"කාර්යය (භෞතික විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ශ්වෙත යාන්ත්‍රික කාර්යය සිට කාර්යය (භෞතික විද්‍යාව) දක්වා පිටු ගෙන යන ලදී
සංස්
1 පේළිය: 1 පේළිය:
{{යළියොමුව|යාන්ත්‍රික කාර්යය|භෞතික විද්‍යාවෙහි "කාර්යය" යන්න සඳහා අනෙකුත් භාවිතා|කාර්යය (විදුලි)|සහ|කාර්යය (තාපගති විද්‍යාව)}}

යාන්ත්‍රික කාර්යය
යාන්ත්‍රික කාර්යය



11:33, 11 ජූනි 2013 තෙක් සංශෝධනය

යාන්ත්‍රික කාර්යය

බලය සහ විස්ථාපනය

බලය හා විස්ථාපනය යන රාශි දෙකම දෛශික වන අතර ඒ දෙකෙහි තිත් ගුණිතය මගින් අදිශ රාශියක් වන යාන්ත්‍රික කාර්යය ගණනය කරනු ලැබේ.



මෙහි f යනු බලය හා විස්ථාපන දෛශිකය අතර කෝණයයි.

මෙකී සුත්‍රය වලංගු වීම සදහා බලය හා කෝණය නියතව පැවතිය යුතුය. රේඛාවක් ඔස්සේ චලනය වන අතරතුර අභි දිශාව වෙනස් විය හැකි වුවද වස්තුවේ පථය තනි සරල රේඛාවක් ඔස්සේ පැවතිය යුතුය.

කාලයත් සමග බලය වෙනස්වන හෝ වස්තුව සරල රේඛීය පථයෙන් පිට පනින අවස්ථාවන්හිදී (1) සමීකරණය සාමාන්‍ය පරිදි යෙදිය නොහැක. නමුත් බලය හා චලනය ආසන්න වශයෙන් නියත වන කෙටි කොටස්වලට සමස්ත චලනය බෙදා ගනිමින් ඒ ඒ එක් පියවරයන්හි දී සිදුවන සමස්ත කාර්යය ප්‍රමාණයන් එකතු කර ගැනීම කළ හැකිය.

යාන්ත්‍රික කාර්යයේ සාධාරණ අර්ථ කථනය පහත රේඛීය අනුකලයෙන් ලබා දේ.





මෙහි C යනු වස්තුව චලිත පථය හෝ වක්‍රය

         F  යනු බලයේ දෛශිකය
         s යනු පිහිටුම් දෛශිකය

dW = F.ds යන ප්‍රකාශනය සපිරිනොවන අවකළණයකි. එනම් Wc ගණනය කිරීම පථය මත රදා පවතින අතර F.ds ලබා ගැනීම සදහා අවකලණය කළ නොහැක.

ශුන්‍ය ‍නොවන බලයකට ශුන්‍ය කාර්යක් කළ හැකි බව (2) සමීකරණය පැහැදිලි කරයි. සරලම අවස්ථාව , ක්‍රියා කරන බලය චලිත දිශාවට සැමවිට ලම්භක වන විට අනුකලය සැමවිට ශුන්‍ය වීමයි. වෘත්ත චලිතයේ දී සිදුවන්නේ මෙයයි. කෙසේ වෙතත් අනුකලය ශුන්‍ය නොවන අගයක් ගන්නා අවස්ථාවන්හිදී පවා එය වරින් වර ධන හා සෘණ අගයන්ගෙන් සමන්විත විය හැකි බැවින් සමහරවිට ශුන්‍ය වීමට ඉඩ ඇත.

ශුන්‍ය නොවන බලයකට ශුන්‍ය කාර්යක් කිරීමේ හැකියාව නිසා කාර්ය හා ඊට සම්බන්ධ කාලයේ විෂයෙන් බලයේ අනුකලය වන ආවේගය නැමැති රාශිය අතර වෙනස පැහැදිලි කරයි. ආවේගය , වස්තුවේ චලිත දිශාව මත රඳාපවතින සංවේදී වු දෛශිකයක් වන ගම්‍යතා රාශියේ වෙනස්වීම මිනුම් කරනා නමුත් කාර්යේ දි ප්‍රවේගයෙහි විශාලත්වය පමණක් සලකයි. නිදසුන් ලෙස වස්තුවක් ඒකාකාර වෘත්ත චලිතයක වටයකින් අර්ධයක් චලනය වීමේදී එහි කේන්ද්‍රාභිසාරී බලය කිසිදු කාර්යයක් නොකරයි, නමුත් එමගින් ශුන්‍ය නොවන ආවේගයක් ඇති කරයි.

යාන්ත්‍රික ශක්තිය

වස්තුවක යාන්ත්‍රික ශක්තිය යනු එහි මුළු ශක්තියෙන් යාන්ත්‍රික කාර්යක් හේතුවෙන් වෙනස්වන කොටසයි. එයට චාලක ශක්තිය හා විභව ශක්තිය අයත් වේ. නමුත් ශක්ති ප්‍රභේද අතරින් දැක්විය හැකි තාප ශක්තිය (ඝර්ෂණය නිසා වැඩි විය හැකි නමුත් එලෙස අඩු වී නොයන ) හා නිසල ශක්තිය (නිශ්චල ස්කන්ධය නියතව පවතින තෙක් මෙය එකම අගයක පවතින) මීට අයත් නොවේ.

වස්තුවක් මත F යන බාහිර බලයක් ක්‍රියා කිරීම නිසා එහි චාලක ශක්තිය Ek1 සිට Ek2 දක්වා වෙනස් වන විට.





ලබාගත් ප්‍රතිඵලය අනුව බාහිර බලයක් වස්තුවක් මත ක්‍රියාකිරීමෙන් සිදු කරනු ලබන යාන්ත්‍රික කාර්යය වස්තුවේ ප්‍රවේග වෙනසේ වර්ගයට අනුලෝමව සමානුපාතික වේ.(සුත්‍රයේ අවසාන පදයේ ඇත්තේ (DV)2 නොව DV2 බව නිරීක්ෂණය කළ යුතුය)

යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය අනුව පද්ධතිය මත ක්‍රියා කරනුයේ සංස්ථිතික බල පමණක් (උදා - ගුරුත්වාකර්ෂණ බලයට පමණක්) හෝ අනෙකුත් බාහිර බල මගින් සිදු කෙරෙන කාර්යයන්ගේ එකතුව ශුන්‍ය වන්නේ නම් එහි සමස්ත යාන්ත්‍රික ශක්තිය නියතව පවතී.

උදාහරණයක් ලෙස නියත ස්කන්ධයක් සහිත වස්තුවක් නිදැල්ලේ වැටෙන විට 1 අවස්ථාවේ දී මුළු ශක්තිය 2 අවස්ථාවේ මුළු ශක්තියට සමාන වේ.




මෙහි,

· Ek යනු චාලක ශත්තිය හා · Ep යනු විභව ශක්තියයි.

සාමාන්‍යයෙන් බාහිර කාර්ය්‍ය චලනය වන පද්ධතිය අතර ඇති ඝර්ෂණ බලය මගින් හෝ අභ්‍යන්තර සංස්ථිතික නොවන බල මගින් හෝ තාපය ලෙස ශක්ති හානියෙන් සිදුවේ.