙහි ඇති බැවින්, ඔබගේ ආකල්ප පරිදී "වෛද්‍යවරිය" යයි ලිපියක්ද තිබිය යුතුය. එවිට මෙම වෛද්‍යවරයා ලිපියට කුමක් කරමුද? මෙම ලිපිය "වෛද්‍ය" යන්නට ගෙන යමුද? කරුණාකාර විගසින් අදහස් දක්වන්න. -- Shwetha (talk) 01:21, 17 ජනවාරි 2015 (යූටීසී)[reply]

A beer for you!

ගොඩක් මහන්සිත් ඇතිනෙ? කෙටි විරාමයකට සුභපැතුම්! raju (talk) 05:51, 17 ජනවාරි 2015 (යූටීසී)[reply]

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව පිළිබඳ සටහනක් කොපි කඩේ තුල බහා ලන ලදි. කරුණාකර එය පරිශීලනය කරන්න. --- Shwetha (talk) 05:41, 19 ජනවාරි 2015 (යූටීසී)[reply]

සතියේ තෝරාගත් ඉගිය...

විකිපීඩියා:තෝරාගත් ඉගිය/16

මෙම ස්වයංක්‍රියව යාවත්කාලීන වන සැකිල්ල ඔබගේ පරිශීලක පිටුවට එක් කර ගැනීම සදහා, {{තෝරාගත් ඉගිය}} භාවිත කරන්න.
විකිපීඩියා තොරතුරු සපයන්නෙකු වන්න
දැනුම් දීමට තුති !
Singhalawap (talk) 13:28, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]

මුල් පිටුව

දැනට ප්‍රදර්ශනය වෙමින් තිබෙන මුල් පිටුවේ අන්තර්ගතය සම්බන්ධවයි. එහි පුවතින් බිදක් යටතේ 'මෛත්‍රීපාල සිරිසේන' සහ 'කුට්ටන්' ආදී ලෙස අගෞරවයෙන් ලියා ඇති බව පෙනේ. 'ප්‍රැන්සිස් පාප්' යනුවෙන් නොයොදා 'වහන්සේ' ලෙස යෙදීමෙන් ඒ බව තහවුරු වේ. මෙවැනි දේවල් ඔබත් අනුමත කරන්නේද?--raju (talk) 15:40, 19 ජනවාරි 2015 (යූටීසී)[reply]

හිතවත් රාජු
විකිය ඇතුළු ඇතුළු සියළු විශ්වකෝෂවල කරුණු මිස ගෞරවාර්භ නොයෙදීම සාමාන්‍ය ක්‍රමයයි.
එබැවින් Mr. Dr. මහතා ආදිය යොදා නොගැනේ.
වසර 2 තුනකට පෙර වරින්වර මේ පිළිබඳ සාකච්චා සිදුවූ අතර මාගේ මතකයේ පරිදි විරුද්ධත්ව නොමැතිව පහත පරිදි දළ එකඟතාවක් ඇතිවිය.
  • පුද්ගල ගෞවරාර්භ සම්මතයක් ලෙස නොයෙදීම
  • අති විශේෂ අවස්ථාවලදී පමණක් එම සම්මතයට පිටින්ගොස් (exception) සීමා සහිතව ගෞරවාර්භ භාවිතය.

කලක පටන් පවතින පරිදි exception සඳහා නිදසුන් කීපයක් මෙසේය.

මේ ගැන ඔබ දැක්වූ උනන්දුව ගැන සතුටු වෙමි.
Singhalawap (talk) 13:52, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
රටේ නායකයෙකුට හෝ වයසක මිනිසෙකුට මහතා යැයි ඇමතීම සුද්දන්ට බැරි වූවාට ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් යැයි සිතමි. --- Shwetha (talk) 14:13, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
හිතවත් ශ්වේත
මමත් එසේම සිතමි.
Singhalawap (talk) 14:17, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
හිතවත් ශ්වේත
මමත් එසේම සිතමි කියූ පමණින් විකිය වෙනස් කිරීම නුසුදුසුය. මන්ද යත් සිංහල විකිය ශ්‍රී ලාංකිකයන්ගේ නොව සිංහල ලියන කිියවන සැමගේ බැවිනි. එයට ශ්‍රී ලංකික හෝ නොවන සිංහල හෝ නොවන සියල්ලන් අයත්ය.
අනෙක මහතා යැයි ඇමතීම එකකි. මහතා යැයි විශ්වකෝශයක යෙදීම තවෙකකි.
Singhalawap (talk) 15:22, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
Singhalawapගේ කරුණු දැක්වීම ඉතා පැහැදිලි අතර එකඟතාවය පළ කරමි.----Randeerjayasekara (talk) 14:26, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
මෙහි එකඟතාවයකට ඒමට පෙර දැනගත යුතු හිස්තැන් කීපයක් පවතී. විදෙස් ඉංග්‍රීසි මාධ්‍යයන්හීද (රූපවාහිනී, ගුවන්විදුලි හා අනෙකුත්) ඉහත අාකාරයේ අාමන්ත්‍රණ රටාව (ඉංග්‍රීසි විකිපීඩියාව අනුගමනය කරන) අනුගමනය කරයි. දන්නා පරිදි කිසිදු මහතා/මහත්මිය වැනි ආමන්ත්‍රණ යොදා නොගනියි. (නමුත් සිංහලවැප් මහතා දක්වා ඇති ඉහත විශේෂ අවස්ථා සියල්ලම ඒ අයුරින්ම එම මාධ්‍යයන්හීද අනුගමනය කරයි. එනම් විශේෂ වූ ආමන්ත්‍රණ පද යොදා ගැනීම) මෙය ඉංග්‍රීසි භාෂාවේ වූ සුවිශේෂීත්වයයි. අපේ සිංහල මාධ්‍යය සැළකූ විට, පුද්ගල කරුණක් ගැන කීමේදී රටට අයත්වන සියළුම ප්‍රභූවරුන්ට හා අදාල සුවිශේෂ පුද්ගලයින්ට සෑම විටම පාහේ සුදුසු ආමන්ත්‍රණ පද යොදනු දැකගත හැකිවේ. එසේම අප රටට අයිති නොවන පුද්ගලයින් ගැනි කීමේදීත්, බොහෝ විට සුදුසු ආමන්ත්‍රණ පද යොදනු දැකගත හැකිවේ (දේශපාලන කරුණු හැරුණු විට). නමුත් ත්‍රස්ථවාදීන්ට, නොමනා පුද්ගලයින්ට මහතා වැනි ආමන්ත්‍රණ යොදා ඇති තැන් දැකීමට අපහසුයි නේද. මෙය අද සමාජය සිංහල භාෂාව භාවිතා කරන ආකාරයයි. එබැවින් ඉංග්‍රීසී විකිය පරිදිම සිංහල විකියත් එම රටාව අනුගමනය කල යුතුද. මෙරට මාධ්‍ය (රූපවාහිනී, ගුවන්විදුලි හා අනෙකුත්), ඉංග්‍රීසි මාධ්‍ය රටාව අනුගමනය නොකරන්නේ ඇයි. (සංවාද වන්නේ පුවතකින් බිදක් (පුවත් මාධ්‍ය) යන කොටස ගැනයි) --- L Manju (talk) 06:31, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
ප්‍රකට ලෝක ප්‍රවෘත්ති සේවයක් වන බීබීසී ප්‍රවෘත්ති සේවය 'කූට්ටන් මහතා' ගේ අභාවය වාර්ථා කර තිබුනේ මෙසේය.
BBC News - 18 November 2014 Last updated at 17:26
Sri Lanka's famous Galle Face Hotel doorman dies
By Charles Haviland BBC News
එහි කුට්ටන් මහතා යනුවෙන් සඳහන් තැන් කීපයක් මෙසේය.
1).Mr Kuttan carried on greeting guests almost until his death;
2).Mr Kuttan's Sri Lankan wife;
3).The hotel held a minute's silence as a tribute to Mr Kuttan, a devout Hindu, who will be cremated on Wednesday.
http://www.bbc.com/news/world-asia-30104851
අවුරැදු 90 කට වැඩි වයසක් ඇති දෙමල ජාතික(?) ජ්‍යාත්‍යන්තර අවධානයට ලක්වූ (රැජිණ ඇතුලු රාජ්‍ය නායකයින්ගෙන් පවා)ඔහූ ලබාඇති ඇගයීම් සළකා බලා 'කුට්ටන් මහතා' යන සාමාන්‍ය ආමන්ත්‍රණ පදය වත් යොදමින් විකිපීඩියාවේ පරිණත බව රැකගැනීම අප කාගෙත් යුතුකමයි.--raju (talk) 11:54, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
You have reverted my edit citing norms of Sinhala Wiki. Quote or Show the link to so called norms. --- Shwetha (talk)
Dear Shwetha
Sinhala wikipeda is a small wikipedia that do not codify all the agreements.
Things has been eveloved for for years slowly. It is the common usage, discussed several times in several places & agreed in general & in use.
Such could be changed slowly with agreement if there is a reason.
Sudden change in 1st page is not appropriate.
You can search the history & archive if you are interested. I would like if I could do that for you as a help but unfortunately I have no time for such.
Happy editing !
Singhalawap (talk) 15:16, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
I do not want to search Wikipedia from its beginning. You are the one who quoted a so-called norm. If you are unable to show it. I assume that it is non-existent. Then, you have tried to misguide another user & you have behaved in a manner unworthy of an Administrator. Please show the norm or I will revert your edit. --- Shwetha (talk) 15:35, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
හිතවතුනි මෙතැන තර්‍කය වන්නේ විකිපීඩියාවේ අන්තර්ගතය ගැන නොව මුල් පිටුවේ ප්‍රවෘත්ති විශේෂාංගය යි.--raju (talk) 15:57, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
විකිපීඩියාවේ අන්තර්ගතයට මුල් පිටුවේ ප්‍රවෘත්ති විශේෂාංගයත් අයිතියි නේද? ---- Shwetha (talk) 16:31, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
අන්තර්ගතය යනු ලිපි නම් ඒවායේදී ගෞරවාර්ථ පද අනිවර්‍ය්‍ය විය යුතු නැත. අවශ්‍යවිට සුදුසු පරිධි යොදාගත හැකිවිය යුතුය. මුල් පිටුවේ ප්‍රවෘත්ති විශේෂාංගයේ තාවකාළික වැකි අන්තර්ගතයට අයත් නොවේ නම් ඒවායේදී ගැලපෙන අන්දමින් ගෞරවාර්ථ පද යෙදීම සුදුසුය. ප්‍රවෘත්ති තාවකාළිකයැයි ද, කාළීනවිය යුතු යැයිද සැලකීමෙනි.

එසේ සැලකීමෙන් වසර 2 කට පමණ පෙර එළබී ඇති

  • පුද්ගල ගෞවරාර්භ සම්මතයක් ලෙස නොයෙදීම
  • අති විශේෂ අවස්ථාවලදී පමණක් එම සම්මතයට පිටින්ගොස් (exception) සීමා සහිතව ගෞරවාර්භ භාවිතය.

යන කරුණු ද උල්ලංගනය නොවේ. --raju (talk) 10:36, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]

පුද්ගල නාමය පමණක් භාවිතය අගෞරවයක් ලෙස සැලකීම යුතු නොවේ. නමුත් සිංහල සමාජය අතීතයේ සිට හුරු වී ඇත්තේ එලෙස කිරීමටයි. හිටපු ජනාධිපතිතුමා පවා මැතිවරණ වේදිකාවේ පුද්ගල නාම පමණක් (ගෞරවාර්භ රහිතව) භාවිත කළ අයුරු මුළු රටේම ජනතාව දුටුවහ. එය අගෞරවයක් නොවන නමුත් හුරු වී ඇති ක්‍රමය අනුව ඇතැම් අය එය වරදක්/අගෞරව කිරීමක් ලෙස දකිති. මෙතැන ගැටළුව බවට පත්ව ඇත්තේ අගෞරව කිරීම නොව විශේෂ ගෞරවයක් නොදැක්වීමයි. එසේ නම් අවැසි අය එය භාවිත කිරීමත් අවැසි නැතැයි සිතන අය එය භාවිත නොකිරීමත් සිදු කිරීමට විකිපීඩියාවේ ඉඩ හසර වෙන් විය යුතුව ඇත.----Randeerjayasekara (talk) 12:39, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]
අප මෙහි සාකච්ජා කරනු ලබන්නේ දේශපාලන භාවිතයන් හෝ ගෞරව දැක්වීම පිළිබදව නොව විකිපීඩියාවේ මුල් පිටුවේ 'පුවතකින් බිදක්' විශේෂාංගයෙහි ප්‍රදර්ශනය වන කාළීන ප්‍රවෘත්ති පලකිරීමේදී යොදාගත යුතු සම්මුතිය කුමක්ද යන්නයි. විශ්වකෝෂ ලිවීමේ සම්මතයන් හා ප්‍රවෘත්ති පළකිරීමේදී පුවත්පත් හා සගරා අනුගමනය කරන සම්මතයන් එකිනෙකට වෙනස් වූ භාවිත දෙකක්ය, යන්නයි අප පැහැදිලි කරගැනීමට උත්සාහ දරනුයේ. වැඩිදුරටත් කියනවානම් පුවත්පත් වල හා ප්‍රවෘත්ති ප්‍රකාශයන් හිදී පුද්ගලයන් පිළිබදව සදහන් කිරීමේදී 'මහතා', 'මහත්මිය' වැනි යෙදීම් යොදාගන්නේද? යන්නයි.--raju (talk) 13:15, 21 ජනවාරි 2015 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම

සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම ගැන යෝජනාවක් මෙහි ඉදිරිපත් කරමි. අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලමි. --- L Manju (talk) 17:45, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]

Translating the interface in your language, we need your help

Hello Singhalawap, thanks for working on this wiki in your language. We updated the list of priority translations and I write you to let you know. The language used by this wiki (or by you in your preferences) needs about 100 translations or less in the priority list. You're almost done!
සියලු විකියන් පරිවර්තන සඳහා එකතු කිරීමට හෝ වෙනස් කිරීමට, translatewiki.net, මීඩියාවිකි ප්රාදේශීයකරන ව්යාපෘතිය භාවිතා කරන්න.

Please register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:06, 26 අප්‍රේල් 2015 (යූටීසී)[reply]

"දේශීය අල වර්ග" වල සිට "ලක්දිව ආහාරමය අල වර්ග" ලෙස වෙනස් කිරීම

පිටුවේ මාතෘකාව,ඔබ , Singhalawap විසින් මෙසේ "දේශීය අල වර්ග" වල සිට "ලක්දිව ආහාරමය අල වර්ග" ලෙස වෙනස් කිරීම ලිපියට හානියකි . දේශීය ලෙස තිබු විශේෂණය වෙනුවට අහාරාමය ලෙස විශේෂණයක් යෙදීමෙන් පලක් නොවේ සියලු දෙනාම පාවිච්චි කරනුයේ "දේශීය අල" ලෙසය ,මාතෘකාවට වඩාත් උචිත වන්නේ එයයි.

හැකිනම් පිටුවේ අල වර්ග සම්බන්දව වැඩියමක් එක්කර දායකවන්න.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Singhalawap&oldid=337273" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි