"භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: uz:Til
සුළු r2.6.5) (Robot: Modifying kk:Тілдін функциялары to kk:Тіл (мағына)
176 පේළිය: 176 පේළිය:
[[ka:ენა (ენათმეცნიერება)]]
[[ka:ენა (ენათმეცნიერება)]]
[[kg:Ndinga]]
[[kg:Ndinga]]
[[kk:Тіл (мағына)]]
[[kk:Тілдін функциялары]]
[[kl:Oqaatsit]]
[[kl:Oqaatsit]]
[[kn:ಭಾಷೆ]]
[[kn:ಭಾಷೆ]]

16:18, 23 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

භාෂාමය හැකියාවන්ට අදාළ මොළයේ ප්‍රදේශ​

භාෂාව යනු සන්නිවේදන ක්‍රමයකි. මානව භාෂණ හා කථන භාෂා සංකේත සහ එම සංකේත හසුරුවන ව්‍යාකරණය ඇතුළත් පද්ධතිය ලෙස විස්තර කළ හැකි ය.

ප්‍රථම ලිඛිත භාෂා ක්‍රමය වුයේ නීලංකාරයයි. නමුත් කථාකරන භාෂාව ලිවිම ඇරඹිමට අඩු වශයෙන් අවුරුදු දසදහස් ගණනක් ගත වු බව විශ්වාස කෙරේ.

භාෂාවක් යනු දෘශ්‍ය ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය සන්නිවේදන සංකේතයන් හා ඒවා මෙහෙයවිම සදහා යොදාත් රීතින්ය. එවැනි ක්‍රමයක් සාමාන්‍ය සංසිද්ධියක් ලෙස යොදා ගැනිමද, භාෂාවක් යනුවෙන් හැදින්විය හැකි. භාෂාව විශේෂිත මිනිස් සංනිවේදන මාධ්‍යයක් ලෙස ‍සැලකේ. සතුන් විසින් සැලකිය යුතුලෙස සංකීර්ණ වු සංනිවේදන ක්‍රම භාවිතා කළද ඒවා කිසිවක් වාග් විද්‍යාඥයින් විසින් භාෂාව නිර්වචනය කිරිමට යොදා ගන්නා සියළු ගුණයන් අඩංගු වන බවත් දැනගන්නට නැත.


භාෂාවේ අඩංගු ලක්ෂණ

එකගතාවයට පත් සංකේත සමුහයක් ලිඛිති භාෂාවෙහි එක් ලක්ෂණයක් පමණි. සියළු භාෂාවන් විසින් ව්‍යාකරණ ක්‍රමයක් තුළ මෙම සංකේතයන් අතර ඇති ව්‍යුහාත්මක සම්බන්ධතාවන් නිර්වචනය කිරිම අනිවාර්යය‍ වේ. භාෂාව අනෙකුත් සංනිවේදන ක්‍රම වලින් වෙන් කොට දක්වනුයේ ව්‍යාකාරණ පිලිබද රීතින් වලිනි. ඒවා සම්භාවශ්‍ය වශයෙන් අපරිමිත වු භාෂාමය ප්‍රකාශයන් සංකේතවත් නිර්මාණය කිරීම සදහා සීමිත සංඛේත කට්ටලයක් මෙයෙවීමට ඉඩ සලසයි.

භාෂාවෙහි තවත් ලක්ෂණයක් වනුයේ යොදා ගනු ලබන සංඛේත අභිමානුකූල විමයි. ඕනෑම සංකල්පයක් ‍හෝ ව්‍යාකරණ රීතියක් සංකේතයකට අනුරූපණය කළ හැකිය. බො‍හෝ සෙයින් භාෂාවන් ශබ්දය යොදා ගන්නා නමුත් යොදා ගනු ලබන ශබ්දවල සංකලනයන්හි ඒවායේ අන්තර්ගත අර්ථයක් නොමැත. ඒවා එම භාෂාව යොදා ගන්නන් විසින් කිසියම් දෙයක් නියෝජනය කිරිම සඳහා එකගතාවට පත්වු ගිවිසුමක් පමණි. (උදාහරණයක් ලෙස "නඩා" යන ස්පාඤ්ඤ වචනයෙහි "කිසිවක් නැත" යන අරුතින් යොදා ගැනිමට අදාලව කිසිවක් නැත) තවත් ශබ්ද කට්ටලයක් (උදාහරණයක් ලෙස ඉංග්‍රිසයෙන් nothing යන වචනය) එම සංකල්පයේම නියෝජනය කිරිම සදහා ඒ හා සමානව යොදාගත හැකිය. කෙසේ වුවද සියළුම ස්පාඥ්ඤ කථිකයන් එම ශබ්ද රටාව සදහා එම කථිකයන් අර්ථය ඇතිකරගෙන ඉගෙන ගෙන ඇත. නමුත් කෝඒසියානු සර්බියානු/කෝසෝවානු හෝ බෝස්නියානු කථිකයින්ට නාඩා යන්නේහි අර්ථය බලාපොරොත්තුව යන්නය.

කෙසේ වුවද, මුලධර්මයක් හැටියට සංකේත අභිමානුකුල වුවද, භාෂාවක පරමාදර්ශය ලෙස සැලකෙන සංකේත, එවැනි භාෂාවක තිබිය නොහැකි යැයි ඉන් අදහස් නොවේ. "මියෝව්" (Meow) වැනි වචන ඒවා නියෝජනය කරන පදයට සමාන ශබ්දයක් ඇති කලද, ඒවා තේරුම් ගැනිම සදහා ඒවා එසේ විම අවශ්‍යම නැත. බොහෝ භාෂාවන් බළලෙක් නිකුත් කරන ශබ්දය නියෝජනය කිරිම සදහා එකතාවයට පත් සම්මුතියක් ලෙස විවිධ ශබ්දානුහරණයක් යොදා ගනී.

විධිමත් භාෂාව

මෙම ලිපිය ගණිතය, තර්ක ශාස්ත්‍රය සහ පරිගණක විදයාවේදී යොදා ගැනෙන පාරිභාෂික පදයක් සම්බන්ධයෙනි. ස්වභාවික භාෂා සම්බන්ධ ආශ්‍රිත අධ්‍යයනයන් පිලිබදව ව්‍යාකරණ රාමුව බලන්න. කථනයේ ආකාරයක් වශයෙන් විධිමත් භාෂව සම්බන්ධව ලේඛනය (වාග් විද්‍යාව) බලන්න.

විධිමත් භාෂාවක් යනු වචන කට්ටලයකි. එනම් නියමිත අකුරු හෝ සකේත වැල්ය. මෙම අකුරු ලබා ගනු ලබන වට්ටෝරුව භාෂාව නිර්වචනය කරනු ලබන ආකාරාදි ලෙස හැදින්වේන විධිහත් භාෂාවක් බොහෝ විට නිර්වචනය කරනු ලබන්නේ විධිමත් ව්‍යාකරණටයක් ඔස්සේය. විධිමත් භාෂාවන් හුදෙක් පද සාධනය සම්බන්ධ සංකල්පයකි. එනම් ප්‍රාග් අනුභූතිව ඒවා හා සම්බන්ධ අරුතක් නොමැත. භාෂාවක වචන එකි ආකාරාදිය අභිමතානුකූලව යොදා ගනු ලබන වදන වලින් වෙන්කොට හදුනා ගැනීම සදහා ඒවා සමහර විට හොදින් නිර්මාණය වු වචන හෝ (තර්ක ශාස්ත්‍රයේදි නම් ) හොදින් නිර්මාණය වු සුත්‍ර ලෙස හැදින්වේ.

විදිමත් භාෂාවන්, විධිමත් තර්ක ශාස්ත්‍රය හා පරිගණක විද්‍යාව යන විෂය ‍ක්ෂේත්‍රයන්හි දි අධ්‍යනය කෙරේ. ඒවායේ ඉතාමත් වැදගත් ප්‍රායෝගික උපයෝගීතාවය වන්නේ පරිගණක වැඩසටහන් සම්පාදන භාෂාවක නිවැරදි පද නිශ්චිත අර්ථ දැක්විම සදහාය. එවැනි භාෂාවන්හි ශුද්ධ වශයෙන් පද සටනත්මක පැති කෙරහි පමණක් සලකා බැලෙන ගණිත විද්‍යාවේ අංශය සහ පරිගණක විද්‍යාව (එනම් ඒවායේ අභ්‍යන්තර වියුහාත්ම රටා) විධිමත් භාෂා න්‍යාය ලෙස හැදිනවේ.

එය විධිමත්ව භාෂාවෙහි කොටසක් නොවුනද භාසාවක වචන වල ශබ්දාර්ථ විභානී මානයක් ද පවතී භවිතාවේදි මෙය සැම විටම භාෂාවෙහි ව්‍යුහය හා තදින් බැදි පවතී. විධිමත් ව්‍යාකාරණයක් (භාෂාවක් ආවර්තතිකව නිර්වචනය කරනු ලබන නිර්මාණ රීති කට්ටලය) වචනවල (හොදින් නිර්මාණය වු ) අර්ථය විග්‍රහ කර ගැනීම සදහා උපයෝගී කරගත හැකිය. මීට ඉතාමත් ප්‍රසිද්ධ උදාහරණයක් වුයේ ප්‍රථම ගණයේ තර්ක ශාස්ත්‍රය සදහා ටීස්කීමා ආශ්‍රයේ ‍ටාස්කිග් සාහත්‍යය පිලිබද නිර්වචනය සහ ලෙක්ස් සහ යැක් වැනි සම්පාදන උත්පාදනයන්ය.

භාෂා විචාරය

යම්කිසි සමාජයක මිනිසුන් විසින් භාෂාවක් කථා කරන (හෝ කරන ලද) ආකාරය පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් හා විස්තරයක් භාෂා විචාරය නම්වේ. සියලූ විද්වත් භාෂා විචාරයන් ඉතා විස්තරාත්මක ව කර ඇත. අන් සියලු විද්‍යාවන් මෙන්ම, භාෂා විචාරයේ ද මූලික අරමුණ වනුයේ භාෂාවේ භාවිතය පිළිබඳව ඇති සැටියෙන් කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී යම්කිසි භාෂාවක් කුමන ආකාරයෙන් විය යුතුද?” යන පක්ෂපාතී භාවයෙන් වැළකිය යුතුය. බ්ලූම්ෆීල්ඩ් සහ අනෙකුත් අය විසින් උදාහරණ සහිතව පෙන්වා දෙන පරිදි, නූතන භාෂා විචාරයන් සංවිධානාත්මක පදනමකින් කෙරේ.

භාෂා විචාරයක්, බොහෝ විටදී අධ්‍යාපනිකව හා මුද්‍රිත මාධ්‍ය වලදී හමුවන භාෂා වට්ටෝරුවකට වඩා වෙනස් වේ. (භාෂා වට්ටෝරුවක් යනු නීති මාලාවකි) නීති මාලාවකින් කෙරෙනුයේ භාෂාවක විවිධ මාදිලි සහ ව්‍යාකරණ නීති ආදිය හඳුන්වා දීමයි. මෙහිදී සාහිත්‍යමය අංග ද ඇතුළත් විය හැකිය. මෙම නීති මාලාවත් (වට්ටෝරුවක්) භාෂා විචාරයත් සමහර විට පරස්පර විරෝධී විය හැකිය.

භාෂා විචාරයකින් සර්ව සම්පූර්ණ භාෂා අධ්‍යයනයක් කිරීම දුෂ්කරය. එසේ වන්නේ, භාෂාවක උච්ඡාරණය, ව්‍යාකරණ නීති සහ සියලු වචන එකම රාමුවකට කොටුකර දැක්විය නොහැකි බැවිනි.

යම් භාෂාවක ප්‍රවීණයකු හට නිතැතින්ම භාෂා නීතිය පිළිබඳ දැනුමක් පිහිටයි. නමුත්, භාෂා විචාරයක් කිරීමට නම්, එම භාෂාව හසළව කථා කිරීමට පුළුවන් විය යුතුමයි නියමයක් නැත. භාෂාවක් පිළිබඳ මනා පුහුණුවක් නැති අය විසින් කරන ලද භාෂා විචාරයන් ද දහස් ගණනක් ඇත. 1900 ට පෙර කාලයේදී භාෂාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉතා අවමය.

පහත කරුණු සියල්ලම හෝ කිහිපයක් වත් අඩංගු වේ නම් එය භාෂා විචාරයක් ලෙස හදුනාගත හැක.

(1) උච්ඡාරණය
(2) අන්තර්-වචන සබඳතා
(3) ව්‍යාකරණ
(4) එකම වචනයේ වෙනස් ස්වරූපය
(5) ශබ්දකෝෂයක්
(6) පාවිච්චි කිරීමේ උදාහරණ

භාෂා ප්‍රතිග්‍රහණය

භාෂා ප්‍රතිග්‍රහණය යනු මානවයා තුළ භාෂා හැකියාව වර්ධනය වන ක්‍රියාවලියයි. ප්‍රථම භාෂා ප්‍රතිග්‍රහණය ළමයින් තුල භාෂාවේ සංවර්ධනය සම්බන්ධයෙන් වන අතර ද්විතිය භාෂා ප්‍රතිගහණය වැඩිමහල්ලන් තුලද සිදුවන භාෂාවේ සංවර්ධනය කෙරහි යොමුවේ. ඓතිහාසිකව ප්‍රතිග්‍රහණයේ ඉතාම වැදගත් හේතු සාධකය ස්වභාවධර්මයා හෝ පුහුණුව යන දෙකින් එකක් බව අවධානය කරමින් න්‍යායවාදින් බොහෝ විට ‍බෙදි සිටිති.

වඩාත් උණුසුම් ලෙස විවාදයට භාජනය වු කාරණයක් වන්නේ බොහෝ විට විශ්ව ව්‍යාකාරණය ලෙස ද හදුන්වන භාෂාව අන්තර ගැනීමට යන්නයි. වර්ෂ ගනනක් තිස්සේ නෝම් දෝම්ස්කි සහ නැසීගිය එරික් ලෙබර්ග් නම් විශ්ව විද්‍යාලන ළමයින්ට භාෂාවය ඉගැනිම පහසු කරවන සහ ඒ සදහා බල කරවන සදහා භාෂාව විශේෂික හැකියාවන් ඇත යන උපකල්පවට පක්ව තර්ක කළහැක.

එලිසැබෙන් බේට්ස්, තැනරි‍ස්නාත් සහ මයිකල් ටොමැසේලෝ ඇතුළු අනෙකුත් පර්යේෂකයින් භාෂා අධ්‍යනය ඇතිවන්නේ පොදු හදුනාත්මක හැකියාවන් සහ ඉගෙන ගන්නන් සහ ඔවුන් වටපිටාවේ සිටින ජනතාව අතර ඇතිවන අන්තර් ක්‍රියාකාරකම් මගින් පමණක් බව උපකල්පනය කළහ. විලියම් ඕ ග්‍රේඩි විසින් මැතකදී කළ කෘතියකින් සංකීර්ණ පද සමාන පංචයන් ඇතිවන්නේ කාර්යක්ෂමතාව මගින් ඇති කරවන ‍රේඛිය සංඛ්‍යාත්මක ක්‍රමයක් මගින් බව යෝජනා කරයි. ඕ ග්‍රේස් සිය කාර්ය විශ්ව භාෂාවකින් දේශ ජනවාදය පිළිබද ඉතාමත් වැදගත් ප්‍රගමනයක් වනුයේ බුයන් මැක්විනි සහ කැතරින් විසින් ළමා දත්ත ගබඩාව ඇති කිරීමයි.

භාෂාව පිළිබද පුරාණෝක්තිකගත ආරම්භයන්

විද්‍යාත්මක න්‍යායන් කිසිවක් ඇතිවිමට පෙර භාෂාවේ ආරම්භය පිළිබද විවිධ හේතු දැක්විම් පැවතිනි. භාෂාවේ ආරම්භය, සංවර්ධනය සහ පවතින භාෂාවන්හි විවිධත්වය පිලිබද බොහෝ සංස්කෘතින් තුල හේතු විද්‍යාත්මක ප්‍රබන්ධයන් සහ වෙනත් කථා අදත් පවතී.

වාචික සම්ප්‍රදාය ඔස්සේ ඉදිරියට පැමිණි මෙම මිථ්‍යාවෙන්හි සාමානකම් සුනරාවර්ති තේමාවන් සහ වෙනස්කම්ද වේ. සමහර මිථ්‍යාවන් හුදු කථා වලට වඩා අර්ථයක්ද, තවත් සමහරක ව්‍යාප්තිය පිලිබද ඇති පුරාණෝතිකිවල, යලි යලිත් දක්නට ඇති තේමාවන් වනුයේ ජල ගැලිම් සහ මානව විනාශයන්ය. බොහෝ කථා මිහි මඩලේ සිටි ජනතාව ග්‍රහයා මතුපිට විසිර යන්නට ‍හේතු වු මහා ජලගැල්මක් පිලිබදව පවසයි. මිනිසා විසින් කරන ලදැයි තේරුම්ගත් වැරදි වලට දෙවියන් හෝ දෙවිවරුන් දඩුවම් ලබාදිම තවත් යලි යලිත් දැකිය හැකි තේමාවකි.

භාෂාවේ ආරම්භය පිළිබද පු‍රාණෝක්ති සාමාන්‍යයෙන් වඩා විශාල නිමැවුම් පිළිබද පුරාණෝක්තිවල උපග්‍රහණය වි හෝ වාද සටහන් ලෙස දැක්විම සිදුවි ඇත. සමහර කථා නිමැවුම් කරුවෙකු විසින් ආරම්භයේ සිට භාෂාව පවරා දෙන ලද බව පවසන අතර අනෙකුත් ඒවා භාෂාව පසුකාලීනය දන් ත්‍යාගයක් ලෙස සලකයි.

ආසියාව

බ්‍රහ්මයා විසින් උඩගු ගසකට දෙන ලද දඩුවමක් මගින් භාෂාවේ වෙනස්කම් පමණක් නොව සංස්කෘතියේ හෝ සිරිත් විරිත්වල විවිධත්වය පවා ඇතවුයේ කෙසේ දැයි හින්දු මිථ්‍යා කථාවක් පවසයි.

පෘථිවියේ මනුෂ්‍ය ඉතිහාසයේ ආශ්චර්යමත් ලෝක ගස/දැනුම් ගස වැඩිණි. එය කෙතරම් උස් විද යත්, එය දෙව්ලොව අසන්නයට ළං විය. එය තමාගේ හෘදය වස්තුවෙන් මෙසේ පැවසිය. "මම මගේ හිස දෙව්ලොවහි රදවම් මාගේ අතු ඉති මුලු පෘථුවිය පුරා විහිදුවමි. සියළු මිනිසුන් මගේ සෙවනැල්ල යටට රැස් කරමි. ආරක්ෂා කරමි. වෙන්විමෙන් වළකමි." නමුත් බ්‍රහ්මයා ගසෙහි උඩගුකමට දඩුවම් කිරිම සදහා එමි අතු ඉති කලා ඒවා පෘථිවිය මත හෙළිය. ඒවා වට ගස් ලෙස මතුවි වුට පෘථිවියෙහි මතුපිට මිනිසුන් විසුරුවා හැරීම සදහා අදහිලි කථාවෙහින් හා සිරිත් විරිත් වල වෙනස්කම් ඇති කරන ලදි.

බෙංගාල බොක්කෙහි අන්දමන් දුපත්වල දේශිය වැසියන්ගේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව භාෂාව යනු දෙවියන් විසින් ප්‍රථම මිනිසා සහ ගැහැණියට දෙන ලද්දකි. ඔවුන්ගේ විශ්වාසයට‍ අනුව එසේ දෙන ලද භාෂාව මධ්‍ය අන්දමින් හි දකුණුදිග සහ ගිණිකොණ දිග කෙන්ටස් වල ජීවත් වන ග්‍රෝත්‍රිකයකන් විසින් අද දක්වාම කථා කරන බව "බෝජිල් -යැබ්" නමින් හැදින්නෙ භාෂාවකි. මෙම භාෂාව මව් භාෂාව බවත් අනෙකුත් සියළු උප භාෂාවන් එයින් සැදුනු බවත් එහි වැසියන් විස්තර කරති.

ඔවුන්ගේ විශ්වාසය අනුව ප්‍රථම මිනිසාගේ මරණයටද පෙර ඔහුගේ දු දරුවන් ගනනින් තොරම් විශාල විද යක් ඔවුන්ගේ නිවසට තවදුරටත් ඔවුන් රදා තබා ගැවිමට නොහැකි විය. පුලුගා ගේ නියමය පරිදි ඔවුනට අවශ්‍ය සියලුම අවශ්‍ය උපකරණ සහ ගින්දර ඔවුන් වෙත සපයන ලදුව, දිවයින පුරා ජෝඩු වශයෙන් විසුරවා හරින ලදී. මෙම නික්මීම සිදු වු විට එ‍‍තෙක් එක් කණ්ඩායමට පුලුගා විසින් විශේෂ වු උප භාෂාවක් සපයන ලදී භාෂාවේ විවිධත්වය ඒ ආකාරයෙන් පැහැදිලි කෙරිණි.




සටහන්

| Language |}

Stub icon

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=භාෂාව&oldid=246456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි