"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{තොරතුරුකොටුව ක්‍රිකට් ක්‍රීඩාංගනය
{{තොරතුරුකොටුව ක්‍රිකට් ක්‍රීඩාංගනය
|title = ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
|title = ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
|image = RPS Night.jpg
|image = Block B,RPS Colombo.jpg
|location = මාලිගාවත්ත, [[කොළඹ|කොළඹ 09]]
|location = මාලිගාවත්ත, [[කොළඹ|කොළඹ 09]]
|coordinates = {{coord|6|56|22.8|N|79|52|19.3|E|type:landmark|display=it}}
|coordinates = {{coord|6|56|22.8|N|79|52|19.3|E|type:landmark|display=it}}

10:26, 24 සැප්තැම්බර් 2013 තෙක් සංශෝධනය

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
සාමාන්‍ය තොරතුරු
පිහිටීමමාලිගාවත්ත, කොළඹ 09
ඛණ්ඩාංක6°56′22.8″N 79°52′19.3″E / 6.939667°N 79.872028°E / 6.939667; 79.872028ඛණ්ඩාංක: 6°56′22.8″N 79°52′19.3″E / 6.939667°N 79.872028°E / 6.939667; 79.872028
පිහිටුවීම1986
ප්‍රමාණය35,000
අයිතිකරුශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
නිවැසියන්ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
End names
මාලිගාවත්ත අන්තය
ඛෙත්තාරාම අන්තය
වන විට
Source: []

ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය (ඉංග්‍රීසි: R. Premadasa Stadium, දෙමළ: ஆர். பிரேமதாச ஸ்டேடியம்; සාමාන්‍ය වහරේදී ඛෙත්තාරාම ක්‍රීඩාංගනය, රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනය) ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධානතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගනයකි. ආරම්භයේදී මෙය ඛෙත්තාරාම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස ලෙස හැඳින්වූ අතර වර්ෂ 1994 දී මෙය ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කරන ලදී. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ක්‍රීඩාංගනය ආසියාවේ ඉදිකරනලද ප්‍රථම දිවා-රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි ක්‍රීඩාංගනය වීමයි. දැනට ක්‍රීඩාංගනයට යාබදව තණ තීරු 16 කින් යුත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. සෝනි මැක්ස් ක්‍රිකට් ඇකඩමිය සඳහා නේවාසිකාගාරයක්ද සහිත එය 2003 දී ආරම්භ විය. 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා මෙය නවීකරනය කරනු ලැබූ අතර නරඹන්නන් 30000ක් සඳහා ඉඩ පහසුකම්ද නවීන තාක්ෂණයෙන් යුතු බහුමාධ්‍ය කුටි, ක්‍රීඩාගාර ආදිය ඇතුලත් කරනලදී.

ඉතිහාසය

මෙම ක්‍රීඩාංගනය තැනීමේ මුල් අදහස අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ය. 40000 කට අසුන් ගත හැකි කොන්ක්‍රීට් නිර්මාණයක් වූ මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රීඩාංගනයයි. මෙය මුලින්ම විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකා බී’ කණ්ඩායම සහ එංගලන්ත බී’ කණ්ඩායම අතර 1982 පෙබරවාරි 2 වෙනි දින පැවැත්වූ ක්‍රිකට් තරඟයෙනි. මෙම ක්‍රීඩාංගනයට යාබදව පිහිටි ඛෙත්තාරාම විහාරයට යාම පිණිස ඔරු භාවිතා කළ වගුරු බිමක මෙම ක්‍රීඩාංගනය තැනුනේය. ‍ මෙහි පැවති පළමු අන්තර් ජාතික එක් දින ක්‍රිකට් තරඟය නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර 1986 අප්‍රේල් 5 වෙනි දින ඇරඹුනේය. 1992 අගෝස්තු 28 වෙනි දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට මෙම ක්‍රීඩාංගනය දායක විය. මෙම ක්‍රීඩාංගනයේ සිදු වූ විශේෂ සිදුවීමක් නම් 1997/98 වර්ෂයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුනු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව ලබා ගත් ඉහළම ලකුණු වාර්තාවයි. එය ලකුණු 952/6 ක් වූ අතර ඒ දක්වා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය. එම තරඟයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය සනත් ජයසූරිය දැරූ අතර සනත් ජයසූරිය ලකුණු 340 ක්ද, රොෂාන් මහානාම 225 ක්ද රැස් කරමින්දෙවැනි විකට්ටුව සඳහා ලකුණු 576 ක වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වූහ. එය ඒ දක්වා ඕනෑම ටෙස්ට් තරඟයකදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය. වාර්තා බිඳ හෙලූ එම තරඟයෙන් පසු එහි පවත්වන ලද්දේ එක් ටෙස්ට් තරඟයක් පමණී. ඒ නවසීලන්තයට එරෙහිවයි. එකම ආකාරයෙන් සම, පැතලි, තනතිල්ල මද වේගී එකකි. පන්දුව ඉහළ යන්නේ මද වශයෙනි.