"නිශ්ශංක විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
29 පේළිය: 29 පේළිය:


== '''වෘත්තීය දිවිය''' ==
== '''වෘත්තීය දිවිය''' ==
විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළ විජයරත්න ලංකා සිවිල් සේවය ට බැඳුණේ ය. එහි සේවය කළ කාල පරිච්ඡේදය තුළ ඔහු විවිධ නිලතල ඉසිළීය. ඒවා අතර [[ගාල්ල |ගාල්ලේ]] උප දිසාපති, [[අනුරාධපුර]], මන්නාරම හා [[යාපනය]] දිසාපති මෙන් ම සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල ස්ථිර ලේකම් යන තනතුරු වෙයි. අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරය ද දැරූ ඔහු වර්ෂ 1987 සිට 1989 තෙක් යුනෙස්කෝ (UNESCO) විධායක මණ්ඩලයේ සාමාජිකයෙක් ද විය.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළ විජයරත්න ලංකා සිවිල් සේවය ට බැඳුණේ ය. එහි සේවය කළ කාල පරිච්ඡේදය තුළ ඔහු විවිධ නිලතල ඉසිළීය. ඒවා අතර [[ගාල්ල |ගාල්ලේ]] උප දිසාපති, [[අනුරාධපුර]], මන්නාරම හා [[යාපනය]] දිසාපති මෙන් ම සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල ස්ථිර ලේකම් යන තනතුරු වෙයි. අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරය ද දැරූ ඔහු වර්ෂ 1987 සිට 1989 තෙක් යුනෙස්කෝ (UNESCO) විධායක මණ්ඩලයේ සාමාජිකයෙක් ද විය. අනුරාධපුර ශුද්ධ නගරය ඇතිකිරීමේ වැඩ කඩිනමින් කළේ විජයරත්න අනුරාධපුර දිසාපති ලෙස කටයුතු කළ කාලයෙහිය.<ref name="nissanka-profile">{{cite news | url = http://ravaya.lk/articals.php?d=ab233b682ec355648e7891e66c54191b | title =වීජේවීර සරමකුත් ඇඳගෙන මහ රෑ කැළෙන් මතුවුණා|work =|publisher = Ravaya Publication|date=December 9, 2012|}}</ref>


[[Image:Coat_of_arms_of_Sri_Lanka.svg|thumb|100px|right|ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය]]
[[Image:Coat_of_arms_of_Sri_Lanka.svg|thumb|100px|right|ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය]]
61 පේළිය: 61 පේළිය:
දශක දෙකක පමණ කාලයක් තිස්සේ නිශ්ශංක විජයරත්න විසින් ඉංග්‍රීසියෙන් රචිත කවි එකතුවක් 2001 වසරේ දී [http://www.bookfinder.com/dir/i/Ape_Appacci-Anthology_of_Our_Fathers_Poems/9558095060/ අපේ අප්පච්චි ] යන නමින් පොතක් වශයෙන් එළි දක්වන ලදි. ඔහුගේ සමහර කවි ඉඳුරාම දේශපාලනික මුහුණුවරක් ගන්නා අතර මහජන කටයුතුවල යෙදුණු පුමුඛ පෙළේ පුද්ගලයෙකු වශයෙන් ඔහු දුටු විවිධ චරිත, සිද්ධීන් හා මතභේද එම කවි මඟින් ඔහු ග්‍රහණය කර ගනි යි.
දශක දෙකක පමණ කාලයක් තිස්සේ නිශ්ශංක විජයරත්න විසින් ඉංග්‍රීසියෙන් රචිත කවි එකතුවක් 2001 වසරේ දී [http://www.bookfinder.com/dir/i/Ape_Appacci-Anthology_of_Our_Fathers_Poems/9558095060/ අපේ අප්පච්චි ] යන නමින් පොතක් වශයෙන් එළි දක්වන ලදි. ඔහුගේ සමහර කවි ඉඳුරාම දේශපාලනික මුහුණුවරක් ගන්නා අතර මහජන කටයුතුවල යෙදුණු පුමුඛ පෙළේ පුද්ගලයෙකු වශයෙන් ඔහු දුටු විවිධ චරිත, සිද්ධීන් හා මතභේද එම කවි මඟින් ඔහු ග්‍රහණය කර ගනි යි.


=='''ආශ්‍රිත'''==
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
* [http://www.rivira.lk/2009/01/04/rivinetha2.htm අමර සමර]
<!-- * [http://www.lankadeepa.lk/Section/diyatha/11012009/main.htm ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයකගේ ඡිවිතයේ අපුර්ව සිදූව්ම්]
<!-- * [http://www.lankadeepa.lk/Section/diyatha/11012009/main.htm ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයකගේ ඡිවිතයේ අපුර්ව සිදූව්ම්]
* [http://www.lankadeepa.lk/Section/diyatha/18012009/06.htm කැලැත්තැවේ සොයිසාගේ අභියෝගය ඟාරගත් හැටි]
* [http://www.lankadeepa.lk/Section/diyatha/18012009/06.htm කැලැත්තැවේ සොයිසාගේ අභියෝගය ඟාරගත් හැටි]
73 පේළිය: 73 පේළිය:
* [http://www.lankadeepa.lk/Section/diyatha/08032009/07.htm දැදිගම සංවිධායක වු හැටි]
* [http://www.lankadeepa.lk/Section/diyatha/08032009/07.htm දැදිගම සංවිධායක වු හැටි]
* [http://www.lankadeepa.lk/Section/diyatha/15032009/07.htm නිශ්ශංක විජයරත්න දැයෙන් සමුගනි]-->
* [http://www.lankadeepa.lk/Section/diyatha/15032009/07.htm නිශ්ශංක විජයරත්න දැයෙන් සමුගනි]-->
* [http://www.sundayobserver.lk/2006/12/10/imp06.asp නිලමේ හා කුමාරහාමි]


=='''මෙයද බලන්න'''==
==මෙයද බලන්න==
*[http://en.wikipedia.org/wiki/List_of_political_families_in_Sri_Lanka ශ්‍රී ලාංකික දේශපාලන පවුල්]
*[http://en.wikipedia.org/wiki/List_of_political_families_in_Sri_Lanka ශ්‍රී ලාංකික දේශපාලන පවුල්]
*[[නෙරංජන් විජයරත්න]]
*[[නෙරංජන් විජයරත්න]]
81 පේළිය: 80 පේළිය:
*[[ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය]]
*[[ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය]]


=='''බාහිර සබැඳි'''==
==බාහිර සබැඳි==
* [http://www.rivira.lk/2009/01/04/rivinetha2.htm අමර සමර]
* [http://www.rivira.lk/2007/01/21/rividahara7.htm කටු සටහන]
* [http://www.rivira.lk/2007/01/21/rividahara7.htm කටු සටහන]
* [http://www.divaina.com/2008/07/28/mano02.html " මෙතෙක් කතාව" දිවයින]
* [http://www.divaina.com/2008/07/28/mano02.html " මෙතෙක් කතාව" දිවයින]
89 පේළිය: 89 පේළිය:
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3147.html විජයරත්න පරපුර]
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3147.html විජයරත්න පරපුර]
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3060.html රත්වත්තේ පරපුර]
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3060.html රත්වත්තේ පරපුර]
* [http://www.sundayobserver.lk/2006/12/10/imp06.asp නිලමේ හා කුමාරහාමි]


[[ප්‍රවර්ගය:චරිත කතා]]
[[ප්‍රවර්ගය:චරිත කතා]]

04:29, 15 දෙසැම්බර් 2012 තෙක් සංශෝධනය

ගොනුව:Dr NPW 2.jpg
නිශ්ශංක විජයරත්න දියවඩන නිලමේ ලෙසින්
පුද්ගලික තොරතුරු
උපත14 ජුනි 1924
කොළඹ ශ්‍රී ලංකාව
විපත7 ජනවාරි 2007
මහනුවර ශ්‍රී ලංකා
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයානිටා විජයරත්න
දරුවන්නෙරංජන්, මනෝ, අනුරාධ, ලංකේෂ් හා නිශාංගනි
රැකියාවලංකා සිවිල් සේවය, දියවඩන නිලමේ දේශපාලනය හා තානාපති

‍දේශමාන්‍ය ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න (1924 ජුනි 14 – 2007 ජනවාරි 7) ශ්‍රී ලාංකික සිවිල් සේවකයකු, තානාපතිවරයෙකු හා දේශපාලඥයකු විය. හෙතෙම 1975 – 1985 කාලය තුළ ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර ද දැරී ය.

පූර්ව අවධිය හා අධ්‍යාපනය

නිශ්ශංක විජයරත්න වර්ෂ 1924 ජූනි 14 දා සබරගමු පළාතේ ප්‍රභූ පවුලක දෙවන දරුවා වශයෙන් උපත ලැබී ය. ඔහු ගේ පියා වූයේ ඩී.ඈස්. සේනානායක රජයේ ස්වදේශ හා ග්‍රාම සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරන්ධර කෑගල්ලේ බුද්දෙනිපොල වලව්වේ ශ්‍රීමත් එඩ්වින් විජයරත්න ය. මව ලීලා විජයරත්න වූවා ය.


කොළඹ රාජකීය විද්‍යාලයේ තම මූලික හා ද්විතියික අධ්‍යාපනය ලැබූ නිශ්ශංක විජයරත්න ඉන්පසු එකල ලංකා විශ්ව විද්‍යාලය යනුවෙන් හැඳින්වුණු කොළඹ විශ්ව විද්‍යාලය ට ඇතුළත් විය. එහිදී ශ්‍රී ලාංකික සමාජ විද්‍යාව සහ ආගමික දර්ශනය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය උනන්දුවක් දැක් වූ ඔහු ඉතිහාසය විෂයයෙන් බී.ඒ. ගෞරව උපාධිය දිනා ගැනීම ට සමත් විය.

වෘත්තීය දිවිය

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළ විජයරත්න ලංකා සිවිල් සේවය ට බැඳුණේ ය. එහි සේවය කළ කාල පරිච්ඡේදය තුළ ඔහු විවිධ නිලතල ඉසිළීය. ඒවා අතර ගාල්ලේ උප දිසාපති, අනුරාධපුර, මන්නාරම හා යාපනය දිසාපති මෙන් ම සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල ස්ථිර ලේකම් යන තනතුරු වෙයි. අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරය ද දැරූ ඔහු වර්ෂ 1987 සිට 1989 තෙක් යුනෙස්කෝ (UNESCO) විධායක මණ්ඩලයේ සාමාජිකයෙක් ද විය. අනුරාධපුර ශුද්ධ නගරය ඇතිකිරීමේ වැඩ කඩිනමින් කළේ විජයරත්න අනුරාධපුර දිසාපති ලෙස කටයුතු කළ කාලයෙහිය.[1]

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය

ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 දිය. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල විජයරත්න ගේ මග පෙන්විම හා උපදේස් මත නිර්මාණය මාපලගම විපුලසාර හිමියන් ගේය. ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිමකට ලක් කලේ 1972 දිය. මුලු හතරේ බංකු කකුල් වෙනුවට බෝපත් හදූන්වා දූන්නේ විජයරත්න විසින් වන අතර මෙත්තා, කරුණා, උපේක්ෂා හා මුදිතා ඵයින් නිරූපනය කරයි.

දේශපාලන දිවිය

නිශ්ශංක විජයරත්න දිගු කලක සිට ම එක්සත් ජාතික පක්ෂය ට හිතැත්තෙක් විය. 1973 දී ඔහු රජයේ පරිපාලන සේවයෙන් විශ්‍රාම ලැබූ පසු එම පක්ෂයේ දැදිගම ආසනයේ ප්‍රධාන සංවිධායක තනතුර ලැබී ය. වර්ෂ 1977 පැවති මහමැතිවරණයේදී එම අසුන දිනා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසුණු හෙතෙම ජේ. ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා අධිකරණ කැබිනට් අමාත්‍ය ධුරය ට ත් පත් විය.


අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ඔහු 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කළේය. ඒ අනුව, එතෙක් ශ්‍රී ලංකාවේ පැවති එකම විශ්ව විද්‍යාලය වන ලංකා විශ්ව විද්‍යාලය එකිනෙකෙන් ස්වායත්ත වූ විශ්ව විද්‍යාල හයක ට විසංයුක්ත කරන ලදි. එතෙක් ලංකා විශ්ව විද්‍යාලයේ මණ්ඩප වශයෙන් පැවති කොළඹ, පේරාදෙණිය, විද්‍යාලංකාර (කැලණිය), විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර), කටුබැද්ද (මොරටුව) සහ යාපනය යන අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල බව ට පත් විය. තවද, රුහුණ විශ්වවිද්‍යාලයය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඔහු ගේ අදහසක් අනුව පිහිටුවන ලදි.


මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව ගොඩ නඟන ලද කොළඹ අළුත්කඩේ නව ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ඉදි කරන ලද්දේ නිශ්ශංක විජයරත්න අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයෙහි ය. යුනෙස්කෝ (UNESCO) ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් රැකීම සඳහා ඔහු‍ ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල පිහිටුවන ලදි. එමෙන්ම, සමාජයේ අඩු වරප්‍රසාදලාභීන් ට අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතුවලට පිහිට වීම සඳහා ජනාධිපති අරමුදල පිහිටුවන ලද්දේ ද ඔහුගේ යෝජනාවකිනි.

දේශපාලන විශ්‍රාම ගත් පසු නිශ්ශංක විජයරත්න සෝවියට් දේශයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත් විය.

දියවඩන නිළමේ තනතුර

නිශ්ශංක විජයරත්න 1975 සිට 1985 තෙක් දස වසරක් මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර දැරී ය. පහත රට ගොවි වංශිකයෙකු වශයෙන් උඩරට රදළ වංශිකයන් සමඟ මෙම තනතුර සඳහා අභියෝග කළ ප්‍රථමයා ඔහු විය. ඔහු ගේ නිල කාලය තුළ මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ පරිපාලන කටයුතු විධිමත් කෙරුණු අතර මහනුවර ඇසළ පෙරහැර අරමුදල ද පිහිටුවන ලදි. ඔහුගෙන් පසු එම තනතුර ට පත් වූයේ ඔහුගේ පුත් නේරන්ජන් විජයරත්න යි.

පුද්ගලික දිවිය

නිශ්ශංක විජයරත්න විවාහ වූයේ රඹුක්කන මිදුම වලව්වේ නිටා දූල්ලෑව මෙනවිය සමඟ ය. එම දෙපළ ට දූදරුවන් පස් දෙනෙකි. ජ්‍යේෂ්ඪ පුත් නෙරංජන් විජයරත්න 1985 සිට 2005 තෙක් මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර දැරූ අතර දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු හා වත්මන් මහනුවර නගර සභාවේ විපක්‍ෂ නායක ලෙස කටයුතු කරයි. දෙවැනි පුතු මනෝ විජයරත්න කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර දැරූ අතර 2007 සිට 2010 තෙක් මහින්ද රාජපක්ෂ රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය වශයෙන් ඔහු කටයුතු කර ඇත. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු හා මාර්ග අනතුරු වළක්‌වා ගැනීමේ අධිකාරියේ සභාපතිවරයා ලෙස හා දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තනතුර ද ඔහු දැරී ය. ඩිංගිරි බණ්ඩා විජේතුංග රජයේ යටතේ මනෝ විජයරත්න 1993 සිට 1994 තෙක් වැවිලි සේවා අමාත්‍ය තනතුර දැරී ය.

තුන්වෙනි පුතු අනුරාධ දූල්ලෑව විජයරත්න එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකි. ඔහු සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 සිට 2005 තෙක් කිහිප වරක් හොබවා ඇත. ලංකේෂ් පුතු හා එකම දියණිය නිශාංගනි ද වේ.නිශ්ශංක විජයරත්න ගේ වැඩිමහළු සොහොයුරා වූ තිස්ස විජයරත්න වෘත්තියෙන් අධි නීතිඥවරයෙක් වූ අතර ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස ද කටයුතු කර ඇත. බාල සොහොයුරු කුඩා විජයරත්න වෛද්‍යවරයෙකි.

කවීත්වය

දශක දෙකක පමණ කාලයක් තිස්සේ නිශ්ශංක විජයරත්න විසින් ඉංග්‍රීසියෙන් රචිත කවි එකතුවක් 2001 වසරේ දී අපේ අප්පච්චි යන නමින් පොතක් වශයෙන් එළි දක්වන ලදි. ඔහුගේ සමහර කවි ඉඳුරාම දේශපාලනික මුහුණුවරක් ගන්නා අතර මහජන කටයුතුවල යෙදුණු පුමුඛ පෙළේ පුද්ගලයෙකු වශයෙන් ඔහු දුටු විවිධ චරිත, සිද්ධීන් හා මතභේද එම කවි මඟින් ඔහු ග්‍රහණය කර ගනි යි.

ආශ්‍රිත

  1. "වීජේවීර සරමකුත් ඇඳගෙන මහ රෑ කැළෙන් මතුවුණා". Ravaya Publication. December 9, 2012. {{cite news}}: Cite has empty unknown parameter: |1= (help)

මෙයද බලන්න

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=නිශ්ශංක_විජයරත්න&oldid=236917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි