"මඩු දේවස්ථානය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: es:Santuario de Nuestra Señora de Madhu
67 පේළිය: 67 පේළිය:


[[en:Shrine of Our Lady of Madhu]]
[[en:Shrine of Our Lady of Madhu]]
[[es:Santuario de Nuestra Señora de Madhu]]
[[ta:மடு மரியாள் ஆலயம்]]
[[ta:மடு மரியாள் ஆலயம்]]

03:41, 27 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

මඩු දේවස්ථානයේ ඉතිහාසය

16 සියවසෙන්පෘතුගීසි සමය දක්වා දිවයයි. මඩු දේවස්ථානය නමින් දැන් හැඳින්වුවද එකල එහි තැන්පත් කොට ඇති හාස්කම් පාන මරිය මව්තුමියගේ දේවමාතා පිළිරුව මුලින්ම තැන්පත් කොට තිබුණේ මන්නාරම මාන්තෙයි තොටෙහිකතෝලික දේවස්ථානයකය.

1505 දී පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත් පසුව ඔවුහු ඒ ප්‍රදේශවල කතෝලික පල්ලි පිහිටුවා විශාල වශයෙන් පිරිස් කතෝලික ආගමට හරවා ගත්හ. මේ නිසා 1550 – 1560 වනවිට මන්නාරම නගරය අවට පමණක් කතෝලික දේවස්ථාන විසි ගණනක් තිබුණු බව පැවසේ.

මාන්තොට හෙවත් මාන්තෙයි පිහිටා තිබූ මරිය දේවමාතා දේවස්ථානය එකල ද හාස්කම් පෑ දේවස්ථානයක් විය. මාන්තෙයි පුරාණ නැව් තොටක් ව තිබුණ ද පෘතුගීසි සමය වනවිට එහි වෙළෙඳ නගරය තුරන්ව පෘතුගීසි බළකොටුවක් ඉදිකොට තිබිණි. 1558 වනවිට එහි සිටියේ කණ්ණඩි ස්වාමි නමින් හඳුන්වන පෙඩ්රෝ නම් පියතුමන් බව පැරණි පොතපතෙ හි සඳහන් වෙයි.

කෙසේ වෙතත් ලංකාවේ මුහුදුබඩ ලන්දේසින්ගේ ආක්‍රමණයට හසුව පෘතුගීසි පාලනයෙන් ගිලිහුණු පසු කතෝලික බැතිමතුන්ට හා දේවස්ථානවලට ලන්දේසීන්ගේ තාඩන පීඩන එල්ල විය.

එම තර්ජන උග්‍රවීමෙන් පසු දේවමාතා පිළිරුව හා තමන්ගේ ජීවිත ද ආරක්ෂා කරගන්නට අවශ්‍ය බැවින් මාන්තෙයි සිටි කතෝලික පියතුමන් සමඟ 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සිංහල රජුගේ පාලන ප්‍රදේශය කරා යන්නට පිටත්වූයේ මඩුමාතා පිළිරුව ද වඩම්මාගෙනය.

මේ පිරිස ලන්දේසීන්ට හසුනොවනු පිණිස කැලෑ මාර්ගවලින් වනසතුන් ගෙන් බේරීනුවර රාජධානියට යන අතරතුර එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අද්දර නැවතුණේය. එහි සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්ථානයක් ද විය. බදු නිලධාරියාගේ උදව් ද ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරුව වඩා හිඳුවා ගෙන එහි පදිංචි වූහ. එම ගම හැඳීන්වූයේ මරද මඬු නමිනි. මරද මඩු යනු කුඹුක් වැව යන අරුත ගෙන දෙයි.

වැව අද්දර කුඩා දේවස්ථානයේ මොවුන් මෙසේ සිටින අතර යාපනයේ සංකිලි රජුගෙන් බේරී පලා ආ තවත් කතෝලිකයින් 700 දෙදෙනෙක් ද මේ මාර්ගයේ අවුදින් ඔවුන්ට එකතු වූහ.

මේ පිරිසට නායකත්වය දී ඇත්තේ හෙලේනා නම් වූ පෘතුගීසි තරුණියකි. ඇය පෘතුගීසි සෙන්පතියකුගේ දියණියක බව ද කියැවේ.

මඩු ගම්මානයේ දී හෙලේනා තරුණිය එහි බදු නිලධාරියා සමඟ විවාහවීමෙන් මේ පිරිස ද එම ගම්මානයේ නැවතුනේ වනය හෙළිකොට නව ගම්මානයක් විශාල වශයෙන් තනාගනිමිනි.

බදු නිලධාරියෙකු මෙන්ම සිංහල සෙනෙවියෙකු ද වූ පුරුෂයා සමඟ විවාහ වූ පසු හෙලේනා මඩු දේවස්ථානය හොඳින් නිමවූවාය. මේ දෙදෙනා එකතුව ස්ථිර ගොඩනැඟිල්ලක් තනවා දේවමාතා පිළිරුව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකළහ. මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එයයි.

ඉන්පසු මඩු මාතාවන් තමන්ගේ පිහිට පතා එන වන්දනාකරුවන්ට පිහිට වන්නට පටන් ගත්තාය. එකළ වනසතුන් අලින් වලසුන් ගෙන් ගහණ මේ වනගත ප්‍රදේශය හරහා යන එන වෙළෙන්දන් මගියන්ට සිදුවුණු උවදුරු වලදී මඩු මාතාවගේ පිහිට යැදීමෙන් පසු ඒවා දුරුවිය. රෝග පීඩාදිය ඇතිවූ අවස්ථාවේදී මඩු මාතාවන්ට කන්නලව් කිරීමෙන් ලද සහන වැඩිවිය. මේ නිසා මඩු පල්ලියේ යශෝරාවය ශ්‍රී ලංකාව දස දෙස පැතිරෙන්නට වූයෙන් වර්ෂයක් පාසා අගෝස්තු මස පවත්වන මඩු මංගල්ලයට දස දෙසින් වන්දනාකරුවෝ එන්නට පටන් ගත්හ.

මෙසේ ජනී ජනයා අතර ප්‍රචලිත වූ මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් වඩා විශාල මැදුරක් තැනවීය. ලංකාවට පැමිණ ජුසේවාස් පියතුමා ද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසේ. අපි දකින මේ මඩු දේවස්ථානය 1872 දී තනා නිමකළ එකකි. එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරද තනතුරට පත් බොන්වින් නමැති පියතුමාය.


ගොනුව:මඩු පල්ලිය.jpg

මඩු මංගල්‍යය

1870 ජූලි මස 2දා මඩු මංගල්‍යය ආරම්භ වීමෙන් අනතුරුව එය වර්ෂයක් පාසා නොකඩවා පැවැත්වීමට කටයුතු යොදන ලද්දේ ද බොන්වින් පියතුමා විසිනි.

මඩු මංගල්‍යය උතුරේ හා දකුණේ සාමයේ සංකේතයක් යැයි කීවොත් නිවැරැදිය. මඩු පූජා භූමිය තුළදී සිංහල දෙමළ මුස්ලිම් – කතෝලික බෞද්ධ සියලු දෙනාම සහෝදර සහෝදරියන් ලෙස භක්තියෙන් හා සමඟියෙන් වෙලී කටයුතු කළ අයුරු අතීතයේදීත් වර්තමානයේදීත් දැකිය හැකිය.

රටට යම් විපත්තියක් කරදරයක් සිදුවූ කළ බැතිමත්හු මඩු මාතාවන්ට බාරහාර වෙති. ඒවා ඒ අයුරින්ම ඉටුවෙයි. 2001 වසරේදී රටට තිර සාමය උදාවෙන්නැයි පතමින් මඩු මාතා පිළිරුව දකුණට වැඩම කරවීය. මීගමුව වත්තල එඩේරමුල්ල මොරටුව පයාගල දෙව්මැදුරු කීපයකටම වැඩම කළ මඩුමාතා පිළිරුවට රටපුරා කිතුණු බැතිමතුන්ගේ නොමඳ හරසර ලැබිණි.


නමසිය හැත්තෑවේ දශකයට පෙර මඩු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවේ සතර දෙසින්ම මහ පිරිස් ඇදෙන්නට වුණේ ආගමික භේද පංති භේද කිසිත් නොසලකමිනි. මඩු වන්දනාව සර්ව ආගමික වන්දනාවක් විය.

එකළ සෑම වසරකම අගෝස්තු 15 වැනිදා වන විට මඩු දේවස්ථාන භූමිය බැතිමතුන්ගෙන් පිරී පවතියි. මඩු වන්දනාවට බැතිමතුන් එන්නේ පවුල් පිටින් හෝ ගම්පිටින් එකතුවෙමිනි. ඈත අතීතයේ දී පයින්, ගොන් කරත්තයෙන් ආ ගමනට පසුව දුම්රියේ, බස්රියේ පිහිට පතන්නට සිදුවූයේ ගමනාගමනයේ දියුණුවත් සමඟය.

දුම්රියෙන් මඩු වන්දනාවට එන බැතිමතුන් එන්නේ තලෙයිමන්නාරම් දුම්රියේය. එකළ කොළඹ කොටුවෙන් රාත්‍රි 8 ට පිටත්වන තලෙයිමන්නාරම් දුම්රිය මඩු වන්දනාකරුවන් ගෙන් පිරී පවතින්නේ අගෝස්තු මාසයේදී ය. බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, මාතර ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව අනුරාධපුරයේදී තලෙයිමන්නාරම් දුම්රියට ගොඩවී මැදවච්චියෙන් හැරී මන්නාරම් දුම්රිය මාර්ගයේ ගොස් මඩු දුම්රිය පලෙන් බැස එතැන් සිට ලංගම බස්රියවලින් මඩු දේවස්ථානයට යති.



LTTE ත්‍රස්තවාදය සහ මඩු දේවස්ථානය

ත්‍රස්තවාදීහු ඉන්පසුව මඩු මාතාවන්ගේ ගෞරවය කෙළසමින් මඩු දේවස්ථාන බිමෙහි බෝම්බ අතුරා එහි සිට හමුදාවන්ට වෙඩි තැබූහ. මඩු භූ®මිය අපවිත්‍ර කළ ඒ ත්‍රස්තවාදීන්ට යහතින් සිටීමට නොහැකි වූයේ මඩු මාතාවන්ගේ හාස්කමකින් විය හැකිය.

2008 අප්‍රියෙල් 25 වැනිදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු 57 වන සේනාංකයේ 572 බලසේනාව විසින් මඩු දේවස්ථානය මුළුමනින්ම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත්තේය.

දයා ඩී. ෆොන්සේකා


මූලාශ්‍ර


in:Shrine of Our Lady of Madhu

"https://si.wikipedia.org/w/index.php?title=මඩු_දේවස්ථානය&oldid=246787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි