"සංස්කෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ වෙනස් කරමින්: new:संस्कृतिnew:तजिलजि
සුළු r2.7.2) (රොබෝ ඉවත් කරමින්: diq:Zagon
51 පේළිය: 51 පේළිය:
[[da:Kultur]]
[[da:Kultur]]
[[de:Kultur]]
[[de:Kultur]]
[[diq:Zagon]]
[[dv:ސަގާފަތު]]
[[dv:ސަގާފަތު]]
[[el:Κουλτούρα]]
[[el:Κουλτούρα]]

19:08, 19 දෙසැම්බර් 2012 තෙක් සංශෝධනය

සමස්ත මානව චර්යාව එනම් වාචික හා වාචික ‍නොවන නිෂ්පාදන ඇතුළත් ‍‍භෞතික නොවන සංස්කෘතිය අදාළ කරගත් සියල්ල පොදු‍වේ සංස්කෘතිය ලෙස සැලකේ. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරයි. එසේම සාමාන්‍ය ව්‍යවහාරයේ ගත්කළ සංස්කෘතිය යන අර්ථයේ උසස් පහත් බවක් යනුවෙන් සහ ශිෂ්ට අශිෂ්ට යනුවෙන් බෙදීමක් දක්නට ඇත. උදා: ශිෂ්ට සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්නේ ඉහළ පන්ති නි‍යෝජනය කරන සමාජය සම්බන්ධ කර ගත් චර්යාවයි. අශිෂ්ට යයි කී විට ම්ලේච්ඡ සමාජවල සංස්කෘතිය ගැන කියවේ. ඒ කෙසේ සංස්කෘතිය සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකල්පයක් ලෙසද හදුන්වා දීමට පුළුවන. මානව විද්‍යාත්මක අර්ථයෙන් බලන කළ සංස්කෘතිය පිළිබද සංකල්පය සවිස්තරාත්මක ලෙස විග්‍රහ වෙයි. එසේම එමගින් විද්‍යාත්මක පදනමක්ද දැක ගත හැකිය.මානව පැවැත්මේ සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට සම්බන්ධවේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි අවි ආයුධ,ඇඳුම් පැළඳුම්,සිරිත් විරිත්,විශ්වාස, සංස්ථා,පුදපූජා යනාදී සියල්ලම සංස්කෘතියට අයත්වේ. මෙහිදී ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව, සමාජ චර්යාව, දේශපාලන හා ආගමික චර්යාව, විනෝද කටයුතු ආදී මේ සියල්ලම සංස්කෘතිය තුළින් විද්‍යමාන වේ. ඇත්තවශයෙන්ම සංස්කෘතිය මිනිසාගේ සමාජ අවශ්‍යතා තෘප්තිමත් කරන ක්‍රියාවලියක් පමණක් නොව පරිසරයේ උචිත ආකාරයෙන් ජීවත් වීමට උගන්වන ක්රිරයාදාමයක් ලෙසද හැදින්විය හැකිය. මනසේ හා ශරීරයේ නිර්මාණයක් ලෙස සංස්කෘතිය මිනිසාටම ආවේණික සංසිද්ධියක් ලෙසද අපට හදුන්වා දීමට පුළුවන.

නිර්වචනයන්

විවිධ විද්වතුන් සංස්කෘතිය තමන්ගේ මත පදනම් කරගෙන නිර්වචනය කර ඇත. මුල්ම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ 1861 දී ප්‍රාථමික සංස්කෘතිය නමින් කෘතියක් ලියූ බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ.බී.ටයිලර් (E.B.Tylor)ය. ජර්මන් වචනයක් වන කුල්ටූර් (Kultur) යන පදය උපුටා දක්වමින් ඔහු සංස්කෘතිය අපට හඳුන්වා දුන්නේය. ඔහුට අනුව සංස්කෘතිය යනු “සමාජයේ සමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත් පරිණතවූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාර ධර්‍මයන්, නීතිය, සිරිත හා අනෙකුත් සියළුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.

පසුකාලීන සමාජ හා මානව විද්‍යාඥයන් විසින් මෙම නිර්වචනයට තවතවත් අංග එකතුකොට ඇත්තේය. සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධානය හා සම්බන්ධ කරගනිමින් මලිනොවුස්කි හා ප්‍රාන්ස් ‍බෝආස් නම් මානව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. මලිනොවුස්කි ප්‍රකාශ කළ පරිදි සංස්කෘතිය ශිල්පීය ක්‍රම, භාණ්ඩ තාක්ෂණික ක්‍රියාවලීන්, අදහස්, පුරුදු සහ ඇගයීම්වලින් සංයුක්ත වී ඇති බව කියවේ. ඔහු වැඩිදුරටත් පවසනුයේ මෙම සියළුම අංග ලක්ෂණ අන්තර් සම්බන්ධ වී ඇති අතර සමස්ත ජීවන රටාවේ ස්වරූපයක් එමගින් ගොඩ නංවන බවයි. එසේම මලිනොවුස්කි අවධාරණය කරන පරිදි පුද්ගලයාගේ ජීව මනෝ ප්‍රේරණයන් සංතෘප්තිමත් කිරීමේදී මෙම සංස්කෘතික අවශ්‍යතා ඉතා වැදගත් වේ. “ප්‍රාන්ස් බෝආස්” සංස්කෘතිය ගැන අවධාරණය කරමින් එය කෘත්‍යාමත්මක හා සංවිධානාත්මක සමස්තයක් ලෙස හඳුන්වා දෙයි. මලිනොවුස්කිට පසුව බොහෝ මානව විද්‍යාඥයන් සංස්කෘතියේ කෘත්‍යාත්මක අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම අවබෝධ කර ගෙන ඇත.

මාග්‍රට් මීඩ්, ඒ.ඇල්.ක්‍රෝබර්, රූත් බෙනඩික්ට් සංස්කෘතිය සමාජයීය විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වා දී ඇත. 1940 දී රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.ක්‍රෝබර්(Krober) සහ ක්ලක්හෝන් (Kluckhorn) සංස්කෘතිය නිර්වචනය කරන්නේ මිනිස් චර්යාවේ ප්‍රකට හා අප්‍රකට රටාවන් සංකේත මගින් ව්‍යාප්ත කරන මානව සමූහවල සුවිශේෂ සාධනයක් ලෙස ගොඩ නැගුණ ක්‍රියාවලියක් ලෙසයි. 1963 දී ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය පිළිබඳ නිර්වචන සියගණනක් සොයා ගන්නා ලදි. ඔවුන්ට අනුව සංස්කෘතිය චර්යාවන්ගේ ගවේෂණයක් හෝ චර්යාවක් නොව එහි සමස්ත සංයුක්තියයි. සංස්කෘතියේ කොටසක් ලෙස චර්යාවේ ප්‍රමිතීන් හා ධර්මතා අඩංගු වේ. අනෙක් කොටස චර්යාවේ තෝරාගත් මාර්ග හා සංකල්පවේදයක් ලෙස ඔවුහු පෙන්වා දෙති. ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය ප්‍රවර්ග හතරක් ඔස්සේ පැහැදිලි කරයි.

  1. විස්තරාත්මක නිර්වචනය
  2. ඓතිහාසික නිර්වචනය
  3. ප්‍රතිමානාත්මක නිර්වචනය
  4. මනෝ විද්‍යාත්මක නිර්වචනය

සංස්කෘතිය පිළිබඳ ව්‍යවහාරය 19 වන සියවසේ මානව විද්‍යඥයන් උපයෝගී කරගත්තත් එය සමාජ ශාස්ත්‍රවල ප්‍රබල බලපෑමක් බවට පත්වූයේ 20 වන සියවසේදීය. ගුඩ් ඉනෆ් (Good Enough) නම් මානව විද්‍යාඥයා සංස්කෘතියේ වෙනත් අර්ථ දෙකක් හඳුනා ගත්තේය. පළමු අර්ථයෙන් හඳුන්වන්නේ ප්‍රජාවක් තුළ ජීවන රටාවයි. එයින් අර්ථවත් කරන්නේ භෞතික හා සමාජයීය ක්‍රියා පිළිවෙලත් සමඟ ගොඩ නැගෙන ක්‍රමානුකූල බවයි. දෙවන අර්ථයෙන් අදහස් කරන්නේ දැනුම විශ්වාස මගින් ජනතාව එකිනෙක ආකාරයට අත්දැකීම් හා සංජානනයන් මගින් ඒ ඒ තත්වයන් මත සංස්කෘතික රටාව ගොඩ නැගෙන බවයි.

සංස්කෘතිය පිළිබඳ ඇති පොදු එකඟතාවයක් නම් එය ඉගෙනගත් හැසිරීමක් බවයි. ස්වාභාවික හා සමාජ තත්වය තුළ මිනිසා අනුවර්තනය කිරීමේ හැකියාව සංස්කෘතිය තුළින් ගොඩනැගී ඇත. භෞතික ලක්‍ෂණ, චර්යා රටා හා සංස්ථා එයට අනුබද්ධිත වී ඇත. සංස්කෘතියේ වාහකයක් ලෙස කටයුතු කරනුයේ භාෂාවයි. පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ලබන අදහස් ව්‍යාප්ත කරන්නේ භාෂාව මගිනි. එය ජනකානු ගති ලක්‍ෂණ මෙන් උරුමයෙන් එන දෙයක් නොවේ. චර්යාරටාව හා සමස්ත දැනුම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට ගෙනයන්නේද භාෂාව මධ්‍යගත කොට ගෙනයි. එසේම සංස්කෘතිය ඒ අනුව වෙනස්වීමකට මෙන්ම වර්ධනයකටද මුල පුරයි.

උපුටා ගැනීම

  • මූලික මානව විද්‍යාව
"https://si.wikipedia.org/w/index.php?title=සංස්කෘතිය&oldid=237433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි