"ලෝවාමහා පාය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:අනුරාධපුර එක් කරන ලදී. HotCat භාවිතයෙන්
3 පේළිය: 3 පේළිය:





[[ප්‍රවර්ගය:අනුරාධපුර]]


[[en:Lovamahapaya]]
[[en:Lovamahapaya]]

08:09, 12 ජූලි 2012 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවේ පූජනීය අගනගරය වූ අනුරාධපුරයේ රුවන්වැලි සෑයටත්, ශ්‍රී මහා බෝධියටත් අතර ස්ථානයක ලෝවා මහාපාය පිහිටා ඇත. එය ලෝහ ප්‍රාසාදය වශයෙන්ද හැඳින්වේ. අතීතයේ මෙහි දාන ශාලාවක් සහ උපෝසථාගාරයක්ද තිබුණි. එහි සීමා මාලකයක්ද තිබුණු අතර පෝය දිනවල භික්ෂූන් වහන්සේලා එකතු වී පොහොය කිරීම ආදිය එහිදී කරන ලදී. මෙම ප්‍රසිද්ධ ලෝවාමහා ප්‍රාසාදය කරවන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. එය මහල් නමයකින් යුක්ත ප්‍රාසාදයකි. එහි එක් පැත්තක දිග අඩි 400 කි. (මී. 120) එහි වහල තනා තිබුනේ තඹ හා බෙලෙක් මිශ්‍ර ලෝකඩ වලින් සාදන ලද උළු කැටවලිනි. එහෙයින් ඊට ලෝවාමහා පාය යන නම යෙදුණි. මෙහි ගල් කණු පේළි 40 කි. එක් පේළියකට ගල් කණු 40 ක් යොදා ඇත. මුළු ගල් කණු ප්‍රමාණය 1600 කි. මෙය නිම කිරීමට අවුරුදු 6 ක් ගත වූයේ යයිද, සැලසුම ලැබුනේ දෙව්ලොවින් යයිද විශ්වාසයක් පවතී. සද්ධාතිස්ස රජුගේ කාලයේදී මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ලෝවාමහා_පාය&oldid=217681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි