"ජෛව රසායනික ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ar:هندسة الكيمياء الحيوية
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: it:Ingegneria biochimica
44 පේළිය: 44 පේළිය:
[[en:Biochemical engineering]]
[[en:Biochemical engineering]]
[[id:Teknik bioproses]]
[[id:Teknik bioproses]]
[[it:Ingegneria biochimica]]
[[sr:Биохемијско инжењерство]]
[[sr:Биохемијско инжењерство]]
[[ta:உயிர்வேதிப் பொறியியல்]]
[[ta:உயிர்வேதிப் பொறியியல்]]

12:06, 30 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

ජෛව රසායනික ඉංජිනේරු විද්‍යාව යනු රසායනික ඉංජිනේරු විද්‍යාවේ හෝ ජෛව ඉංජිනේරු විද්‍යාවේ අංශයක් වන අතර එය ජෛව පටක හෝ අණු ඇතුළත් ඒකක ක්‍රියාවලි සැලසුම් කිරීම හා නිපදවීම කෙරෙහි මූලිකව කටයුතු කරයි. ජෛව රසායනික ඉංජිනේරු විද්‍යාව සාමාන්‍යයෙන් උගන්වනු ලබන්නේ රසායනික ඉංජිනේරු විද්‍යාවට හෝ ජීව ඉංජිනේරු විද්‍යාවට විකල්පයක් ලෙසය. එය එසේ සිදු කරන්නේ එම දෙකෙහිම විෂය මාලාවේ වටපිටාවේ හා අංශ 2 මඟින්ම භාවිතා කරන ගැටලු විසඳීමේ තාක්ෂණික ක්‍රමවල සමානතා නිසාය. මෙහි යෙදීම් ආහාර,ඖෂධ, ජෛව තාක්ෂණය හා ජල පිරිපහදු කර්මාන්තවලදී යෙදේ.


ජෛව ප්‍රතික්‍රියාකාරකය

Batch type bioreactor
සාමාන්යය ව්‍යුහය of batch type bioreactor



ජෛව ප්‍රතික්‍රියාකාරකයක් යනු ජෛවීය වශයෙන් ක්‍රියාකාරී පරිසරයකට අනුබල දෙන ඕනෑම උපකරණයක් හෝ පද්ධතියක් හැඳින්වීමට යොදනු ලැබේ. එක් අවස්ථාවකද ජෛව ප්‍රතික්‍රියාකාරකයක් යනු පටක හෝ එවැනි පටකවලින් ව්‍යුත්පන්න වූ ක්‍රියාකාරී සංයෝග ඇතුලත් රසායනික ක්‍රියාවලියක් සිදු කරන නලයක් විය හැකිය. මෙම ක්‍රියාවලිය ස්වායු හෝ නිර්වායු විය හැකිය. මෙම ජෛව ප්‍රතික්‍රියාකාරක බොහෝවිට සිලිණ්ඩරාකාර වන අතර ප්‍රමාණයෙන් ලීටරවල සිට ඝන මීටර දක්වා පරාසගත වේ. බොහෝ විට මළ නොකන වානේවලින් තනා ඇත.

ජෛව ප්‍රතික්‍රියාකාරකයක් යන්න සෛල සංස්කෘති සන්ධර්භයක් තුළ සෛල හෝ පටක වැඩෙන උපකරණයක් හෝ පද්ධතියක් හැඳින්වීමට යොදා ගත හැකිය.

ක්‍රියාකාරී ක්‍රමය පිළිබඳ වූ පදනමක දී ජෛව ප්‍රතික්‍රියාකාරක බැච්, ෆෙඩ් බැච් හෝ ඛණ්ඩ ලෙස වර්ගීකරණය කළ හැකිය. (අඛණ්ඩ කැලතුම් ටැංකි ප්‍රතික්‍රියාකාරක ආකෘති) අඛණ්ඩ ජෛව ප්‍රතික්‍රියාකාරකයකට උදාහරණයක් වන්නේ කෙමොස්ටැට්ය.

ජෛව ප්‍රතික්‍රියාකාරකයක් තුළ නිපදවන පටක අත්හිටුවීම හෝ අක්‍රිය කිරීම සිදු කළ හැකිය. සෛල අක්‍රිය කිරීම සිදු වන සරලතම අවස්ථාවක් වන්නේ ඒගාර් ජෙලිවලින් යුත් පෙට්‍රි දීසියකි. මහා පරිමාණයේ අක්‍රිය කරන ලද සෛල ජෛව ප්‍රතික්‍රියාකාරක වන්නේ

  • චලන මාධ්‍ය
  • ඇසුරුම් කරන ලද පාත්තිය
  • තන්තුමය පාත්තිය
  • තුනී පටලය

සටහන්

Biochemical engineering