"බැටරි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ වෙනස් කරමින්: uk:Батарейка
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: hu:Elem
33 පේළිය: 33 පේළිය:
[[hr:Baterija]]
[[hr:Baterija]]
[[ht:Selil vòltayik]]
[[ht:Selil vòltayik]]
[[hu:Elem]]
[[id:Baterai]]
[[id:Baterai]]
[[is:Rafhlaða]]
[[is:Rafhlaða]]

13:03, 18 ජූලි 2012 තෙක් සංශෝධනය

වෝල්ට් 9 බැටරි, AA , AAA, D අතේ රඳවා ගත හැකි ගුවන් විදුලි බැටරි , රැහැන් රහිත දුරකථන බැටරි , කැම්කෝඩර් බැටරි , C ලෙස විවිධාකාර බැටරි ( විදුලි කෝෂ) පවතී.(ඉහත රූපයේ දක්වා ඇත.)

ඉලෙක්ට්‍රෝන විද්‍යාවේදී , රසායනික ශක්තිය ලෙස ශක්තිය ගබඩා කරන ශ්‍රේණිගතව සම්බන්ධ කළ විද්‍යුත් ශක්තිය නිපදවිය හැකි විද්‍යුත් කෝෂ 2ක් හෝ කීපයක් බැටරියක් නම් වේ. භාවිතය නිසා එක් විද්‍යුත් කෝෂයක් ද බැටරියක් සේ හැදින්වීමට අප යොමුව ඇත. දැනට විද්‍යුත් රසායනික කෝෂ වර්ග කිහිපයක් පවතී. ගැල්වානී කෝෂය, විද්‍යුත් විච්ඡේද කෝෂ , ඉන්ධන කෝෂ හා වෝල්ටීය කෝෂ ඒවායින් කිහිපයකි. අභ්‍යන්තර රසායනය , ගලායනධාරාව හා උෂ්ණත්වය මත බැටරියක ලක්ෂණ වෙනස් වේ.

බැටරි පොදුවේ වර්ග 2කට වෙන් කරනු ලැබේ. ප්‍රාථමික (ඉවතලිය හැකි) හා ද්විතීක ( නැවත ආරෝපණය කළ හැකි) වශයෙනි. ප්‍රාථමික කෝෂවල රසායන ද්‍රව්‍ය අප්‍රතිවර්ත ලෙස ප්‍රතික්‍රියාව කර විද්‍යුතය උපදවන නිසා නිසා ඒවා රසායන ද්‍රව්‍ය අවසන් වන තෙක් ක්‍රියා කරන අතර එක් වරක් පමණක් භාවිතයට නිමවා ඇත. ද්විතීක කෝෂවල භාවිතා වන රසායනික ද්‍රව්‍ය ප්‍රතිවර්ත්‍යව ප්‍රතික්‍රියා කරන නිසා නැවත ආරෝපණය කළ හැක. ඒවා මඟින් ධාරාව ලබා දෙන දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ ධාරාවක් යැවීම මඟින් ආරෝපණය කළ හැක. ද්විතීක කෝෂ වාර ගණනාවක් නැවත ආරෝපණය කළ හැකි නිසා ඒවා ‘ආරෝපණය කළ හැකි කෝෂ’ සේද හැදින්වේ. නරක් වීමෙන් පසු සමහර බැටරි ප්‍රතිචක්‍රීකරණය කළ හැක.

මුල් කාලීනව යම් බැටරි ආකාරයක් භාවිතා කරන්නට ඇති වුව ද නූතන බැටරියේ වැඩි දියුණුව ඇරඹුනේ ඉතාලි ජාතික භෞතික විද්‍යාඥ ඇලෙක්සැන්ඩ්‍රෝ වෝල්ටා විසින් 1800 දී වෝල්ටීය පුංජය සොයා ගැනී‍මත් සමගය. ඉන්පසු බැටරිය ප්‍රවාහනය(එහා මෙහා ගෙනයාම)පහසු වීම නිසාත් එමඟින් කරගත හැකි කාර්යන් බහුල වීම නිසාත් ජනප්‍රියත්වයට පත් විය. බැටරිය පුළුල්ව භාවිතයත් සමග පරිසර පිළිබඳ මහත් අවධානයක් දැක්වීමට සිදුවිය. බැටරියේ අඩංගු බැර ලෝහ මඟින් සිදුවන පරිසර දූෂණය මීට හේතු විය. බොහෝ පිළිසැකසුම් සමාගම් ප්‍රතිචක්‍රීකරණය කිරීම මඟින් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පොළවට යටවන බැටරි ප්‍රමාණය අවම කර ගැනේ.

"https://si.wikipedia.org/w/index.php?title=බැටරි&oldid=218471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි