"දෙවන රාජසිංහ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 2 interwiki links, now provided by Wikidata on d:q3454159 (translate me)
No edit summary
24 පේළිය: 24 පේළිය:
දෙවැනි රාජසිම්හ නැතහොත් දෙවැනි රාජසිංහ රජු (ක්‍රි:ව 1634 -1686 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. ඔව්හු 1656 දී එය ඉතා සාර්ථකව ඉටු කළහ. එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්‍රධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය.

බිහිවීම සහ මුල් අවධිය
== උපත සහ මුල් අවධිය ==

රාජසිංහ යනු සෙනරත් රජුගේ පුතාය. සෙංකඩගල මූලස්ථානය කරගත් කන්ද උඩරට රාජධානියේ දෙවැනි පාලකයා වූයේ සෙනරත්ය. පෘතුග්‍රීසීන් දිවයිනේ මුහුදු බඩ වූ බොහෝ ප්‍රදේශ ඔවුනගේ පාලනයට නතු කරගත් හෙයින් දිවයිනෙහි එකම තනි ස්වාධීන ස්වදේශීය රාජ්‍යය බවට කන්ද උඩරට පත්විය. නිතර නිතර සිදු වූ සටන් නිසා උඩරැටියන් පෘතුග්‍රීසීන් කෙරෙහි තද කළකිරීමෙන් පසුවූහ. ශත වර්ෂයකට පමණ කලින් රණකාමී සීතාවක රාජ්‍යය ලබාගත් කෙටිකාලීන ජයග්‍රහණය නිසා යටත් විජිත පාලකයින් පළවා හැරීම කළහැකි දෙයක් බව රාජධානියෙහි බො‍හෝ දෙනෙක් ඒත්තු ගත්හ. ඉතා ළාබාල අවධියේදී කන්ද උඩරට ‍රාජධානියට 1612 දී එල්ල වූ පෘතුග්‍රීසී ආක්‍රමණයේදී රාජසිංහ රජු ප්‍රතිප්‍රහාර එල්ලකිරීම සඳහා සහාය විය.

10:20, 16 අප්‍රේල් 2013 තෙක් සංශෝධනය

දෙවන රාජසිංහ
මහනුවර රජ
රොබට් නොක්ස්ගේ ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන් , 1693 ග්‍රන්ථයෙහි දැක්වෙන දෙවන රාජසිංහ රජ
රාජ්‍ය සමය1635 – 6 දෙසැම්බර්1687
අභිෂේකය1635
පූර්වප්‍රාප්තිකයාසෙනරත් රජ
අනුප්‍රාප්තිකයාදෙවන විමලධර්මසූරිය රජ
උපත1608
ශ්‍රී ලංකාව
මරණය6 දෙසැම්බර් 1687
ශ්‍රී ලංකාව
භූමදානයශ්‍රී ලංකාව
දරුවන්දෙවන විමලධර්මසූරිය රජ
වංශයHouse of Dinajara
පියාසෙනරත් රජ

දෙවැනි රාජසිම්හ නැතහොත් දෙවැනි රාජසිංහ රජු (ක්‍රි:ව 1634 -1686 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. ඔව්හු 1656 දී එය ඉතා සාර්ථකව ඉටු කළහ. එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්‍රධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය.

උපත සහ මුල් අවධිය

රාජසිංහ යනු සෙනරත් රජුගේ පුතාය. සෙංකඩගල මූලස්ථානය කරගත් කන්ද උඩරට රාජධානියේ දෙවැනි පාලකයා වූයේ සෙනරත්ය. පෘතුග්‍රීසීන් දිවයිනේ මුහුදු බඩ වූ බොහෝ ප්‍රදේශ ඔවුනගේ පාලනයට නතු කරගත් හෙයින් දිවයිනෙහි එකම තනි ස්වාධීන ස්වදේශීය රාජ්‍යය බවට කන්ද උඩරට පත්විය. නිතර නිතර සිදු වූ සටන් නිසා උඩරැටියන් පෘතුග්‍රීසීන් කෙරෙහි තද කළකිරීමෙන් පසුවූහ. ශත වර්ෂයකට පමණ කලින් රණකාමී සීතාවක රාජ්‍යය ලබාගත් කෙටිකාලීන ජයග්‍රහණය නිසා යටත් විජිත පාලකයින් පළවා හැරීම කළහැකි දෙයක් බව රාජධානියෙහි බො‍හෝ දෙනෙක් ඒත්තු ගත්හ. ඉතා ළාබාල අවධියේදී කන්ද උඩරට ‍රාජධානියට 1612 දී එල්ල වූ පෘතුග්‍රීසී ආක්‍රමණයේදී රාජසිංහ රජු ප්‍රතිප්‍රහාර එල්ලකිරීම සඳහා සහාය විය.

රාජසිංහ රජු පිය රජුගෙන් පසු 1634 දී කිරුළ හිමිවිය. (සමහරක් මූලාශ්‍රවල වර්ෂය 1629 ලෙසද සඳහන් වේ)

"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_රාජසිංහ_රජ&oldid=261707" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි