"ලලිත් ඇතුලත්මුදලි ඝාතනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය: 27 පේළිය:


===ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීම ===
===ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීම ===
1991 නොවැම්බර් 28 දිනදී ඔවුහූ [[ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ]] (ප්‍රඑජාපෙ) නමින් වෙන්වූ දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ.
1991 නොවැම්බර් 28 දිනදී ඔවුහූ [[ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ]] (ප්‍රඑජාපෙ) නමින් වෙන්වූ දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ. ඇතුලත්මුදලි මහතා එහි පක්ෂ නායකයා ලෙසින් තෝරා පත් කර ගැණිනි. 1991-92 අතරතුර කාලයේදී සිව් වතාවක්, ඇතුලත්මුදලි මහතා සහ ඔහුගේ ආධාරකරුවන්, ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් හෝ මැරයන් යැයි සැකකෙරෙනවුන් අතින් කායික වශයෙන් ප්‍රහාර වලට ලක් වූහ.


==ආශ්‍රිත==
==ආශ්‍රිත==

14:14, 29 ජනවාරි 2012 තෙක් සංශෝධනය

ලලිත් ඇතුලත්මුදලි ඝාතනය
ස්ථානයකිරුලපන, ශ්‍රී ලංකාව
දිනයඅප්‍රේල් 23, 1993
8:10 ප.ව. (ශ්‍රී ලංකා වේලාව)
ඉලක්කයලලිත් ඇතුලත්මුදලි
ප්‍රහාර මාදිලියස්වයංක්‍රීය මිමී9 පිස්තෝලය
මරණ1 අයෙකු මිය යාම (ලලිත් ඇතුලත්මුදලි)
තුවාලකරුවන්1 අයෙකු තුවාල ලැබීම (තිලක් ශාන්ත - ඇතුලත්මුදලිගේ ආරක්ෂක)
අපරාධකරුවෝජනක ප්‍රියංකර ජයමාන්න හෙවත් වැල්ලම්පිටියේ සුදු මහත්තයා

ශ්‍රී ලංකාවේ හිටපු වෙළෙඳ, ජාතික ආරක්ෂක, කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, 1993 අප්‍රේල් 23 වන දින කිරුලපන දී ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 8.10 ට (2.10 ප.ව. UTC) ඝාතනය කෙරිණි. .[1] බස්නාහිර පළාත සඳහා 1993 මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණයට සති 4 කට පමණ පෙර රැස්වීමක් අමතමින් සිටියදී ඇතුලත්මුදලි මහතා වෙඩි තැබීමකට ලක්ව මාරක තුවාල ලැබීය.

ශ්‍රී ලංකා පොලීසිය සහ ස්කොට්ලන්ඩ් යාඩ් විසින් වෙන් වෙන් වශයෙන් පවත්වන ලද පරීක්ෂණ වලින් නිගමනය වූයේ ඝාතනය සිදු කරන ලද්දේ එල්ටීටීඊ යට සම්බන්ධව සිටි අප්පයියා බාලක්‍රිෂ්නන් හෙවත් රගුනාදන් නමැති දෙමළ තරුණයා විසින් බවය. කෙසේවෙතත් මෙම නිගමන පිළිබඳ මහජනතාව පුළුල් ලෙසින් සැක සිතුවේ එකල පැවැති දේශපාලන සන්දර්භය නිසාවෙනි. 1995 දී, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඇතුලත්මුදලි ඝාතනය පිළිබඳ වගවිභාග කීරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලද්දේ ඇයගේ 1994 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාර පොරොන්දුවක්ද ඉටු කරනු පිණිසය. 1997 ඔක්තෝම්බර් 7 වන දිනදී භාරදුන් අවසාන කොමිසම් වාර්තාව විසින් දැක්වුනේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස (1988–93) සහ ඔහුට කිට්ටුවෙන් වූ ආරක්ෂක හමුදා කාර්ය මණ්ඩලය ඇතුලත්මුදලි ඝාතනයට සෘජු ලෙස වග කිය යුතු බවයි. [1][2][3] මින් පසුව ආරක්ෂක හමුදා සාමාජිකයන් හා පාතාල සාමාජීකයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිණි. ඝාතනයක් සිදුකිරීමට කුමන්ත්‍රණ කිරීම, උදව් වීම, සහ අනුබල දීම වෙනුවෙන් මොවුන් හට අවසානයේදී චෝදනා ගොනු කරන ලදි. නඩුව අතරතුරදී චූදිතයන් තිදෙනෙක් මරා දමනු ලැබුවේ ඝාතනය පිළිබඳ තවත් සැකයන් හා ගැටළු ඉස්මතු කරමිනි. මෑත ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වඩාත්ම මතභේදකාරී දේශපාලනමය ඝාතනය ලෙසින් ලලිත් ඇතුලත්මුදලි නඩුව තව දුරටත් පවතියි. [4]

පසුබිම

රණසිංහ ප්‍රේමදාස සමග පැවති ආතතිය

ලලිත් ඇතුලත්මුදලි යනු 1977-88 දක්වා පැවති ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ රජයේ අතිශයින් ප්‍රමුඛ හා බලවත් ඇමතිවරයෙක් විය. ඔහු, අග්‍රාමාත්‍යය රණසිංහ ප්‍රේමදාස සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක යන්නන් 1988 දී පැවැති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා තරගවැදීමට බොහෝ සෙයින් ඉඩ ඇත්තන් ලෙසින් සැලකුණහ .[3] අවසානයේදී අග්‍රාමාත්‍යය රණසිංහ ප්‍රේමදාස නම් කරනු ලැබිණි. අවසානයේදී අග්‍රාමාත්‍යය රණසිංහ ප්‍රේමදාස නම් කරනු ලැබිණි. ජනාධිපති ප්‍රේමදාසයන්ගේ මැතිවරණ ජයග්‍රහණයට අනතුරුව අග්‍රාමාත්‍යය තනතුර සඳහා ඇතුලත්මුදලි හා දිසානායක මහත්වරුන් අතුරින් එක් අයෙකු තෝරාගනු ලැබෙතැයි අපේක්ෂා කෙරිණි. එනමුදු එම දෙදෙනාම මග හරිමින්, ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යය ලෙසින් පත් කලේ ඩී.බී. විජේතුංග මහතාවය. 1989දී, ප්‍රේමදාස මහතා විසින් ඔහුගේ කිට්ටුතම හිතවන්තයෙක් වූ බී. සිරිසේන කුරේ මහතාව එජාපයේ ජාතික සංවිධායක තනතුරට පත්කලේ ලලිත් ඇතුලත්මුදලි මහතා නොසලකාහරිමිනි. මෙලෙසින්ම, රජය හා පක්ෂය තුල වැදගත් තනතුරු මාලාවක් ඇතුලත්මුදලි සහ දිසානායක මහත්වරුන්ට අහිමි කරන ලදි. මෙම ක්‍රියාවන් නිසා පක්ෂයේ ප්‍රේමදාස පාර්ශ්වය හා ඇතුලත්මුදලි පාර්ශ්වය අතර ඉමහත් ආතතියක් ඇති විය. ඇතුලත්මුදලි මහතාගේ කිට්ටු හිතවන්තයෙකුවූ නාට්‍ය රචක ලක්ෂ්මන් පෙරේරා අතුරුදහන් වීමද මෙම භේදය තීව්‍ර කිරීමට හේතු පාදක විය. [5]

දෝෂාභියෝග යෝජනාව

මෙහි ප්‍රතිඵලය වූයේ ඇතුලත්මුදලි පාර්ශ්වය විසින් 1991දී ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමයි. [3] නිත්‍යානුකූල නොවන ඉඩම් ගණුදෙනු සහ කැබිනට් මණ්ඩලයේ උපදේශන ලබා නොගැනීම (හා එමනිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම) ඇතුළු බලය අනිසි ලෙසින් භාවිතා කිරීමෙහි ප්‍රෝක්ත අවස්ථා 24 ක් මෙම යෝජනාවට ඇතුලත් කර තිබුණි. [6] 1991 ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේ කථානායක විසින් ප්‍රතික්ෂේප කරන ලද මුත්, මෙම යෝජනාව, ප්‍රේමදාස රජය ඉමහත් අන්තරායයකට හෙලීය. මින් අනතුරුව, ඇතුලත්මුදලි සහ දිසානායක මහතුන් ඔවුන්ගේ අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වූහ. ඔවුන් සහ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයන් පක්ෂයෙන් නෙරපා දැමිණි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීම

1991 නොවැම්බර් 28 දිනදී ඔවුහූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ (ප්‍රඑජාපෙ) නමින් වෙන්වූ දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ. ඇතුලත්මුදලි මහතා එහි පක්ෂ නායකයා ලෙසින් තෝරා පත් කර ගැණිනි. 1991-92 අතරතුර කාලයේදී සිව් වතාවක්, ඇතුලත්මුදලි මහතා සහ ඔහුගේ ආධාරකරුවන්, ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් හෝ මැරයන් යැයි සැකකෙරෙනවුන් අතින් කායික වශයෙන් ප්‍රහාර වලට ලක් වූහ.

ආශ්‍රිත

  1. 1.0 1.1 "ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි, පරිච්ඡේදය 58: ප්‍රේමදාස ඉන්ඩික්ටඩ්". ඒෂියා ටයිම්ස් ඔන්ලයින්. 2002. සම්ප්‍රවේශය 2011-06-09. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Untold Story1" defined multiple times with different content
  2. "ශ්‍රී ලංකා: ඉන්ෆොමේෂන් ඔන් වෙදර් ද පොලීස් ආ ස්ටිල් සීකින් ද ඇසෑසින්ස් ඔෆ් ලලිත් ඇතුලත්මුදලි". සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්. 1998. සම්ප්‍රවේශය 2011-06-09.
  3. 3.0 3.1 3.2 "ඔබිචුයරි: ලලිත් ඇත්ලත්මුදලි". ද ඉන්ඩිපෙන්ඩන්ට්. 1993. සම්ප්‍රවේශය 2011-06-09.
  4. ෆා ඊසිට් ඇන්ඩ් ඔස්ට්‍රලේෂීයා. සම්ප්‍රවේශය 2011-06-09.
  5. "ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි, පරිච්ඡේදය 55: ඇසැසිනේෂන් ඔෆ් ඇතුලත්මුදලි". ඒෂියා ටයිම්ස් ඔන්ලයින්. 2002. සම්ප්‍රවේශය 2011-06-09.
  6. "දි ඉම්පීච්මන්ට් සාගා: මෙන් ඇන්ඩ් මෙමරීස් බුද්ධික කුරුකුලරත්න". දිවයින. 2005. සම්ප්‍රවේශය 2011-06-09.