"එක්ස් කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: pms:Raj X
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: za:Rongh X
96 පේළිය: 96 පේළිය:
[[war:Rayos-ekis]]
[[war:Rayos-ekis]]
[[yi:רענטגען שטראלן]]
[[yi:רענטגען שטראלן]]
[[za:Rongh X]]
[[zh:X射线]]
[[zh:X射线]]
[[zh-min-nan:X siā-soàⁿ]]
[[zh-min-nan:X siā-soàⁿ]]

00:48, 25 අප්‍රේල් 2012 තෙක් සංශෝධනය

1895 දෙසැම්බර් මස 22 වෙනිදා විල්හෙල්ම් රෝන්ට් ජෙන් (Wilhelm Rontgen) විසින් මුල්වරට සිය බිරිදගේ මුදුවක් පැලදි අතෙහි එක්ස් කිරණ ඡායා රූපයක් ලබාගෙන Freiburg විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලුඩ්ග්විග් සෙන්ඩර් (Ludwij Zehnder) හට 1896 ජනවාරි 1 වෙනිදා ඉදිරිපත් කරන ලදී. එම ඡායාරූපයෙහි 3 වන ඇගිල්ලෙහි පිහිටි අදුරු ඕවාලාකාර සෙවනැල්ල ඇය පැලදී මුදුවෙන් ඇති කරන ලද්දකි.
නාසයෙහි ඇති කෝටරාභයක පැතිකඩ දර්ශනයක එක්ස් රේ ඡායාරූපයක්

එක්ස් කිරණයක් යනු ( Rontgen කිරණ) එක්තරා ආකාරයක විද්‍යුත් චුමුභක විකිරණ වර්ගයක් වන අතර එහි තරංග ආයාමය නැනෝ මීටර් 10 සිට 0.01 දක්වා වේ. එහි සංඛ්‍යාතය 30PHz සිට 30EHz අතර වේ. ඒවා ගැමා කිරණ වලට වඩා දිගු වන අතර UV කිරණ වලට වඩා කෙටිය. ඒවා විකිරණ විද්‍යාව සහ ස්පටික විද්‍යාවේදී රෝග නිර්නය ක්‍රමයක් ලෙසට භාවිතයට ගැනේ. එක්ස් කිරණ යනු එක්තරා ආකාරයක අයනීකාරක විකිරණයක් වන අතර එවැන්නක් හානි දායක විය හැකිය. එක්ස්කිරණ වලට එය සොයාගත් Wilhelm Conrad Roentgen ගේ නමින් රෝන්ජෙන් කිරණ ලෙසද හැදින්වේ.


වෛද්‍ය විද්‍යාවේ භාවිතය

රෝන්ජෙන්ගේ සොයාගැනීමෙන් පසුව වෛද්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රතිරූපණ ලබාගැනීම සදහා එක්ස්කිරණ භාවිතයට ගැණිනි. විකිරණ වේදය වෛද්‍ය විද්‍යාවෙහි විශේෂණය හෝ ක්ෂේත්‍රයකි. විකිරණ ශිල්පින් විසින් විකිරණ රේඛනය සහ අනෙකුත් ක්‍රම රෝග නිර්ණය සදහා භාවිතයට ගැනේ. මෙය එක්ස් රේ තාක්ෂණය මගින් බහුලවම ගන්නා ප්‍රයෝජනයයි.

එක්ස් කිරණ විශේෂයෙන්ම සංධාරක පද්ධතියේ රෝග හදුනාගැනීම සදහා උපකාරීවේ. මීට අමතරව මෘදු පටක වල ඇති ඇතැම් රෝග හදුනාගැනීමටද පුළුවන. නියුමෝනියාව, පෙනහළු පිලිකා හෝ පෙනහළු වල නොයෙකුත් තරලයන් රැස්වීම උරස්කුහරයේ එක්ස්කිරණ ඡායාරූපයක් මගින්ද උදරකුහරයේ එක්ස්කිරණ ඡායාරූපයක් මගින් අන්ත්‍රයෙහි ඇතිවන අවහිරතා, වායු එක්රැස්වීම් සහ තරල එක්රැස්වීම් දැක බලාගත හැකිය. ඇතැම් අවස්ථාවලදී පිත්තාශයේ ගල් හෝ වකුගඩුවල ගල් එක්ස් රේ ඡායාරූපයක් මගින් දැකබලා ගැනීම අපහසු වන්නේ ඒවා එක්ස්කිරණ සදහා පාර දෘෂ්‍ය බැවිනි. සම්ප්‍රදායික එක්ස් රේ ඡායාපිටපතක් මොළය මාංපේශි වැනි පටක කොටස් වල රෝග තත්ත්වයන් හදුනා ගැනීමට බාවිතා කළ නොහැක. මෙවන් පටක සදහා විකල්ප ක්‍රමයන් වන්නේ Computed axial tomography හෙවත් CT ස්කෑන් ක්‍රමය, විදයුත් චුම්භක ප්‍රතිරූපණය හෙවත් MRI ස්කෑන් සහ අතිධ්වනි ස්කෑන් (Ultrasound Scan) ක්‍රමයන්ය. වසර 2005 සිට ඇමරිකා එක්සත් ජනපදය මගින් එක්ස්කිරණ පිලිකා කාරක ද්‍රව්‍යයක් බවට නම් කර ඇත.

පිලිකා රෝග සදහා බහුලවම සුවකිරීමේ ක්‍රමයක් ලෙසට භාවිතා වන විකිරණ චිකිත්සාවේදී ඉතා විශාල ශක්ති ප්‍රමාණයකින් යුක්ත විකිරණ භාවිතාවේ.

එක්ස් කිරණ නලයක ඵලදායිතාවය 2% ත් වඩා අඩුය. මින් නිපදවන ශක්තියෙන් වැඩි කොටසක් භාවිතා වනුයේ එහි වු ඇනෝඩයෙහි උෂ්ණත්වය වැඩිකිරීම සදහායි.

"https://si.wikipedia.org/w/index.php?title=එක්ස්_කිරණ&oldid=208496" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි