"ගෝතම බුදුන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: lmo:Siddharta Gautama
236 පේළිය: 236 පේළිය:
[[la:Gautama Buddha]]
[[la:Gautama Buddha]]
[[lb:Siddhartha Gautama]]
[[lb:Siddhartha Gautama]]
[[lmo:Siddharta Gautama]]
[[lt:Sidharta Gautama]]
[[lt:Sidharta Gautama]]
[[lv:Sidhārta Gautama]]
[[lv:Sidhārta Gautama]]

10:15, 1 දෙසැම්බර් 2012 තෙක් සංශෝධනය

ගෞතම බුදුරජාණන් වහන්සේ
A statue of the Buddha from Sarnath, 4th century CE
උපතc. 563 BCE [1]
ලුම්බිණිහි (today in Nepal) සල් උයනක
මියගිය දිනය(පරිනිර්වාණය) c. 483 BCE (aged 80) or 411 and 400 BCE
ප්‍රසිද්ධව ඇත්තේFounder of Buddhism
පූර්වප්‍රාප්තිකයාKassapa Buddha
අනුප්‍රාප්තිකයාMaitreya Buddha
කලත්‍රයා(යන්)යසෝදරා කුමරිය
දරුවන්රාහුල කුමරු
දෙමව්පියන්
මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම
ධර්ම චක්‍රය

බුදුරජාණන් වහන්සේ
අට විසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය


ලොව අවසානවරට පහලවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මේ කල්පයෙහි පහළ වූ සතරවෙනි බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ ගිහි කළ සිදුහත්(සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි. සිද්ධාර්ථයන් උපත ලැබුවේ කපිලවස්තු (කිඹුල්වත්) නගරයේ ගෞතම ගෝත්‍රයට හා ශාක්‍ය වංශයට අයත් රාජකීය පවුලක ය. එතුමන් ගේ පියා සුද්ධෝදන රජතුමා ය.

ගිහි ජීවිතය

මවුකුස පිළිසඳ ගැනීම

කපිලවස්තු නුවර පාලනය කල සුද්ධෝදන රජතුමා, කෝලිය වංශික කුමාරියක වූ මහමායා කුමාරිය හා විවාහ වී සිටියේය. ඔවුන් දැහැමෙන් සෙමෙන් රට පාලනය කල අතර රට වැස්සෝද ඔවුන්ට ආදරය කළහ. ඔවුන් දරුවෙකු බලාපොරොත්තුවෙන් දීර්ඝ කාලයක් බලා සිටියහ.

එක් පෝය දිනක මහමායා දේවිය අපූරු සිහිනයක් දුටුවේය. එනම්, "ඇය නිදා සිටි ඇඳ දෙවිවරු සතරදෙනෙක් විසින් ඔසවාගෙන හිමාලය වනයේ වූ අනෝතත්ත අසලට ගෙන ගියේය. ඉන්පසු ඇය එම විලෙන් ස්නානය කල පසු එම දෙවිවරු ඇය ඉතා සිනිදු සළු පිළි හැන්දුවේය. ඉන්පසු සුදු පාට ඇත් පැටවෙක් සුදු නෙළුම් මලක් හොඬයෙන් ගෙන ඇය නිදා සිටි ඇද වට තුන් වරක් පැදකුණු කර දකුණු පසින් තම කුසතුලට ඇතුලු වනු ඇය දුටුවාය."

පසු දින ඇය මේ බව රජතුමාට පැවසුවාය. එවිට රජතුමා සිහින පලාඵල දත් බමුණන් කැඳවා සිහිනය විමසූ අතර ඔවුන් පැවසුවේ "දේවිය පිළිසඳ ගෙන ඇති බවත්, දේවිය ඉතාමත් පින්වත් කුමරෙකු බිහි කරන් බවත්ය". එය ඇසූ රජ හා දේවිය බොහෝ සේ ප්‍රීතියට පත්විය.

උපත

මාස දහයකට පසු එක දිනක මහමායා දේවිය දරුවා ලැබීම සඳහා තම දෙමාපියන් හමුවීමට යෑමට සුදානම් වූවාය. සුද්ධෝදන රජතුමා ඒ සඳහා අවශ්‍ය සියලුම දේ සකස් කර දුන් පසු මහමායා දේවිය තම පියාගේ රාජධානියට යන්නට පටන් ගත්තාය.

මෙලෙස බොහෝ දුරක් ගිය පසු ඇය සල් ගස් පිරුණු, කුරුල්ලන් ගී ගයන මනරම් උයනක් දැක්කාය. ඇය විඩා නිවා ගැනීමට එහි නතර වූවාය. එහි නතර වූ ඇයට ටික වෙලාවකින් විළිරුදා දැණුනි. රාජ සේවිකාවෝ ඇය වට තිර රෙදි ඇද්දාහ. ටික වේලාවකින් පින්වත් කුමරෙකු මෙලොවට බිහි විය. (ක්‍රි.පූ 623 ) එම දිනය වෙසක් පොහොය ලෙස හඳුන්වයි.

උපත් ලැබූ සිදුහත් කුමරා සත් පියවරක් ඉදිරියට තබා ,
අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
පුට්ඨෝ හමස්මි ලෝකස්ස
ආය මන්තිමා ජාති නත්ථි දානි පුනර්භවෝ
යනුවෙන් පැවසීය.

සිද්ධාර්ථ කුමාරයා

පළමු වර වැඳීම හා නම් තැබීම

tiny globe
සිදුහත් කුමරුගේ උපත (2-3 ශතවර්ෂය)

එකල සුද්ධෝදන රජුගේ ගුරුවරයෙකු වූ කාල දේවල නම් බ්‍රාහ්මණයෙක් සිටියේය. මිනිසුන් ඔහුව හැඳින්වූයේ "අසිත බමුණා" යන නමිනි. ඔහු වනයට වී තපස් වඩමින් සිටි තාපසයෙකි. කුමරු ඉපදුණු බව අසා පසු දින ඔහු සුද්ධෝදන රජතුමාගේ මාලිගයට පැමිණියේය.

එවිට රජතුමා කුමාරයා ගෙනවිත් බමුණාට පෙන්වූයේය. බමුණා පාද යට අතට සිටින සේ කුමාරයා ගත් නමුත් එකවරම පාද ඉහලට එසවිණි. එවිට අසිත බමුණා කුමාරයාගේ යටි පතුල් පරීක්ෂා කර බලා එහි වූ මඟුල් සලකුණු දැක "මේ කුමාරයා යම් දිනෙක මේ තුන් ලෝකෙටම උතුම් වූ ගුරුවරයෙක් වෙතැයි" පැවසීය. එසේ පවසා අසිත බමුණා කුමාරයාට වැන්දේය. මෙය දුටු සුද්ධෝදන රජතුමාද කුමාරයාට වැන්දේය. මේ පළමුවර වැඳීමයි.

කුමරු ඉපදී දවස් පහකට පසු රජතුමා කුමාරයාට නම් තැබීමේ උත්සවය පැවැත්වීය. මේ සඳහා ශිල්ප ශාස්ත්‍ර දත් බමුණන් 108 දෙනෙක් කැඳවීය. එහි පැමිණි බමුණන් කුමාරයාගේ ශරීරයෙහි වූ සලකුණු දැක "මේ කුමාරයා ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වන බවත්, මහණ වුවොත් තුන් ලොවටම අග්‍ර වූ උතුම් වූ බුද්ධත්වය ලබන බවත්" පැවසීය. එවිට එහි සිටි ලාබාළම කොණ්ඩඤ්ඤ බමුණා කුමාරයාගේ නළලෙහී දකුණට කැරකුණු ඌර්ණ රෝම ධාතුව දැක එක ඇඟිල්ලක් ඉහලට ඔසවා "මේ කුමාරයා මතු යම් දිනෙක ගිහි ගෙයින් නික්මී බුද්ධත්වයම ලබන බව" පැවසීය.

ඉන්පසු එම බමුණන් තුන් ලොවටම යහපතක් කරන තැනැත්තා යන අර්ථයෙන් සිදුහත් (සිද්ධාර්ථ ) යන නම තැබීය.

මවු බිසව කළුරිය කිරීම

සිදුහත් කුමරු ඉපදී දවස් හතකට පසු මවු දේවිය වූ මහමායා දේවිය මිය ගියාය. ඒ වනවිට සිදුහත් කුමරු කුඩා ළමයෙකු වූ හෙයින් ඔහුව රැකබලා ගැනීම සිදුහත් කුමාරයාගේ සුළුමව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියට පැවරුණි. මියගිය මහමායා දේවිය දෙව්ලොව මාතෲ දිව්‍යරාජයා නමින් උපත ලැබුවාය.

පිය රජු දෙවන වර වැදීම (වප් මඟුල් උත්සවය )

ටික කලකට පසු කුඹුරු සී සෑමේ කාලය ලඟා වුණි. මෙය ආරම්භ වන්නේ රජතුමා සහභාගී වන රාජකීය උත්සවයකිනි. එම උත්සවය වප් මඟුල් උත්සවය නමින් හඳුන්වයි. කුමරුට පස් මසක් වන විට වප්මඟුල් උත්සවය සංවිධානය කෙරුණි. කුමාරයාගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය හා අනෙකුත් කිරිමවුවරුන්ද, සේවිකාවන්ද උත්සවයට සහභාගී වූහ. සේවිකාවන්ද කුමාරයාට හිරුරැස් නොවැටෙන සේ තිර රෙදිවලින් ආවරණය කර උත්සවය බැලීම පිණිස ගියහ.

වටපිට බැලූ සිදුහත් කුමාරයාට දැක ගැනීමට හැකිවූයේ තමන් පමණක් සිටින බවත්, අවට කිසිවෙකුත් නැති බවත්ය. එවිට කුමාරයා සංසාරික පුරුද්දට අනුව තමන් පුරුදු පුහුණු කල ආනාපාන සති භාවනාව වඩන්නට වූහ. ටික වෙලාවක් යද්දී ධ්‍යානයක් උපදවා ගත් කුමාරය අහසේ පලක් බැඳ භාවනා කරන්නට විය.

ටික වෙලාවකින් එහි පැමිණි කිරිමවුවරුන් සහ සේවිකාවන් දුටුවේ අහසේ පලක් බැඳ භාවනා කරන කුමාරයාය. ඔවුන් වහා ගොස් රජතුමාට මේ සිද්ධිය සැළකලෝය. එවිට රජතුමා මහ පිරිවර සමඟින් මේ විශ්මිත දර්ශනය බැලීමට පැමිණියෝය. එහි පැමිණි රජතුමා භාවනා කරන කුමාරයා දැක මේ මාගේ දෙවන වැඳීමයි යනුවෙන් පවසා දෙවෙනි වරටද තම පුතුණුවන් වැන්දේය.

නව යොවුන්විය

tiny globe
සිදුහත් කුමරු ළමාකාලයේදී දිය නෑම ගාන්ධාරය 2 වන ශතවර්ෂය

බමුණන් විසින් සිදුහත් කුමාරයා යම් දිනෙක ගිහි ගෙය හැර යන බව පැවසීම නිසා ඒ පිළිබඳව බියෙන් පසුවූ සුද්ධෝදන රජතුමා කුමාරයාට ඉතා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ පහසුකම් සැලසුවේය. සුදුසු කල පැමිණි කල්හි ශිල්ප ශාස්ත්‍ර හැදැරීමට යවා සියලුම ක්ෂේත්‍රයන්හි කෙළ පැමිණියෙක් බවට පත්කලේය. ඔහු මේ සියල්ලම කලේ යම් දිනෙක තමාගෙන් පසු කිඹුල්වත්පුර රාජධානිය ඔහුට පවරා දීමේ අරමුණිනි. එසේම සරත්, ශීත සහ වැසි යන සෘතු තුනේදී විසීම සඳහා රම්‍ය, සුරම්‍ය, සුභ නමින් මාලිගා තුනක්ද තනා දුන්නේය.

එසේම කොණ්ඩඤ්ඤ සහ අසිත බමුණන් විසින් කුමාරයා යම් දිනෙක මහල්ලෙක් හෝ ලෙඩෙක් හෝ මළමිනියක් හෝ පැවිදි රුවක් හෝ දුටුවොත් ගිහි ගෙයින් නික්මෙන බව පැවසූ නිසා රාජධානියේ සිටි කිසිම මහල්ලෙකුට, ලෙඩෙකුට හෝ පැවිදි අයෙකුට මාළිගවට ඇතුළු වීම තහනම් කලේය. එසේම මිනිසුන්ට ලෙඩ පිළිබඳව, මරණය පිළිබඳව, පැවිදි විම පිළිබඳව කතා කිරීමද තහනම් කලේය. රජතුමා මේ සියල්ලම කලේ ඔහුව ගිහි ගෙයිම රඳවා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

විවාහය

කුමාරයා සතුටෙන් තැබීම පිණිස විවාහයක් කර දිය යුතුයැයි පඬිවරු පැවසීය. ඒ අනුව රජතුමා සිදුහත් කුමාරයාට සොළොස් වසක් වූ කල (දහසය අවුරුද්දක් ) කුමාරයා විවාහ කර දිමට තීරණය කලේය. ඒ අනුව කෝලිය වංශික යශෝධරා කුමාරියව සරණ පාව දීමට තීරණය කෙරුණි.

නමුත් සිදුහත් කුමාරයා පිළිබඳව ඔවුන් හොඳන් නොදැන සිටියහ. කුමාරයා ශිල්ප ශාස්ත්‍ර හැදැරූ බවක්වත් ඔවුන් නොදැන සිටියහ. එම නිසා යශෝධරා කුමාරියගේ පියාණන් වන සුප්‍රබුද්ධ රජතුමා තම දියණිය සිදුහත් කුමාරයාට සරණ පාවා දීම ප්‍රතික්ෂේප කළේය.

ඉන්පසු සිදුහත් කුමාරයා තම නෑ සියන්ගේ අනවබෝධය දුරු කිරීම සඳහා ශිල්ප ශාස්ත්‍ර දැක්වීය. එයින් සතුටට පත් සුප්‍රබුද්ධ රජතුමා තම දියණිය වන යශෝධරා දේවියව සිදුහත් කුමාරයාට සරණ පාවා දුන්නේය.

සතර පෙර නිමිති දැකීම

ඉන්පසු සුද්ධෝදන රජතුමා කුමාරයාගේ මාලිගාව සහ උද්‍යානය වටවන පරිදි විශාලා තාප්පයක් තැනුවේය. රජතුමා මේ සියල්ලම කලේ යම් දිනෙක මේ සැප සම්පත් සියල්ලම හැර දමා මහණ වෙතැයි ඇතිවූ බිය නිසාමය. කෙසේ වෙතත් සිදුහත් කුමාරයාට මෙලෙස සිරකාරයෙක් මෙන් ජීවත් වීම අප්‍රිය විය. ඔහු නිතරම සෙවුයේ මේ ජීවිතයේ අර්ථය කුමක්ද යන්නයි.

දිනක් කුමාරයා රජතුමා හමුවට ගොස් තමන් මාළිගයෙන් පිටතට ගොස් අනෙක් ජනතාව ජීවත් වන්නේ කෙසේදැයි සෙවීමට අදහස් කරන බව පැවසීය. රජතුමා එවිට කුමාරයට මඳ වේලාවක් නවතින්න යැයි පවසා තමන්ගේ සේවකයන් ලවා නුවර සම්පූර්ණයෙන්ම සරසා කුමරුට යන්නැයි පැවසුවේය.


සිද්ධාර්ථ තාවුසා

ගිහි බැමි හැර ශ්‍රමණයකු විය යුතු යැයි හැඟීම හැර විමුක්තියට මග පිළිබඳ අන් කිසිම දැනුමක් එ කල්හි සිද්ධාර්ධයන් ට නොතිබිණි. විමුක්තිය සොයා යෑමේ නොසිඳෙන වීර්යයත්, එය අන් අයට හෙළි කිරීමේ සානුකම්පික හැඟීමත් නිසාම සය වසක් මුළුල්ලේ උන්වහන්සේ කළේ සත්‍යය සොයා යෑම යි. මෙය ධර්මයේ හැඳින්වෙන්නේ ආර්ය පර්යේෂණය ලෙස ය.

සත්‍ය ගවේශනය වෙනුවෙන් උන් වහන්සේ මුලින්ම කළේ විමුක්තිය සාක්‍ෂාත් කරගෙන සිටී යැයි එකල සිතා සිටි ආචාර්ය වරුන් සොයා යාමයි. භාවනාව ප්‍රගුණ කර අරූප ධ්‍යාන (මෙය බුදු දහමෙහි සම්මා සමාධිය නොවේ; ධ්‍යාන මට්ටමක් පමණී) උපදවා සිටි ආලාර කාලම සහ උද්දක රාමපුත්‍ර එවැනි ගුරුවරුන්ය. සුළු කලකින් ඔවුන්ගේ ධර්මයන් ප්‍රගුණ කළ සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ ඒවා විමුක්තිය වෙත යොමු නොවී ඇතැයි අවබෝධයෙන්ම බැහැර කළහ; තමන් ම විමුක්තිය සොයා ගත යුතු බව වටහා ගත්හ.

පස් කම් සැපෙහි ඇලි ගැලී සිටි කාමසුඛල්ලිකානුයෝගී අන්තය නිසරු බැව් මේ වන විටත් පසක් කර සිටි හෙයින් එතුමන් මෙවර තෝරා ගත්තේ ශරීරයට දැඩි දුක් පීඩා දී පව් ගෙවා දැමීම යැයි සමාජ සම්මතයේ පැවති අත්ථකිලමතානුයෝගී අන්තය යි. පස්වග භික්‍ෂූන්ගේ උපස්ථාන ලබමින් අවුරුදු හයක් මුළුල්ලේ දුෂ්කර ව්‍රත වල හැසිරීමෙන් (දුෂ්කර ක්‍රියාවෙන්) පවා උන් වහන්සේ පැතූ විමුක්තිය ළඟා කර ගත නොහැකි විය. මෙම පරීක්‍ෂණයේ නිගමනය වූයේ, අත්ථකිලමතානුයෝගය විමුක්තියෙන් බැහැරට ම යන බවයි.

ඉන් අනතුරුව උන් වහන්සේ ගේ මතකය ගියේ ළදරු වියේ දී දඹ රුක් මුලක හිඳ වැඩූ ආනාපානසති භාවනාවත් එයින් අත්දුටු සමාධි සුවයත් වෙතය. කාමසුඛල්ලිකානුයෝගී සහ අත්ථකිලමතානුයෝගී මාර්ගවලින් බැහැරවූ මැද මාවතක් (මධ්‍යම ප්‍රතිපදාව) අනුගමනය කළ යුතු බැව් උන් වහන්සේට වැටහිණි.

බුද්ධත්වයට පත්වීම

ගොනුව:Astasahasrika Prajnaparamita Victory Over Mara.jpg
බුදුරජාණන් වහන්සේ භාවනා වඬමින් සිටින විට මාරදුතිකාවන් වට කරගෙන සිටින ආකාරය.

ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපානසති භාවනාවට (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ අවධානය) යොමු වීමෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව (සැප විඳීමට ඇති දැඩි ඇල්ම හා අධික ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන්ම ඈත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) අවබෝධ කරගත් සේක. දුක්ෂර ක්‍රියාකිරීමෙන් ඇතිවූ කෘෂ වු පෙනුම නිසා උන්වන්සේව දැක මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහන්සේට කිරිපිඬු දානයක් පිළිගැන්නුවාය. ඉන්පසු වර්තමානයේ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ඇසතු ‍ගස මුල හිඳගෙන සත්‍ය සොයා ගන්නා තුරු නොනැගිටිමියි යැයි සිද්ධාර්ථ තවුසාණෝ අධිෂ්ඨාන කරගත්හ. උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් සතරදෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියහ. එලෙස දින 49 ක් භාවනා කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වුහ. එය අනුගමනය කරමින් සමාධියත්, ඒ තුළ විදර්ශනා ප්‍රඥාවත් වැඩූ උන් වහන්සේ වෙසක් මහ පසළොස්වක දින ඇසතු ගසක් මුල සියලු කෙලෙස් නසා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්සේක. එවක් පටන් ඇසතු ගස් බෝ රුක බවට පත්විය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව ගෞතම බුදුන් වහන්සේ ලෙස හැඳින්විණි.

ගෞතම බුදුරජාණන් වහන්සේ

බුද්ධත්වයට පත්වූ පස් 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි.

එම අවස්ථාවේදී උන්වහන්සේ සත්වයාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබඳ අවබෝධ කර ගත්හ. එයට හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරීමට අවශ්‍ය පියවර ද උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එලෙස අවබෝධ කරගත් සත්‍යය චතුරාර්ය සත්‍ය ලෙස කොටස් හතරකට වර්ග කෙරේ. සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරුන් තුළ පවතින උතුම් ගුණ නවය (නව අරහාදී බුදුගුණ) උන්වහන්සේ තුළ ද විය.


බුද්ධ ශාසනය

tiny globe
භාරතදේශයේ බරණැස මිගදාය පිහිටි පුදබිම වර්තමානයේ දැකීමට ලැබෙන ආකාරය

බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරුව තමන් අවබෝධ කරගත් ධර්මය අන්‍යන්ට දේශනා කළ යුතුද, නැද්ද, යන්න කල්පනා කළ සේක[2]. තණ්හාව, වෛරය හා මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරු හා තේරුම් ගැනීමට අපහසු මෙම ධර්මය නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ සිතූහ. එහෙත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහත් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිසක් ද සිටිය හැකි බව පැවසීය. බුදුරාජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත නිසා ලෝක සත්වයින්ගේ ගුරුවරයා බවට පත්වීමට එකඟ වූහ.

බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ හමුවු තපස්සු හා භල්ලුක යන වෙළඳුන් දෙදෙනා බුදු සසුනේ පළමු උපාසකයින් (ගිහි ශ්‍රාවකයින්) දෙදෙනා විය. ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත් කේෂධාතු නිදන් කර බුරුමයේ චෛත්‍යයක් කරවු බව කියවේ. ශ්‍රී ලංකාවේ පිහිටි ගිරිහඬු සෑයේ මෙම කේෂධාතු නිදන් කර ඇති බවටද මතයක් පවතී. බුදුරජාණන් වහන්සේ අසිත තාපසතුමා හා තම පෙර ගුරුවරුන් වු ආලාර කාලාම හා උද්දකරාමපුත්ත තම ධර්මය දේශනා කිරීම සඳහා සොයා යාමට සිතුවද ඔවුන් සියලු දෙනාම ඒ වන විට මියගොස් සිටියහ.

සංඝ ශාසනය ඇතිකිරීම

බුදුරජාණන් වහන්සේ සිදුහත් තවුස් සමයේදී තමන් සමඟ සත්‍යය සොයා යෑමට අරමුණු කරගත් පස්වග තවුසන් වෙත ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කිරීම සඳහා බරණැස මිගදාය වෙත වඩිමින් තම ධර්ම චාරිකාව ආරම්භ කල‍සේක. පස්වග මහණුන්, පළමුවන සංඝයා වහන්සේ ලෙස සැලකෙන අතර එමගින් ත්‍රිවිධ රත්නය (බුද්ධ, ධම්ම, සංඝ) සම්පූර්ණ විය. කොන්ඩඤ්ඤ තවුසා පළමුවෙන්ම මාර්ගඵල ලබාගත් අතර ඔවුන් පස්දෙනාම අරහත් භාවයට පැමිණියහ. යසකුල පුත්‍රයා හා ඔහුගේ යාළුවන් 54 දෙනා පැවිදිවීමෙන් පසු සංඝ සමාජය මාස 2 ක් තුළදී 60 දක්වා වර්ධනය විය. පිළිවෙලින් පිරිවර 200, 300 හා 500 ක් පිරිවර සහිතව සිටි කාශ්‍යප සොයුරන් තිදෙනාද බුද්ධ ශ්‍රාවකයන් වීමෙන් අනතුරුව සංඝ සමාජය දහස ඉක්මවු අතර ජනතාවට ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඔවුන් විවිධ ප්‍රදේශ වලට විසිරී ගියහ.

ධර්ම ප්‍රචාර චාරිකා

tiny globe
වජ්‍රපාණි හා ගෞතම බුදුරජාණන් වහන්සේ, ගාන්ධාරය, 2 වැනි සියවස

බුදුරජාණන් වහන්සේගේ අවු 45 ක කාලය ගංගානම් නිම්නයේ (බිහාරයේ උත්තර ප්‍රදේශය හා දකුණු නේපාලය) ධර්මය හා විනය දේශනා කරමින් චාරිකා කළ සේක. මෙම ගමනේ දී බුදුරජාණො කුලවතුන් මෙන්ම පහත් කුලවලට අයත් අය, කසලශෝධකයින්, අංගුලිමාල වැනි දරුණු මිනීමරුවන් හා ආලවක වැනි මීනිමස් කන්නන් යන විවිධාකාර පුද්ගලයන්ට ධර්මය දේශනා කළහ. මෙම ධර්මය ශ්‍රවණය කළ කොටසට වෙනත් ආගම්වල හා විරුද්ධ මත දරන දර්ශනවාදීන්ගේ බැතිමතුන් ද අයත් විය. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ධර්මය හා ශාසනය පවත්වාගෙන යාමට සංඝ සමාජය බිහිවිය. උන්වහන්සේගේ දර්ශනය කිසිම කුල ග්‍රෝතයකට සීමා ‍නොවූ විවෘත ආගමක් විය. එමනිසා විරුද්ධවාදී ආගම් වලට අයත් කණ්ඩායම් වල චෝදනාවලට ලක්වීමට උන්වහන්සේට සිදුවිය තවත් පිරිසක් උන්වහන්සේ මරණයට පත්කිරීමට ලක්වීමට උන්වහන්සේට සිදුවිය තවත් පිරිසක් උත්සාහ ගත්හ.

සංඝයා වහන්සේලාද ධර්මය දේශනා කරමින් ඉන්දියාවේ තැනින් තැනට සංචාරය කළහ. මෙය වස්කාලයේ හැර අවුරුද්දේ අනෙක් සෑම කාලයකම සිදුවිය.

වස්කාලයේ අධික වර්ෂාවක් පැවතීම නිසා ජල ගැල්ම හේතුවෙන් මෙම සමයේ දී සංචාරය අපහසු වන අතර වතුරේ ගිලී සිටින සතුන්ගේ සිරුරු මත පා ‍නොතබා ගමන් කිරීම අපහසුය. සියලුම ආගම් වලට අයත් තාපසයෝ වස්සාන කාලයේ සංචාරයේ නොයෙදෙති. මෙම සමයේ දී භික්ෂුන් වහන්සේලා ආරාම තුළ, වනාන්තර හෝ උද්‍යානවල ගත කරන අතර ගිහියෝ උන්වහන්සේලා බැහැදැකීමට යති.

බුදුරජාණන් වහන්සේ පළමුවන වස්කාලය බරණැස් නුවර ගත කළ අතර, මෙහිදී පළමු සංඝ පිරිස ඇතිවිය. බුදුවීමෙන් පසු බිමිබිසාර රජතුමා බැහැදැකීමට මගධයට එන බවට රජුට වූ පොරොන්දුව ඉටු කිරීම සඳහා ප්‍රථම වස් කාලයෙන් පසු බුදුරජාණන් වහන්සේ මගධයේ රජගහ නුවරට වැඩිය සේක. මෙම ගමනේ දී බුදුරජාණන් වහන්සේ විසින් තුන් බෑ ජටිලයන්, භද්දවග්ගිය කුමාරවරු ඇතුළු මගධ වැසියන් රැසක් බුද්ධශ්‍රාවකයන් බවට හරවන ලදි. ඉන්පසු එළැඹි වස්සාන කාලයන් තුළ තෙවතාවක්ම බුදුරජාණන්වහන්සේ රජගහනුවර ‍වේළුවන උද්‍යානයේ විසූහ. මෙම වේළුවන ආරාමය පූජා කරන ලද්දේ බිම්බිසාර රජතුමා විසිනි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බවට අසන්නට ලැබුණු සුද්ධෝදන රජතුමා උන්වහන්සේ කපිලවස්තුපුරයට කැඳවාගෙන ඒම සඳහා දූතයන් යැවීය. මෙලෙස දූතයන් නවදෙනෙක්මක් පිටත් කළ හැරිය ද ඔවුන් සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්ව අරහත් භාවය ලැබීය. ලෞකික දේ අත්හරින ලද ඔවුන් මෙම පණිවුඩය දීම නොසලකා හැරියහ. දසවන වරට පිටත් කර හරින ලද කාළුදායි ඇමතියා නම් බුදුරජාණන් වහන්සේගේ කුඩා කල මිතුරා වු අතර රහත්භාවයට එළඹි පසු පණිවිඩය ලබා දීමට කාළුදායි රහතන් වහන්සේ සමත් වු සේක. බුද්ධත්වයෙන් අවුරුදු දෙකකට පසු බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට ගමන්කිරීම ආරම්භ කළහ. පා ගමනින් වැඩිය මේ ගමනේ දී මඟ ‍දෙපස ධර්මය දේශනා කරමින් කිඹුල්වත්පුරයට වැඩම කිරීමට මාස දෙකක් පමණ ගතවිය. බුදුරජාණන් වහන්සේගේ පැමිණිම නිසා මාලිගාවේ දානය සූදානම් කර තිබුණද, ආරාධනාවක් නොලැබුණු බැවින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා කපිල වස්තු නගරයේ පිඬු සිඟා වැඩියහ. මෙය ඇසු විගස බුදුරජාණන්වහන්සේ වෙත ගිය සුද්ධෝන රජතුමා 'අපගේ රාජකීය වංශයේ කිසිවෙකු සිඟමනේ ගොස් නැත' යනුවෙන් පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ 'මහරජ ඔබේ වංශය රාජ වංශය, මගේ වංශය බුද්ධ වංශයයි. බුදුවරුන් දහස් ගණනක් පිඬු සිඟා වැඩ ඇත.' යනුවෙන් රජුට පැවසු සේක.

ඉන්පසුව රජමාළිගාවේ දානයට ආරාධනා කළ සුද්ධෝදන රජතුමා දානය අනතුරුව පැවති ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඵලයට පත්වුවේය. මෙම ගමනේ දී රාජකීය සමාජිකයෝ බොහෝ දෙනෙක් පැවදි වූ අතර, බුදුරජාණන් වහන්සේ‍ගේ ඥාති සහෝදරයන් වන ආනන්ද හා අනුරුද්ධ ද පැවිදි විය. ඔවුන් දෙදෙනා පසුව බුදුරජාණන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් පස්දෙනාගේ අතරට එක්විය. උන්වහන්සේගේ ගිහිකළ පුත් රාහුල කුමරු වයස අවුරුදු හතේ දී පැවදිවී අග්‍රශ්‍රාවකයන් දස දෙනාගෙන් කෙනෙකි.

උන්වහන්සේගේ සහෝදරයෙකු වූ නන්ද කුමරුද, පැවිදිව රහත් බව ලැබීය. තවත් ඥාති සහෝදරයෙකු වූ දේව්දත්තද පැවිදි වූ නමුත් පසුව බුදුරජාණන් වහන්සේ හා වෛර බැද උන්වහන්සේ මැරවීමට කිහිප වරක් උත්සහ කළේය.

සැරියුත්, මුගලන්, මහාකාශ්‍යප, ආනන්ද හා අනුරුද්ධ යන රහතන්වහන්සේලා ප්‍රධානම ශ්‍රාවකයන් පස්දෙනා වන අතර, උපාලි, සුභූති, රාහුල, මහා කච්චායන හා පුණ්ණ රහතන්වහන්සේලා සමඟ ප්‍රධාන ශ්‍රාවකයන් දස දෙනෙකුවේ.

පස්වන වස්කාලය බුදුරජාණන්වහන්සේ වෛශාලිය ආසන්නයේ මහාවන නම් ස්ථානයේ ගතකළ අතර සුද්දෝධන රජතුමා මරණාසන්නව සිටින බව අසා තම පියාට ධර්මදේශනා කිරීම සඳහා එහි වැඩම කළ සේක. එම ධර්මදේශනාව අසා සුද්‍ධෝදන රජතුමා මරණයට පෙර රහත් භාවයට පැමිණියේ ය. මෙම ගමනේ දී භික්ෂුනී ශාසනය පිහිටුවන ලද අතර, ධර්මග්‍රන්ථ වල සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ එයට පළමුව එතරම් කැමැත්තක් නොදැක්වූ බවයි. උන්වහන්සේ හදාවඩාගත් ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුසසුනේ පැවිදි විම සඳහා අවසර ඇයැද සිටියාය. නමුත් මෙය ප්‍රතික්ෂේප කළ බුදුජරාණන් වහන්සේ නැවත රජගහනුවර වෙත වැඩීම ආරම්භ කළ සේක. පැවිදිවීමේ අදහස අත් ‍නොහළ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වීමට කැමති වූ ශාක්‍ය හා කෝලිය කුමාරිකාවන් රැසක් සමඟින් බුදුරජාණන්වහන්සේ පසුපස රජගහ නුවරට ගමන් කළෝය. භික්ෂු ශාසනය පිහිටුවීමෙන් වසර 5 කට පසු භික්ෂුණී ශාසනය ආරම්භ වූ අතර බුදුරජාණන් වහන්සේ එයට අනුමැතිය ලබාදුන්නේ මාර්ගඵල ලබාගැනීමට පුරුෂයාට හා ස්ත්‍රියට ඇති හැකියාව සමාන වුවත්, අමතර විනය නීති පැනවීමෙනි. භික්ෂුනී ශාසනයේ ආරම්භය සඳහා මැදිහත්වූයේ ආනන්ද තෙරණුවන්ය. බුදුරජාණන් වහන්සේගේ ගිහිකල භාර්යාව වූ යශෝධරා දේවියා ද පැවිදි වූ අතර පසුව රහත් බවට පැමිණියාය.

මෙම කාලයේ දේවදත්ත තෙරුන් (සෝවාන් ඵලයට හෝ පැමිණ නොසිටියේය) බුදුරජාණන් වහන්සේට අනතුරු කිරීම සඳහා කිහිප වාරයක් උත්සාහ කළේය. තමන්ට සංඝයා වහන්සේලා පාලන කිරීමේ බලය ලබාදෙන ලෙස ඒක් අවස්ථාවක දී දෙව්දත් තෙරුන් ඔහු බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. මෙය ප්‍රතික්ෂේප කළ බුදුන්වහන්සේ දෙව්දත් ක්‍රියාකරන්නේ තුරුණුවන් කෙරෙහි ඇති භක්තියෙන් නොව ආත්මාර්ථයෙන් බව ප්‍රකාශ කළ සේක. බිම්බිසාර රජතුමාගේ පුත් වූ අජාසත්ත කුමරු හා එක්වූ දේවදත්ත බුදුරජාණන් වහන්සේ මැරවීමෙන් භික්ෂු ශාසනය ලබාගැනීමටත්, කුමරු ලවා බිම්බිසාර රජු මැරවීමෙන් මගධ රාජ්‍ය කුමරුට ලබාගැනීමට හැකිවේය යන අරමුණැතිව කුමන්ත්‍රණය කළෝය. දෙව්දත් බුදුන් මැරවීමට තෙවරක් උත්සාහ කළේය. පළමුවර දුනුවායන් යෙදවූවද බුදුරජාණන්වහන්සේ මුණගැසුණු දුනුවායෝ බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුවෝය. දෙවන වර විශාල ගලක් බුදුරජාණන් වහන්සේ මත පෙරළීමට තැත්කළ අතර එය තවත් ගලක් මත වැදී විසිවුණු කුඩා පතුරක් පමණක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වැදුණි. අවසානයේ රා පොවා මත්කරන ලද ඇතෙක් බුදුරජාණන් වහන්සේගේ වඬිනා මාර්ගය වෙතට ‍යැවූ නමුත් එම උත්සාහයද ව්‍යර්ථ විය. දෙව්දත් ඉන්පසුව නව විනය නීති කිහිපයක් තනාගෙන ඒවා සංඝයා වෙත පනවන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීය. බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ විට උන්වහන්සේගේ පාලනය මද බව බවසමින් ඔහු කෙරෙහි පැහැදුණු තවත් භික්ෂුන් සමඟ වෙනත් ස්ථානයක වසන්නට යාමෙන් සංඝ භේදයක් ඇති කළේය. නමුත් සැරියුත් හා මුගලන් රහතන් වහන්සේලා එම භික්ෂුන්ට ධර්මය දේශනා කර ඔවුන්ව නැවතත් නිවැරදි මාර්ගයට යොමු කර ගැනීමට සමත්වුහ.

බුදුරජාණන් වහන්සේට අවුරුදු55 ක් වූ විට උන්වහන්සේ තම අග්‍ර උපස්ථායක ලෙස ආනන්ද තෙරුන් පත් කර ගත්හ.

පරිනිර්වානය

බුදුන් වදාල ධර්මය

tiny globe
ක්‍රි.ව. 2 වන සියවසේ ගාන්ධාර හිදි පිළිමයක්

පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේගේ නියම ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම සඳහන් වන බව බොහෝ පඬිවරුන්ගේ විශ්වාසයයි. එහෙත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද, මහායාන සුත්‍ර බුද්ධ දේශනා ලෙස නොසැලකේ. නමුත් කිසිවෙකුත් බුදුරජාණන් වහන්සේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරුණු යැයි නිසැකයෙන් ම කීමට අපොහොසත් හෙයින් මහායාන ලියවිලි වල සඳහන් දෑ බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනා ලෙස දක්වා ඇත. නමුත් බටහිර වියතුන් බොහෝ දෙනෙක් පිළිගන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම සඳහන් වන්නේ පාලිධර්ම ග්‍රන්ථ වල බවයි. බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක් ද? නැත්නම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන අන්දමට විශ්වයේ පැතිර සිටින උතුම් ජිවියෙක් ද ? යන මතයන් තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි ඉතිහාසයේ සඳහන් නොවේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුලික කරුණු

  • චතුරාර්ය සත්‍යය - දුක සෑම ජිවියෙකුටම පොදු ය. දුක ඇතිවන්නේ අවිද්‍යාව හේතුවෙන් වන අතර අවිද්‍යාවට මුලය වන්නේ බැඳීම් හා තණ්හාවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනයෙන් මෙම තණ්හාව දුරු කර ගත හැකිය. එමඟින් අවිද්‍යාව හා දුක දුරු කර ගත හැක.
  • ආර්ය අෂ්ඨාංගික මාර්ගය - නිවැරදි අවබෝධය, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි ජිවත්වීම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිකල්පනාව හා නිවැරදි සමාධිය.
  • පටිච්ච සමුප්පාදය - යමෙක් හෝ යමක් පවතින්නේ වෙනත් දෙයක්, සංකීර්ණව විහිදුණූ අතීත, වර්තමාන හා අනාගතය හා බැදුණු හේතුඵල ජාලයක පැවැත්මෙනි. සියලු දේම එම නිසා හේතු ඵල අනුව සෑදුනු අතර එය අනිත්‍ය වීම හේතුවෙන් තමන් යැයි හඳුන්වන විශේෂිත වූ පුද්ගලයෙක් නැත. (අනාත්ම)
අනිත්‍ය - සියළු ‍දේම නැසෙන සුළුයි
අනාත්ම - සදාකාලික පුද්ගල ආත්මයක් නොපවතී.
දුක්ඛ - දමනය නොකළ සිත් ඇති නිසා සියළු සත්වයෝ දුක් විඳිති
මහායාන බුදුදහමේ දී මෙම කරුණු එතරම් සැලකිල්ලට නොගනී. විවිධ බුද්ධ සම්ප්‍රදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හා භික්ෂු විනය නීති පිළිබඳව විවිධ මතභේද පවතී. සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සඳහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමා‍ගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදිව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත්, තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින ගුරුවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බල ලබාගැනීමට නොව මනසේ යථා ස්වරූපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් නිර්වාණය ලඟා කරගැනීමට යොදා ගන්නකි.
  1. "Lumbini, the Birthplace of the Lord Buddha". UNESCO. සම්ප්‍රවේශය 26 May 2011.
  2. සංයුක්ත නිකාය vi - i ,ආයචන සුත්‍රය

ආශ්‍රිත ලිපි

"https://si.wikipedia.org/w/index.php?title=ගෝතම_බුදුන්_වහන්සේ&oldid=235430" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි