"ජෝසැෆ් ලුවී ලග්රේන්ජ්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: ar:جوزيف لوي لاغرانج
සුළු r2.7.3) (Robot: Modifying zh:约瑟夫·路易斯·拉格朗日 to zh:约瑟夫·拉格朗日
95 පේළිය: 95 පේළිය:
[[war:Joseph Louis Lagrange]]
[[war:Joseph Louis Lagrange]]
[[yo:Joseph Louis Lagrange]]
[[yo:Joseph Louis Lagrange]]
[[zh:约瑟夫·路易斯·拉格朗日]]
[[zh:约瑟夫·拉格朗日]]

15:04, 29 දෙසැම්බර් 2012 තෙක් සංශෝධනය

ජෝසැෆ් ලුවී ලග්රේන්ජ්

ජූසෙප්පේ ලොඩොවීකෝ ලග්රේන්ජියා යන නමින් උපත ලැබූ ජෝසැෆ් ලුවී ලග්රේන්ජ් (1736 ජනවාරි 25 – 1813 අප්‍රේල් 10) ඉතාලි ජාතික ගණිතඥයෙක් හා තාරකා විද්‍යාඥයෙක් විය. ඔහුගේ ජීවිතයෙන් බොහෝ කාලයක් ඔහු ප්‍රංශයේ ජීවත් වූ අතර සියලුම විශේෂණ ක්ෂේත්‍රවලට, සංඛ්‍යාවාදයට, සම්භාව්‍ය හා අභ්‍යාවකාශ යාන්ත්‍ර විද්‍යාවට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය. යුලර්ගේ සහ ඩි ඇලෙම්බර්ට්ගේ නිර්දේශය මත, යුලර් වෙනුවට ,1766 දී , බර්ලින් නුවර පිහිටි විද්‍යාවන් පිළිබඳ ඇකඩමියේ ගණිතය පිළිබඳ අධ්‍යක්ෂකවරයා ලෙස ලැෆ් රේන්ජ් පදවි ප්‍රාප්තිය ලැබුවේය. විශාල වැඩ කොටසක් ඉදිරිපත් කරමින්, විද්‍යා‍වන් පිළිබඳ ප්‍රංශ ඇකඩමියේ ත්‍යාගයන් කිහිපයක් දිනා ගනිමින් ඔහු එහි වසර 20කට වඩා වැඩි කලක් වාසය කළේය. ලැග් රේන්ජ්ගේ විශ්ලේෂණ යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ විධිමත් ශාස්ත්‍රීය නිබන්ධනය (විශ්ලේෂී යාන්ත්‍ර විද්‍යාව - මිකැනික් ඇනලයිටික්, සංස්කරණ 4, වෙළුම් 2 , ප්‍රංශය (Gauthier-Villars et fils, 1888-89) බර්ලිං නුවර දී ලියූ අතර ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1788 දීය. නිවුටන්ගෙන් පසුව සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවට ඉතා සම්පූර්ණ සැලකිල්ලක් මෙහි දී දක්වන ලදී. තවද 19 වැනි ශත වර්ෂයේ දී ගණිතමය භෞතික විද්‍යාවේ දියුණුව සඳහා මූලාරම්භයක් ද ඇති කරන ලදී. තූරීන් නුවර ඉතාලි ජාතික දෙමාපියන්ට දාව ජියෝසෙෆි ලොඩොවිකෝ ලැග් රෙන්ජියා උපත ලැබීය. ඔහුට පිය පාර්ශවයෙන් ප්‍රංශ ජාතික මුතුන් මිත්තෝ සිටියහ. 1787 දී ඔහු ප්‍රංශ ඇකඩමියේ සාමාජිකයෙක් බවට පත් වූ අතර ඔහු , ඔහුගේ ජීවිතයේ අවසානය තෙක් ප්‍රංශයේ ම රැඳුණි. එම නිසා විකල්පයක් ලෙස ලැග් රේන්ජ් ප්‍රංශ හා ඉතාලි ජාතික විද්‍යාඥයෙක් ලෙස සලකනු ලැබේ. ලැග් රේන්ජ් රුසියානු විප්ලවයෙන් දිවි ගලවා ගත් අතර 1794 දී ආරම්භ කෙරිණි. ඉකෝල් බහු තාක්ෂණික ආයතනයේ එතැන් පටන් ගැටලු විසඳීමේ දී ශ්‍රිතවාදය, සීමාව, සාන්ත්‍යය හා කලනය භාවිතය ( විශ්ලේෂණය) පිළිබඳ පළමු මහාචාර්යවරයා බවට පත් විය. නැපෝලියන් විසින් කීර්තිමත් සේනාව අතරට ලැග් රේන්ජ් නම් කරන ලද අතරම 1808 දී අධිරාජ්‍යයේ වංශවතෙක් බවට ද පත් කළේය. ඔහු 1813 දී මිය ගිය පසු පැන්තියොන්හි දී භූමදාන කරන ලදී.

සටහන්

Joseph_Louis_Lagrange
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසැෆ්_ලුවී_ලග්රේන්ජ්&oldid=238634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි