"වාර්ගික කොට්ඨාශ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: pt:Enclave étnico
63 පේළිය: 63 පේළිය:
==References==
==References==
http://en.wikipedia.org/wiki/Ethnic_enclave
http://en.wikipedia.org/wiki/Ethnic_enclave

[[en:Ethnic enclave]]
[[en:Ethnic enclave]]
[[pt:Enclave étnico]]
[[sr:Етничка енклава]]
[[sr:Етничка енклава]]

21:31, 5 මාර්තු 2013 තෙක් සංශෝධනය

ඓතිහාසිකව , වාර්ගික කොට්ඨාශගත කිරීම් හි සැකසීම සමහර විට වාර්ගික සාමාජිකයන් විසින් වළක්වනු ලැබූ නිවාස ගොඩනැගීමේදී සිදු වූ අසාධාරණකම් හෝ නගරයේ අනෙකුත් ප්‍රදේශයන්හි ස්ථානගතවීමට , ආගමික සුළුතරයක් නිසා ඇති වූ වාර්ගික ගැටළුව හෝ වාර්ගික මුඩුක්කු සේ නොසිතාම සිදුවන්නකි. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙහි මෙම අසාධාරණකම් කිරීම්, ගිවිසුම කාලයේදී කණ්ඩායම් තමන්ගේ ඉල්ලීම් වෙනස් කිරීමට ප්‍රතික්ෂේප කිරීම, සීමා කළ ගිවිසුම් සහ (Mortgage discrimination) හි ස්වරූපය ගෙන ඇත.වෙනස් සිදු කිරීම් නගරවල වාර්ගික කොට්ඨාශගත කිරීමෙහි ප්‍රස්තුතය කරුණක් ලෙස තවමත් පවතී. අසාධාරණකම් කිරීම් සහ වර්ගවාදය, වාර්ගික කොට්ඨාශගත කිරීම් නිර්මාණය කිරීම යන කාර්ය භාර්ය ඉටු කළත්, ඒවා කරුණුවලට පමණක් සීමා කළ හැකි නොවේ.

අලුත් සංක්‍රමිකයින් සහ සංක්‍රමිකයන් අනෙකුත් සංස්කෘතික පසුබිම්වලින් සහ ඔවුන් උපත් ප්‍රදේශවලින් පවා පැමිණි අසල්වාසීන් සමග පදිංචි විය. මෙම සමාජයේ කොටසක් නොවූ නගරයන්හි පදිංචි වූවන්ට , මෙම වාර්ගික ප්‍රදේශ , උදාහරණ වශයෙන් මයිනා ටවුන්හි චීන ආහාර සහ ලිට්ල් ඉතාලි හි (Little Italys) ඉතාලි නවාතැන් වැනි ආහාර ගැනීමේ හා සාප්පු කඩඉම් සහ අව්‍යාජ වාර්ගික ආහාර සහ සිල්ලර බඩු වෙළඳපොළ වැනි සම්පත් මාර්ගයන් හමු විය.

ජාතික සහ ප්‍රාදේශීය අධ්‍යයන මිණුම් හි සාක්ෂි පෙන්නුම් කෙරෙනුයේ කළු ජාකික නිවැසියන් කැමැත්ත දක්වනුයේ කළු ජාතිකයන්ට හා අර්ධ වශයෙන් සුදු අසල් වාසීන්ට වන අතර සුදු ජාතිකයන් කැමැත්ත දක්වනුයේ 0 සිට 30 දක්වා වූ ප්‍රතිශතයකින් යුතු කළු ජාතිකයන්ට වන බවයි.

දිගින් දිගටම ඇමරිකානු සංස්කෘතියේ පවතින වෙනස්වීම් සමග සමහර ප්‍රජා ව්‍යාපාර නායකයන් , විදේශීය ආදායම් මාර්ගයක් ‍ලෙස මෙම වාර්ගික කොට්ඨාශ විදේශීය ආකර්ෂණය දිනා ගැනීම සඳහා දියුණු කිරීමට විවිධ මාර්ග සොයාගනු ලැබීය‍. මෙම ප්‍රදේශයන්හි සේවාවන් සහ භාණ්ඩ විවිධ වූ ජනවාර්ගික කණ්ඩායම්වලට අනුකූලව හැඩ ගැසී තිබුණු අතර ව්‍යාපාරයන් සඳහා පොදු සියල්ලටම කතා කළ හැකි භාෂාවක් භාවිතා කරනු ලැබීය. චයිනා ටවුන්හි ඇති මාර්ග සංඥා සඳහා ඉංග්‍රීසි භාෂාව සහ චීන භාෂාවල යොදා ගනු ලැබුවා සේ මාර්ග සංඥා සහ ව්‍යාපාර සංකේතයන් සඳහා ස්වදේශික භාෂාවක් හෝ වෙනත් භාෂා මගින් තිබිය හැකිය. තවද, ඉංග්‍රීසි භාෂාව පරිභෝගිකයන් සමග ගනුදෙනු කරන අවස්ථාවලදී යොදා ගනු ලැබේ. එය බොහෝවිට (විශේෂයෙන් ඇමරිකාවේ උපත් සංක්‍රමිකයන්ගෙන් පැවත එන්නන්) ජනවාර්ගික කණ්ඩායම් අතර වුවත් සිදු වේ.

වාර්ගික කොට්ඨාශයෙහි සමහර ඇමරිකානු ප්‍රචලිත සිල්ලර බඩු බෙදාහරින ස්ථානවලින් පහසුවෙන් සොයාගත නොහැකි ආනයන භාණ්ඩ ලබා ගත හැකි සම්පත් මාර්ගයක්ද වේ. ජපන් භාෂා , චිත්‍රපටි වැනි ජපන් භාෂාවෙන් ප්‍රසිද්ධ වූ සංස්කෘතිකමය අංග විකුණනු ලබන්නේ ලිට්ල් ටෝකියෝහිදීය. (Little Tokyo) , පුළුල් පාරාදීසියක වූ (Ginseng) ගින්සෙන්ග් ශාක සහ ඖෂධ ශාක පමණක් නොව හොංකොං සිනමා ( Hong Kong Cinema) වීඩියෝ පට චයිනා ටවුන්හිදී මිල දී ගත හැකි අතර බොලිවුඩ් (Bolly Wood) ඉතා ප්‍රසිද්ධ වීඩියෝපට ලිට්ල් ඉන්දියා (Little India) හිදී සොයා ගත හැක. තවද, මෙම කොට්ඨාශ ගත කිරීම් යනු වාර්ගික භාෂාමය මාධ්‍යයන්ගේ මූලාශ්‍රයකි.මේවා බොහෝවිට ප්‍රචලිත පුවත් සපයන මූලාශ්‍රයන්ට වඩා වෙනස් අවකාශයන්හි ආවරණයක් සපයයි. උදාහරණයක් ලෙස චීන භාෂා පුවත්පත් ඔවුන්ගේ මව්බිම වන චීනයේ ලිපි ආදිය වැඩි වශයෙන් ප්‍රචාරය කරයි. මෙම වාර්ගික මාධ්‍යයන් වඩාත් හොඳින් කේන්ද්‍රීය කෙරෙනුයේ මයිනා ටවුන්හි දේශපාලනික රැළි වැනි තම රටේ සිදුවන අවස්ථා ඇතුළු තමන්ගේ වාර්ගික කොට්ඨාශයේ තොරතුරු සහ චන්ද්‍රිකා සංක්‍රමික ප්‍රජාවන්ගේ තොරතුරු වේ.

යුදෙව් කොට්ඨාශයන් ඉරුව්(eruv) වලින් වටවී තිබිය හැකි අතර මුස්ලිම් කොට්ඨාශ යාඥා කිරීම් දැනුම් දීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර තිබිය හැකිය.

ජනවාර්ගික කොට්ඨාශයන්හි අදහසේ තේරුම , රටට පැමිණෙන පුද්ගලයන්ට ඇමරිකානු සිහිනයක් යැයි කියා ගන්නන් වේ. මෙය හුදු වාර්ගික කණ්ඩායමක හෝ යම් සංස්කෘතියක වටපිටාවක්ම නොව, එය අළුතින් ජීවිත ආරම්භ කරන්නන්ට සැප පහසු කලාපයකි. මෙම ප්‍රදේශ පැවතීමට හේතුව නම් බොහෝ සංක්‍රමිකයන්ට මෙන් ඔබටද කිසිම දෙයක් නැති නිසාත්, ඔබට ආරම්භයක් සිදු කිරීමට ස්ථානයක් අයශ්‍යය නිසාත්ය. තවද, සංක්‍රමිකයන් වෙනත් රටකට යන විට එය ඔවුන්ට සමාන තත්වයන් යටතේ සිටින සහ එකම භාෂාව කථා කරන මිනිසුන් සමග අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට පහසු වේ. එය සමාන සංස්කෘතීන්වල සිට පැමිණි පුද්ගලයන් සමග රැකියාවක්සොයා ගැනීමට හා ව්‍යාපාර ඇරඹීමට වඩාත් පහසු වේ.

ජනවාර්ගික කොට්ඨාශගත කිරීම් කළ ප්‍රදේශයක් යනු ඇමරිකානු නගරයෙහි ද්වීතික බැඳීමක් වුවත් එය ඊට වඩා වැඩි යමක් වේ. තනි සමාන සංස්කෘතීන් සහ සමාන වාර්ගික කණ්ඩායම්ගෙන් වට වී ඇති නිසා ඇමරිකානු වාර්ගික කො‍ට්ඨාශ ගත කිරීම් කළ ප්‍රදේශයන් සංක්‍රමිකයන්ට වටිනා යමක් ඇති ස්ථානයක් මෙන්ම සැප පහසු ලෝකයක් ද වේ. ඇමරිකාවට හෝ වෙනත් රටකට යෑමේ දී ඔවුන්ට මෙම ස්ථානය නතර වීමට සුදුසු මෙන්ම ඔවුන් යටතේ පදනමක් ද සකසා ගැනීමට හැකියාව ඇත.

19 වන 20 සියවසේදී ගම්බද ප්‍රදේශයන්ගේ සිට පැමිණෙන සංක්‍රමික ජනගහනය, නව සංක්‍රමිකයන්ට ඔවුන් එන විට රැගෙන ආ යමකට වඩා වැඩි යමක් තිබුණේ නැත. ඔවුන් බොහෝ විට වාර්ගික කොට්ඨාශ ගත කිරීම් කළ ප්‍රදේශවල රැකියා සොයා ගනු ලැබූ අතර ඔවුන් , ඔවුන් වෙනුවෙන් හෝ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් වඩාත් හොඳ අවස්ථාවන් වෙනුවෙන් සංක්‍රමණය වීමට බලාපොරොත්තු වෙමින් ඔවුන් එහි කාර්යයන් සිදු කළ අතර එහිම යලි ස්ථාපිත වුණා විය. තවද, ඔවුන්ට ඇමරිකානු සංස්කෘතිය උකහා ගැනීමට උපකාරීවන ස්ථානයක්ද විය.

ජනවාර්ගික ප්‍රජාවකින් වෙනස් වූ ජන කොටස්

ජනවාර්ගිකව වට වූ ප්‍රජාවක් හෝ ජනවාර්ගික වටපිටාවක් යනු වටපිටාවක් , දිස්ත්‍රික්කයක් හෝ උප නගරයක් වැනි විශාල ප්‍රදේශයක යම්කිසි වූ සංස්කෘතික වශයෙන් ප්‍රභේදනය වී ඇති ප්‍රදේශයකි. ඇතැම් විට සම්පූර්ණ නගරයන් තුළ මෙවැනි හැඟීමක් තිබිය හැකිය. සාමාන්‍යයෙන් මෙම කොටස්වීම සමාජයේ ජීවත්වන පුද්ගලයන් විසින් පවත්වා ගෙන යන ව්‍යාපාර මත කේන්ද්‍රණය වී ඇත. මොවුන් සාමාන්‍යයෙන් කණ්ඩායම් වශයෙන් සම්බන්ධ වී ඇත. වර්තමානයේ බෙදීම් නගර කරා සංචලනය වන අතර නව බෙදීම් විශාල නගර වලින් පිටත ප්‍රදේශවල බිහිවෙමින් පවතී. එයට හේතුව වර්තමානයේ මෙම වට වී ඇති ප්‍රජාවෙහි / නැත්නම් ප්‍රදේශයේ මිනිසුන්ට ජීවත් වීමට සුදුසු ස්ථානයක් නොවන නිසාත් වෙනත් රටවලින් පැමිණෙන මිනිසුන් බොහෝ මුදල් ප්‍රමාණයක් ඉපයීමටත්, ඊට අමතරව ඔවුන් උප නගරයන්හි ජීවත් වීමට පටන් ගැනීමත් නිසාය. මෙම ජනවාර්ගික බෙදීම් ඇමරිකා එක්සත් ජනපදයෙහි පමණක් නොව මුළු ලෝකය පුරාම ඇති වී ඇත‍.


ජන වර්ගයකට සීමා වූ ප්‍රදේශ සහ ඒවායේ ස්වරූප චයිනා ටවුන් වර්ග

චයිනා ටවුන් යනු අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි චීන ජනතාව වැඩි වශයෙන් වාසය කරන, ඔවුන්ගේ වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන එක්තරා නගරයක (චීනයේ නොවේ) පිහිටි ප්‍රදේශයකි. මෙවැනි චයිනා ටවුන් ගිණිකොන දිග ආසියාවේ සහ උතුරු අමෙරිකාවේ සුලභ දක්නට ලැබේ.

සෑම චයිනා ටවුමකටම දීර්ඝ ඉතිහාසයක් ඇත. උදාහරණ වශයෙන් බැංකොක්හි සඔවරන් පාරේ සහ ජපානයේ නාගසාකි නුවර තිබෙන චයිනා ටවුන් දැක්වියහැක. ජපානයේ නාගසාකි නුවර ෂින්චිමචි චයිනා ටවුම අවුරුදු 300 ක් තරම් පැරණිය. බැංකොක්හි පිහිටි චයිනා ටවුම අවුරුදු 200 කට පමණ කලින් චීන වෙළඳුන් විසින් ආරම්භ කරන ලද්දකි. අනෙකුත් චයිනා ටවුන් බොහෝ අලුත් ඒවා වෙයි එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවර චයිනා ටවුම ආරම්භ කරන ලද්දේ 1990 වසරේදීය. 2005 දී සම්පූර්ණ කිරීමට නියමිත කොරියාවේ සියොල් නුවරට පිටත ප්‍රදේශයක තිබෙන චයිනා ටවුමත්, ලාස් වේගාස් හි චයිනා ටවුමත් හැරුණු විට බොහෝ චයිනා ටවුන් ගොඩ නැගී ඇත්තේ නිසි සැලසුමකට අනුව නොවේ. ඇත්තෙන්ම ජර්මනිය, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය වැනි ලෝකයේ බොහෝ රටවල් වල ඇතැම් ප්‍රදේශ චයිනා ටවුමක් බිහිවනු දැකීමට සහ ඒවා සංවර්ධනය වනු දැකීමට කැමතිය.

පුංචි ඉතාලිය

පුංචි ඉතාලිය යනු ප්‍රමුඛ වශයෙන් ඉතාලි ජාතිකයින් හෝ ඔවුන්ගෙන් පැවත එන අය විසින් ජනාවාස කළ ප්‍රදේශ වලට භාවිතා වන සාමාන්‍ය නමයි. එය විශේෂ අසල්වැසි ඉතාලි කණ්‍ඩාායමකට යෙදූ නමක්ද විය හැකිය. ඇතැම් අසල්වැසි ඉතාලි කණ්ඩායම් වලට වෙනත් නම්ද තිබෙන්නට පුලුවන. එහෙත් සාමාන්‍ය වහරෙහි යොදනු ලබන්නේ ‘පුංචි ඉතාලිය’ යන්නයි.

කලු අසල්වාසීන්

මෙවැන්නකට ඉතා හොඳ උදාහරණ ලෙස නිව් යෝර්ක් සිටි හි හාර්ලෙම් ද, පිට්ස්බර්ග් හි ද හිල් දිස්ත්‍රික්කයද පෙන්විය හැක. බොහෝ කලු අසල්වැසි කණ්ඩායම් සහිත ප්‍රදේශ ඇති වී ඇත්තේ ජනවාර්ගිකව නොසළකා හැරීම් සහ ඔවුනට කෙරුනු හිංසා කිරීම් හේතුවෙනි.

අයිරිෂ් ටවුන්

මධ්‍යතන යුගයේ සහ ඉන් පසුව මුල් ජන්මය හිමි අයිරිෂ් ජනතාවට බොහෝ නගර වල පවුරෙන් ඇතුලත වාසය කිරීම තහනම් කර තිබුනේය. එවැනි ප්‍රදේශ පසු කලෙක අයිරිෂ් ටවුන් වශයෙන් හැඳින්වීම ආරම්භ වුනු අතර එවැනි ප්‍රදේශ වල නම් බොහෝ නගර වල නවීන නම් ලෙස තවමත් භාවිතා වේ. උදාහරණ වශයෙන් Athlone, Dublin, Kilkenny සහ Limeric පෙන්වා දිය හැක.

ග්‍රීක ටවුන්

ග්‍රීක් ටවුන් යනුවෙන් හැඳින්වෙන්නේද ප්‍රධාන වශයෙන් ග්‍රීක්වරුන්ගෙන් ජනාවාසවී ඇති ප්‍රදේශයකි. අසල්වැසි ග්‍රීක ප්‍රදේශයකටද එම නම පාවිච්චි කෙරෙන අතර, ඇතැම් එවැනි ස්ථාන වලට වෙනත් නම්ද යොදා තිබේ. (ටොරොන්ටෝ නගරයේ පුංචි ඇතන්ස් එවැන්නකි.)

ජපන් ටවුන්

ජපන් ටවුන් යනු ජපන් අමෙරිකන්, ජපන් කැනේඩියානු නැතහොත් ජපන් පිලිපීන ප්‍රජාවන් ලොකු නගර වල වාසය කරන ප්‍රදේශ වලට භාවිතා කරන නමයි. විකල්ප වශයෙන් එවැනි ප්‍රදේශ වලට පුංචි ටෝකියෝ, නිහොන්මචිස්, නැතහොත් ජේ - ටවුන් යන නම් භාවිතා වේ. ලිබර්ඩේඩ් යනුවෙන් බ්‍රසීලයේ සාඕ - පවුලෝ නගරයේ ජපාන දිස්ත්‍රික්කයක් තිබෙන අතර පිලිපීනයේ මැනිලා, පැසෝ, ඩිලාඕ සහ සැන් මැගුවෙල් අනෙකුත් එවැනි ජපන් ටවුන් වේ ජපානයෙන් පිටත වැඩි ජපන් ජනගහණයක් ඇත්තේ එම ප්‍රදේශ වලයි.

පුංචි සයිගොන්

වියට්නාම් සංක්‍රමණිකයන් සහ ඔවුන්ගෙන් පැවත එන ජනතාව වියට්නාමයෙන් පිටත (විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ) ඇති කර තිබෙන ජනාවාස පුංචි සයිගොන් යනුවෙන් හැඳින්වේ. එහෙත් වියට්නාමයේ උතුරු පෙදෙසින් එවැනි ජනාවාස වලට පැමිණෙන්නේ සුලු පිරිසකි.

පුංචි මැනිලා

පුංචි මැනිලා නැතහොත් මැනිලා ටවුන් හෝ ෆිලිපිනෝ ටවුන් යනුවෙන්ද හැඳින්වෙන්නේ වැඩි වශයෙන් පිලිපීන ජාතිකයින් වාසය කරන ප්‍රදේශයයි. “පුංචි මැනිලා” නමින් හැඳින්වෙන පෙදෙස් විරලය. එමෙන්ම ඒවා ඉතා කුඩාය. මෙය තරමක් දුරට සත්‍ය වන්නේ පිලිපීන අමෙරිකන්වරු විවිධාකාර උප නගර ප්‍රදේශවලට බෙදී හෝ වෙනත් ජන කණ්ඩායමකට මිශ්‍ර වී ජීවත් වන බැවිනි.

නවාර්ගිකව වෙනස් වූ ජන කොටස් හි ආර්ථික කටයුතු

ජනවාර්ගික විවිධ වූ සාධකයන්ගෙන් වෙනස් වූ ප්‍රජාවන්ගේ බොහෝ හේතු නිසා ප්‍රජාවක සාමාජිකයන් විසින් ව්‍යාපාර ආරම්භ කරනු ලැබූ අතර එය එම පෙදෙස්වලට (enclave) යාමට කැමති මිනිසුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයද වුණා. සාම්ප්‍රධායික සාප්පුවල ප්‍රධාන වශයෙන් වෙළඳාම් කළේ බොහෝ විට මිනිසුන් පැමිණ සිටි රටවල් වල සිට ගෙන ආ ආහාර සහ ඇඳුම් පැළඳුම්ය. මෙම ව්‍යාපාරයන්හි වර්ධනය සිදු වීමට හේතුව වූයේ මෙම මිනිසුන් යාමට සිදු වූ ප්‍රධාන, ප්‍රජාවන්ගෙන් වට වූ පෙදෙස්හි නගරයන්හි ප්‍රධාන නැතිනම් මූලික කර්මාන්ත වලිනි. තවද, මෙම මිනිසුන් හට ඉංග්‍රීසි භාෂාව හොඳින් කතා කිරීමට නොහැකිවීමත්, මොවුන්ට, ඔවුන්ගේම කියා ව්‍යාපාර ඇරඹීමට යොමු වීමට සිදු වුණ , ඔවුනට සිදු වූ වෙනස්කම්වලට එරෙහිව නැගීමට බොහෝවිට ස්වයං රැකියා හොඳින් සාර්ථක තේරීමක් විය. ඔවුන්ගේම ව්‍යාපාර ඇරඹූ පුද්ගලයන් හට , හේතුව බොහෝ මිනිසුන් මෙම සාප්පුවල පැමිණෙනු ඇති අතර ඔවුනට වෙනත් විශාල ව්‍යාපාර වලින් සිදුවන තරඟයට ද මුහුණ දීමට සිදු නොවේ.

මෙම පෙදෙස්හි (in enclave) ආර්ථිකය, අනෙකුත් ආර්ථිකයන්ගෙන් ආවරණය කර ඇති අතර මූලිකව ඔවුන්ට තමන්ගේම ආර්ථිකයක් තිබේ. මෙම ප්‍රජාවන්ගෙන් වටවූ පෙදෙස් සාමාන්‍යයෙන් එම පෙදෙස්වල ජීවත් වන මිනිසුන්ට වෙන්කර තබනවා සේම සමාන ජනවාර්ගික පසුබිමක් ඇති එම පෙදෙස්වල ජීවත්වන අනෙකුත් මිනිසුන් හට එමෙන්ම මෙම තත්වය වෙනස් වූ පසුබ්ම්වලින් පැමිණ සිටින පුද්ගලයන් හට , මෙම ප්‍රදේශයෙහි ව්‍යාපාරයක් ඇරඹීමට හෝ රැකියාවක් ලබා ගැනීම ලබා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්වේ.නිවාස තැනීම , ශ්‍රමය යෙදීම සහ මූලික වෙළඳපොළට සමබන්ධ වීම පිටස්තර තරඟය මගින් ආවරණය කරනු ලැබූ නිසාවෙන් හා එම දේවල් කිරීමට එම පෙදෙස්හි මිනිසුන්ට බාධා පනවා තිබේ. තවද, ඔවුන්ට රජයේ නීති රීති හා රජයේ බාධා කිරීම් නිසාද ඔවුන් ආවරණය කර තිබේ. මෙම ආවරණ ආර්ථික ස්වරූපය, මූලික ආර්ථික වෙළඳපොළට එකතු වීම සඳහා ධනාත්මක විකල්පයක් ලෙස හැඳින්විය හැක්කේ එය මගින් එම පෙදෙස්හි මිනිසුන්ව පිටස්තර තරඟයෙන් ආරක්ෂා කරන බැවිනි.

References

http://en.wikipedia.org/wiki/Ethnic_enclave

"https://si.wikipedia.org/w/index.php?title=වාර්ගික_කොට්ඨාශ&oldid=247779" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි