"විකිපීඩියා:සුසිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: hy:Վիքիփեդիա:Վարվելակարգ (missing), scn:Wikiquette (deleted)
සුළු Bot: Migrating interwiki links, now provided by Wikidata on d:q4654465
48 පේළිය: 48 පේළිය:
සංස්කරණ පරිකථන හෝ සාකච්ඡා පිටු වල හෝ ලියන විට පැහැදිලි නොකළ [[බියගැන්වෙන උද්ධරණ]] සහ අනෙකුත් ආකාරයේ ව්‍යංගන විවේචන භාවිතය හෝ අනියම් විවේචනය සිදුකිරීම හෝ නොකරන්න.
සංස්කරණ පරිකථන හෝ සාකච්ඡා පිටු වල හෝ ලියන විට පැහැදිලි නොකළ [[බියගැන්වෙන උද්ධරණ]] සහ අනෙකුත් ආකාරයේ ව්‍යංගන විවේචන භාවිතය හෝ අනියම් විවේචනය සිදුකිරීම හෝ නොකරන්න.
[[als:Wikipedia:Wikiquette]]
[[als:Wikipedia:Wikiquette]]
[[ar:ويكيبيديا:قواعد النقاش]]
[[bn:উইকিপিডিয়া:শিষ্টাচার]]
[[map-bms:Wikipedia:Etikawiki]]
[[be:Вікіпедыя:Этыкет]]
[[bar:Wikipedia:Wikiquette]]
[[bg:Уикипедия:Уикиетикет]]
[[ca:Viquipèdia:Viquietiqueta]]
[[cs:Wikipedie:Wikietiketa]]
[[da:Wikipedia:Wikikette]]
[[de:Wikipedia:Wikiquette]]
[[en:Wikipedia:Etiquette]]
[[es:Wikipedia:Etiqueta]]
[[eo:Vikipedio:Etiko de Vikipedio]]
[[fa:ویکی‌پدیا:آداب معاشرت]]
[[fr:Wikipédia:Règles de savoir-vivre]]
[[fy:Wikipedy:Wikikette]]
[[ko:위키백과:토론에서 지켜야 할 점]]
[[hr:Wikipedija:Wikibonton]]
[[id:Wikipedia:Etikawiki]]
[[ia:Wikipedia:Etiquetta]]
[[it:Wikipedia:Wikiquette]]
[[he:ויקיפדיה:כללי התנהגות בין חברי הקהילה]]
[[jv:Wikipedia:Etikawiki]]
[[ka:ვიკიპედია:ეტიკეტი]]
[[hu:Wikipédia:Wikikett]]
[[ml:വിക്കിപീഡിയ:നിയമസംഹിത]]
[[mt:Għajnuna:Wikiketta]]
[[ms:Wikipedia:Etika]]
[[nl:Wikipedia:Wikiquette]]
[[ja:Wikipedia:エチケット]]
[[pl:Wikipedia:Wikietykieta]]
[[pt:Wikipédia:Normas de conduta]]
[[ro:Wikipedia:Wikiquette]]
[[ro:Wikipedia:Wikiquette]]
[[ru:Википедия:Этикет]]
[[sk:Wikipédia:Wikietiketa]]
[[sl:Wikipedija:Etiketa]]
[[sr:Википедија:Викибонтон]]
[[fi:Wikipedia:Etiketti]]
[[sv:Wikipedia:Etikett]]
[[th:วิกิพีเดีย:มารยาทในวิกิพีเดีย]]
[[th:วิกิพีเดีย:มารยาทในวิกิพีเดีย]]
[[tr:Vikipedi:Görgü kuralları]]
[[uk:Вікіпедія:Етикет]]
[[vi:Wikipedia:Quy tắc ứng xử trên Wikipedia]]
[[yi:װיקיפּעדיע:עטיקעט]]
[[zh:Wikipedia:礼仪]]

03:05, 18 අගෝස්තු 2013 තෙක් සංශෝධනය

සංස්කාරකවරුන් හා අශිෂ්ඨ, අවිනීත හෝ වෙනත් රූක්ෂ සන්නිවේදනයන් පිළිබඳ කටයුතු කරන්නේ කෙලෙසද යන්න සඳහා උපකාර අවශ්‍ය නම්, විකිපීඩියා:විකිසුසිරිත් උපකාර බලන්න.

සුසිරිත, හෝ "විකිසුසිරිත", එනම් විකිපීඩියාවේ අනෙකුන් හා සමග කටයුතු කරන්නේ කෙලෙසද යන්න ගැන මූලධර්ම කිහිපයක් මෙම පිටුව මගින් දැක්වෙයි.

විකිපීඩියාවෙහි දායකයන් බොහෝ විවිධ රටවලින් හා සංස්කෘතීන් තුලින් ඉදිරිපත්ව සිටිති. අප අත්දකින්නේ සමහරවිට පුළුල් ලෙසින් වෙනස් වන්නාවූ බොහෝ වෙනස් අදහස් උදහස්, දෘෂ්ටිකෝණ, මතවාද, සහ පසුබිම් වෙති. අනෙකුන් හට ගරුත්වයෙන් සැලකීම තුලින් සහයෝගිත්වයට පදනම් දැමීම මගින් ජාත්‍යන්තර සබැඳි විශ්වකෝෂයක් නිර්මාණය කිරීම ගැන අඩිතාලමක් දැමීමට අප හට කල හැකි වනු ඇත.

විකිපීඩියා සුසිරිතෙහි මූලධර්ම

  • සද්භාවයෙන් සලකන්න. සුසිරිතෙහි දැක්වෙන ආචාරධර්මයන්හී හැසිරෙන්න. සංස්කරණය සිදුකිරීමට පරිපූර්ණත්වයට කිට්ටු නිදහස් ප්‍රතිපත්තියක් ලබා දීම පදනම් කොට ගෙන විකිපීඩියාව මෙතෙක් හොඳින් ක්‍රියාත්මක වී ඇත. ජනයා මෙය වෙත පැමිණෙන්නේ සහයෝගීවත්වයෙන් කටයුතු කිරීමට හා හොඳ ලිපි ලිවීමටය.
  • ස්වර්ණමය නීතිය සිහි දරාගන්න: ඔවුන් නවකයන් වුවත් —ඔවුන් විසින් ඔබ හට සලකනු ඔබ කැමති කෙලෙසද එලෙසින් ඔබ ඔවුන්ට සලකන්න. අප සැම යම් දිනෙක නවකයන්ව සිටි බැවිනි.
  • ආචාරශීලි වන්න: "මහත්වූ කෝපාග්නියක් හෝ නිවීමට මුදු පිළිතුරක් ඉවහල් වෙයි."
  • ඔබ ඉදිරියෙහි සිටින්නෙකුගේ මුවින් ගිලිහෙන එම වදන් වලටම වඩා ලියන ලද වදන් පෙළක් වක්‍රෝත්ති දනවන හා බොහෝ විට වඩාත් පරුෂ බවක් දැක්විය හැකි බව සිහි දරාගන්න—ලියන දේ ඔබ අබියසට පැමිණෙන්නේ වක්ත්‍ර අභිනයන්ගෙන්, වාචික ආවර්ජනයන්ගෙන් හෝ ශරීර භාෂාවෙන් තොරව බව මතක තබා ගන්න. ඔබ ලියා දැක්වීමට වචන තෝරාගැනීමේදී පරිස්සම් වන්න: ඔබ අදහස් කරන දේ හා අනෙකුන් තේරුම් ගන්නා දේ හාත්පසින් විරුද්ධ දේ විය හැක. එලෙසම, ඔබ කියවන දේ අර්ථකථනය කිරීමේදී පරිස්සම් වන්න: ඔබ තේරුම් ගන්නා දෙය අනෙකුන් අදහස් කල දෙය නොවිය හැක.
  • එසේ නොකිරීමට ඉතාමත් සුවිශේෂවූ හේතුවක් නොමැති නම්, සාකච්ඡා පිටු (ලිපි නොව) තුල ඔබගේ පරිකථනයන් අත්සන් කොට දින යොදන්න.
  • එකඟතාවය වෙත සැමවිට නැඹුරුවන්න.
  • තර්ක විතර්කයන්හිදී තතු හෝ කරුණු මිස පුද්ගලීකත්වයන් ඉස්මතු නොකරන්න.
  • අවනිදේශනයන් (ව්‍යාජ නියෝජනයන්) හී නොයෙදෙන්න.
  • අසනු ලබන ප්‍රශ්න නොසලකා නොහරින්න.
  • ඔබගේ සංස්කරණයක් පිළිබඳ අනෙකෙක් එකඟ නොවන්නේ නම්, එය යෝග්‍ය බව ඔබ සිතන්නේ කුමක් නිසාදැයි පැහැදිලි හේතු දක්වන්න.
  • යම් කාරණයකට ප්‍රතිචාරයක් නොමැති නම් එයට ඉඩ සලසන්න, නොඑසේනම් ප්‍රතිභානය හෝ රුචිකත්වය මත පදනම් කොට ගෙන ඔබ එකඟ නොවන විට එය බාර ගන්න.
  • ශිෂ්ඨ වන්න.
  • තිව්‍ර වාද විවාදයකදී එසේ කිරීම දුෂ්කර බව සුපැහැදිලි වුවත්, අනෙක් සංස්කාරකවරුන් ඔබ බලාපොරොත්තු වන අදියරට ශිෂ්ඨ නොවන්නේ නම්, ඔවුන්ට වඩා ශිෂ්ඨ වනු මිස ඔවුන්ට අඩු මට්ටමකට නොයන්න. විවෘත ගැටුමක් වෙත නොගොස් සරුප්-වචන භාවිතයක් වලක්වා ගැනීම හෝ අවම ලෙසින් සාක්ෂාත් කර ගැනීමට මෙලෙසින් ඔබට හැකි වෙයි; එය එසේ සිදුකරගැනීම සඳහා ඔබගේ ක්‍රියා කලාපය ක්ෂුද්‍ර ලෙසින් හෝ ඉවහල් වෙයි: ඔබ පහරකෑමට ලක්වුවද පෙරළා පහර නොදෙන්න—සියළුදෙනා මෙය අගය කරති (හෝ අවම වශයෙන් ඔවුන් එසේ කළ යුතු වෙති).
  • ඔවුන්ගේ වාග් විලාශය ඔබ නොසතුටු කරයි නම් ඒ බව ඔවුන්ට දැක්වීමට නොපැකිලෙන්න (නිද., "මට හිතෙන ආකාරයට ඉහතින් ඔබ ව්‍යාජෝක්තියෙන් යුතුව අදහස් පළකර තිබෙනවා, මට ඒ ගැන හොඳ හැඟීමක් ඇති වුනේ නැහැ. ප්‍රශ්නය විසඳාගන්න උත්සාහ කරමු: ලිපියෙහි අන්තර්ගතය පාඨකයන්ට හොඳින් ඒත්තු යාවි මෙහෙම ලියුවොත් ...").
  • සමාව ඉල්ලීමට සූදානම්ව සිටින්න. සප්‍රාණික සංවාදයන් අතරතුර අප එසේ නොකිව්වේනම් අගෙයි යැයි පසුව සිතන දේ බොහෝවිට අප වෙතින් කියැවේ. එය පිළිගන්න.
  • සමාව දී අමතක කරන්න.
  • ඔබගේ නැඹුරුතාවයන් හඳුනාගන්න, ඒවා දමනය කර ගන්න.
  • එය සිදු කළ යුතු අවස්ථාවේදී ප්‍රශංසා කරන්න. සියළුදෙනා, විශේෂයෙන් සමථයන් බොහෝවිට අවශ්‍ය වන වාතාවරණයකදී, අගයකිරීම් වලට කැමැති වෙති. පරිශීලකයන්ගේ සාකච්ඡා පිටු වල හිතෛෂී සටහනක් බහාලන්න.
  • ඔබ විසින් මුලපිරූ හා දැනට විසඳා ඇති හබයන් එක්කෝ ඉවත් කරන්න නැතිනම් සාරාංශ ගත කරන්න.
  • අනෙකුන් අතරේ අසම්මතීන් අතරට මැදිහත්කරුවෙකු ලෙසින් උදවු වන්න.
  • ඔබ වාද විවාදයේ යෙදෙන්නේ නම් විවේකයක් ගන්න. ඔබ මැදිහත්කරවෙකු නම් විවේකයක් ගන්නා ලෙස නිර්දේශ කරන්න.
  • ඇඟට ගන්නා විට එය හෙමින් කරන්න. ඔබ කෝපයෙන් සිටියි නම්, පරිකථන බහාලීම හෝ සංස්කරණය කිරීම හෝ වෙනුවට විකිපීඩියාවෙන් පරිබාහිර කටයුත්තක යෙදෙන්න. දිනක් හෝ සතියක් හෝ පසුව යළි පැමිණෙන්න. ඔබ විසින් කිරීමට බලාපොරොත්තු වූ වෙනස හෝ ඔබ තැබීමට රිසිවූ කරිකථනය වෙනෙකෙකු අතින් සිදු වී ඇති බව ඔබට පෙනෙනු ඇත. මැදිහත්වීම අවශ්‍ය යැයි ඔබ සිතන්නේ නම් යමෙකු බඳවාගන්න.
  • ගැටුමෙන් ඉවත්ව යන්න හෝ ඔබගේ අවධානය වෙනතක යොමු කළ හැකි වෙනයම් විකිපීඩියා ලිපියක් සොයාගන්න —සිංහල විකිපිඩියාවේ 20,537 තරම් ලිපි ගණනක් ඇත. විකිව්‍යාපෘතියක් වෙත දායකත්වය සපයන්න, ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ඔබගේ බෙහෙවින් අවශ්‍ය සේවාව සපයන්න, හෝ නව ලිපියක් ලියන්න.
  • SuggestBot විසින් ඉදිරිපත් කෙරෙන වෙනත් ලිපි ලැයිස්තුවක කටයුතු කිරීමට ඔබව නම් කරවා ගන්න .
  • විකිපීඩියාව කුමක් නොවන්නේද යන්න සිහි තබා ගන්න.
  • අනුවණින් වන වැරදීම් ලැයිස්තුව සමාලෝචනය කරන්න.
  • හැකි සැම විටකම ප්‍රතිවර්තන මග හරිමින් පැහැදිලි වන්ධල්‍යය අවස්ථාවන්හිදී හැරෙන්නට තුන්-ප්‍රතිවර්තන නීතිය පිළිපදින්න. ප්‍රත්‍යාවර්තනයන් සංස්කරණ සාරාංශ කොටුවෙහි පැහැදිලි කරන්න.
  • සංශෝධනය කරන්න, සංස්කරණය කරන්න, සංවාද කරන්න.
  • ඔබ ගනුදෙනු කරන්නේ ජනයා සමග බව සිහි එලවා ගන්න. ඔවුනටද හැඟීම්, වේදනයන් ඇති අතර සමහරවිට ඔවුනට ආදරය කරන වෙනත් ජනයා මෙලොව සිටිති. අනුනට ගරුත්වයෙන් යුතුව සැලකීමට උත්සාහ කරන්න. විවිධ සංස්කෘතීන්ගෙන් හා ලෝකචාරයන්ගෙන් හෙබියාවූ මෙලොව මහත් විසල් තැනකි. අනුන්ට තේරුම් ගැනීමට අපහසු අණ්ඩර දෙමළ (ප්‍රභාෂාව) භාවිතා නොකරන්න. අක්නාම භාවිතය පරිස්සමින් කරන අතර කිසියම් දෙගිඩියාවක් ඇතිවිය හැකි අවස්ථාවකදී පැහැදිලි කරන්න.
  • අනෙකුන්ගේ සංස්කරණ ප්‍රතිවර්තනය කරන විට, ප්‍රතිවර්තනයෙහි තාර්කිකත්වය (අවශ්‍ය නම් ලිපියෙහි සාකච්ඡා පිටුවෙහි) ලියා දක්වන අතර, ගැටළුවට තුඩු දුන් සංස්කරණ පිළිබඳ දිගු සංවාදයකට සහභාගී වීමට සූදානම්වී සිටින්න. ඔබ සිතන ආකාරය සංසුන්ව අනුන්ට පැහැදිලි කිරීමෙන් බොහෝවිට ඔවුන් ඔබ හා එකඟ වීමට මග පෑදිය හැක; ඔබ විරුද්ධවාදයක් නොඉවසන හෝ අල්පභාෂී (කතාබහෙහි යෙදීමට අකමැති) අයෙක් බව පෙන්වයි නම් අනුන් තුලද එවන් ගති ගුණ ඉස්මතු කිරීමට මග පාදමින් ඔබ සංස්කරණ යුද්ධයක පටලැවීමට කරුණු සලසනු ඇත.

අනියම් විවේචනය මග හරින්න

සංස්කරණ පරිකථන හෝ සාකච්ඡා පිටු වල හෝ ලියන විට පැහැදිලි නොකළ බියගැන්වෙන උද්ධරණ සහ අනෙකුත් ආකාරයේ ව්‍යංගන විවේචන භාවිතය හෝ අනියම් විවේචනය සිදුකිරීම හෝ නොකරන්න.

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:සුසිරිත&oldid=275007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි