"කැරම්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: es:Carrom
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: min:Karambol
48 පේළිය: 48 පේළිය:
[[it:Carrom]]
[[it:Carrom]]
[[ja:カロム]]
[[ja:カロム]]
[[min:Karambol]]
[[mr:कॅरम]]
[[mr:कॅरम]]
[[nl:Carrom]]
[[nl:Carrom]]

20:08, 9 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

කැරම් ක්‍රිඩාවේ යෙදෙන ලමුන් සමුහයක්.

කැරම් හෝ කැරම්ස් යනු මේසයක මතුපිටක් උපයෝගී කර ගනිමින් කරන ක්‍රීඩාවන්ගේ පවුලට අයත් වන බිලියඩ් හෝ මේස් ෂෆල්බෝඩ් අතර ක්‍රියාකාරීත්වයට සමාන වන ක්‍රීඩාවකි. මෙයට තවත් නොයෙකුත් නම් ලෝකය පුරා භාවිතා වේ. ඒ අතර (කරම්) carrum, carum, karam, karom, karum සහ ඉන්දියානුවන් හෝ නේපාල වැසියන් ඇඟිලි බිලියඩ් ලෙස ද හඳුන්වයි. මෙම ක්‍රීඩාව ඔප දමන ලද ලී පුවරුවක් මත සිදු කරන අතර ඒ සඳහා අඟල් 29 හෝ සෙන්ටිමීටර් 74 ක සමචතුරස්‍රාකාර මතුපිටක් භාවිතා කරයි. මෙහි දාරයන් ලී වලින් ආවරණය කර ඇත. බිලියඩ් ක්‍රීඩාවේ දී යොදා ගැනෙන බෝල වෙනුවට මෙහිදී බිම්බයක් (disk) උපයෝගී කර ගනු ලබයි. මෙම ක්‍රීඩාවේ දී බලාපොරොත්තු වන්නේ පහර දීම හෝ ඇඟිලිවල නිය මඟින් සංසන්දනාත්මකව වැඩි බරක් ඇති පහර දෙන්නා නම් වන බිම්බය මඟින් පහර දීමයි. එහිදී එය ඊට වඩා බරෙන් අඩු කැරම් මිනිස්සු(ඉත්තන්) ලෙස හඳුන්වන බිම්බයක ගැටී ඒවා ලෑල්ලේ මුළු හතරේ ඇති සාක්කු තුළට වැටිය යුතුය.

ඉත්තන් වර්ග

  • සුදු පැහැති ඉත්තන් 9
  • කළු පැහැති ඉත්තන් 9
  • රතු පැහැති ඉත්තන් 1 (රැජිණ)


කැරම් බෝඩය

ක්‍රීඩා මතුපිට

කැරම් බෝඩයේ මතුපිට සුමට කරන ලද ප්ලයිවුඩ් ගේ වෙනත් දැවයකින් විය යුතු අතර ඝනකම වි.වි. 8 න් හා සෙ.මී. 73.50 හෝ 74 කින් යුත් සමචතුරඝ්‍රාකාර විය යුතුය.

රාමු

කැරම් බෝඩයේ ක්‍රිඩා මතුපිට සම්බන්ධ කරන්නා වූ කොටස් ද රාමු විය යුතු අතර, ඇතුලත නෙලු මුලු රෝස්බ්‍රඩ් හෝ වෙනත් ඝන දැව යකින් විය යුතු අතර එය ඔරොත්තු දී‍‍මේ හැකියාවෙන් යුක්ත විය යුතුය. අවම උස සෙ.මී. 1.90 හා ක්‍රීඩා මතුපිටින් සෙ.මී. 2.54 වඩා නොවැඩි විය යුතුය. රාමුවේ පලල සෙ.මී. 6.23 ‍නොඅඩු විය යුතු අතර සෙ.මී. 7.60 නොවැඩි විය යුතුය.

සාක්තු (මුලු)

කැරම් බෝඩයේ මුලු හතර ඇතුලට රවුම් විය යුතු අතර වට ප්‍රමාණයෙන් සෙ.මී. 4.45 විය යුතු අතර එහි වෙනස සෙ.මී. 0.15 නොඉක්මවියයුතුය. මුලු සම්බන්ධ වන ප්ලයිවුම් කොටස කපා දැමිය යුතු වේ.

ආධාරක ඉරි

කෙලින් ඉරි දෙකක් සෙ.මී. 47 දිගින් කලු පාටින් එන හා සමානව සෑම පැත්තකම තිබිය යුතු අතර මෙය රාමුවේ සෑම පැත්තකටම සමාන්තරව තිබිය යුතුය. මෙය රාමුවේ සිට සෙ.මී. 10.15 දුරකින් විය යුතු අතර 2 වන ඉර සෙ.මී. 3.18 කින් මුලින ඉරේ පහල කොටසින් දුරස් විය යුතුය. මුලික ඉරි සෙ.මි. 3.18 කින් ුත් රවුම් වලින් වැඩි විය යුතු අතර. මෙය සෑම මුල්ලකම විය යුතුය. මෙම රවුම මැද සෙ.මී. 2.54 යුත් කොටස ක් රතු පැහැයෙන් වරෟණ කල යුතුය. මෙම වෘත්ත බේස් සර්නල්ස් යනුවෙන් හදුන්වන අතර මෙම වෘත්ත අදිනු ලබන්නේ බේස් ලයින් 2 කට ස්පර්ශ වන ආකාරයට හා යාබද බේස් ලයින්ස් ද අනුමානව දීර්ඝ යැයි සිතා මබ්ස් සර්නල් එකක දුර තුනෙන් පැත්තේ එන් අතර සෙ.මී. 1.27 විය යුතුය.

කැර‍මිමෙන්

කැරම්මෙන් හා පහර සදන්නන් 2 නා තරගය පටන් ගැනීමට පිලියෙල කර ඇත.

කැරම්මැන් බොහෝ විට ලීයෙන් තැනෙන අතර ඒකාකාර හැඩයකින් යුත් කැම් ක්‍රීඩාව සදහා යොා ගන්නා පෙන්තති. කැරම් බෝඩය මත එය පැතිලි තලය මත සුමට ආකාරයෙන් චලනය වන අතර, ක්‍රීඩාකයා විසින් එය නියමිත නීථියට හදාරවනු ලබයි. කැරම් පෙත්ත පාට දෙකකින් එන අතර, සාම්ප්‍රයාදියක මෙය සුදු හා කළු වර්ණයන් ය. බිරේන්ර් (නඩන්නා) නිතරම සුදු පාටින් යුත් පැත්ත භාවිතා කරන අතර, විශේෂිත කැරම් පෙත්තක් රතු පාටින් වර්ණවත් කර ඇති අතර එය රැජිණ ලෙස හදුන්වයි. අන්තර්ජාතික කැරම් සංගමය (ICF) අනුව කැරම් පෙත්ත විකම්භ යෙන් සෙ.මි 3.18 හා 3.02 වඩා නොවිය යුතු අතර මි.මි. 9 ක ඝනකමින් යුක්ත විය යුතු බර ග්රැම් 5.5ක් විය යුතුය.

රැජීණ

රතු හා සමහර අවස්ථාවන්හි රෝස පැහැය වන අතර කැරම් පෙති අතර වඩා ප්‍රබල එක වනනේය. එය නවයේ මධ්‍යයේ තිබෙන අතර ICF නීතියට අනුව ක්‍රීඩකයෙන් රැජිණ සමගතිරයක් ජය ගත හොත් ඔහුට රැජිණ ලකුණු 3 ක් හිමිවේ. ක්‍රීඩකයෙක් හට රැජිණ ස්ථානගත කිරීඹට හා තමන්ගේ අනෙක් කැරම් පෙති ස්ථානගත වී ඇත්නම් අයිතියන් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කැරම්&oldid=244759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි