"ලාදුරු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ ඉවත් කරමින්: jv:Penyakit Hansen
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ka:კეთრი
65 පේළිය: 65 පේළිය:
[[it:Lebbra]]
[[it:Lebbra]]
[[ja:ハンセン病]]
[[ja:ハンセン病]]
[[ka:კეთრი]]
[[kk:Алапес]]
[[kk:Алапес]]
[[kn:ಕುಷ್ಠರೋಗ]]
[[kn:ಕುಷ್ಠರೋಗ]]

23:15, 23 අප්‍රේල් 2012 තෙක් සංශෝධනය

ලාදුරු රෝගය
වර්ගීකරණය සහ බාහිර සම්පත්
A 24-year-old man infected with leprosy.
ICD-10A30.
ICD-9030
OMIM246300
DiseasesDB8478
MedlinePlus001347
eMedicinemed/1281 derm/223 neuro/187
MeSHC01.252.410.040.552.386

ලාදුරුලාදුරු රෝගය - leprosy ලාදුරු කියන්නේ සුව කළ හැකි රෝගයක්‌. නිසි ප්‍රතිකාර ගත යුතුයි. මේ සඳහා ප්‍රත්‍යක්‍ෂ ඖෂධ තිබෙනවා.

මයිකෝබැක්‌ටීරියම් ලේපර් කියන දණ්‌ඩාකාර බැක්‌ටීරියාවකිනුයි ලාදුරු බෝ වන්නේ. බෝ නො වන වර්ගය පෝසි බැසිලරි හෙවත් ඡඊ යනුවෙනුත් බෝ වන වර්ගය මල්ටි බැසිලරි හෙවත් ඵඊ යනුවෙනුත් තමයි හඳුන්වන්නේ. බෝ වන වර්ගයේ ලාදුරු හැදුණු කෙනකු ගෙන් තවත් කෙනකුට බෝ වෙන්න ඉඩ තිබෙනවා. බැක්‌ටීරියා නාශක ඖෂධ දින 3ක කෙටි කාලයක්‌ තුළ රෝග කාරක බැක්‌ටීරියාව විනාශ කරන නිසා ප්‍රතිකාර ගන්නා රෝගියකු ගෙන් කෙනකුට බෝ වෙන්නේ නෑ. මේ රෝගය බෝ වෙන්නේ ප්‍රතිකාර නො ගන්නා රෝගියකු ගෙන් පමණයි. ප්‍රතිකාර නො ගන්නා බෝ වන වර්ගයේ ලාදුරු රෝගියකු කහින විටත් කිවිසුම් පිටවන විටත් ශ්වසන පද්ධතිය හරහා පරිසරයට පිට වන කෙළ බිඳිති වෙනත් කෙනකුට රෝගය බෝ කිරීමට හේතුවක්‌ වෙනවා.

කිසියම් රටක වෙසෙන ජනතාව ගෙන් සියයට 80කට පමණ ලාදුරු බැක්‌ටීරියාව මර්දනය කිරීමට හැකි ප්‍රතිශක්‌තියක්‌ ශරීරයේ ගැබ් වී තිබෙනවා. ඒ නිසා රෝගය බෝ විය හැක්‌කේ ජනගහනයෙන් සියයට 10කට පමණයි. සම මතුපිට ළා පැහැති දුර්වර්ණ දැනීමක්‌ නැති ලප තමයි මේ රෝගයේ මූලික ලක්‌ෂණය. මෙවැනි ලප එකක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ හිසේ හැර ශරීරය පුරා තිබීමත් කන්පෙති හා ශරීරයේ සම ඝන වීමත් මූලික ලක්‌ෂණ කිහිපයක්‌. නොකඩවා හිරි වැටීම් තිබෙන්නටත් පුළුවන්. ලප පහකට අඩු නම් ඒ බෝ නො වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්‌. ලප 5ට වඩා වැඩි නම් බෝ වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්‌. නිසි ප්‍රතිකාර නො ගැනීමෙන් පර්යන්ත ස්‌නායු පද්ධතියට රෝගය පැතිරීම නිසා ඇඟිලි වකුටු වීම, පාදයේ වළලුකරින් පහළ කොටස අප්‍රාණික වීම වැනි තත්ත්ව ඇති විය හැකියි. ප්‍රතිකාර ගැනීම වඩාත් ප්‍රමාද වුවොත් පාදයේ දැනීම නොමැති වීම හේතුවෙන් දියවැඩියා රෝගීන් ගේ පාදවල ඇති වන තුවාලවලට සමාන වූ තුවාල දක්‌නට ලැබෙනවා. රෝගයේ මුල් අවස්‌ථාවේ දී ප්‍රතිකාර ගැනීමෙන් විකෘතිතා ඇති වීම වළක්‌වා ගන්නට හැකියාව තිබෙනවා"

කෙටිකාලීන ප්‍රත්‍යක්‍ෂ ඖෂධ රෝගීන්ට ලබා දෙනවා. රෝගයේ වර්ගය අනුව ප්‍රතිකාර කාල සීමාව වෙනස්‌ වෙනවා බෝ නො වන වර්ගය සඳහා ඖෂධ වර්ග දෙකක්‌ මාස 6ක්‌ තුළ ලබාගත යුතුයි. බෝ වන වර්ගය සඳහා තවත් අමතර ඖෂධයක්‌ ඇතුළත් වෙනවා. මේ ඖෂධ මාස 12ක කාලයක්‌ තුළ ලබාගත යුතුයි. අතුරු ආබාධ ඇති වන්නේ ඉතා ම අඩුවෙන්. සියයට 90ක්‌ රෝගීන්ට අතුරු ආබාධ ඇති වන්නේ නෑ. වසරකට වරක්‌ ලබාගන්නා Rසඒපචසැසබ නම් ඖෂධය නිසා වසරකට වරක්‌ ප්‍රතිකාර ගන්නා මුල් දිනයේ මුත්‍රා රතු පාට විය හැකියි. එයට හේතුව එම ඖෂධයේ අඩංගු වර්ණක. බෝ වන ලාදුරු රෝගීන් භාවිත කරන Cකදඒzaපසබැ නම් ඖෂධය සමහර රෝගීන් ගේ සම දුර්වර්ණ කිරීමට හේතු වෙනවා. ප්‍රතිකාර අවසන් වීමෙන් පසු යථා තත්ත්වයට පත් වෙනවා. ප්‍රතිකාර ගන්නා කාලය තුළ ඇස්‌ හා මුත්‍රා කහ පාට විය හැකියි. මේ රෝග ලක්‌ෂණ දුටු වහාම ප්‍රතිකාර නවතා වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලාදුරු&oldid=208447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි