"සංඛ්‍යානය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (Robot: Modifying ext:Estadística to ext:Estaística
සුළු r2.7.2) (Robot: Modifying tl:Estadistika to tl:Palautatan
106 පේළිය: 106 පේළිය:
[[th:สถิติศาสตร์]]
[[th:สถิติศาสตร์]]
[[tk:Statistika]]
[[tk:Statistika]]
[[tl:Estadistika]]
[[tl:Palautatan]]
[[tr:İstatistik]]
[[tr:İstatistik]]
[[uk:Статистика]]
[[uk:Статистика]]

01:19, 1 මාර්තු 2013 තෙක් සංශෝධනය

සංඛ්‍යානය යනු දත්ත රැස්කිරීම, විශ්ලේෂණය, අර්ථ දැක්වීම / විස්තරකිරීම සහ ඉදිරිපත් කිරීමට අදාලවන ගණිතමය විද්‍යාවකි. එය රාජ්‍යය පාලනය, වළෙඳ කටයුතු, මානව චර්යා, සමාජ විද්‍යාව සහ ස්වභාවික විද්‍යාව ආදී පුළුල් විවිධත්වයක් ඇති අධ්‍යයන ක්ෂේත්‍ර සඳහා යොදා ගත හැකිය.

දත්ත සමූහයක් සාරාංශ කොට දැක්වීමට හෝ විස්තර කිරීමට සංඛ්‍යාන ක්‍රමවේද භාවිතා කළ හැකිය. මෙය විස්තරාත්මක සංඛ්‍යානය නම් වේ. මීට අමතරව දත්තවල අඩංගු රටා දත්තවල සසම්භාවී හා අවිනිශ්චිත බව පැහැදිලිවන ආකාරයට ආදර්ශනය කර ඒ ඔස්සේ අධ්‍යයනය කරනු ලබන ගහනය හෝ ක්‍රියාවලිය පිළිබඳව අනුමිතීන්ට එළැඹිය හැකිය. මෙය අනුමිතීය සංඛ්‍යානය නම් වේ. විස්තරාත්මක සහ අනුමිතීය යන සංඛ්‍යාන ක්ෂේත්‍ර යුගලම ව්‍යවහාරික සංඛ්‍යානයෙන් නිර්මාණය වී ඇත. මේ හැරුණු විට සංඛ්‍යානයෙහි සෛද්ධාන්තික පදනම හා සම්බන්ධ වන ගණිතමය සංඛ්‍යානය නම් විෂයයක් ද පවතී.

ඉංග්‍රීසි බසින් සංඛ්‍යානය සඳහා යෙදෙන Statistics නම් වදනට සංඛ්‍යාති නම් අරුතද තිබෙන අතර එය සංඛ්‍යාති නම් අරුත දෙන Statics නම් වදනෙහි බහුවචන පදයද වේ. දත්ත සමූහයකට සංඛ්‍යයාත ඇල්ගෝරිතමයක් යෙදූ විට ලැබෙන ඵලය සංඛ්‍යාතිය නම් වේ. මෙය ආර්ථික විද්‍යා සංඛ්‍යානය සහ අපරාධ විද්‍යා සංඛ්‍යාන ආදී ක්ෂේත්‍රවල භාවිතා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සංඛ්‍යානය&oldid=246977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි