"ගැලලියෝ ගැලලී" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය: 13 පේළිය:
|death_place = [[ආසෙට්රි]],[[ටස්කනි මහා ආදිපාද දනව්ව]], ඉතාලිය
|death_place = [[ආසෙට්රි]],[[ටස්කනි මහා ආදිපාද දනව්ව]], ඉතාලිය
|field = [[තාරකා විද්‍යාව]], [[භෞතික විද්‍යාව]] සහ [[ගණිතය]]
|field = [[තාරකා විද්‍යාව]], [[භෞතික විද්‍යාව]] සහ [[ගණිතය]]
|work_institutions = [[පීසා විශ්ව විද්‍යාලයය]]
|work_institutions = [[පීසා විශ්ව විද්‍යාලයය]]([http://en.wikipedia.org/wiki/University_of_Pisa University of Pisa])
[[පාදුවා විශ්ව විද්‍යාලයය]]([http://en.wikipedia.org/wiki/University_of_Padua University of Padua])
|alma_mater = [[පීසා විශ්ව විද්‍යාලයය]]
|alma_mater = [[පීසා විශ්ව විද්‍යාලයය]]([http://en.wikipedia.org/wiki/University_of_Pisa University of Pisa])
|academic_advisors = [[ඔස්ටීලියෝ රිසි]]
|academic_advisors = [[ඔස්ටීලියෝ රිසි]]([http://en.wikipedia.org/wiki/Ostilio_Ricci Ostilio Ricci])
|notable_students = [[බර්නඩෙටෝ කැස්ටීලි]]
[[මාරියෝ ගුයිඩූචි]]
[[වින්සේන්නියෝ විවියානි]]
|notable_students = [[බර්නඩෙටෝ කැස්ටීලි]]([http://en.wikipedia.org/wiki/Benedetto_Castelli Benedetto Castelli])
[[මාරියෝ ගුයිඩූචි]]([http://en.wikipedia.org/wiki/Mario_Guiducci Mario Guiducci])
[[වින්සේන්නියෝ විවියානි]]([http://en.wikipedia.org/wiki/Vincenzo_Viviani Vincenzo Viviani])
|known_for = [[ප්‍රගති විද්‍යාව]]
[[විශ්ලේෂණ ගති විද්‍යාව|ගති විද්‍යාව]]
[[දුරේක්ෂීය නිරීක්ෂීය තාරකා විද්‍යාව]]
[[සූර්යකේන්ද්‍රවාදය]]
|known_for = [[ප්‍රගති විද්‍යාව]]([http://en.wikipedia.org/wiki/Kinematics Kinematics])
[[විශ්ලේෂණ ගති විද්‍යාව|ගති විද්‍යාව]]([http://en.wikipedia.org/wiki/Analytical_dynamics Dynamics])
[[දුරේක්ෂීය නිරීක්ෂීය තාරකා විද්‍යාව]]([http://en.wikipedia.org/wiki/Telescopic_observational_astronomy Telescopic observational astronomy])
[[සූර්යකේන්ද්‍රවාදය]]([http://en.wikipedia.org/wiki/Heliocentrism Heliocentrism])
|religion = [[රෝමානු කතෝලික සභාව|රෝමානු කතෝලික]]
|religion = [[රෝමානු කතෝලික සභාව|රෝමානු කතෝලික]]
|signature = Galileo Galilei Signature 2.svg
|signature = Galileo Galilei Signature 2.svg
|footnotes = ඔහුගේ පියා සංගීතඥයෙක්වූ [[වින්සෙන්සෝ ගැලීලි]]ය. ඔහුගේ අනියම් භාර්යාව [[මරිනා ගම්බා]] වූ අතර [[මාරියා සෙලෙස්ටේ]] යනු ගැලිලියෝගේ එක් දුවණියක් වූවාය.
|footnotes = ඔහුගේ පියා සංගීතඥයෙක්වූ [[වින්සෙන්සෝ ගැලීලි]]ය ([http://en.wikipedia.org/wiki/Vincenzo_Galilei Vincenzo Galilei]). ඔහුගේ අනියම් භාර්යාව [[මරිනා ගම්බා]] ([http://en.wikipedia.org/wiki/Marina_Gamba Marina Gamba]) වූ අතර [[මාරියා සෙලෙස්ටේ]]([http://en.wikipedia.org/wiki/Maria_Celeste Maria Celeste]) යනු ගැලිලියෝගේ එක් දුවණියක් වූවාය.

02:57, 23 මාර්තු 2013 තෙක් සංශෝධනය

ගැලී‍ලියෝ ගැලිලි
ගිවුස්ටෝ සස්ටමන්ස් විසින් නිර්මිත ගැලී‍ලියෝ ගැලිලි ගේ ආලේඛ්‍ය චිත්‍රය
උපත15 පෙබරවාරි 1564(1564-02-15)[1]
මියගිය දිනය8 January 1642(1642-01-08) (වයස 77)[1]
නිවහනටස්කනි මහා ආදිපාද දනව්ව, ඉතාලිය
ජාතිකත්වයඉතාලියානු
උගත් ශාස්ත්‍රාලයපීසා විශ්ව විද්‍යාලයය(University of Pisa)
ප්‍රසිද්ධව ඇත්තේප්‍රගති විද්‍යාව(Kinematics)
ගති විද්‍යාව(Dynamics)
දුරේක්ෂීය නිරීක්ෂීය තාරකා විද්‍යාව(Telescopic observational astronomy)
සූර්යකේන්ද්‍රවාදය(Heliocentrism)
Scientific career
ක්ෂේත්‍රයතාරකා විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය
ආයතනපීසා විශ්ව විද්‍යාලයය(University of Pisa)
පාදුවා විශ්ව විද්‍යාලයය(University of Padua)
Academic advisorsඔස්ටීලියෝ රිසි(Ostilio Ricci)
සිහිකළයුතු විද්‍යාර්ථියන්බර්නඩෙටෝ කැස්ටීලි(Benedetto Castelli)
මාරියෝ ගුයිඩූචි(Mario Guiducci)
වින්සේන්නියෝ විවියානි(Vincenzo Viviani)
අත්සන
සටහන්
ඔහුගේ පියා සංගීතඥයෙක්වූ වින්සෙන්සෝ ගැලීලිය (Vincenzo Galilei). ඔහුගේ අනියම් භාර්යාව මරිනා ගම්බා (Marina Gamba) වූ අතර මාරියා සෙලෙස්ටේ(Maria Celeste) යනු ගැලිලියෝගේ එක් දුවණියක් වූවාය.

ඉතාලි ජාතික ගැලීලියෝ ගැලිලි භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු සහ දාර්ශනිකයෙකු වූ අතර විද්‍යාත්මක විප්ලවය / පුනරුදය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ මූලික ක්‍රියාකාරකම් අතරට දුරේක්ෂය වැඩි දියුණු කිරීම සහ එමගින් තාරකා විද්‍යාත්මක සොයාගැනීම් සිදු කිරීම සහ කොපර්නිකානු වාදයට සහය පළ කිරීම ද වේ. ගැලීලියෝ “නූතන විද්‍යාවේ පියා” “විද්‍යාවේ පියා” “නූතන භෞතික විද්‍යාවේ පියා” සහ “නුතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ පියා” යනාදී විරුධාවලිවලින් පිදුම් ලබන්නෙකි. ප්‍රගති විද්‍යාව යටතේ ගැලීලියෝ විසින් වර්තමානයේ භෞතික විද්‍යාත්මක ඉගැන්වීම් පටිපාටිවල ආරම්භක අවධියේ උගන්වනු ලබන ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තූන් පිළිබද අධ්‍යයනය කරන ලදී. සූර්ය ලප නිරීක්ෂණය හා ඒවා පිළිබද වැඩිදුර අධ්‍යයනය සිදු කිරීමත් , ගැලීලියානු චන්ද්‍රයන් ලෙස වර්තමානයේ දී හැදින්වෙන බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයන් සිව්දෙනා සොයාගැනීමක් ගැලීලියෝ තාරකා විද්‍යාවට දැක්වූ දායකත්වයට උදාහරණ වේ. තවද ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණය පිළිබද කටයුතු ය‍ටතේ ගැලීලියෝ විසින් මාලිමා යන්ත්‍ර සැලැස්ම ද වැඩි දියුණු කරන ලදී. කොපර්නිකානුවාදයට ගැලීලියෝ විසින් සහාය දැක්වීම ඔහුගේ ජීවිත කාලය තුළ දී විවාදයට තුඩු දුන් කරුණක් විය. භූකේන්ද්‍රවාදය ඇරිස්ටෝටල්ගේ කාලයේ සිටම පිළිගත් මතවාදය වූ අතර ගැලීලියෝ විසින් එය බැහැර කිරීම නිසා කතෝලික පල්ලිය විසින් සූර්ය කේන්ද්‍රවාදය සත්‍ය බව අදහස් පළ කිරීම තහනම් කරන ලදී. ඒ සදහා බලපෑ ප්‍රධාන හේතු වූයේ සූර්ය කේන්ද්‍රවාදය බයිබලයේ වචනාර්ථ අරුතට පටහැනි වීම සහ සූර්ය කේන්ද්‍රනවාදය සදහා වූ සාක්ෂි එකල අල්ප වීමයි. මෙම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ගැලීලියෝට සිය සූර්ය කේන්ද්‍රවාදී අදහස් ප්‍රසිද්ධියේම බැහැර කිරීමට සිදු වූ අතර කතෝලික පරීක්ෂක සභාවේ නියෝග මත ජීවිතයේ අවසාන කාලය නිවාස අඩස්සියට යටත්ව ගෙවීමට සිදු විය.

විද්‍යා පුනරුදය කෙරෙහි මහඟු සේවයක් කළ මොහු ව භෞතික විද්‍යාවේ පියා සහ නූතන විද්‍යාවේ පියා යන නම් වලින් හැදින්වේ. ඔහුගේ සොයාගැනීම් අතරට එක්වන ප්‍රධානම දේවල් වන්නේ බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් 4 දෙනා, හිරු ලප පිළිබඳ කළ අධ්‍යයන සහ දියුණු කල මාලිමා යන්ත්‍රයයි.

සංගීතඥයන් වූ වින්සන්සෝ ගැලීලි සහ ජුයිලා අම්මානාති ට දාව පීසා නගරයේදී උපන් දරු සය දෙනාගෙන් පළමු වැන්නා ගැලීලියෝය. ළමා වියේදී පූජකයෙක් වීමට වුවමනා වුවද තම පියාගේ අනුදැනුම පරිදි පීසා සරසවියේ වෛද්‍ය උපාධියක් සඳහා ඇතුළත් විය. 1591 දී පියාගේ මරණයෙන් පසුව පාදුවා සරසවියට මාරුවක් ලද ඔහු 1610 වනතුරු එහි භූගෝල විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව ඉගැන්වීය. මේ කාලයේදී ඔහු චාලක විද්‍යාව, අභ්‍යවකාශය, පදාර්ථමය ශක්තිය හා දුරදක්නයේ වැඩිදියුණු කිරීම් මගින් විශාල මෙහෙයක් කරන ලදි.

1610 දී ඔහු දුරදක්නයෙන් බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් පිළිබඳව කරන ලද පරික්ෂණ වල වාර්තා එළිදැක්විණි. මීළඟ අවුරුද්දේදී ඔහු රෝමයේ ගණිතඥයන් සහ දර්ශනවාදීන්ට තම දුරදක්නය පිළිබඳ වැඩි විස්තර ලබාදුන්නේය. ගැලීලියෝද සහය දුන් "හිරු මධ්‍යගත ග්‍රහලෝක පද්ධතිය” නම් මතයට 1612 දී දැඩි විරෝධයක් එල්ලවිය. ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වූ "Dialogue Concerning the Two Chief World Systems", කෘතිය 1623 දී ප්‍රකාශයට පත් කෙරිණි. දිගින් දිගටම ඔහුගේ මතවාදවලට විරෝධයන් එල්ලවූ අතර 1632 දී ඔහුට රෝමයේ ශුද්ධ වූ කාර්යාලයට ලෙස වාර්තා කරන ලෙස අණ කෙරිණි.

සටහන්

1. 1.0 1.1 O'Connor, J. J. "Galileo Galilei". The MacTutor History of Mathematics archive. University of St Andrews, Scotland. සම්ප්‍රවේශය 2007-07-24. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)

සැකිල්ල:Link FA

"https://si.wikipedia.org/w/index.php?title=ගැලලියෝ_ගැලලී&oldid=256282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි