"ක්‍රිකට්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: zu:Ikhilikithi
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ast:Críquet
76 පේළිය: 76 පේළිය:
[[an:Críquet]]
[[an:Críquet]]
[[ar:كريكت]]
[[ar:كريكت]]
[[ast:Críquet]]
[[az:Kriket]]
[[az:Kriket]]
[[bat-smg:Krėkets]]
[[bat-smg:Krėkets]]

22:30, 16 මැයි 2012 තෙක් සංශෝධනය

ක්‍රිකට් යනු පිල් දෙකක පන්දු-සහ-පිති ක්‍රීඩාවකි. ක්‍රිකට් යනු පිත්තක් සහ පන්දුවක් සමග කරන කන්ඩායම් ක්‍රීඩාවකි.ඕවල් හැඩැති එලිමහන් ප්‍රදේශයක හෙවත් ක්‍රිකට් ක්‍රීඩාoගනයක මෙම තරඟ පවත්වනු ලබයි. ක්‍රීඩා පිටිය මැද යාර 22ක් පමන දිගකින් යුතු සෘජුකෝණාස්‍රාකාර ‘පිච්’ නම් වූ විශේෂ ප්‍රදේශයක් දක්නට ලැබේ.මෙම ක්‍රීඩාව සිදුකරනු ලබන්නේ එහි සිටයි.

ක්‍රිකට් තරඟයක් පවත්වනු ලබන්නේ සාමාජිකයින් 11 බැගින් වූ කන්ඩායම් දෙකක් අතරයි. එක කන්ඩායමක් පන්දුවට පහර දෙමින් හැකිතාක් ලකුනු රැස් කරනු ලබයි.අනෙක් කන්ඩායම පන්දු යවමින් සහ පන්දු රකිමින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් දවා ගැනීමට උත්සහ කරයි. පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් ලකුණු ලබා ගන්නේ පිච් නැමැති කොටසේ විරුද්ධ අන්තයට දිව යමිනි.එහි ඇති සීමා ඉර පසු කල විට ලකුනක් හිමි වේ. මීට අමතරව 6 සහ 4 බැගින් ලකුනු ලබා ගැනීමට ක්‍රීඩාoගනයේ පිටත සීමාවෙන් ඉවතට පන්දුව යොමු කල යුතු වේ. ඉනිම අවසානයේ පන්දුවට පහර දුන් කන්ඩායම පන්දු යවන අතර අනෙක් කන්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලැබේ. මෙම ක්‍රීඩාවේ ඕවර 20 ඕවර 50 සහ ටෙස්ට් තරඟ ලෙස ප්‍රභේද ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවට අදාල නීති සම්පාදනය කරනු ලබන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිනි. ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සිදු වන්නේ 16 වන සියවසේ දකුණු එoගලන්තයේදීය. 18 වන සියවස වන විට එය එoගලන්තයේ ජාතික ක්‍රීඩාව බවට පත්විය. 19 වන සියවස වන විට අන්තර්ජාතික තරඟ ආරම්භ විය. මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය යටතේ රටවල් 105ක් පමන ලියාපදිoචිව ඇත.

ඉතිහාසය

ක්‍රිකට් ආරම්භය 16 වන සියවසේ පමණ සිදුවුවත් අන්තර්ජාතික තරග ආරම්භ වන්නේ 1844 සිටය . ක්‍රිකට් ආරම්භය පිළිබද සියලු ගෞරව හිමි විය යුත්තේ එංගලන්ත ජාතිකයින් හටය. මුලින් එංගන්ත යටත් විජිත රාජ්‍ය වලට පමණක් සිමා වූ මෙම ක්‍රීඩාව වර්තමානය වන විට බොහෝ රටවල් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවීම මෙහි ජනප්‍රියතාවටයට විශාල හේතුවක් වී ඇත. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට අද වන විට එක්දින ,20-20 තරග දක්වා විවිධ තරග රටා හදුන්වා දෙමින් දිගු දුරක් පැමිණ ඇත.

තරඟ නීති රීති

ක්‍රිකට් තරඟයක් පවත්වනු ලබන්නේ 11 බැගින් වූ කන්ඩායම් දෙකක් අතරයි. තරඟ පවත්වන ක්‍රීඩාoගනය තණකොල වලින් ආවරනය වී තිබිය යුතුය. එමෙන්ම මුලු ක්‍රීඩාoගනයම වල ගොඩැලි නොමැතිව එකම තලයක තිබිය යුතුය. ක්‍රීඩාoගනයෙහි විශ්කම්භය යාර 150-160 විය යුතුය. ක්‍රීඩාoගනයෙහි පිටත ලකුනු 6 , 4 සීමාව දක්වා තිබිය යුතුය.

ගොනුව:Http://img830.imageshack.us/img830/7612/545pxcricketfieldpartss.png

පිච් කොටසෙහි සීමා දෙක අතර දුර යාර 22 කි. සීමාව සහ විකට්ටුව අතර දුර සෙන්ටිමීටර 122 කි. වයිඩ් සීමා දෙක අතර පලළ සෙන්ටිමීටර 264 කි. පිච් කොටසෙහි පලළ සෙන්ටිමීටර 305 කි. විකට්ටුවට සමාන්තරව පන්දු යවන්නාගේ සීමාව සටහන් කොට ඇත.

ගොනුව:Http://img715.imageshack.us/img715/9273/pitcha.png

විකට්ටුව එක හා සමාන ඉනි තුනකින් සහ බේල්ස් දෙකකින් සමන්විත වේ. විකට්ටුවෙහි උස සෙන්ටිමීටර 71 ක් පමන වේ.මැද ඉන්න පිච් කොටසෙහි හරි මැද සිටුවා තිබිය යුතුය.ඊට දෙපසින් අනෙක් ඉනි දෙක සිටුවනු ලබයි.

ගොනුව:Http://img411.imageshack.us/img411/7913/cricketstumps.png

ක්‍රිකට් පිත්ත ලීයෙන් නිමවා තිබිය යුතු අතර මුවහත් අග්‍ර 2 සහ සිලින්ඩරාකාර මිටක් තිබිය යුතුය. අග්‍ර අඟල් 4.25 කට නොවැඩි විය යුතු අතර පිත්තෙහි දිග අඟල් 38කට නොවැඩි විය යුතුය.

[[ගොනුව:[1]

ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩා කරන ස්ථානය

ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සමන්විත වන්නේ ‍බොහෝ විට විශාල රවුම් හෝ ඕවල් හැඩැති තණ පිට්ටනියකිනි. එහි නියමිත දිගක් පළලක් හෝ ගැඹුරක් නැත. නමුත් එහි විශ්කම්භය සාමාන්‍යයෙන් අඩි 450 – 500 (137 m/150 m) අතර වේ. පිටියේ පරිමිතිය අවසන් සීමාව ලෙස හඳුන්වයි. එය බොහෝ විට ලණුවකින් හේ පාට කරන ලද ඉරකින් දැක්වේ. ප්‍රධාන ක්‍රීඩාකයන් දෙදෙනා අතර වූ ප්‍රදේශය ක්‍රිකට් ක්‍රීඩාවේ දී යොදා ගන්නා ඉණි තුනක් සහ එම ඉනි තුන මතින් සවි කරන බේල් ‍නම් වූ කොටස කොටස පොළවට සවි කර ගනී. බොහෝ ක්‍රියාවන් සිදු කරනුයේ ක්‍රීඩාංගනය මැද සෘජුකෝණාස්‍ර මැටි තීරුවක කෙටි තණකොළ සහිත කොටසක් වන පිච් නමින් හඳුන්වන කොටසේ දීය. පිච් එක මනිනු ලබන්නේ අඩි 10 x66 (3.05 × 20.12 m) පිටියේ දිගම පැත්ත මනිනුයේ දිග මනින ඒකකයක් වන දම්වැල්වලිනි. “පිච්” එකේ දෙකෙළවර සිරස් ලෙස සවි කරන ලද ලී දඬුවලට “ස්ටම්ප්” ලෙස හඳුන්වනු ලබයි. බේල් නමින් හඳුන්වනු ලබන හරස් ලී කැබලි දෙකකින් මේවා ඉහලින් සවි කර ඇත. මෙම Stump තුනක් බේල් දෙකක් එකතුවට wicket නමින් හඳුන්වයි. Pitch එකේ කෙළවරක් පන්දුවට පහර දෙන්නා සිටින පහර දෙන අන්තය වන අතර අනිත් අන්තය පන්දුව පරිනමන්නා දුවගෙන එන පන්දුව පරිනමන අන්තයයි. පන්දුවට පහර දෙන්නා පිත්ත අල්ලා සිටින පැත්ත සහ විකට්ස් සම්බන්ධ කරන ක්‍රීඩාංගන ප්‍රදේශය off – side ලෙස හැඳින්වේ. ඊට අමතරව “ලෙග් සයිඩ්” සහ “ඔන් සයිඩ්” ලෙස ද පැති නම් කර ඇත. Pitch එකේ ඇඳ ඇති ඉරි “ක්‍රීසස්” නමින් හඳුන්වයි. මෙම ක්‍රීසස් පාවිච්චි කරනු ලබන්නේ පන්දුවට පහර දෙන්නා දැවී යනවා ද යන්න තීරණය කිරීමට සහ පන්දුවට පිරිනැමීම නීත්‍යානුකූල දැයි සලකා බැලී‍මටය.


~~by d_lucifer~~

සැකිල්ල:Link FA සැකිල්ල:Link FA

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිකට්&oldid=210794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි