"ඡායාරූපී සැකසුම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: fa:ظهور (عکاسی)
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: pt:Revelação (fotografia)
67 පේළිය: 67 පේළිය:
[[ko:현상 (사진술)]]
[[ko:현상 (사진술)]]
[[pl:Wywoływanie]]
[[pl:Wywoływanie]]
[[pt:Revelação (fotografia)]]
[[ru:Экспонирование]]
[[ru:Экспонирование]]
[[simple:Film processing]]
[[simple:Film processing]]

02:14, 12 ජූලි 2012 තෙක් සංශෝධනය

අභිමත ආකාරයට නෙගටිව් හෝ පොසිටිව් (පාර්ශ්වික අපවර්තනය සහිත හෝ රහිත) ඡායාරූප ලබා ගැනීම සඳහා සාමාන්‍ය ඡායාරූප පටල අනාවරණයෙන් අනතුරුව සිදු කෙරෙන කාර්මික ක්‍රියාවලිය සේයාපට විකසනය නම් වේ. මෙහි දී කාර්යයන් ත්‍රිත්වයක් ඉටු වේ. එනම් අපට දැක ගත නොහැකි ලෙස ගබඩා වී ඇති රූපය දෘශ්‍ය රූපයක් බවට පරිවර්තනය කෙරේ. තවද මෙම දෘශ්‍ය රූපය ස්ථිර එකක් බවට පත් කෙරෙන අතර ඊට සමගාමීව සේයාපටය ආලෝක සංවේදී නොවන තත්ත්වයට පත් කෙරේ.

භාවිතා කරන සේයාපට වර්ගය හෝ කඩදාසි වර්ගය අනුව සාමාන්‍ය ක්‍රියාවලිය වෙනස් නොවේ. පොදුවේ සාම්ප්‍රදායික ලෙස නොසැලකෙන පෝලරොයිඩ් සහ තාප වර්ධිත සේයාපට වැනි ක්ෂණික සේයාපටලයන් මෙම පැහැදිලි කිරීමට එකඟ නොවේ.

Kodachrome සේයාපට Kodak රසායනාගාරවල හැර අනෙකුත් රසායනාගාරවලදී විකසනය කළ නොහැකිය. තවද සාමාන්‍යයෙන් බහුලව භාවිතා නොවන වර්ණක බිඳ වැටුම් තාක්ෂණ (උදා - Cibachrome තාක්ෂණය) ක්‍රම සුළු සංඛ්‍යාවක් ද භාවිතයේ පවතී.

සේයාපට මුද්‍රණයේ පියවර

කළු-සුදු රූපයක් ඒකවර්ණ ඡායාරූපයක් ලෙස සකසන අයුරු මෙහිදී පෙන්නුම් කරයි

ආධුනික හෝ වාණිජ මට්ටමේ යන ඕනෑම සැකසීමක දී පටලය රසායනික ගිල්වුම් තුළ බහාලනු ලැබේ. මෙම එක් එක් ගිල්වුම් සමීපව නිරීක්ෂණය කරන අතර විශේෂිත උෂ්ණත්ව හා බහාලුම් කාල පවත්වා ගනු ලැබේ. දියුණු කිරීම් ගිල්වුම් සම්මත සැකසුම් තත්ත්වවලින් වූ වෙනස් වීම්වලට වඩා සංවේදී වන අතර (උදා- කාලය හා උෂ්ණත්වය) අනෙකුත් බහාලුම් අඩු සංවේදීතාවක් දක්වයි.

  • නොපෙනෙන රූපය ලෝහක රිදී බවට හරවන විකාශකය.
  • සාමාන්‍යයෙන් ඇසිටික් අම්ලයේ තනුක කරන ලද ද්‍රවණයක් මඟින් විකාශකයේ ක්‍රියාව නවතන නැවතුම් ගිල්වුම. නූතන ස්වයංක්‍රීය සැකසුම් යන්ත්‍රවලදි මෙම පියවර යාන්ත්‍රික පෘෂ්ටයකින් දියර ඉවත් කිරීමේ හා මිරිකීමේ රෝලර මඟින් ප්‍රතිස්ථාපනය වී ඇත. කුඩා පරිමාණ අඳුරු කාමර තුළ දී නැවතුම් ගිල්වුම් ලෙස බොහෝ විට යොදා ගන්නේ සිට්‍රික් අම්ලය හෝ වෙනත් කාබනික අම්ලයක් හෝ නැතහොත් ජලයයි. මෙයින් කුමක් හෝ පිළියමක් මඟින් භාෂ්මික විකාශකය ඉවත් කරන අතර අම්ලය භාවිතා කිරීමේ දී භාෂ්මිකතාවය උදාසීනකරණය කර විකාශකය සැකසුම් ගිල්වුම සමඟ මිශ්‍ර වීම අවම කරයි.
  • තිර කූරුව (fixer) ඉතිරි රිදී හේලයිඩ දිය කිරීම තුළින් ඡායාරූපය ස්ථිර ආලෝක සංවේදී බවට පත් කරයි. තිර කූරුව සමහරක් විට හයිපො ලෙස හඳුන්වනු ලැබේ. මෙය ආදි රසායන විද්‍යාඥයෙකුගේ නම වූ හයිපො යන නමින් නම් කර ඇත. තවද මෙය හයිපො සල්ෆයිඩ්හි කෙටි කළ ආකාරයකි. හයිපොසල්ෆයිඩ්, හා හයිපො යන එකක් වත් නූතන රසායන විද්‍යාවේ තයෝ සල්ෆේට් හැඳින්වීමට යොදා ගනු නොලැබේ.
  • ඉතිරි වී ඇති තිර කූරු ඉවත් කිරීම සඳහා පිරිසිදු ජලයෙන් සේදීම. මෙලෙස සිදු කරනු ලබන්නේ ඉතිරි වී ඇති තිර කූරු රිදී රූපය දිරාපත් කර එහි අව පැහැ ගැන්වීම් හා බොඳ වීම් ඇති කළ හැකි නිසාය. තිර කූරුවෙන් පසු සේදුම් සහායකයක් (හයිපො පිරිසිදු කාරකයක් හෝ HCA ලෙස ද හඳුන්වනු ලැබේ.)භාවිතයෙන් සේදුම් කාලය අඩු කළ හැකි අතර තිර කූරුව වඩාත් සම්පූර්ණයෙන් ඉවත් කර ගත හැකිය.
  • පටල සකසනයක් තුළ දී අතිරේක අවසාන මතුවීම. මෙය අයනික නොවන ජලයෙහි තෙතමන කාරකයක් වන අතර එය වියළීම දෘඩ ජලයෙන් වියළුම් ලකුණු ඉවත් කිරීමට උදව් වේ.
  • ඊට පසු පටලය දුවිලිවලින් තොර පරිසරයක දී වේලනු ලබන අතර අවසානයේ දී කපා (රෝල් පටලයක් නම්) ආරක්ෂාකාරී පොකට්ටු තුළට බහාලනු ලැබේ.

සේයාපට මුද්‍රණය සිදුකෙරෙන අයුරු

සැකසීමට පෙර පටලය ආලෝකයෙන් තොර කාමරයක් හෝ බහාලුමක් තුළ දී කැමරාවෙන් හා එහි කැසට්ටුවෙන්, ඔතනයෙන් හෝ දාරකයෙන් ඉවත් කර ගත යුතුය.


කුඩා පරිමාණ සැකසීම

නියමානුකූල ආලෝක-ප්‍රයෝග ටැංකි ක්‍රමයේදී වෙන් කිරීම-ඉවත් කිරීමේ නිදර්ශනය කුඩා ප්‍රමාණයේ සැකසීමකදී භාවිතාවන ආකාරය

ආධුනික සැකසීමේ දී පටලය කැමරාවෙන් ඉවත් කර ගන්නා අතර සම්පූර්ණ අඳුරේදී (සාමාන්‍යයෙන් අඳුරු කුටියක් තුළ (ආරක්ෂක විදුලි පහන ක්‍රියා විරහිත කර) හෝ අත් සිදුරු ඇති පාරාන්ධ බෑගයක් තුළ) සේයා පටයට ඔතනු ලැබේ. සේයා පටය දඟර හැඩයකින් යුත් අතර එක් එක් පුඩු අතර හිඩැස් ද ඇත. මේ නිසා පටල මතුපිට හරහා රසායන ද්‍රව්‍ය නිදහසේ ගලා යා හැකිය. ඉන්පසු දළ සේයා පටය විශේෂයෙන් නිර්මාණය කරන ලද පාරාන්ධ ටැංකියක් තුළ (දවල් ආලෝක සැකසුම් ටැංකි ලෙස හඳුන්වන) බහාලන අතර අවසාන සේදුම සම්පූර්ණ වන තුරු එය එහි පවතී.

තහඩු පටලවලදි ඒවා ට්‍රේ, එල්වුම් (ගැඹුරු ටැංකි තුළ දී භාවිතා වන හෝ චක්‍රීය සැකසුම්) සිංගාරා තුළ දී සැකසිය හැකිය.


වානිජමය සැකසීම

වානිජමය සැකසීමේ දී පටලය ස්වයංක්‍රීයව හෝ ක්‍රියාකරවන්නෙකු විසින් ඉවත් කරන අතර පාරාන්ධ බෑගයක් තුළ එය බහාලනු ලැබේ. සැකසුම් යන්ත්‍රය තුළට ඇතුළු කරන්නේ එයයි. සැකසුම් යාන්ත්‍රණය, අඛණ්ඩ රේඛාවක පටල එකට පුරුද්දා ක්‍රියාත්මක වන අඛණ්ඩ පදනමක් මත ධාවනය වේ. සියලු සැකසුම් පියවර තනි සැකසුම් යන්ත්‍රයක් තුළදී ස්වයංක්‍රීයව පාලනය කරන ලද කාල, උෂ්ණත්ව හා ප්‍රතිකාරක නැවත පිරවුම් ශීඝ්‍රතාවයක්ද සමඟ සිදු කෙරේ. පටලය හෝ මුද්‍රණය එළියට මතු වන්නේ සේදීමෙන් අනතුරුව වියළීමටද ලක්වීමෙන් පසුව වන අතර අතින් කැපීමට හැකි අයුරිනි. වත්මන ඇතැම් පටල හා මුද්‍රණ ස්වයංක්‍රීයව කැපීම සිදුවේ. නමුත් ඉන් සමහරක දී රාමුවේ මධ්‍යයෙන් දළ සේයා පටල කැපී යයි. මෙය හේතුව ලෙස දැක්විය හැක්කේ පටල අතර හිඩැස ඉතා පටු වීම හෝ ඡායාරූපය අඩු ආලෝකයේ දී ගැනීම හේතුවෙන් පටල කෙළවර තියුණු නොවීමයි.



සටහන්

Film_developing
"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූපී_සැකසුම&oldid=217651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි