"සමුද්‍ර ජීවවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: jv:Biologi kelautan
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: war:Biyolohiya pandagat
50 පේළිය: 50 පේළිය:
[[uk:Біологія океану]]
[[uk:Біологія океану]]
[[ur:بحری حیاتیات]]
[[ur:بحری حیاتیات]]
[[war:Biyolohiya pandagat]]
[[zh:海洋生物学]]
[[zh:海洋生物学]]
[[zh-min-nan:Hái-iûⁿ seng-bu̍t-ha̍k]]
[[zh-min-nan:Hái-iûⁿ seng-bu̍t-ha̍k]]

08:10, 17 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

මුහුදු ජීව විද්‍යාව - සාගරවල කරදියේ හෝ කළපු ආශ්‍රිත ජලයේ (කිවුල් දිය) වෙසෙන ජීවීන් ගැන කෙරෙන විද්‍යාත්මක අධ්‍යයනy. ජීව විද්‍යාවේ ඇති පරිදි වංශ කුල, පරම්පරා යන විවිධ වර්ගීකරණවලට අයත් සත්වයන් විශාල ප්‍රමාණයක් මුහුදේ ද අනෙකුත් අය ගොඩබිම ද වෙසේ. මුහුදු ජීව විද්‍යාවේ දී සාමාන්‍ය වර්ගීකරණය නොව පරිසරාත්මක හේතු පාදක කර ගනිමින් සතුන්\ බෙදා දැක්වේ.

මුහුදු ජීවිතය විශාල සම්පත් ප්‍රභවයක් වන අතර ආහාර , ඖෂධ වර්ග හා විවිධ අමුද්‍රව්‍ය යනාදිය සපයයි. තවද ලොව පුරාම සංචාරක කර්මාන්තයට සහ විනෝද ක්‍රීඩාවලට ද උදව් වේ. මූලික අවධියේ දී මුහුදු ජීවිත, අපේ ග්‍රහලෝකයේ ස්වභාවය නිර්ණය කිරීමට උදව් විය. මුහුදු ජීවීන් ඔක්සිජන් චක්‍රය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් සපයයි. එසේම පෘථිවි දේශගුණය පාලනය කිරීම කෙරෙහි ද මුහුදු ජීවීන්ගේ මැදිහත් වීමක් සිදුවේ. මුහුදු වෙරළවල් නිර්මාණය කිරීමට ත් රැක ගැනීමටත් මුහුදු ජීවීන්ගේ බලපෑම් ඇති විය හැකි අතර සමහර නව ගොඩබිම් නිර්මාණය ද මුහුදු ජීවීන් නිසා සිදු වූ අවස්ථා ඇත.

ප්‍රා‍ථමික නිෂ්පාදකයින් ලෙස වැදගත්කමක් උසුලන මයික්‍රෝමීටර 0.02 පමණ වූ අන්වීක්ෂීය සත්ව සහ ශාක ප්ලාවාංගවල සිට මීටර් 48 (අඩි 125) පමණ දිගින් යුතු ඉතා විශාල සිටේසියාවන් (තල්මසුන් ) පවා මුහුදු ජීව විද්‍යාවෙන් ආවරණය වේ.

පෘෂ්ඨික ආතතිය හසු වූ කුඩා ජීවීන් සහ මළ ද්‍රව්‍යය ඇති, සාගරය සහ වායුගෝලය අතර මතුපිට ජලයේ ඉතා කුඩා ස්ථරවල සිට සාගරයේ සමහර විට මීටර් 10,000 හෝ ඊටත් වඩා ගැඹුරු විය හැකි අගාධ පත්ලවල් දක්වා වූ සත්ව වාසස්ථාන සාගර ජීව විද්‍යාව යටතේ හදාරයි. මේ මුහුදු පැලෑටි සහිත වනාන්තර, කොරල්පර, උදම් තටාක, මඩ වැලි සහ ගල් සහිත පත්ලවල් සහ විවෘත සාගර කලාප ද ඝණ ද්‍රව්‍යය දුර්ලභ ජල පෘෂ්ඨීය පමණක් දැකිය හැකි සීමාවන් සහිත පරිසරයන් ගැන ද මුහුදු ජීව විද්‍යාවේ දී ඉගැන්වේ.

සාගරය පෘථිවියේ සම්පූර්ණ ජීවී ප්‍රමාණයන් විශාල ප්‍රමාණයක් ඇතැතිව සිටී. මෙය හරියටම කොපමණ අනුපාතයක් දැයි තවම නොදනී. පෘථිවි පෘෂ්ඨයෙන් 71% සාගරය හොබවන අතර ගැඹුර හේතුවෙන් පෘථිවි ගෝලයේ භෞමික පරිසරය මෙන් 30 වාරයකින් වැඩ වාස භූමි පරිමාවක් හොබවයි.

මුහුදේ වෙසෙන බොහෝ විශේෂවල මිනිසාට ආර්ථිකමය වටිනාකමක් ඇත. ප්‍රධාන‍ කොටම මුහුදු මත්ස්‍ය ආහාර වේ. තවද මුහුදු ජීවීන්ගේ\ සහ අනෙකුත් ජීවීන්ගේ පැවැත්ම අතර මූලික ක්‍රමවල සිටම මනා සබැඳියාවක් ඇති අතර එය වටහා ගැනීමට දැන් සමත් වී ඇත. මුහුදු ජීවිතය හා ද්‍රව්‍යට (කාබන් චක්‍රය වැනි), වාතය (පෘථිවියේ ශ්වසනය සහ පරිසර පද්ධති තුළ ශක්ති යාමනය) පිළිබඳ ද මිනිසාගේ\ වැටහීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

ඒ කෙසේ වෙතත් සාගරයේ ඉතා විශාල ප්‍රමාණයක් තවමත් අප විසින් සොයා නොගත් නිරාවරණය නොවූ කොටස් ලෙස ද පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=සමුද්‍ර_ජීවවේදය&oldid=245760" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි