"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: fiu-vro:Budism
334 පේළිය: 334 පේළිය:
[[fa:بودیسم]]
[[fa:بودیسم]]
[[fi:Buddhalaisuus]]
[[fi:Buddhalaisuus]]
[[fiu-vro:Buda usk]]
[[fiu-vro:Budism]]
[[fo:Buddisma]]
[[fo:Buddisma]]
[[fr:Bouddhisme]]
[[fr:Bouddhisme]]

09:01, 19 ජනවාරි 2012 තෙක් සංශෝධනය

ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

බුදු දහම ආර්ය ශිෂ්ඨාචාරයේ විකසිත වූ අනාර්ය ආගමික සංකල්ප රාශියක විකසිත අවස්ථාවයි. බුදු දහමෙහි ආරම්භය ඉන්දුනිමින ශිෂ්ඨාචාරය තෙක් දුරාතීතයකට අයත් බව රිවිර පුවත්පතට ශාස්ත්‍රීය ලිපියක් ලියමින් මුලිම හෙලිදරව් කළේ ලලීන්ද සන්නස්ගම මහතාය. ඉන්දුනිමිනයෙන් හමු වූ මුද්‍රාවල භාවනා මගින් අධ්‍යාත්මික ගවේශණයක් කිරීමේ ක්‍රමය සදහා පැරණිම සාධකය හමුවෙයි. නමුත් ඊටත් බොහෝ පසුකාලීන ආර්යන් ස්වභාවික වස්තු වලට බාහිර පූජා පවත්වා ආත්ම විමුක්තිය ලබාගන්නා ක්‍රමයක් දක්වයි. ඒ දෙකෙන් බුදුන් වහන්සේ තෝරාගත්තේ ඉන්දුනිම්න ක්‍රමයයි. ඉන්දුනිමින ආගමික සංකල්ප, ආර්ය ශිෂ්ඨාචාරය තුලට කාන්දු වී සියවස් ගණනාවක් පුරා නවීකරණය වීමෙහි ප්‍රතිඵලය වූයේ බුදුදහම පහල වීමයි.

බුදුන් වහන්සේ ජීවත් වූයේ ක්‍රි.පූ. 566 – 486 මධ්‍යම ඉන්දියා‍වේ ගංඟා නදී නිම්න ප්‍රදේශයේය. උන්වහන්සේ ආර්ය ශිෂ්ඨාචාරය විසින් මෙන්ම මුළු මහත් මානව සංහතිය විසින්ම බිහිකළ උසස්ම පුද්ගලයා ලෙස නිසැකවම කිවහැකිය.

ගොනුව:බුදු දහමේ ඓතිහාසික පදනම වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය[[ගොනුව:[1]]] ලලීන්ද්‍ර සන්නස්‌ගම

ක්‍රි. පූ. 1500 ට ආසන්න යුගයකදී ඉන්දියාව ආක්‍රමණය කළ ආර්යන් විසින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආගමික සංකල්ප අවශෝෂණය කර දියුණු කිරීමේ ප්‍රතිඵලය ලෙස ක්‍රි.පූ. 6 වන සියවස බුදුදහම පහලවී ද?

ශ්‍රී ලංකාවේ සිංහල ශිෂ්ටාචාරය සහ එහි ජනයාගේ ජීවන ක්‍රමය සකස්‌ කළේ බුදු දහමෙනි. එම නිසා බුදු දහම පිළිබඳ අවබෝධයක්‌ එහි අතීතය හැදෑරීමට පෙර ලබාගත යුතුය. ක්‍රි.පූ. 6 වන සියවස මධ්‍ය ඉන්දියාවේ බුදුදහම පහළ විය. එය, මෙතෙක්‌ මනුෂ්‍ය ඉතිහාසය තුළ පහළ වූ පරිපූර්ණ ඉගැන්වීම ලෙස සැලකිය හැකිය. බුදුදහම සාමාන්‍ය ඉතිහාස හැදෑරීම්වලදී ආර්ය ශිෂ්ටාචාරයේ ක්‍රමික දාර්ශනික පරිනාමයක උපරිමය ලෙස සැලකෙයි. නමුත් පුරාවිද්‍යාවේ සාධක අනුව මෙයට වඩා වෙනස්‌ තොරතුරු හමුවෙයි.

බුදු දහම සහ එහි නිවුන් දර්ශනය වූ ජෛන දහම මූලික සංකල්ප හැම එකකින්ම පාහේ වෛදික ආර්යන්ගේ ආගමික සංකල්ප හැම එකකින්ම පාහේ ඉඳුරා වෙනස්‌ වෙයි. වෛදික ශිෂ්ටාචාරයේ මුදුන් මල් දෙක වූ බුදු දහම සහ ජෛන දහම මේසා මහත් ප්‍රමාණයකින් වෛදිකවරුන්ට එරෙහි වූයේ ඇයි? මෙයට හේතු වූයේ බුදු දහම සහ වෛදික දර්ශනය වෙනම සංස්‌කෘතික මූලයන් දෙකකින් පෝෂණය වීම නොවිය හැකිද? කරුණු එසේ නම් වෛදික ආර්යන් ඉන්දියාවට ඇතුළුවන විට එහි සිටි ස්‌වදේශීය අනාර්ය ජනයා ඇදහූ විශ්වාස පද්ධතිය ඇසුරින් බුදු දහම ප්‍රභවය ලබා තිබිය යුතුය. එය සත්‍යය නම් වෛදික ආර්යන් ඉන්දියාවට ඇතුළු වන විට ආර්යන්ට සංස්‌කෘතිකමය දේවල් උකහා ගැනුමට තිබුන එකම තැන හරප්පා ශිෂ්ටාචාරයයි.

ආර්යන් විසින් පරම්පරා ගණනාවක්‌ පුරා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආගමික සංකල්ප අවශෝෂණය කර දියුණු කිරීමේ ප්‍රතිඵලය ලෙස ක්‍රි.පූ. 6 වන සියවස බුදුදහම පහලවී ද යන බරපතල ගැටලුව විස¹ගත යුතුව ඇත. ඇත්ත වශයෙන්ම හරප්පා ශිෂ්ටාචාරය තුළ පටන්ගත් දාර්ශනික මතවාද එම ශිෂ්ටාචාරය විනාශ කළ ආර්යයන්ගේ ශිෂ්ටාචාරය තුළ විකසිත වීම පරීක්‍ෂා කිරීම සඳහා පහත දැක්‌වෙන සාධක උපකාරී කරගත හැකිය.

I. ආර්යන්ගේ ආගමික ඉතිහාසය

II. වෛදික යාග හෝම සහ භාවනාව

III. ත්‍රිත්ව සංෙ€ත

IV. ධර්මචක්‍රයේ සංකල්පය

V. බෝධි හෙවත් ඇසතු වෘක්‍ෂය

VI. නාගවන්දනාව

vII. සමාජ ආකල්ප

VIII. ඉන්දුනිම්න ආගම්වලත් බුදු දහමේත් සංෙ€තී රූප හැම විට සත්ව ලෝකයෙන් ගැනීම

IX. බුදු දහම මුල් බැසගත් භූගෝලීය කලාපය

X. කෝණාගමන බුදුන් වහන්සේ

I. ආර්යන්ගේ ආගමික ඉතිහාසය

ක්‍රි.පූ. 3000 සිට ක්‍රි.පූ. 1500 තෙක්‌ වර්තමාන පාකිස්‌තානයට අයත් සින්දු ගඟ අවට තිබුන දියුණු මානව ජනාවාසය හරප්පා ශිෂ්ටාචාරයයි. එය වෛදික සංස්‌කෘතියට පෙර ඉන්දියාවේ පැවති අනාර්ය ශිෂ්ටාචාරයකි. ආර්යයන්ගේ සෘග් වේද මන්ත්‍රවලට අනුව හරප්පාවරු (අනාර්යන්) කළු පැහැති, මිටි, පැතලිනාසා සහිත, පරොස්‌ බස්‌ කතා කරන, ගව සම්පතින් ආඩ්H, ලිංග වන්දනා කරන පිරිසකි. ඔවුන් වෛදික දෙවිවරු නොඅදහන පිරිසක්‌ ලෙසත් සෘග් වේදයේ සඳහන්ය. (ඉන්දීය ඉතිහාස සමීක්‍ෂණá විජයසිරි ගුණසේකර( ශාන්ති ප්‍රකාශකයෝ පි-45) ක්‍රි.පූ. 1500 ට ආසන්න කාලයකදී මෙකී හරප්පාව විනාශ කර එහි වැසියන් ආර්යන් විසින් යටත් කරගෙන ඇත. මෙලෙස ආර්යන් ඉන්දියාවට ඇතුළු වූයේම හුදෙක්‌ ආක්‍රමණික එෙŒර ගෝත්‍රයක්‌ ලෙස මිස, සම්භාව්‍ය දැනුම් සම්භාරයක්‌ උපයාගත් ජාතියක්‌ ලෙස නොවේ. ආර්යන්ගේ පැරණිම ග්‍රන්ථය වූ සෘග්වේදය පරීක්‍ෂා කිරීමෙන් එය වඩාත් තහවුරු වෙයි. සෘග් සාහිත්‍ය පුරා ඇත්තේ ස්‌භාවික දේව වන්දනා කීපයක්‌ මිස ආත්මය - විමුක්‌තිය - කර්මය දෙවියන් ආදී ගැඹුරු දාර්ශණික සාකච්ඡා නොවේ. නමුත් පසුකාලීනව ආර්යන්ගේ ආගමික සාහිත්‍යයට හරවත් දාර්ශනික සාකච්ඡා ක්‍රමයෙන් එකතු වන අයුරු දැක බලා ගත හැකිය. නමුත් එලෙස අලුතින් එකතුවන බොහෝ සංකල්ප මුල් සෘග් සාහිත්‍යයට පටහැනි හෝ මුල් සෘග් සාහිත්‍යයේදී ප්‍රතික්‍ෂේප කළ ඒවා වීම විශේෂත්වයකි, එබැවින් එලෙස (සෘග් සාහිත්‍යට පිටස්‌තරව) අලුතින් එකතු වූ ආගමික සංකල්ප ස්‌වදේශීය ඉන්දු නිම්න ජනයාගේ ඇදහිලි හා විශ්වාස වලින් එකතු කරගත් ඒවා ලෙස සැළකිය හැකිය.

ඒ. එල්. බෂාම්ගේ විග්‍රහයට අනුව ආදිම යුගයේදී ඉන්දීය ආර්යන්ගේත්, ඉරාන, ග්‍රීක, රෝම, ජර්මන්, ස්‌ලාම්, කෙල්ට්‌ යන ආර්යන්ගේ අනෙක්‌ මුතුන් මිත්තන්ගේත් සංස්‌කෘතිය සෑම අතින්ම එකක්‌ බඳු යෑයි නැතිනම් බොහෝ දුරට එකසමාන යෑයි කිවහැකි ආගම්ය. මෙම ඉන්දු - යුරෝපීය ආර්යන්ගේ පොදු ආගමික ලක්‍ෂණ වන්නේ ගිනි පිදීම,බිලි පූජා, මත් පැන් වර්ග සහ ගීතිකා ගායනය, ඉර - හඳ - තරු - මාරුතය - කුණාටු වැනි ස්‌භාවික දේව වන්දනා කිරීමය. ආර්යන් ඉන්දියාවට පැමිණියේ ස්‌වභාවික වන්දනා පමණක්‌ රැගෙන දාර්ශනික ලෙස හිස්‌ අතින්ය. පශ්චාත් සෘග් වෛදික යුගයේදී ආජීවක, තාපස වැනි බ්‍රාහ්මණ ආගමට පටහැනි මත දැරූ ශ්‍රමණ නිකායන් දියුණු කළේ කැස්‌පියන් ප්‍රදේශයේ සිට ඉන්දියාවට පැමිණි ආර්ය සංහතියට ආවේනික සංකල්පම විය

කැණීම්වලින් හමුවූ බුද්ධ රූපයකට සමාන ප්‍රතිමාවක්‌ ඉන්දු නිම්න පූජක රුව

මොහෙන්දො -ජාරෝ නගරය අසල ස්‌ථූපයක්‌ ධර්මචක්‍ර රුව සහිත ගව රූපයක්‌ හැකිද? ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මහා දෙවියා හෙවත් පශුපති

ආර්ය ශිෂ්ටාචාරයේ ඉතිහාසය පුරා බ්‍රාහ්මණ ආගම අතිශයින් ප්‍රබල දේවවාදී සහ නිර්මාණවාදී ආගමක්‌ විය. නමුත් උපනිෂද් යුගයේදී එයට පටහැනි අනාර්ය මත එකතු වන්නට පටන්ගත් බව සෘග් වේදය සියුම්ව පරීක්‍ෂා කළ විට පැහැදිළි වෙයි. උපනිෂද් යුගයේ අවසාන අදියරේදී බුදුදහම පහළ විය. බුද්ධාගම එහෙම පිටින්ම බ්‍රාහ්මණ විරෝධී එකකි. සාම්ප්‍රදායික බුද්ධිමය සංවාදවලදී බුදුදහම ආර්ය ශිෂ්ටාචාරයේ අග්‍ර ඵලය ලෙස විස්‌තර කළත්, ඇත්ත වශයෙන්ම ආර්ය සංස්‌කෘතිය වෙනමද බුදු දහම වෙනමද පැවතුනි. එලෙස පැවැති ක්‍රි.පූ. 900 ට ආසන්න කාලය බ්‍රාහ්මණ යුගයයි. මේ යුගයේදී සාම්ප්‍රදායික බ්‍රාහ්මණ ආගමට එරෙහිව නවතම විවේචන කළ පර්යේෂකයන් පිළිබඳ බ්‍රාහ්මණ ග්‍රන්ථවලින්ම තොරතුරු හමුවෙයි. ක්‍රි. පූ. 500 වන විට එම නවතම විවේචනවල බලපෑම විසින් උපනිෂද්, සංඛ්‍යා ආදී ෂඩ් දර්ශනත්, වේදාන්ත ආදී බුද්ධිමය සංවාද ඇති වී තිබේ. මෙතැන ඇති වූ අති සංකීර්ණ දාර්ශනික සංවාදවලින් සැකසුන බුද්ධිමය විකසිත වීම නොතිබුනේනම් අවසානයේ පහළ වූ බුදු දහම මිනිසුන්ට තේරුම් ගත නොහැකි වන්නටද ඉඩතිබිණි. බුදු දහම වෛදිකවරුන්ගේ බුද්ධිමය සංවාදවල පරිනාමයේ කෙළවර බිහි වූ ඉන්දීය ආගමික සහ දාර්ශනික වෘක්‌ෂයේ විකසිත කුසුමයි. මේ අනුව බුදු දහම ලෙස අදහස්‌ කරන දේශනා හුදෙක්‌ සිද්ධාර්ථ ගෞතම වැනි තනි අයෙකුගේ නිපදවීමක්‌ විය නොහැකිය. එය පරම්පරා දැනුම් සම්භාරයක හොඳම කොටස්‌ එකලස්‌ කර, අලුතෙන් අමතර දේවල්ද එකතු කර සකස්‌ කළ අංග සම්පූර්ණ ඉගැන්වීමකි. මෙලෙස බුදු දහම පහළ වූයේ එදා ඉංදීය සමාජයට අභියෝග වශයෙන් පැවැති සංකීර්ණ දාර්ශනික සංවාදවලට විසඳුම් සැපයීමටයි. මෙම තත්ත්වය නිසා එදා භාරතයේ වෙනත් ආගමික සංවාදවලින් බුදුදහමත්, බුදුදහමෙන් වෙනත් ආගමික සංවාදවලත් පැවැත්ම සහ සංවර්ධනයට අෙන්‍යාන්‍ය ලෙස බලපවත්වන ලදී. මෙම බලපෑම් පරීක්‍ෂා කළ කල්හි බුදු දහම ලෙස අදහස්‌ කරන දේශනාවල හරය තනිකරම ආර්ය ජනතාවකගේ නිපැයුමක්‌ ලෙස පිළිගත හැකිද? ආර්ය ජනයා ඉන්දියාවට පැමිණි කාලයේ සිට ක්‍රි. පූ. 500 දක්‌වා කාලය තුළ බුදු දහමේ මහා දාර්ශනික අදහස්‌ සඳහා වාග් කෝෂය පුළුල් වීමට, සෘග් වෛදික සංකල්ප ප්‍රමාණවත්ද? ආර්ය සංස්‌කෘතියට එබඳු හැකියාවක්‌ නොතිබූ බව ග්‍රීක - ජර්මන් වැනි බටහිර ආර්යන්ගේ ආගමික ඉතිහාසය පරීක්‍ෂාකළ විට පෙනීයයි. ග්‍රීක - ජර්මන් ආර්යන් බුද්ධාගම වැනි ශ්‍රාස්‌තෘවරු සහිත අදේවවාදී චින්තනයක්‌ දියුණු නොකළේ නැත. ඊට හේතුව ග්‍රීක - ජර්මන් වැනි බටහිර ආර්යන්ගේ ආගමික ඉතිහාසය පරීක්‍ෂා කළ විට පෙනීයයි. ග්‍රීක - ජර්මන් ආර්යන් ග්‍රීක - ජර්මන් ආර්යන් හරප්පා ශිෂ්ටාචාරය වැනි උසස්‌ සභ්‍යත්වයක ඇසුර නොලද නිසා විය යුතුය. ඒ අනුව ආර්යයන් ඉන්දියාවට පැමිණීමට වඩා වසර දෙදහසක්‌වත් පෙර සිට හරප්පා ශිෂ්ටාචාරය තුළ දියුණු කළ දාර්ශනික අදහස්‌ ආර්යන් විසින් වැඩි දියුණු කළ බවට බරපතල සැකයක්‌ උපදී. මෙලෙස ආර්යන් විසින් හරප්පා ශිෂ්ටාචාරය උකහා ගැනීම පිළිබඳ යම් යම් සලකුණු සෘග් වේද සාහිත්‍ය තුළින්ද ලබාගත හැකිය. සෘග් වේදයේ නොසැලකිලිමත් ලෙස අනාර්ය ආගම්වලට වහවැටුන ආර්යන් ගැන සඳහන්ය. ඒ මේ පිළිබඳව අසිරිමත් ඉන්දියාව ග්‍රන්ථයේ එල්. බෂාම්ගේ විග්‍රහයට අනුව, සෘග් වේදයේ මෑතම යුගවල සුක්‌තවල බ්‍රාහ්මණයන් ගැන කළ කිරීමෙන්, අපිස්‌ ජීවිත ගතකරන පිරිසක්‌ පිළිබඳ සඳහන්ය. (Rig Veda - x 16) බ්‍රාහ්මණයන් ගැන කලකිරීමෙන් පසු වූ පිරිස හරප්පා වැසියන් සමග ඇසුරු කළ බව සිතිය හැකිය. එය ඉන්දුනිම්න අදහස්‌ අවශෝෂණය කිරීමට යොමුවීමේ පළමු සාක්‍ෂියයි. පසුකාලීන "ආර්ථව වේදයේ" සඳහන් "මෞනවෘත්ත" නම් පරසිත් දැකීමේ හැකියාවක්‌ ඇති අනාර්ය මූලික ආගමක්‌ අනුව ජීවත්වන ආර්ය කණ්‌ඩායමක්‌ පැහැදිළිවම සඳහන්ය. බ්‍රාහ්මණයන් වෘතයන් ලෙස අදහස්‌ කළේද "වේදයෙන් ගිලිහී ගිය කොටසකි".

ඔවුන් වේදයට ගරු නොකළ ආර්යන් බවද සඳහන්ය. මීළඟ පරම්පරාව වනගතව උග්‍ර ශාරීරික වද වේදනා පමුණුවා ගනිමින් ආත්ම විමුක්‌තිය සලසාගත් කොටසකි. මොවුන් ආර්ය සමාජයට අගනා බුද්ධිමය නිපැයුම් හඳුන්වා දුන් පරපුරයි. උපනිෂද් යුගයේදී බ්‍රාහ්මණයන් තරමට මේ තපස්‌ ජීවිත ගත කරන "සෘද්ධි පෙළහරපාන" තාපසවරු ජනප්‍රිය විය. මිනිසුන් ආධ්‍යාත්මික දේ ඉගෙනීමට මොවුන් වෙත පැමිණ ඇත. උපනිෂද් ග්‍රන්ථ ලෙස බ්‍රාහ්මණයන් සම්පාදනය කළ ආගමික ග්‍රන්ථ මෙකී විකල්ප මතධාරීන්ගේ ආගමික අදහස්‌ය. මේ ලෙස දාර්ශනික මත විග්‍රහ කිරීමේ ප්‍රතිඵලය ලෙස ආර්ය භාෂාවල වාග් කෝෂය පුළුල් විය.

II. වෛදික යාග හෝම සහ භාවනාව

වෛදික ආගම සහ බුදු දහම මූලික වශයෙන් වෙනස්‌ වන්නේ, වෛදික දර්ශනයේදී පුද්ගල විමුක්‌තිය බාහිර සාධක මගින් (යාඥ සහ බිලි පූජා) ලබා ගැනීම හා බුදු දහම අභ්‍යන්තර ගවේෂණය (භාවනාව) මගින් පුද්ගල විමුක්‌තිය ලබා ගැනීමේදීත්ය. සෘග්-යජුර්-සාම- අථර්වන් යන වේද ග්‍රන්ථවල තනිකරම පාහේ ඇත්තේ යාඥ සහ බිලි පූජාවලදී ගායනා කිරීම සඳහා ගීතිකාය. වේද ග්‍රන්ථවල ආර්යන් අනුගමනය කළ භාවනා පිළිබඳ කිසිම සටහනක්‌ නොමැත. භුෙ-න්ද්‍රනාත් දත් නමැති ඉන්දීය පඬිවරයා ලියූ Vedic Funaral Customs and Indus Civilization, (1936) ග්‍රන්ථයේ භාවනාව පිළිබඳ ඉන්දු නිම්න වාසීන් දැනසිටි බවට වටිනා සටහනක්‌ ඇත. භුෙ-න්ද්‍රනාත් මහතා මේ නිගමනයට එළඹ ඇත්තේ හරප්පාවේ පශුපති දැක්‌වෙන මුද්‍රdඵලකවල භාවනා යෝගීන්ගේ රූප ඇසුරින්ය. හරප්පාවේ පශුපති දැක්‌වෙන මුද්‍රdඵලකවල භාවනා ඉරියව් සහිත දැනට හමු වී ඇති ඉපැරණිම සාධක හමුවෙයි. එහි භාවනා යෝගී පශුපතිගේ හිසට ඉහළින් බෝධි වෘක්‍ෂයක පත්‍ර කීපයක්‌ද දැකිය හැකිය. නමුත් ඊට පසුකාලීනව ලියූ සෘග් සාහිත්‍යයේ භාවනාව පිළිබඳ සාධක නැත. බුදු දහම අනුගමනය කරන ක්‍රමය වූ භාවනාව පැරණි සෘග් සාහිත්‍යයේ නැති නමුත්, හරප්පාවේ පශුපති දැක්‌වෙන මුද්‍රd වල තිබීමෙන් සනාථ වන්නේ කුමක්‌ද? එයින් සනාථ වන්නේ ඉංදුනිම්නයේ අනාර්යන් භාවනාව දැනසිටි බවත් පසුකාලයක ඉන්දුනිම්නය ආක්‍රමණය කළ ආර්යන් භාවනාව නොදැන සිටි බවත්ය. නමුත් පසුකාලීන ආර්යන්ගේ ඇදහිලිවලට භාවනාව එකතු වී ඇති නම් එය ඉන්දුනිම්නවරුන්ගේ ඇසුරකින් විය හැකිය.

සෘග් සාහිත්‍යයේ යාගය හා යාඥව ආර්යන් වතාවත් සඳහා අනුගමනය කළ ක්‍රමයයි. නමුත් හරප්පාවේ පශුපති දැක්‌වෙන මුද්‍රdවල ඇති භාවනා ඉරියව් ඒ සඳහා පැරණිම සාධක ලෙස පිළිගත හොත් ආර්යන් උපනිෂද් යුගයේදී මේ හරප්පාවෙන් ක්‍රමය අත්හදා බලා ඇති බව තහවුරු වෙයි. ඉන්දු නිම්න පූජක රුවද පැහැදිළිවම භාවනා කරන මුණිවරයන් පිළිබඳ ඉන්දු නිම්නයේ ඇති ප්‍රබලම සාධකයකි. විකල්ප ආගම් සෙවූ ආර්යන් සෘග් යුගයේ සිට ඉන්දුනිම්නවරුන්ගේ භාවනා ක්‍රම අත්හදා බලන්නට ඇත. ඉන්දු නිම්නයේ පශුපති, වෛදික ආර්යන් විසින් ශිව දෙවියා ලෙස වෛදික සාහිතයේ වෙනම සංවර්ධනය කළ බව ඒ එල් බෂාම්, (අසිරිමත් ඉන්දියාව) පැහැදිළි කරයි. ශිව දෙවියා පැරණිම වෛදික ග්‍රන්ථ වල නැති පසුකාලීනව ආර්යන් එකතු කරගත් ආර්යන්ගේ තපසට අධිපති දෙවියාය. ඉන්දු නිම්නය ගවේෂණය කළ ශ්‍රේෂ්ඨතම විද්වතකු වූ සර් ජෝන් මාෂල් මහතා Mohenjodaro and Indus Civilization (1931) නම් ග්‍රන්ථයෙන් පෙන්වාදෙන්නේ හිංදුන්ගේ ශිව දෙවියා ලෙස දැන් අදහස්‌ කරන්නේ අතීත හින්දු නිම්නය ශිෂ්ඨාචාරයේ පශුපතිගේ සංවර්ධිත අවස්‌ථාවක්‌ බවයි. මෙහි අදහස ආර්යන් ඉන්දියාවට පැමිණි පසු ස්‌වදේශීය ජනයාගේ ඇදහිලි සහ විශ්වාස තමන්ගේ සංස්‌කෘතියට එකතු කරගත් බවයි. එලෙස අනාර්යන්ගෙන් ආර්යන් එකතු කරගත් දේවල් අතර තපසට පශුපතිගේ භාවනාවද අනිවාර්යෙන්ම ඇතුළත් වන්නට ඇත. සාක්‍ෂියයි. පසුකාලීන "ආර්ථව වේදයේ" සඳහන් "මෞනවෘත්ත" නම් පරසිත් දැකීමේ හැකියාවක්‌ ඇති අනාර්ය මූලික ආගමක්‌ අනුව ජීවත්වන ආර්ය කණ්‌ඩායමක්‌ පැහැදිළිවම සඳහන්ය. මොවුන් භාවනායෝගී තාපසවරුන් විය හැකිය. බ්‍රාහ්මණයන් වෘතයන් ලෙස අදහස්‌ කළේද "වේදයෙන් ගිලිහී ගිය කොටසකි". ඔවුන් වේදයට ගරු නොකළ ආර්යන් බවද සඳහන්ය. මෙම වේදයට ගරු නොකළ අනාර්යන් විකල්ප ආගම් තෝරා ගත්තේ ඉන්දු නිම්න වරුන්ගෙන් විය යුතුය. අනාර්යන් අනුගමනය කළ මීළඟ පරම්පරාව වනගතව උග්‍ර ශාරීරික වද වේදනා පමුණුවා ගනිමින් ආත්ම විමුක්‌තිය සලසාගත් කොටසකි. මොවුන් ආර්ය සමාජයට අගනා බුද්ධිමය නිපැයුම් හඳුන්වා දුන් පරපුරයි. උපනිෂද් යුගයේ දී බ්‍රාහ්මණයන් තරමට මේ තපස්‌ ජීවිත ගත කරන භාවනායෝගී "සෘද්ධි පෙළහරපාන" තාපසවරු ජනප්‍රිය විය. මිනිසුන් ආධ්‍යාත්මික දේ ඉගෙනීමට මොවුන් වෙත පැමිණ ඇත. මේ නිසා අනාර්යන්ගේ ආගම් පසුකාලීන ආර්යන් විසින් විශාල වශයෙන් සංවර්ධනය කර ඇත. මෙහි ප්‍රතිඵලය ලෙස ආර්යන් විසින් අනාර්ය ආගමික සංකල්ප උපනිෂද් - බෞද්ධ ආදී දර්ශන තෙක්‌ වැඩිදියුණු කර ඇති බව සිතිය හැකිය.

ඉන්දු නිම්න ආගම්වලත් බුදු දහමේත් අංක තුන මුල්කරගත් ත්‍රිත්ව සංකල්ප ඇත. ඒවා කිසියම් පොදු මූලයකින් පැවැත එනවා විය යුතුය. එකම ගෙලකින්ද හිස්‌තුනකින් ද යුත් යුනිකොන් ගවරුව සහ එකම වෘත්තයක බද්ධ වූ ව්‍යාග්‍රයන් තිදෙනාගේ මුද්‍රdවක්‌ ඇතුළු ත්‍රිත්ව සංෙ€ත රාශියක්‌ ඉන්දු නිම්න කැණීම් වලින් හමු වී ඇත. බුදු දහමේත් තෙරුවන් ත්‍රිවිධ ශික්‍ෂා, ත්‍රිලක්‍ෂණ, ත්‍රිවිද්‍යා ආදී ත්‍රිත්ව සංෙ€ත පදනම් කරගත් ෙ€න්ද්‍රීය සංකල්ප රාශියකි. පසුකාලීන හින්දු ආගමේද මේ ලක්‍ෂණ ඇත. මෙය ඉන්දු නිම්නය නමැති පොදු සාධකය විසින් ඇති කරනු ලැබූ දෙයක්‌ විය යුතුය. මෙකී ඉන්දු නිම්න රූප සමග උල්තුනකින් යුත් (ත්‍රිශූලය) කිසියම් සංෙ€තයක්‌ ද හමුවිය. මෙය වෘෂභ රූප සමගද සම්බන්ධය. එනම් යුනිකෝන් ගවයා සහිත රූප වල ත්‍රිශූල සලකුණ බහුලව තිබීමයි. ත්‍රිශූල සලකුණ බුදුන් වහන්සේ මෙන්ම, බුද්ධ - ධම්ම - සංඝ යන තෙරුවන් සංෙ€තවත් කිරීමටද සාංචි ආදී බෞද්ධ කැටයම් වල භාවිත කර ඇත.

බෝධි හෙවත් ඇසතු වෘක්‍ෂය ඉන්දු නිම්න ආගමික නිකායක පූජනීය වෘක්‍ෂයක්‌ බවට මුද්‍රd ඵලක රාශියකින් සාධක ලැබෙයි. ඉන්දු නිම්නයෙන් ලැබුන මුද්‍රd ඵලක වල වෘක්‍ෂ වන්දනා කරන මිනිසුන් සහ වෘක්‍ෂ දේවතාවියන්ගේ රූප බොහෝ ගණනක්‌ හමු වී ඇත.

බෞද්ධ භික්‍ෂූන්ද පරිහරණය කළ ප්‍රධානතම උපකරණයක්‌ වූයේ පාත්‍රයයි. ඉන්දුනිම්න යුගයේ සිටි ශ්‍රමන නිකායක්‌ පාත්‍රය භාවිත කර එය ආර්ය සමාජයේ බ්‍රාහ්මණයන්ට ප්‍රතිපක්‍ෂ වෘක්‍ෂ මූලික ශ්‍රමණයන්ගේද ප්‍රතිපදාවක්‌ වන්නට ඇත. ඉන්aදුනිම්න යුගයේ බෝධිවෘක්‍ෂය නියත ලෙසම ආගමික අගයක්‌ සහිතව භාවිතා කර ඇති නිසැකවම තීරණය කිරීමට හැකිය.

ඉන්දුනිම්නයේ මුණිවරුසේම බුදුන් වහන්සේද භාවනායෝගීව වැඩ විසුවේ බෝධි වෘක්‍ෂ සෙවනේය. සෘග් වේදයේ වෘක්‍ෂ වන්දනාවලට අගයක්‌ නැති නමුත් පසු කාලීන වෙනත් ශ්‍රමණ නිකායන් බෝධිය භාවනායෝගීව විසීමට භාවිත කර ඇත. පසුව මෙය බුදු දහමට ද බද්ධ විය. බෞද්ධ දර්ශනයේදී "බෝධි" ලෙස අදහස්‌ කරන්නේ ඇත්ත වශයෙන්ම වෘක්‍ෂයක්‌ නොව, යථා අවබෝධ, ප්‍රඥව වැනි අදහසකි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ ඇසතු වෘක්‍ෂය යටදීය. එබැවින් ඇසතු වෘක්‍ෂය පූජණීය සිහිවටනයකි. බුදුන් වහන්සේ සහ බුද්ධත්වය සඳහා සංෙ€තයකි. ෙ-තවනාරාමය අබියස ශ්‍රීමා බෝධි ශාඛාවක්‌ සිටු වීම නිසා බෝධීන් වහන්සේට බුදුන් වහන්සේ අදහස්‌වන සළකුණක්‌ සේ ගෞරවය දක්‌වති. වෙනත් සිය දහස්‌ ගණනක්‌ වෘක්‍ෂ තිබිය දී බෝධි වෘක්‍ෂයට මෙවැනි ආගමික අගයක්‌ ලැබීමේ අතීතය ඉන්දුනිම්න ශිෂ්ටාචාරය තරම් දුරාතීතයකි. බෝධි වෘක්‍ෂයක්‌ මැද සිටින දේවතාවියකට වන්දනා කරන බැතිමතුන් පිරිසක්‌ දැක්‌වෙන මුද්‍රdවක්‌ හමු වීම නිසා ස්‌ථීර වශයෙන්ම බෝධිය පූජණීය කටයුතු සඳහා යොදාගත් බව තවදුරටත් කිව හැකිය. තවත් මුද්‍රdවක ලිංග රූපයකට ඉහළින් බද්ධ කළ යුනිකොන් ගව හිස්‌ දෙකක්‌ සහිත අං යුගලයකි. ඒ මැද සමමිතික බෝධි වෘක්‍ෂයකි. දකුණු පස ධර්ම චක්‍රයකි. මේ නිසා ධර්ම චක්‍රය හා බෝධිය එකම ආගමික සංකල්පයක කොටස්‌ දෙකකි. ඉන්දු නිම්න වැසියන් වෘක්‍ෂ වන්දනාවක්‌ ලෙස බෝධියට වන්දනා කළේද, සංෙ€තීය අගයකින් වන්දනා කළේ ද නිශ්චිත නැත්තේ මුද්‍රd සමග ඇති අකුරු කියවා නැති කමිනි. පාත්‍රා හා කුඩා මංජුසාවලත් බෝධිය පින්තාරු කර ඇත. භික්‍ෂුන් වහන්සේලාද ආහාර එක්‌රැස්‌ කළේ පාත්‍රයකටය. කිසියම් භාවනායෝගී තාපසයෙකුගේ හිසට ඉහළින් බෝධිය ඇති මුද්‍රdද හමුවිය. සාංචි කැටයම්වලද බෝධිය බුදුන් වහන්සේ වෙනුවට සංකේත ලෙස යෙදීය. මේ නිසා භාවනා, ධර්මචක්‍රය හා බෝධි වෘක්‍ෂ ඉන්දු නිම්නයේ එකට සම්බන්ධ ආගමික සංකල්පයකි. මේ අනුව බෝධි වෘක්‍ෂය හා සම්බන්ධ බුදු දහමේ ඇති සංකල්පය පැහැදිළිවම බුදු දහමට ඇති ප්‍රධාන ඉන්දු නිම්න ආගමික සංකල්පයකි.

ලිංග වන්දනාවට සම්බන්ධ මුද්‍රdවේ ධර්ම චක්‍ර සළකුණක්‌ද ඇත. මේ නිසාම ධර්ම චක්‍රය ඉන්දුනිම්නවරුන්ගේ ඇදහිලි හා විශ්වාස පද්ධතියට සම්බන්ධයක්‌ ඇති බව සිතිය හැකිය. මෙහි අරුත එකම දෙය නැවත නැවත සිදුවීම පදනම් කරගත් විශ්වයක්‌ පුරාතන ඉංදුනිම්නවරුද විශ්වාස කළ බවයි. පසුව වෛදිකවරුන්ද එම සංකල්පය තම විශ්වස පද්ධතියට එකතු කරගන්නට ඇත.

මේ නිසා බුදු දහම ධර්මචක්‍රයේ සංකල්පයද ඉන්දු නිම්නයටම ණය ගැති බව පෙනී යයි. පටිච්ච සමුප්පාදය අනුව සත්ත්වයා ඉපදීම හා මිය යැමේ අඛණ්‌ඩ චක්‍ර ක්‍රියාවලියකට මුහුණ දෙයි. එය කෙතරම් වැදගත්ද යත් "යමෙක්‌ පටිච්ච සමුප්පාදය දකීද, හෙතෙම ධර්මය දකී" යනුවෙන් බුදුන් වහන්සේ වදාළ සේක. එය ලෝක ස්‌භාවයයි. කිසිවෙකුගේ මෙහෙය වීමක්‌ නැති එය ධර්මතාවයකි. ධර්මය චක්‍රයකින් නැත හොත්, කරත්ත රෝදයකින් සංෙ€තවත් කරයි. බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව "ධම්ම චක්‌කප්පවත්තන සූත්‍රය" ලෙසට හැඳින්වීය. බුදු දහමේ ධර්මය සහ එය සංෙ€තවත් කරන චක්‍රය සඳහා සුවිශේෂී අගයක්‌ දී ඇත. මෙතැනදී බුදුදහමට වක්‍ර සංකල්පය කෙලින්ම ඉන්දු නිම්නයෙන් පැමිණි බව කියන්නේ එබඳු ධර්ම චක්‍ර සහිත සමහර රූප සමග බෝධි වෘක්‍ෂද ඇති නිසාය. මන්ද බෝධිය බුදුන් වහන්සේ වෙනුවට භාවිත කරන පැරණිම සංකේතයයි. මේ අනුව බුදු දහමට මෙම චක්‍ර සංකල්පය ඉන්දු නිම්නයෙන් ලත් ආභාෂයක්‌ ලෙස සිතිය හැක. චක්‍ර සංකල්පය සහිත මුද්‍රdවල තවත් විශේෂත්වයක්‌ වන්නේ එම රූප වලින් සමහරක ඇත් රූපද තිබීමයි.

ඉන්දු නිම්නයේ නාගවන්දනාව පැවති බව එහි කැනීම් කළ ජොන්මාෂල් මහතා පැහැදිලිවම පිළිගෙන ඇත. (Indus Vally Civilization - Vol - 01) එසේම මහා තපග් සහිත මුද්‍රdවල පසෙකින් දරණ ගැසූ නාග රූපද හමු වී ඇත. සමහර මුද්‍රdවල ආසනයක්‌ මත සිටින විවිධ නාග රූපද ඇත. නාග වන්දනාව සහ පශුපති ඇදහීම එකට සම්බන්ධ බව සිතිය හැකිය. මහා තපග් දකුණු ඉන්දියාවේ ශිව දෙවියා ලෙස වෙනම සංවර්ධනය වූවද එතුමා නාගයන්ට අධිපති අරුතින් දකුණු අතේ නාග රූපයක්‌ ඇත. (රූපය 6-11) ශිවගේ හිසේද නාග රුවකි. නාගයා ජලයට අධිපති දෙවියා ලෙස හින්දුන්ද වන්දනා කරයි. මේ නිසා ඉන්දුනිම්නයේ නාග වන්දනාව වෛදික ආර්යන්ද පිළිගෙන ඇත. බුදු දහමටද බරපතල ලෙස නාග සංකල්පය ප්‍රවිෂ්ඨ වී ඇත. මුචලින්ද නාරජු, ස්‌කේපත්‍ර නා රජු ආදී විශාල වශයෙන් නාගයන් පිළිබඳ සූත්‍රදේශනා පවා ඇත. මෙකී නාග වන්දනාව ඉන්දු නිම්නයෙන් මගධයට සංක්‍රමණය වූ අනාර්යයන් පවත්වාගෙන විත් බුදු දහමට ගොනු කර ඇති සේ සිතිය හැකිය.

පැරණි සාංචි කැටයම් වලට පවා එබඳු නාග කතා වස්‌තු විෂය වීමෙන් බුදු දහම තුළ ඊට වැදගත් තැනක්‌ ලැබී ඇති බව සිතිය හැකිය. උපසම්පදාවේදී උපසම්පදාචාර්ය වරයාට "තිස්‌ස" කියාද, උපසම්පදාපේක්‍ෂකයාට "නාග" කියාද ආමන්ත්‍රණය කිරීම පොදු සාම්ප්‍රදායකි. (රේරුකානේ චන්දවිමල ස්‌ථවිර - 1992) ආටානාටිය, මහාසමය වැනි සූත්‍රවලටද නාගයන් විෂය වී ඇත. ඉන්දුනිම්න ජනතාව සංක්‍රමණ වී ජනාවාස වූ අමරාවතී ප්‍රදේශයේ විසූ ජනයා නාගයා කොතරම් උත්තරීතර ලෙස සැලකුවේද යත් බුදුන් වහන්සේ සඳහා සංෙ€තයක්‌ ලෙස අමරාවතී චෛත්‍ය කැටයමක නාග රූපය භාවිත කර තිබේ.

බ්‍රාහ්මණ සමාජයට අභියෝගයක්‌ ලෙස බුදුන් වහන්සේගේ බොහෝ දේශනා ඉන්දුනිම්න සංස්‌කෘතිය මගින් බලපවත් වන දේවල් විය යුතුය. බමුණන්ගේ හමේ වර්ණය පදනම් කරගත් මිනිස්‌ භේදය බුදුන්වහන්සේ ප්‍රතික්‍ෂේප කළේ ආර්යෙක්‌ ලෙසයි. වරක්‌ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ කාම්භෝජය ආදී ප්‍රදේශවල පාලන බලය ලබා ගැනීම මත වරින් වර ආර්යන් අනාර්යන් වීමත්, අනාර්යන් ආර්යන් වීමත් සිදු වී ඇති බවයි. එම නිසා කුලභේදයට ඉතිහාස පදනමක්‌ නැති බවත් බුදුන් වහන්සේ අවධාරණය කර ඇති සේක. මෙය පැහැදිළිවම ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ බලය ලබා ගැනීම සඳහා ආර්යන් සහ අනාර්යන් අතර මුල්ම ගැටුම් පිළිබඳ විස්‌තරයක්‌ ලෙස සැළකිය හැකිය. මෙය ඇත්ත වශයෙන්ම වර්ණ භේදවාදය ප්‍රතික්‍ෂේප කිරීම සඳහා ඉන්දුනිම්න ශිෂ්ටාචාරයෙන් උදාහරණයක්‌ ගත් දුර්ලභ අවස්‌ථාවකි. මෙම උදාහරණය අනුව, ඉංදුනිම්න ශිෂ්ටාචාර විනාශ වූ යුගයට (අප ජීවත් වන යුගයට වඩා) ආසන්න කාලයක දී ජීවත් වූ භාරත වැසියන් එම ශිෂ්ඨාචාර පිළිබඳ අපට වඩා විස්‌තර දැන සිටි බව සිතිය හැකිය.

සෘග් වේදයේ දහවන සර්ගය පුරා වරණ කරන්නේ සුරා සහ සෝම වැනි මත් වර්ගයයි. බුදුන් වහන්සේ එය ප්‍රතික්‍ෂේප කර ශික්‍ෂාපද පවා පැනවීය. ව්‍යග්ගප-ජ සූත්‍රයෙන් සුරා පානයේ ආදීනව දේශනා කළ සේක. සෘග් සාහිත්‍ය පුරා හත් වර්ණාවට ලක්‌වූ යාග සහ සත්ත්ව ඝාතන බුදුන් පිළිකුල් කළේ ආර්යකු ලෙසයි. ස්‌ත්‍රිය පිළිකුල් කළ කොන්කළ බ්‍රාහ්මණ සමාජය ඇය පියා, ස්‌වාමියා, පුතා යටතේ වහල් ජීවිතයකට කොටු කළේය. නමුත් ස්‌ත්‍රියට මවක්‌ ලෙස ගෙදර බුදුන්ට කරුණාවෙන් සමාන කළේය. භික්‍ෂුණියක්‌ සහ උපාසිකාවක්‌ ලෙස සමතැන් දුන්නේය. මෙය 20 වන සියවස තෙක්‌ යුරෝපයේ වත් ස්‌ත්‍රියට නොතිබූ උදාර තත්ත්වයකි. එසේම ඉන්දු නිම්නයේ කාන්තාව මාතෘ දේවතාවිය ලෙස වන්දනා කළේය. සෑම ගෙයකම බිත්තිකුහර තුළ ආභරණ වලින් සැරසුන ස්‌ත්‍රීදේව රූප (14 රූපය) තබා පහන් දල්වා ඒවා වන්දනා කළේය. මාතෘදේව වන්දනාව ඉන්දු නිම්නයේ පුළුල්ව පැවැති ආගමයි. බුදු දහමට ස්‌ත්‍රිය පිළිබඳ ප්‍රගතිශීලී මත කාවැද්දුවේ ඉන්දු නිම්නයේ සිට අඛණ්‌ඩම ආර්ය සමාජයේ පැවැත ආ ආගමික නිකායක්‌ විසින් විය යුතුය.

නාග - බෝධි - ධර්මචක්‍ර - භාවනා ආදී සාධක නිසා ඉන්දු නිම්නය තුළ පසේ බුදුවරයෙක්‌ හෝ සිටි බවට පවා සැක උපදවයි. ඉන්දු නිම්නයේ ස්‌ථූප පිළිබඳ පවා සාධකද ඇත. ගෞතම බුදුන්ට පෙරත් ඉන්දියාවේ බුදු සසුනක්‌ තිබුණේද? චුද්දක නිකායට අයත් "බුද්ධ වංශය" නම් සූත්‍රයක්‌ බුදුන් වහන්සේ සුද්ධෝදන රජුට දේශනා කර ඇති සේක. එහි පූර්ව බුදුන් වහන්සේලා පිළිබඳ අදහසකට ඉඩ වෙන්කරයි. වෙනත් ලෙසකින් කිව හොත් ගෞතම බුදුන්ට පූර්වයේ දඹදිව වැඩවිසූ බුදුවරු පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේම තොරතුරු ඇත, එසේ පූර්ව බුදුවරු සිටියේ නම් උන්වහන්සේලා වැඩවාසය කරන්නට ඇති ඉන්දුනම්න ශිෂ්ඨාචාරය සක්‍රියව පැවැති යුගයේ විය යුතුය. මෙය තහවුරු කිරීමට දෙන ඉඟියක්‌ අශෝක රජුගේ ශිලා ලිපියක තිබී හමුවිය. එහි "කෝණාගමන" නම් බුදු වරයෙකු පිළිබඳ සෙල්ලිපියක සටහන්ය.

"අභිෂේක කළ තුදුස්‌ වස්‌ ඇති. දෙවියන්හට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු විසින් කෝණාගමන බුදුන්ගේ ස්‌ථූපය දෙවන වර විශාල කරන ලදී. අභිෂේක කළ විසිවස්‌ ඇත්තාවූ මා විසින් තමාම පැමිණ පූජා කරන ලදී. ගල් ටැඹක්‌ද නංවන ලදී." (නිග්‍රීව ටැම් ලිපිය, අශෝක ශිලා ලේඛන, බෙල්ලන ඥනවිමල හිමි) මෙම කෝණාගම බුදුන්ගේ ස්‌ථූපය වන්දනා කිරීම සාංචි ස්‌ථූපයේ දකුණු වාහල්කඩේ මැද ලින්ටන් එකේද කැටයම් කර ඇත. මෙය ගෞතම බුදුන්ට පූර්වයේ පැවැති කෝණාගමන බුදුන්ගේ ශාසනය පිළිබඳව ප්‍රබල සාධකයකි, ගෞතම බුදුන් සහ අශෝක රජු අතර මැද කාලයේ දී කෝණාගම නමැති බුදු කෙනෙකු සිටි බවට කිසිදු පිළිගත හැකි සාධකයක්‌ නැත. මේ නිසා නිග්‍රීව ටැම් ලිපියෙන් අදහස්‌ කරන කෝණාගම බුදුන් ඓතිහාසික පුද්ගලයෙකු නම් ගෞතම බුදුන්ට පෙර ජීවත්ව වී තිබිය යුතුය. මේ නිසා අශෝක රජුට පෙර මෙම කෝණාගමන බුදුන්ගේ ස්‌ථූපය තිබූ බවද අදහස්‌ වෙයි. අශෝක රජු විසින් කර ඇත්තේ පැරණි දාගැබක්‌ අලුත් වැඩියා කිරීමයි. එසේනම් අශෝක රජුට අලුත් වැඩියා කිරීමට එම ස්‌ථූපය කරවූ පූර්ගාමියා කවරෙක්‌ද? බුදුකෙනෙකු හෝ ස්‌ථූප කරවීමක්‌ පිළිබඳව පිළිබඳව සටහන් වෛදික සාහිත්‍යයේ නැත. එසේනම් ආර්ය ආගමනයට පෙර පැවැති ඉන්දු නිම්න යුගයේ කරවූ ස්‌ථූපයක්‌ අශෝක රජු විසින් අලුත් වැඩියාකර තිබිය යුතුය. ස්‌ථූපයක්‌ සිදුකරන ප්‍රධානතම කාර්ය වන්නේ මෘත ශරීරයක්‌ දවාගත් පසු මළගිය පුද්ගලයාගේ අළු තැන්පත් කිරීම සඳහා අර්ධ ගෝලාකාරව මැටි හෝ ගඩොල් වලින් ගොඩනැඟිල්ලක්‌ සෑදීමයි. ඉන්දුනිම්නයේ විසූ අනාර්යන්ද එලෙස අර්ධ ගෝලාකාර පස්‌ ගොඩැලිවල මිනී අළු තැන්පත් කළ බව සෘග් සාහිත්‍යයෙන් දුර්ලභ කරුණු හමුවෙයි. එනම් ශතපත බ්‍රාහ්මණයේ මළ පුද්ගලයා මියගිය පසු සොහොන් කොත් ගොඩ නැගීමේදී (අනාර්යන්) අසුරයන් රවුම් හැඩයට සොහොන් කොත් ඉදිකර මිනී අළු භාජනවල දමා තැන්පත් කර ඇති බව සඳහන්ය. (විජයසිරි ඥනසේකර, ඉන්දීය ඉතිහාසය සමීක්‍ෂණ, ශාන්ති ප්‍රකාශකයෝ 47 පිටුව) අනාර්යන්ගේ මිනී අළු භාජනවල දමා තැන්පත් කළ රවුම් හැඩයේ සොහොන් කොත් වල විස්‌තරය බෞද්ධ ස්‌ථූපවලට ඉතාමත් සමානය. මේ හේතුව මත ස්‌ථූප සංකල්පය හරප්පා සභ්‍යත්වයේ බලපෑමෙන් බුදු දහමට එකතු වූ සංකල්පයක්‌ ලෙස තහවුරු වීමේ සම්භාවිතාව ඉහළ අගයක්‌ ගනී. මොහෙන්දො-ජාරෝ නගරයේ මහා නාන තටාකයට ආසන්න කඳු ගැටය මත ඉදිකළ ස්‌ථූපයක්‌ හමුවිය. මෙහි ගඩොල් බෞද්ධ යුගයට වඩා ඈත යුගයකට අයත්ය. ඉන්දු නිම්නයෙන් ගඩොල් ගෙන පසු කලෙක හැදුවේද, නැතහොත් ඉන්දු නිම්නය සක්‍රීයව පැවැති කාලයේ නිර්මාණය කළේද, යන්න තහවුරු කර නැත. නමුත් ස්‌ථූපයක්‌ ලෙස කී සැනින් ක්‍රි.පූ. හයවන සියවසෙන් පසු බෞද්ධ යුගයට අයත් සේ නිරායාසයෙන්ම සිතෙයි. නමුත් එහි ගඩොල් ස්‌ථූපය වටා ඇති අනෙක්‌ මොහෙන්දො-ජාරෝ ඉදිකිරීම්වල ඉපැරණි ගඩොල්වලට ඉඳුරා සමානය. මොහෙන්දො - ජාරෝ නගරයේ ඇති ස්‌ථූපය එම ශිෂ්ටාචාරය සක්‍රීයව පැවැති යුගයේ ඉදිකරන ලද්දක්‌ විය යුතුය. මොහෙන්දො ජාරෝ නගරයේ ඇති ස්‌ථූපය (18 රූපය) සහ අශෝක අධිරාජ්‍යා විසින් වන්දනා කළ කෝණාගම බුදුන්ගේ ස්‌ථූපය පුදුම සහගත ලෙස රූපිකව එකහා සමානය. එසේනම් අශෝක අධිරාජ්‍යා විසින් වන්දනා කෝණාගම බුදුන්ගේ ස්‌ථූපය සහ මොහෙන්දො-ජාරෝ නගරයේ ඇති ස්‌ථූපය එකක්‌ද? මෙය සත්‍ය නම් කෝණාගම බුදුන් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ වැඩ සිටි බුදුවරයෙකු නොවේද? ක්‍රි. ව. 6 වන ශතවර්ශයේදී පමණ ඉන්දියාව පුරා දේශාටනය කළ සුං-යං ගේ වාර්තාවල ඉන්දුනිම්නය අවට එවන විටත් පැවැති අතීත බුදුවරු සහ බෝසත්වරු පිළිබඳ කතා පුවත් රාශියක්‌ සටහන් කර ඇත. මේ අතරින් පෙෂවෝර් අගනුවරට ගිනිකොණ දිගින් දින අටක්‌ පැමිණි පසු හමුවන ප්‍රදේශයක බෝසතාණන් වහන්සේ සාදුකින් පෙලෙන වඟ දෙනකට දිවි පිදූ තැනක සෑදවූ ස්‌ථූපයක්‌ පිළිබඳව වැදගත් සඳහනක්‌ ඇත. ඉංදුනිම්න මුද්‍රd ඵලක රාශියකම බිහිසුනු බිළාලයන් කඩා පනිද්දී ශාන්තව භාවනා කරන හෝගීන්ගේ රූප හමු විය. මේ නිසා බුදු වීමට පාරමිතා පුරන බෝසතුන් පිළිබඳ අදහසද සෘග් සාහිතයේ නැති ඉන්දුනිම්න සම්භවයක්‌ සහිත සංකල්පයක්‌ විය හැකිය. මථුරා ශෛලියේත්, සාරානාත් ආදී බුදු පිළිම වලටත් සපුරා සමාන හිඳි පිළිමයක්‌ද ඉන්දු නිම්නයෙන් ලැබී ඇත.

මේ සියල්ල තුළින් අඩු තරමින් බුදු දහමට ආසන්න දර්ශනයක්‌ වත් ඉන්දු නිම්නයේ තිබී ඇති බව සිතිය හැකිය. එබැවින් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ පූර්වගාමී ඉන්දීය දාර්ශනිකයන් ඉන්දු නිම්නයේ දාර්ශනික සංකල්ප වැඩි දියුණු කර ඇති බව පැහැදිළිය. සමහර විට එය බුදු දහම නොවුණත් එහි සංකල්පවල ප්‍රාථමික අවධිය විය හැකිය. ඒවා ක්‍රි. පූ. 3000 සිට මුලින් අනාර්ය සමාජය තුළ ඉපිද ඇත. දෙවනුව ආර්ය සමාජය තුළ ඒවා බුදුදහම ලෙස විකසිත වන්නට ඇත. ක්‍රි. පූ. 1500 ට ආසන්න කාලයක හරප්පා සභ්‍යත්වය විනාශ වී ඇත. මේ වන විට වසර තුන්දහස්‌ පන්සීයක්‌ පුරා වයඹ දිග ඉන්දියාවට එල්ල වූ විවිධ ආක්‍රමණ රාශියක්‌ හේතුකොට ගෙන හරප්පා සභ්‍යත්වයට අයත් ප්‍රදේශයේ ජන සංයුතිය අසාමාන්‍ය ලෙස විකෘති වී ඇත. නමුත් බුදුන් වහන්සේ වැඩ විසූ ක්‍රි. පූ. 6 සියවස වන විට හරප්පා සභ්‍යත්වය විනාශ වී වසර 800 කට ආසන්න කාලයක්‌ ගතව ඇත. එබැවින් බුද්ධකාලීන යුගය වන විට එම සභ්‍යත්වයෙන් පැවත ආ පුද්ගලයන්ට එම සභ්‍යවයේ බලපෑම විශාල වශයෙන් තිබෙන්නට ඇත. හරප්පා සභ්‍යත්වය විනාශ වූ කාලයේ සිට බුද්ධකාලීන යුගය වන විට එම සභ්‍යත්වයේ බල පෑම ක්‍රමයෙන් අඩුවන්නට ඇත. නමුත් ඒ අතරතුර කාලය පුරා හරප්පා සභ්‍යත්වයෙන් පැවත ආ අනාර්යන් සහ වෛදික ආර්යන් මිශ්‍ර වීම නිසා වෛදික ආර්යන් විසින් අනාර්යන්ගේ ආගමික සංකල්ප දියුණු කර ඇත. මෙයි ප්‍රතිඵලයක්‌ ලෙස සියලුම වෛදික දර්ශනවලට හරප්පා සභ්‍යත්වයේ බලපෑම අඩුවැඩි වශයෙන් බලපවත්වා ඇත. මේ සියල්ල ඉක්‌මවා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින් ඉන්දු නිම්නයේ දාර්ශනික සංකල්ප වැඩි දියුණු කර ඇති බව පැහැදිළිය.



ඉතිහාසය

ආර්යයන් ක්‍රි.පූ. 1500 දී ඉන්දියා‍වට කඩාවැදුණු සංචාරක එ‍ඩේර ගෝත්‍ර කීපයකින් සැදුම් ලත් ආක්‍රමණිකයන් පිරිසකි. සෘග්වේදය මොවුන්ගේ ආගමික ග්‍රන්ථයයි. වඩාත් කාව්‍යමය අගයකින් යුත් එහි, ස්භාවික දේව වන්දනා පිළිබද චමත්කාර විස්තර මිස ඇත්ත වශයෙන්ම දාර්ශනික සංකල්ප නොමැති තරම්ය. ආර්යයන් ගේ එ‍ඩේර ආර්ථික ක්‍රමය නිසා ඔවුන්ගේ ආගමික පිළිවෙත් මෙලෙස සකස් වු බව නිසැකවම සිතිය හැකිය. ආර්යයන් ගේ එ‍ඩේර ආර්ථික පදනම විග්‍රහ කළවිට වෙනත් පැරණි ශිෂ්ඨාචාරයක ඇසුර නොමැතිව ආර්ය ශිෂ්ඨාචාරයට බුදු දහම වැනි දර්ශනයක් බිහිකළ හැකි බව පිළිගත නොහැකිය. සෘග් ‍වේදයේ සදහන් ආගමික අදහස් යජුර් ‍වේදය, සාම ‍වේදය, අථර් ‍වේදය, යන වෛදික ග්‍රන්ථ අනුව ක්‍රි.පූ. 1500 සිට ක්‍රි.පූ. 900 තෙක් වෛදික චින්තනය තනිකරම ස්භාවික වන්දනාවකි. නමුත්, ඓතරේය බ්‍රාහ්මණය වැනි බ්‍රාහ්මණ ග්‍රන්ථ අනුව ක්‍රි.පූ. 900 න් පසුව වෛදික ආර්යන් ඒක දේව වාදයක් සකස් කරගෙත ඇති බව පැහැදිළිය. ක්‍රි.පූ. 700 න් පසුව එන උපනිෂද් යුගයේදී එම ඒක දේවවාදය තාර්කික පදනමකින් තහවුරු කර, දාර්ශනික අගයකින් යුතු ව සකස් කිරීමට වෛදික ආර්යන් කටයුත කර ඇත. නමුත් ක්‍රි.පූ. 1500 දී පටන් ගන්නා සෘග් වෛදික යුගයේ සිට ක්‍රි.පූ. 700 න් පසුව එන උපනිෂද් යුගය දක්වා සියලු කාලයන්හි වෛදික දර්ශනය මූලික වශයෙන් බාහිර වත් පිළිවෙත් මගින් ආත්ම විමුක්තිය පතන දේවවාදී වන්දනා ක්‍රමයකි.මෙබදු වෛදික ආර්යන්ගේ ස්වාධීන චින්තන ධාරාවක් මෙහෙයවී‍මේ ප්‍රථිඵලයක් ලෙස බුදු දහම පහල වූ බව පිළිගත නොහැකිය. බුදු දහම සිද්ධාර්ධ ගෞතම උතුමානන්ගේ තනි ප්‍රකාශනයක් බව සැබෑවකි. නමුත්, සෘග් සාහිතයේ සිට උපනිෂද් යුගය දක්වා වෛදික සංස්කෘතියේ ඉතිහාසය සියුම්ව පරීක්ෂාකළ කල්හි, වෛදික ආර්යන් අතරම සිටි වෛදික සංකල්ප වලට පටහැනි විකල්ප මත දැරූ ආර්ය කණ්ඩායම් පිළිබද තොරතුරු හමු වෙයි. මෙකී සාම්ප්‍රදායික ආර්ය මත විචාරයට ලක් කළ කැරළිකාර ආර්යන් ඉන්දියාවේ තිබූ පැරණි අනාර්ය ආගම් - දර්ශනවාද හදාරන්නට විය. මෙම පිරිස ජෛන, ආජීවක, බෞද්ධ ආදී වෛදික චින්තනයට පටහැනි දර්ශනවලට පදනම දැමූ බව නිසැකය.

ක්‍රි.පූ. 5 වන සියවසේ පමණ ඉන්දියාවේ පහළ වූ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය බුද්ධ ධර්මයයි. චිත්ත සමාධියෙන් උපදවාගත් අසාමාන්‍ය ප්‍රඥා මහිමයෙන් කිසිවකුගේ බාහිර උපකාරවලින් තොරවම ලොව සැබෑ තතු අවබෝධ කරන්නට උන්වහන්සේට හැකිවිය.

බුද්ධ දේශනා තුළ පවතින පණිවිඩය ඉතා පැහැදිලිය. දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන මේ ජීවිත පැවැත්ම ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ.

එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.

බුද්ධ දේශනාවන් ඒ ආකාරයෙන්ම කිසිඳු වෙනසක් නොවී රැකගෙන ඇති සම්ප්‍රදාය ථේරවාදී බුද්ධ ධර්මය බෞද්ධ සම්ප්‍රදායයි. දැනට ලංකාව, තායිලන්තය, බුරුමය චැනි රටවල මේ සම්ප්‍රදාය පවතියි. මූලික ඉගැන්වීම්වලය යම් සංස්කරණ කරමින් වෙනස් මඟක ගිය සම්ප්‍රදාය මහායාන ධර්මය| මහායාන බුද්ධ ධර්මය සම්ප්‍රදායයි. ජපානය, කොරියාව, චීනය වැනි රටවල ඇත්තේ මෙයයි.

බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.

යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ

තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ
හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි.

— අස්සජි තෙරුන් උපතිස්ස පිරිවැජියාට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සැකැවින් වදාළ ආකාරය
සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා [2]

මේ ජීවිත පැවැත්ම තුළ පවතින, එහෙත් අපට පියවි ඇසට නොපෙනෙන අනතුරක් බුදු හිමියන්ගේ නුවණැසට හසු විය. එනම් සසර ගමන තුළ අපට නොයෙක් ලෝකවල ඉපදෙන්නට සිදු වන බවයි. මිනිස් ලොව හැරුන විට, තිරිසන් ලෝකය වැනි අපට ගෝචරවන තැන්වලත්; ප්‍රේත ලෝකය, නිරය, දිව්‍ය ලෝක ආදී අපට හසු නොවන තැන්වල ද ඉපදීමට සිදු වෙයි. සසර පැවැත්මේ ඇති අවදානම එහි ඇති අනාත්ම (තමාගේ වසඟයේ පැවැත්විය නො හැකි) ස්වභාවයත්; එනිසා ම නිරය වැනි ඒකාන්තයෙන්ම දුක් සහගත ලෝක මඟ හැර සිටීමේ නොහැකියාවත් ය.

කුමණ ලෝකයක ඉපදුනත්, ඉපදීම තුළින් බහුල වශයෙන් ලැබෙන්නේ වයසට යාම(ජරා), මරණයට පත් වීම, සෝක කිරීම, වැළපීම (පරිදේව), කායික දුක් (දුක්ඛ), මානසික දුක් (දෝමනස්ස), සුසුම් හෙලීම (උපායාස), ප්‍රිය වස්තු සහ පුද්ගලයන්ගෙන් වෙන් වීම (පියේහි විප්පයෝගෝ දුක්ඛෝ), අප්‍රිය වස්තුන් මෙන්ම පුද්ගලයින් හා එක් වීම (අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ), කැමති දේ නොලැබීම වැනි දුක් ගොඩක් බව බුදු හිමියන් පෙන්වා දෙයි. මනුෂ්‍ය ලෝකයේ සැප දුක් මිශ්‍ර තත්ත්වයක් මතුවී පෙනුනත්, අප ජීවිත නිරන්තරයෙන්ම වෙනස්වන ස්වභාවයට (අනිත්‍ය), ඒ නිසාම දුක් සහිත (දුක්ඛ) එලෙසම තමාට අවශ්‍ය ආකාරයට පැවැත්විය නොහැකි (අනාත්ම) ස්වභාවයෙන් යුක්ත බව ගැඹුරෙන් සිතන කෙනෙකුට දැක ගත හැකිය.

මේ ධර්මයට ඇත්තේ එකම ඉලක්කයකි. එනම් සසර පැවැත්මෙන් මිදීම හෙවත් නිර්වාණය ළඟා කර ගැනීමයි. ධර්මයේ හරය විමුක්තියයි. ඒ සඳහා ඇත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ වැඩ පිළිවෙලයි. එය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වඩා ගත යුතු ආකාරය කිසිඳු අඩුවකින් තොරවම දේශනාවල ඇතුළත්ය. මේ දහම මේ ජීවිතය තුළදීම ප්‍රතිඵල ළඟාකරගත හැකි (සංදිට්ඨික), තමා තුළින්ම අවබෝධ කළ යුතු (ඕපනයික) දහමක් නිසා මෙය ප්‍රඥාවන්ත මනුෂ්‍යයින්ට තම කල්පනාව මෙහෙයවන්නට සැබෑ අවස්ථාවක් සළසා දෙයි.

බුදු දහම සැකෙවින්

තථාගතෙන, භික්‌ඛවෙ, අරහතා සම්‌මාසම්‌බුද්‌ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං අප්‌පටිවත්‌තියං සමණෙන වා බ්‍රාහ්‌මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්‌මුනා වා කෙනචි වා ලොකස්‌මිං, යදිදං – චතුන්‌නං අරියසච්‌චානං ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං. කතමෙසං චතුන්‌නං?
පින්වත් මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ මිගදායෙ දී, ලොව කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ අන් කිසි කෙනෙකුට ආපසු පෙරළිය නොහැකි පරිද්දෙන් උතුම් ධර්ම චක්‍රය පෙරළීම (ප්‍රවර්තනය) අරඹන ලදී. එනම් චතුරාර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය. කිනම් සතරක ද ඒ?

  • දුක්‌ඛස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,
    දුක නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
  • දුක්‌ඛසමුදයස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,
    දුක හටගැනීම නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
  • දුක්‌ඛනිරොධස්‌ස අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං,
    දුක මුළුමනින්ම නැති වීම නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය
  • දුක්‌ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්‌චස්‌ස ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං.
    දුක මුළුමනින්ම නැති වන වැඩපිළිවෙල නම් ආර්ය සත්‍යයේ පැවසීම ය; දේශනා කිරීම ය; පැනවීම ය; පිහිටුවීම ය; විස්තරාත්මකව දැක්වීම ය; බෙදා දැක්වීම ය, ඉස්මතු කර පෙන්වීම ය

— සච්‌චවිභඞ්‌ගසුත්‌තං [3]

බෞද්ධයන් ශ්‍රී සද්ධර්මය යනුවෙන් ගෞරවාදරයෙන් හඳුන්වන්නේ බුදු රජාණන් වහන්සේ අවබෝධ කර ගත්, සසර දුක ඇතිවන ආකාරය හෙළිදරවු කරන, සත් තිස් බෝධි පාර්ශ්වික ධර්මයන්ගෙන් සැදුම් ලත් නිවන් මඟ ඉදිරිපත් කරන, චතුරාර්ය සත්‍ය ධර්මයයි.

සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම යනු සූත්‍ර දේශනාවල 'අභිධර්මය' ලෙස දක්වා ඇති සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්මප්මදාන වීර්යය, පංච ඉන‍්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන ධර්ම කරුණු ය. මෙම දහම ඉලක්ක වී ඇත්තේ නිවන වෙතම ය; එහි ගැබ් වී ඇත්තේ විමුක්ති (දුකින් පරිපූර්ණ ලෙස ම මිදීම) රසය යි.

එය අඩංගු වන්නේ ත්‍රිපිටකය නම් උතුම් ග්‍රන්ථ එකතුවෙහි ය. දළ වශයෙන් ගත් කල: සූත්‍ර පිටකය යනු නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ අවබෝධය ට ගැලපෙන ලෙස දේශනා කරන්නට යෙදුනු, නිවන් මග හෙළි කරන, නවාංග ශාස්තෘ ශාසනයට අයත් මූලික බුද්ධ දේශනා ආදිය යි; විනය පිටකයෙහි ඇතුළත් වන්නේ විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නිවන් මඟ තුළ හික්මවීමට දේශනා කරන විනය කරුණු ය; අභිධර්ම පිටකය යනු එම ධර්ම කරුණුවල ම සවිස්තරාත්මකව බෙදා දැක්වීමකි.

බෞද්ධයකු ගේ ධර්මයේ හැසිරීමේ අරමුණ වනුයේ

  • ජීවිතයෙහි පවතින දුක පිරිසිඳ දැක ගැනීම යි (පරිඤ්ඤෙයිය); එනම් පටිච්ච සමුප්පාදය නමින් හැඳින්වෙන හේතු-ඵල වශයෙන් නැවත නැවත දුක සකස් වන ආකාරය ගැන අවබෝධයක් ඇති වීමයි
  • දුකට හේතුව වන පුනර්භවය ඇති කරන (පෝනෝභවිකා), ආස්වාදයෙන් ඇලීම ඇතිකරන (නන්දිරාග සහගතා), ඒ ඒ තැන සතුටින් පිළිගැනීම ඇති කරන (තත්‍ර තත්‍රාභිනන්දනී) යම් තණ්හාවක් ඇත් ද, එය ඉතිරි නැතිව නො ඇල්මෙන් දුරු කිරීම යි (අසේස විරාගනිරෝධා); අත් හැර දැමීමයි (චාගෝ); දුරින් දුරු කිරීමයි (පටිනිස්සග්ගෝ); මුත්තී (මිදීම); ඇල්ම දුරු කිරීමයි (අනාලයෝ). එනම් තණ්හාව පහ කිරීම යි (පහාතබ්බ)
  • දුකින් මිදීම වන නිවන සාක්‍ෂාත් කිරීම යි (සච්චිකාතබ්බ)
  • දුකින් මිදීම සඳහා වන වැඩ පිළිවෙල, එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සීල, සමාධි සහ ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කර ගැනීම යි (භාවේතබ්බ)

මධ්‍යම ප්‍රතිපදාව

බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීම වන්නේ බුදුරජාණන්වහනසේ අවබෝධ කරගත් මධ්‍යම ප්‍රතිපදාවයි. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ විවරණය සහිතය.

1. එය බොහෝ අය හඳුන්වන්නේ අන්තගාමී පිළිවෙත අනුගමනය නොකිරීමක් ලෙසයි.එනම් අධික සැප විහරණය හා අධික ලෙස දුක් දීම යන අන්ත දෙකින් ඈත්ව මධ්‍යම මාර්ගයේ ගමන් කිරීමයි.
2. සමහරක් අභිධර්මය කරුණු වලදී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය වේ. උදා: ලෙස යමක් ස්ථිර වශයෙන් පැවතෙයි හෝ නොපැවතෙයි.
3. නිර්වාණය හා පුර්ණ අව‍බෝධය පිළිබඳ විස්තර කිරීමකි.

තිසරණය

බෞද්ධයකු එකම සරණ ලෙස සළකන්නේ බුදු රජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය සහ ආර්ය සංඝයා යන තෙරුවනයි.

බුදු රජාණන් වහන්සේ ශ්‍රාවකයන් ට අනුදැන වදාළේ තමා ම සරණ කරගෙන; ධර්මය ම සරණ කරන ගෙන වාසය කරන ලෙස යි.

අත්‌තදීපා, භික්‌ඛවෙ, විහරථ අත්‌තසරණා අනඤ්‌ඤසරණා, ධම්‌මදීපා ධම්‌මසරණා අනඤ්‌ඤසරණා.
පින්වත් මහණෙනි, තමා ව (සයුරෙහි වැටුණ කෙනෙක් රැකවරණය පිණිස පිහිනා යන දූපතක් මෙන්) පිහිට කර ගන්න. තමා ව පිළිසරණ කර ගන්න. බාහිර කෙනෙක් පිළිසරණ නො කර ගෙන සිටින්න. ධර්මය පිහිට කර ගන්න. බාහිර දෙයක් පිළිසරණ නො කර ගෙන සිටින්න.

අත්‌තදීපානං, භික්‌ඛවෙ, විහරතං අත්‌තසරණානං අනඤ්‌ඤසරණානං, ධම්‌මදීපානං ධම්‌මසරණානං අනඤ්‌ඤසරණානං යොනි උපපරික්‌ඛිතබ්‌බා. කිංජාතිකා සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා, කිංපහොතිකා
පින්වත් මහණෙනි, තමාව පිහිට කර ගෙන, තමාව පිළිසරණ කර ගෙන, වෙන කෙනෙක් පිළිසරණ නො කර ගෙන, ධර්මය පිහිට කර ගෙන, ධර්මය පිළිසරණ කර ගෙන, වෙන දෙයක් පිළිසරණ නො කර ගෙන වාසය කරන්නා වූ ඔබ නුවණින් ම විමස විමසා බැලිය යුත්තේ මේ සෝක, වැළපීම්, දුක්දෝමනස් සුසුම් හෙළීම් හට ගන්නේ කුමකින් ද කියා ය. ප්‍රභවය වන්නේ කුමකින් ද කියා ය.

— අත්‌තදීපසුත්‌තං[4]

බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්

tiny globe
ගෞතම බුදුන්ගේ ප්‍රතිමාවක්, භාග්‍ය, ඉන්දියාව

බෞද්ධ සම්ප්‍රදායන් වර්ග කිරීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ දැනට පවතින ධර්ම ග්‍රන්ථ ලියා ඇති භාෂාවන් අනුව වර්ග කිරීමයි. ඒවා නම් පාලි, ටිබෙට් (මොංගාලියානු පරිවර්තන) හා චීන වන අතර සමහරක් තවමත් සංස්කෘත භාෂාවෙන් ද තිබේ. මෙය ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වර්ගීකරණයක් වුවද භාෂා වෙනස්කම හැරුණු විට සියලු සම්ප්‍රදායන් බැඳී ඇති පොදු කරුණු ද ඇති බැවින් දර්ශනවාදී හා ආගමික මත වර්ගීකරණය සඳහා මෙය සුදුසු නොවේ.

  • සෑම සම්ප්‍රදායක් ම බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා ලෙස පිළිගනිති.
  • සෑම සම්ප්‍රදායක් ම මධ්‍යම ප්‍රතිපදාව, පටිච්ච පමුප්පාදය, චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිගන්නා නමුත් සමහර සම්ප්‍රදායන් වල මේවාට එතරම් ලොකු වැදගත්කමක් නොලැබේ.
  • ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගත හැක (බෝධි)
  • බුද්ධත්වය ඉහළම මාර්ගඵලයයි. ථේරවාදී බුදුසමයේ දි රහතන්වහන්සේලා ලබාගත් නිර්වාණය ද බුදුන් වහන්සේ කෙනෙක් ලබාගන්නා නිර්වාණය හා සම බව සලකයි. (සියල්ලන්ටම පවතින්නේ එකම නිර්වාණයකි) බුදුන් වහන්සේනමක් යනු තනිවම නිවන් මග සොයාගෙන එය අන්‍යයන්ට අවබෝධ කරදෙන තැනැත්තෙකි.

බුදු දහමේ විකාශනය

ඉන්දියාවේ බුදු දහම

ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක.

1. මුල් කාලීන බුද්ධධර්මය (නිකාය භේදයට පෙර) - මහාචාර්ය නකමුරා මෙම කාලය තවත් උප පරිච්ඡේද 2 කට බෙදා දක්වයි.
  • ප්‍රකෘත බුදුදහම
  • මුල් කාලීන බුදුදහම
2. නිකාය භේදයට පසු ඇති වු විවිධ සාම්ප්‍රදයන්ගේ මුල් කාලීන බුදුදහම
3. පුර්ව මහායාන බුද්ධ ධර්මය
4. පසුකාලීන මහායාන බුද්ධධර්මය
5. වජ්‍රයානා බුද්ධ ධර්මය මෙම විකාශනයන් සැමවිටම එකිනෙක අනුගාමී නොවීය. නිදසුනක් ලෙස සම්ප්‍රදායන් කිහිපයක් මාහායන සමකාලීන පැවතුනි.

මුල්කාලීන බුදුදහම

මුල්කාලයේදී බුදුදහම ලෙසින් හැඳින්වෙන්නේ නිකාය භේදය ඇතිවීමට පෙර බුදුදහම හා මුල් කාලීන බුද්ධ සම්ප්‍රදායන්ය.

සමහර වියතුන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ මුල් ඉගැන්වීම් නොදන්නා අතර එම ඉගැන්වීම් ලෙස සැලකිය හැකි මතවාද රාශියක් ඉදිරිපත්ව තිබේ.

සූත්‍ර පිටකය හා විනය පිටකය

බුදුදහමේ මුල් කාලයේදී (නිකාය භේදයට පෙර) පාලි ධර්ම ග්‍රන්ථ හා පෙර පැවති ධර්ම කොටස් වලින් ඉතිරිවු කොටස් වලින් සමන්විතය. එහි මූලික ග්‍රන්ථ වනුයේ විනය පිටකය ය.

බුදුදහමේ මූලික ඉගැන්වීම් පහත අයුරින් වර්ගීකරණය කළ හැක.

  • නැවත ඉපදීම
  • කර්මය
  • වතුරාර්ය සත්‍යය

නැවත ඉපදීමට පැහැදිලි ආරම්භයක් ‍නොමැති අතර ඉපදීම විවිධ වර්ගයේ ජීවන තත්ව තුළ ඇතිවිය හැක.

යහපත් හා අයහපත් ක්‍රියාවලින් හටගන්නා කර්ම සැප හෝ දුක් විපාක මෙම භවයේදීම හෝ වෙනත් භවයකදී විපාක දෙයි. වැරදි ක්‍රියාවලින් වැළකීම හා මුලික යහපත් ක්‍රියා සීල නම් වේ. සමථ හෝ සමාධි භාවනාවල යෙදීම නැවත උපතේදී උසස් භවයක් ලබාගත හැක.

වජ්‍රායනයේ ආරම්භය

වජ්‍රායනය හා එහි තාන්ත්‍රික ප්‍රතිපත්ති හටගත් කාලය පිළිබඳව විවිධ මත තිබේ. ටිබෙට් ජනප්‍රවාදවලට අනුව ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ තන්ත්‍ර දේශනා කළද ඒවා රහස්‍ය ඉගැන්වීම් නිසා ඒවා ලියාතැබුවේ උන්වහන්සේගේ අනෙක් දේශනාවලට බොහෝ කලට පසුවයි. නාලන්දා විශ්ව විද්‍යාලය වජ්‍රායන මතවාදයේ කේන්ද්‍රස්ථානය වු අතර 11 වන ශතවර්ෂය තෙක්ම වජ්‍රායන ක්‍රමවේදය පුරෝගාමීත්වය ඉසිලීය. මෙම කරුණු, ධර්ම ග්‍රන්ථ හා මතවාද චීනය, ටිබෙටය, ඉන්දුචීනය හා ගිනිකොණ චීනයට පැතිර ගියේය.

මෙම විෂය සම්බන්ධයෙන් ලියැවුනු පළමුවන නූතන නිබන්ධනයේ අයිතිකරුවන ෆෙයාර් ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොනලඩ් එච්. ඩේවිඩ්සන් විග්‍රහ කරන්නේ වජ්‍රායනයේ නැග්ම එකල ඉන්දියාවේ දේශපාලනික වෙනස්වීම් වලට ප්‍රතිචාරයක් ලෙස ඇතිවූ බවයි. ගුප්ත අධිරාජ්‍යයේ බැස්මත් සමඟම ඇති වූ කලහකාරී දේශපාලනික වාතාවරණය නිසා සම්ප්‍රදායික බුද්ධ ආශ්‍රමවලට අනුග්‍රාහකයින් සොයා ගැනීම දුෂ්කර වූ අතර සිද්ධුන් විසින් මෙහෙය වු ජන ව්‍යාපාර වඩා ප්‍රචලිත විය. ශතවර්ෂ දෙකකට පමණ පසු මෙය ආශ්‍රම තුළට සම්බන්ධ වීමට පටන් ගැනිණි.

වජ්‍රායනයේ මුලිකාංග බොහෝ ප්‍රමාණයක් සංවර්ධනය හා සංයුක්ත කිරීමෙන් සිදුවිනි. මෙයින් බොහෝ කොටස් ශතවර්ෂ ගණනාවක් පැවතුණි.

අවට රටවල්වල බුදු දහම ස්ථාපිත වුවද කල්යාමේදී බුද්ධ ධර්මය ඉන්දියාවෙන් ක්‍රමයෙන් පිරිහීමට පටන්ගත් අතර බ්‍රිතාන්‍ය ආක්‍රමණ සිදුවන කාලය වන විට එය සම්පුර්ණයෙන්ම වාගේ නැතිවී ගොස් තිබුණි.

ධර්ම සංඝායනා

ධර්ම ග්‍රන්ථවලට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමුවන ධර්ම සංඝායනාව පැවැත්විය. ඉන්දියානු සම්ප්‍රදායට අනුව ඉගැන්වීම් පරපුරෙන් පරපුරට පැවතුනේ මුඛ වහරෙනි. මෙම සමුළුවේ මූලික අරමුණ වුයේ මෙසේ මුඛ පරම්පරාවෙන් පැවතෙන ධර්ම කරුණු සාමුහිකව කියවීමෙන් පසුව එම කරුණුවල වැරදි තිබේදැයි පරික්ෂා කිරීමයි. පළමුවන ධර්ම සංඝායනාවේදී බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වන ආනන්ද තෙරුන් විසින් පාලි සූත්‍ර හා අභිධර්මය කියවූ අතර උපාලි මහරහතන් වහන්සේ විනය නීති දේශනා කළ සේක.

දෙවන ධර්ම සංඝායනාවෙන් යම් කාලයකට පසුව සංඝ සමාජය විවිධ නිකාය බෙදීම් වලට ලක්විය. මෙම නිකාය භේදය ඇතිවූයේ කිනම් කාලයකදී දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් දීපවංශයට අනුව එය දෙවන ධර්ම සංඝායනාව අවසන් වු වහාම සිදු විය.

නිකාය භේදය හටගත්තේ ස්ථිවර හා මහාසාංඝික යන කොටස් දෙක අතරය. මෙම දෙපාර්ශවයේම ජනශ්‍රැති එකිනෙකට වෙනස් අදහස් දක්වයි. ථේරවාදි ග්‍රන්ථයන් වන දීප වංශයට අනුව දෙවන ධර්ම සංඝායනාවේ ඇති වූ මතභේදයේ දී පරාජයට පත් වූ පිල විරෝධය දැක්වීමක් වශයෙන් වෙන්ව ගොස් මහා සාංඝික ලෙස නිකායන් පිහිටුවා ගත් බවයි. උතුරු පරම්පරාවක් වන සරස්වතිවාද හා පුග්ගලවාද (අතීත ස්ථිවිර කොටසින් බෙදුනු කොටස්) නිකායට අනුව මෙම භේදය රහතන් වහන්සේලාගේ තත්වය පහළ බැසීමට හේතු වූ කරුණු 5 න් එකකි. ස්ථිවිර කොටස් තුළින් සම්ප්‍රදායන් කිහිපයක් හටගත් අතර ථේරවාදි සම්ප්‍රදාය ඉන් එකකි. මුල් යුගයේදී මෙම මතවාද විනය නිසා හටගත් අතර විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා එකම ආරාමයේ සමගිව විසුහ. නමුත් ක්‍රි.ව. 100 දී පමණ ආගමික කරුණු මුල් කරගෙන මතභේද හටගැනීම ආරම්භ විය.

වර්තමාන බුදුදහම

tiny globe
කොරියාවේ විහාරයක්

බුදුදහම ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම පරිහානියට පත් වු අතර එහි අවට රටවල්වල බුදුදහම පැවතුනද, බුදුදහමේ ව්‍යාප්තියක් සිදු නොවීය. නමුත් වර්තමානයේ එය නැවත ශක්තිමත් වෙමින් පවතී. බුදුදහම අදහන්නන් මිලියන 230 සිට 500 දක්වා ප්‍රමාණයක් ලොව පුරා පැතිර සිටින අතර සමහරක් ඇස්තමේන්තුවලට අනුව එය මිලියන 310 ක් පමණ වේ. නමුත් මෙම ප්‍රමාණය නියත නොවේ. එයට හේතු,

  • බෞද්ධයන් යන ගණයට අයත්වන්නන් නිර්වචනය අපහසු වීම
  • චීනය, වියට්නාමය හා උතුරු කොරියාව යන රටවල තත්වය

එකී විමර්ශනයකින් හෙළිවුයේ බුදුදහම ලෝකයේ 4 වෙනියට වැඩිම පිරිසක් අදහන ආගම වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් යන බවය. බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදී ආරම්භ වු සංඝ ශාසනය ලෝකයේ පැරණිතම සංවිධාන වලින් එකකි.

  • පාලි ධර්ම ග්‍රන්ථ අසුරු කරන ථේරවාදී බුදුදහ‍ම කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, ශ්‍රී ලංකාව හා බුරුමයේ ප්‍රධානම බුදුදහමයි. ඉන්දියාවේ දාලිත් බෞද්ධ සංගමයද, අනුගමනය කරන්නේ ථේරවාදි බුදුදහමය.
  • චීනය, ජපානය, කොරියාව, තායිලන්තය, සිංගප්පුරුව හා වියට්නාමයේ පවතින්නේ චීන බසින් ධර්ම ග්‍රන්ථ ලියවුණු මහායාන බුදුදහමයි.
  • ටිබෙට් භාෂාවෙන් ලියවුනු ටිබෙට් බුදුදහම ටිබෙටයේ, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, නේපාලය හා රුසියානු සමුහාණ්ඩුවේ දක්නට ලැබේ.

ආගමික සංඛ්‍යාන සම්බන්ධ වෙබ් අඩවියකින් පවත්වන ලද සංගණනයකින් හෙලි වුයේ ඉහත සඳහන් ප්‍රධාන සම්ප්‍රදායන් තුනට පිළිවෙලින් මිලියන 124, 185 හා 20 පමණ බැතිමතුන් සිටින බවයි.

වර්තමානයේ බුද්ධ ධර්මය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර බෞද්ධ ග්‍රන්ථ විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇත. බටහිර රටවල්වලදී බුදුදහම විදේශීය හා ප්‍රගතිශීලි ලෙස සළකන අතර නැ‍ගෙනහිර දී එය සංස්කෘතියේම කොටසකි. ආසියාවේ බුදුදහම මනා සංවිධානයකින් යුක්තවන අතර රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙයි. සමහර රටවල එය නිලවශයෙන් පිළිගත් ආගමක් වේ. බටහිරට එය වර්ධනය වන අධ්‍යාත්මික දර්ශනයකි.

බෞද්ධ පොත පත

ත්‍රිපිටකය

කලාව සහ බෞද්ධ සංස්කෘතිය

යොමුව

  1. උදාහරණ.jpg
  2. විනයපිටකෙ→මහාවග්‌ගපාළි→මහාඛන්‌ධකො→සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා[1]
  3. සුත්තපිටකෙ→මජ්‌ඣිමනිකායෙ→විභඞ්‌ගවග්‌ගො→සච්‌චවිභඞ්‌ගසුත්‌තං[2]
  4. සංයුත්‌තනිකායො→සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→අත්‌තදීපවග්‌ගො→අත්‌තදීපසුත්‌තං[3]


ආශ්‍රිත ලිපි

බාහිර සබැඳුම්

සැකිල්ල:Link FA සැකිල්ල:Link FA සැකිල්ල:Link FA සැකිල්ල:Link FA

"https://si.wikipedia.org/w/index.php?title=බුදු_දහම&oldid=197822" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි