"පයි (අංකය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු The file Image:Pi.png has been removed, as it has been deleted by commons:User:Fastily: ''No license since 10 December 2011''. ''Translate me!''
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: kk:Пи (сан)
90 පේළිය: 90 පේළිය:
[[jv:Pi]]
[[jv:Pi]]
[[ka:პი (რიცხვი)]]
[[ka:პი (რიცხვი)]]
[[kk:Пи саны]]
[[kk:Пи (сан)]]
[[ko:원주율]]
[[ko:원주율]]
[[ksh:Pi (Kräjßzal)]]
[[ksh:Pi (Kräjßzal)]]

18:57, 10 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

මෙම ලිපිය ගණිතමය නියතයන් පිළිබඳ වේ. මෙනමින් ඇති ශ්‍රිත අක්ෂරය සඳහා “පයි (අක්ෂරය)” බලන්න. අනෙකුත් යෙදුම් සඳහා “පයි(පැහැදිලි කිරීම්)” බලන්න.

වෘත්තයක විශ්කම්භය 1 ක් වූ විට එහි පරිධිය π වේ.
සංඛ්‍යා ලැයිස්තුව -අපරිමේය සංඛ්‍යා
ζ(3) – √2 – √3 – √5 – φ – α – e – π – δ
ද්වීමය 11.00100100001111110110…
දශමය 3.14159265358979323846…
හෙක්සා බෙසිමල් 3.243F6A8885A308D31319…
සන්තත භාගය

සන්තත භාගය ආවර්තනය නොවන බව නිරීක්ෂණය කරන්න.

පයි හෙවත් π ඉතා වැදගත් ගණිතමය නියමයන් අතරින් එකකි. එහි දළ අගය ආසන්න වශයෙන් 3.14159 කි. එය යුක්ලීඩියානු ජ්‍යාමිතියේ දී ඕනෑම වෘත්තයක පරිධිය එහි විෂ්කම්භයට දක්වන අනුපාතයට සමාන වන අතර තවද එය වෘත්තයක ක්ෂේත්‍රඵලය එහි අරයෙහි වර්ගයට දක්වන අනුපාතයට ද සමාන වේ. ගණිතය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාවේ ඇති බොහෝ සමීකරණවල π අඩංගු වේ. π අපරිමේය සංඛ්‍යාවකි. එනම් m හා n නිඛිල වූ විට m/n ආකාරයේ භාගයක් ලෙස ප්‍රකාශ කළ නොහැක. ඒ අනුව එය දශමය ආකාරයට ලියා අවසන් කළ නොහැකි අතර සමාවර්තනය ද නොවේ. අපරිමේය වීම හැරුණු විට π අත්‍යුත්තර සංඛ්‍යාවක් ද වේ. එනම් නිඛිල මත සිදු කරන වීජ ගණිත කර්ම (බල, වර්ගමූල, ඓක්‍යය ආදී) පරිමිත සංඛ්‍යාවක් ඇසුරින් එය ලබා ගත නොහැකිය. ගණිතයේ ඉතිහාසය පුරාම π හි අගය වඩාත් නිවැරදිව නිර්ණය කිරීමටත් එහි ගුණාංග අවබෝධ කිරීමටත් විවිධ උත්සාහයක් ගෙන තිබේ. මෙසේ π සිත්ගන්නා සුළු ගුණ දැක්වීම හේතුවෙන් එය පොදුවේ සංස්කෘතියේ කොටසක් බවට ද පත්ව ඇත. පයි ලෙස ලියැවෙන π නම් ග්‍රීක අක්ෂරය පරාමිතිය යන අරුත දෙන "περίμετρος", ග්‍රීක වචනය ඇසුරින් 1706 දී විලියම් ජෝන්ස් විසින් උපුටා ගන්නා ලද බව සැලකිය හැකිය. පසුකාලීනව මෙම යෙදුම ලියනැබ් ඉයුලර් විසින් ප්‍රචලිත කරන ලදී. මෙම නියතය ඇතැම්විට වෘත්ත නියතය, ආකිමිඩීස් නියතය (ආකිමිඩීස් සංඛ්‍යා සමඟ පටලවා නොගත යුතුය) හෝ ලුඩෙල්ෆ් සංඛ්‍යාව ලෙස ද හැඳින්වේ.


සටහන්

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Pi
"https://si.wikipedia.org/w/index.php?title=පයි_(අංකය)&oldid=200855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි