"අඟහරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (Robot: Modifying mt:Mars to mt:Marte (pjaneta)
සුළු r2.6.6) (රොබෝ එකතු කරමින්: nap:Marte
171 පේළිය: 171 පේළිය:
[[mzn:مریخ]]
[[mzn:مریخ]]
[[nah:Chīchīlcītlalli]]
[[nah:Chīchīlcītlalli]]
[[nap:Marte]]
[[nds:Mars (Planet)]]
[[nds:Mars (Planet)]]
[[nds-nl:Mars (planeet)]]
[[nds-nl:Mars (planeet)]]

20:37, 3 මාර්තු 2013 තෙක් සංශෝධනය

හබිල් අභ්‍යවකාශ දුරදක්නයකින් අඟහරු ග්‍රහයා දිස්වෙන අයුරු

අඟහරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට 'රතු ග්‍රහයා' යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මාස් (Mars) යන ‍ඉංග්‍රීසි නාමය එයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කරමිනි.

අඟහරු ග්‍රහයා තුනී වායුගෝලයක් සහිත ‍භෞමික ග්‍රහයෙකු වන අතර චන්ද්‍රයාගේ දක්නට ඇති ගැටීම් නිසා ඇති වූ ආවාට සහ පෘථිවියේ දක්නට ඇති ගිනි කඳු, තැනිතලා, කාන්තාර සහ ධ්‍රැවවල ඇති අයිස් තොප්පිවල නෂ්ඨාවශේෂ අඟහරු පෘෂ්ඨය මතද දක්නට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙස දැනට හඳුනාගෙන ඇති ඔලිම්පස් මොන්ස් කන්ද පිහිටා ඇත්තේ අඟහරු ග්‍රහයාගේ ය. තවද ‍විශාලතම අගාධය වන වැලිස් මැරියිනරීස් ද පිහිටා ඇත්තේ මෙහිය. මෙම භූගෝලීය ලක්ෂණ හැරුණු කොට අඟහරුගේ භ්‍රමණ කාලය සහ දේශගුණික සෘතු රටාවද පෘථිවියට සමානය.

1965 දී මැරිනර් 4 යානය අඟහරු අසලින් ගමන් ගන්නා තුරුම අඟහරු ග්‍රහ පෘෂ්ඨය මත ද්‍රව ජලය ඇති බව අනුමාන කෙරුණි. මෙම අනුමානය පදනම් වුයේ විශේෂයෙන් ම ධ්‍රැවාශිත අක්ෂාංශ වල දක්නට ලැබුණු අඳුරු සහ ලා පැහැති පැල්ලම් හේතුවෙනි. මෙම පැල්ලම් සමුද්‍ර සහ අර්ධද්වීප ලෙස පෙනී ගිය අතර අඳුරු පැහැති ඉරි, ඇතැම් නිරීක්ෂකයින් විසින් අර්ථකථනය කළේ ද්‍රව ජලය සහිත ජල මාර්ග ලෙසය. කෙසේ නමුත් පසු කලක මෙවැනි අඳුරු ඉරි දෘෂ්ටි මායාවක් ලෙසට පැහැදිලි කෙරුණි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතුරින් පෘථිවියේ හැරුණු විට ද්‍රව ජලය සහ ජීවය හමුවන්නට වඩාත් ම ඉඩ කඩ ඇත්තේ අඟහරු ග්‍රහයා මතය.

අඟහරු ග්‍රහයා වටා මේවන විට ක්‍රියාකාරී අභ්‍යාවකාශ යානා තුනක් කක්ෂ ගත කොට ඇත. මාර්ස් ඔඩිසි, මාර්ස් එක්ස්ප්‍රස් සහ මාර්ස් රෙකොනයිසන්ස් ඕබිටර් ‍එම යානා තුනයි.

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතුරින් පෘථිවියට පසු වැඩිම යානා ගණනක් කක්ෂ ගත වී ඇත්තේ අඟහරු වටාය. තවද ස්පිරිට් සහ ඕපර්ච්නිටි නමැති අඟහරු ගවේෂණ ‍යානා දෙකක් ද එහි පෘෂ්ඨය මත තිබේ. මේවායින් ලබා ගන්නා භූගෝලීය සාක්ෂි වලින් යෝජනා වන්නේ අඟහරු ග්‍රහයා මින් පෙර විශාල ලෙස ජලයෙන් වැසී තිබෙන්නට ඇති බවත් මෑත කාලයේ දී කුඩා ජල දහරා ඒ මත ඇති වී තිබෙන බවත් ය.NASA (නාසා) ආයතනයේ අඟහරු විශ්ව ගවේෂණය මඟින් පෙනීගොස් ඇත්තේ දකුණු ධ්‍රැවයේ කොටසක ඇති ‍අයිස් තට්ටු අඩු වෙමින් පවතින බවය.

අඟහරු ග්‍රහයා සතුව ෆෝබොස් සහ ඩෙයිමෝස් නමින් චන්ද්‍රයන් දෙදෙනෙක් සිටී. මේවා අඟහරු වෙත හසුවුනු ග්‍රහකයන් විය හැකිය. පෘථිවියේ සිට පියවි ඇසින් අඟහරු ග්‍රහයා දැකගත හැකි අතර එහි විශාලත්වය 2.9 ක් වේ. එහි දීප්තිමත් බව දෙවැනි වන්නේ සිකුරු ග්‍රහයාට, චන්ද්‍රයාට සහ සූර්යයාට පමණි. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දී බ්‍රහස්පති ග්‍රහයා අඟහරුට වඩා දීප්තිමත්ව පියවි ඇසට දිස් වේ.


අඟහරුගේ කක්ෂය සහ භ්‍රමණය

ගොනුව:ThePlanets Orbits Ceres Mars PolarView.svg.png
අඟහරු සහ සිරිස්(Ceres) අතර සම්බන්ධතාවය පෙන්නුම් කරයි

අඟහරුගේ සිට සූර්යයාට සාමාන්‍ය දුර දළ වශයෙන් කිලෝමීටර මිලියන 230 ක් වන අතර එහි කක්ෂගත වීමේ කාලය පෘථිවි දින 687 ක් වේ. අඟහරුගේ සූර්ය දිනයක් පැය 24 මිනිත්තු 39 තත්පර 35.244 ක් වන බැවින් එය පෘථිවියේ සූර්ය දිනයකට වඩා වැඩි වන්නේ සුළු වශයෙනි. අඟහරුගේ වසරක් පාථිවි වර්ෂ 1.8809 කට නැතිනම් වසරක් දින 320 ක් සහ පැය 18.2 කට සමාන වේ.

අඟහරුගේ අක්ෂයෙහි අංශක 25.19 ක ආනතියක් ඇති අතර එය පෘථිවි අක්ෂයේ ආනතියට ආසන්න වශයෙන් සමාන වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අඟහරු ග්‍රහයාගේ ද පෘථිවියේ මෙන් සෘතු දක්නට ලැබෙන අතර අඟහරු ග්‍රහයාගේ වර්ෂය පෘථිවි වර්ෂයට වඩා දීර්ඝ බැවින් එහි සෘතු කාල පරාසයන් ද දීර්ඝ වේ. අඟහරු ග්‍රහයා සූර්යයාට සමීපතම ලක්ෂයට 2007 ජුනි මාසයේ දී පැමිණුන අතර සූර්යයාගෙන් දුරස්තම ලක්ෂයට පැමිණුනේ2008 මැයි මාසයේ දීය.

අඟහරු ග්‍රහයා සතුව 0.09 ක කක්ෂි විකේන්ද්‍රීයතාවයක් දක්නට ලැබෙන අතර සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන්ගේ මීට වැඩි විකේන්ද්‍රීයතාවයක් පෙන්නුම් කරන්නේ බුධ ග්‍රහයා පමණි. කෙසේ නමුත් අතිතයේ දී අඟහරු ග්‍රහයාගේ කක්ෂය දැනට වඩා වෘත්තාකාරව පැවති බව සොයා ගෙන තිබේ. පෘථිවි වර්ෂ මිලියන 1.35 කට පෙර එහි විකේන්ද්‍රීයතාවය 0.002 ක්ව පැවති අතර එය අද පෘථිවියේ දක්නට ලැබෙන විකේන්ද්‍රීයතාවයට වඩා අඩුය. අඟහරු පෘථිවි චක්‍රය වන වසර 100,000 සමඟ සසඳන විට අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීයතා චක්‍රය පාථිවි වර්ෂ 96,000 ක් වේ. කෙසේ නමුත් අනෙක් ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීය බව වැඩිවෙමින් පවතී. පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතර ආසන්නතම දුර තවත් වසර 25,000 ක් ඇතුලත අඩු වී යනු ඇති බවට අනාවැකි පල වේ.

කක්ෂයේ ලක්ෂණ

ඉහත රූපයේ ෆෝබෝස් (Phobos) හා ඩෙයිමෝස් (Deimos) කක්ෂ පිහිටා ඇත. අඟහරුගේ උතුරු ධ්‍රැවයේ සිට එය දැකිය හැකය. (‘ෆෝබෝස්’ හා ඩෙයිමෝස්’යනු අගහරුගේ උපග්‍රහයන් 2කකි.) ෆෝබෝස් හි කක්ෂය අගහරුට ඉතා ආසන්නව පිහිටයි. මේ නිසා අසාමාන්‍ය ප්‍රතිඵල දැකිය හැකිය. අගහරුගේ සිට බලන විට ෆෝබෝස් චන්ද්‍රයාගේ දර්ශනය පෘථිවියේ චන්ද්‍රයා පෙනෙන විශාලත්වය මෙන් 6400 ගුණයක් විශාලව පෙනේ. එමෙන්ම පෘථිවියේ චන්ද්‍රයා මෙන් 2500 ගුණයක් දීප්තිමත් වේ. අගහරුගේ අහසේ ¼ ක ප්‍රමාණයක් මෙම චන්ද්‍රයාගේ දර්ශනයෙන් වැසෙයි. ෆෝබෝස් චන්ද්‍රයා පරිභ්‍රමණය වන්නේ අගහරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවටයි. නමුත් පරිභ්‍රමණ වේගය අගහරුගේ භ්‍රමණ වේගයට වඩා ඉතා වැඩි වේ. මේ හේතුවෙන් ෆෝබෝස් චන්ද්‍රයා බටහිරින් පායා, පැය 4 කින් පමණ නැගෙනහිරින් බැස යයි. දිනකට දෙවරක් මෙය සිදුවේ. (පැය 11 විනාඩි 6 කට වතාවක්) ෆෝබෝස් අක්ෂය සමකයට ආසන්න වේ. මේ හේතුවෙන් අංශක 70.4 ට ඉහළ අක්ෂාංශයන්ට මෙම චන්ද්‍රයා දැකිය නොහැකිය. අගහරුගේ සමකයේ සිට ෆෝබෝස් චන්ද්‍රයාගේ විෂ්කම්භය පෘථිවියේ සිට, පෘථිවිය චන්ද්‍රයා දකින ආනතියෙන් 1/3 ක වෙනසක් දක්වයි. අක්ෂාංශවල අගය ඉහළ වන විට මෙම ආනතිය අඩු වේ. මෙ හේතුවෙන් ෆෝබෝස් හි දර්ශනය වන විශාලත්වය 45% ක පරාසයක විචලනය වේ. දෘෂ්‍ය ආනතිය ෆෝබෝස් පායන විටදී 0.140 ද, බැස යන විට 0.200 ද වේ. සූර්යයාගේ ආනතිය අගහරුට 0.350 ක් වේ.

සූර්යග්‍රහන ෆෝබෝස් චන්ද්‍රයාගේ සමීප පිහිටීම නිසා නිරන්තර සූර්යග්‍රහන ඇතිවේ. නමුත් මේ සියල්ල අර්ධ සූර්යග්‍රහන වේ. පූර්ණ සූර්යග්‍රහණයක් සිදු කිරීමට තරම් ෆෝබෝස් විශාල නොවේ. මෙම අර්ධ සූර්යග්‍රහන අභ්‍යවකාශ යානාවලින් හා අගහරු මත ඇති රොබෝ යන්ත්‍ර වලින් ඡායාරූපගත කොට ඇත.

ෆෝබෝස් හි අනාගත ව්‍යසනය ෆෝබෝස් ගේ ඉතා සමීප කක්ෂගත වීම නිසා අගහරුගේ ගුරුත්වය මගින් කක්ෂය තව ලං කරමින් තිබේ. එය වසර 100 කට මීටර් 1.8 ක ප්‍රමාණයක් වේ. උදම් බලයන්ගෙන් තුලනය වන සීමාව (Roche limit) ඉක්ම වූ විට ෆෝබෝස් හි අභ්‍යන්තර කුහර හා බිඳවැටීම් ඇති වේ. ඉන්පසු මෙම කැබලි අගහරු වටා කක්ෂ ගත වේ. නමුත් එයට තව වසර මිලියන 30 – 80 අතර කාලයක් ගත වේ.

භූගර්භ විද්‍යාව

කක්ෂීය නිරීක්ෂණ හා අඟහරු උල්කාෂ්ම පරීක්ෂණ ප්‍රතිඵල අනුව, අඟහරුගේ පෘෂ්ඨයේ මූලික සංයුතිය වී ඇත්තේ බැසෝල්ට්වලින් බව පැහැදිලිය. අඟහරු පෘෂ්ඨයේ කොටසක් සාමාන්‍ය බැසෝල්ට්වලට වඩා සිලිකාවලින් පොහොසත් බව සමහර සාක්ෂිවලින් ඉඟි කෙරෙන අතර පෘථිවියේ ඇන්ඩසයිට් පාෂාණවලට සමාන වීමට ඉඩ ඇත. කෙසේ වුව ද මෙම නිරීක්ෂණ සිලිකා වීදුරු මඟින් ද පැහැදිලි කළ හැක. පෘෂ්ඨයෙන් විශාල කොටසක් ටැල්කම් කුඩු ගහන අයන් (III) ඔක්සයිඩ්වලින් ආවරණය වී ඇත.

අඟහරු පාත්පයින්ඩර් මඟින් ඡායාරූප ගත කරන ලද පාෂාණ විසිරුණු භූමිය.

අඟහරු නිසඟ චුම්භක ක්ෂේත්‍රයක් නොමැති වුව ද ග්‍රහලොවේ පෘෂ්ඨයේ සමහර ‍ෙකාටස් චුම්භකත්වයකට ලක්වී ඇති බව නිරීක්ෂණයට ලක් වී ඇති අතර මෙම විකල්ප ධ්‍රැවනය නිසා එහි ද්වී ධ්‍රැව මඟින් ඇති කෙරෙන ක්ෂේත්‍රය වෙනසකට ලක් වී ඇත. මෙම පාෂාණවල පෘථිවි සාගර පත්ලෙන් හමු වූ ප්‍රත්‍යාවර්ත තීරු (alternating bands ) වලට බොහෝ සමාන ලක්ෂණ ඇත. 1999 දී ප්‍රකාශයට පත්කෙරුණු 2005 ඔක්තෝබර් හි දී නැවත අධ්‍යයනට ලක් කෙරුණු එක් සිද්ධාන්තයකින් කියැවෙන්නේ (Mars Global Surveyor හි උදව් සහිතව) මෙම තීරු මඟින් ග්‍රහ ඩයිනමෝව ක්‍රියා විරහිත වී එහි චුම්භක ක්ෂේත්‍රය තුනී වී යාමට පෙර (අවු : බිලියන 4කට පෙර) අඟහරු මත තිබූ භුචලන තැටි ආදර්ශනය කෙරෙන බවයි. ග්‍රහලොවේ වර්තමාන අභ්‍යන්තර පිළබඳ ආකෘති මඟින් කිලෝ මීටර් 1480 පමණ අරයකින් යුක්ත හරයක් දක්වයි. ඒ 14% - 17% පමණ සල්ෆර් හා යකඩ සහිතවය. මෙම අයන් සල්ෆයිඩ් හරය කොටසක් තරල වශයෙන් පවතින අතර මෙහි වඩා සැහැල්ලු මූලද්‍රව්‍යවල සාන්ද්‍රණය පෘථිවි හරයේ මෙන් දෙගුණයක් පමණ වේ. මෙම හරය අතීතයේ බොහෝ භූචලන හා ගිනි කඳු ක්‍රියාකාරකම්වලට හේතු වූ , දැන් අක්‍රියව පවතින සිලිකේට් වැස්මකින් ආවරණය වී ඇත. ග්‍රහලොවේ පි‍ටපොත්තේ මධ්‍යන්‍ය ඝනකම 50 km පමණ වන අතර එහි වැඩිම ඝනකම 125 km පමණ වේ. 40 km පමණ මධ්‍යන්‍ය පිට ඝනකමක් ඇති පෘථිවියේ පිට පොත්ත , ග්‍රහලෝකයන්හි ප්‍රමාණයන්ට සාපේක්ෂව බලන කල්හි අඟහරුගේ පිටපොත්ත මෙන් 3 ගුණයක් පමණ ඝනකම්ය. අඟහරුගේ භූගර්භ ඉතිහාසය කාල පරිච්ඡේද බොහෝ ගණනකට බෙදිය හැකි වුව ද පහත දැක්වෙන්නේ ප්‍රධාන ඒවායි.

  • Noachian යුගය - (Noachis Terra ගේ නමින් උපුටා ගනිමින්) : අඟහරුගේ විද්‍යාමාන පෘෂ්ඨවලින් පැරණිතම ආකාරය, (අවු: බිලියන 3.8 පෙර කාලයේ සිට අවු: බිලියන 3.5 පෙර දක්වා ) Noachian යුගයේ පෘෂ්ඨය බොහෝ විශාල ගිනි කඳු මුඛ මඟින් පලුදු වී ඇත. නෙරා ගිය Tharsis ඉහළ ගිනිකඳු භූමිය මෙම කාලයේ දී සකස් වී ඇති බවට විශ්වාස කෙරෙන අතර ඒ සමඟම යුගයේ අවසාන කාලයේ දී විශාල ද්‍රව ජලය ගැල්මක් ද සහිත වූ බවට සැක කෙරේ.
  • Hesperian යුගය - (Hesperia Planum ගෙන් උපුටා ගනිමින්) : (අවු: බිලියන 3.5 පෙර සිට අවු: බිලියන 1.8 ක් පෙර කල දක්වා ) Hesperia යුගය විශාල ලාවා භූමි සකස් වීම් මඟින් සලකුණු වී ඇත.
  • Amazonian යුගය - (Amazonis Planitia ගෙන් උපුටා ගනිමින්) : (අවු බිලියන 1.8 සිට වර්තමාන‍ය දක්වා ) Amazonian ප්‍රදේශවල උල්කාෂ්ම ගැටීම් නිසා ඇති වූ විවර හැරෙන්නට තරමක විවිධත්වයක් දක්වයි. අඟහරු මත විවිධ ප්‍රදේශවල ලාවා ගැලීම් සමඟම Olympus Mons නිර්මාණය වූයේ ද මෙම කාල පරිච්ඡේයේය.

අඟහරුගේ ජල විද්‍යාව

අඟහරු මත ජලය තිබුණු බවට සළකුණක් වන ක්ෂුද්‍ර පාෂාණ, ඔපචුනිටි යානාව විසින් ඡායාරූපගත කරන ලද අයුරු

අඟහරුගේ පහත් වායුගෝලීය පීඩනය නිසා එහි පෘෂ්ඨය මත ද්‍රව ජලය තිබිය නොහැක. නමුත් එහි ධ්‍රැව ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ අයිස් තොප්පි වලින් බැවින් ඝන තත්වයේ ඇති ජලයෙන් නම් කිසිම හිඟයක් නැත. අඟහරුගේ දක්ෂිණ ධ්‍රැවයේ ඇති අයිස් තොප්පිය දියවී ගියහොත් එහි මුළු ග්‍රහ පෘෂ්ඨයම මීටර 11 ක් ගැඹුරට ජලයෙන් යට වී යනු ඇති බව 2007 මාර්තු මාසයේ දී නාසා ආයතනය විසින් නිවේදනය කරන ලදි.

අඟහරුගේ ඝනකම් සයිටොස්පියරයට යටින් ජලය විශාල ප්‍රමාණයක් සිර වී ඇති බව විශ්වාස කෙරේ. ගිනි කඳු පිපිරිමක් වැනි යමකින් එම ද්‍රව ජලය නිදහස් වීමට ඉඩ ඇත. අඟහරුගේ ඉතිහාසයේ දී මෙලෙස ද්‍රව ජලය නිදහස් වන්නට ඇති බවට මතයක් පල වී තිබේ.

මෑතක දී අඟහරු විශ්ව ගවේෂක යානාව මඟින් ගනු ලැබූ ඡායාරූප වලින් අඟහරු පෘෂ්ඨය මත ද්‍රව ජලයේ ඉතිහාසය පිළිබඳ විස්තර වඩා හොඳින් ඉදිරිපත් කරයි. විශාල ගංගා මාර්ග සහ ඒවා ආශ්‍රිත අතු බෙදුනු ශාඛා ජල මාර්ග තිබුණු බවට සාක්ෂි හමුවුවත් ඒවායේ ආරම්භය සනිටුහන් කරන කුඩා ජල මාර්ග පිළිබඳ සාක්ෂි තවමත් හමු වී නැත.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති කාළගුණික විපර්යාස හේතුවෙන් පැරණි ගංගා නිම්නවල ලක්ෂණ යටපත් වී ගොස් ඇති බවට යෝජනා ඉදිරිපත් වී ඇත. අඟහරු විශ්ව ගවේෂකයා වැනි අභ්‍යාවකාශ යානා මඟින් කරන ලද අධි විභේදන නිරීක්ෂණවලින් ආවාට හා ආගාධ බිත්තිවල ඇති ලක්ෂණ සිය ගණනක් සනාථ කොට තිබේ.

අඟහරු පෘෂ්ඨය මත කලක් ද්‍රව ජලය පැවති බවට තවත් සාක්ෂියක් වන්නේ හෙමටයිට් හා ගොයිතයිට් නමැති විශේෂිත ඛනිජ ලවණ දෙක එහි පෘෂ්ඨයෙන් සොයා ගැනීමය. මේවා ජලය ඇති ඇතැම් අවස්ථාවලදී සෑදෙන ඛනිජ ලවණ දෙකකි.

"https://si.wikipedia.org/w/index.php?title=අඟහරු_ග්‍රහලොව&oldid=247462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි