"සංගීතය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: diq:Portal:Muzik
171 පේළිය: 171 පේළිය:
[[da:Portal:Musik]]
[[da:Portal:Musik]]
[[de:Portal:Musik]]
[[de:Portal:Musik]]
[[diq:Portal:Muzik]]
[[el:Πύλη:Μουσική]]
[[el:Πύλη:Μουσική]]
[[en:Portal:Music]]
[[en:Portal:Music]]

10:14, 18 ජනවාරි 2012 තෙක් සංශෝධනය

බටහිර සංගිත ස්වරාක්ෂර දැක්වෙන සිතුවමක්.

සංගීතය යනු මාධ්‍ය ශබ්දය වන කා ආකාරයකි. සංගීතයේ මුලික අංග වන්නේ අන්තරාලය (තාලය හා ස්වර මාදුර්යය පාලනය කරන), රිද්මය (එය තාවේගය හා සංන්දානය යන සංකල්ප සමග සම්බන්ධවේ), ගතිකය හා ස්වර ගුණය හා වයනයේ ‍ධ්වණි තත්ත්වයයි. මෙම වදන ව්‍යුත්පන්න වුයේ Muses යන ග්‍රීක වදනෙනි. 1600 ට පෙර ලිඛිත සංගීතය තුල එය වාදනය ට අවශ්‍ය වාද්‍ය භාණ්ඩ මොනවාදැයි සඳහන් නොවුණි. සියවසකට පෙර සංගීතය රචනා කළෝ එහි කුමන පේලිය සංධ්වනිගත විය යුතුද හෝ භාණ්ඩ මගින් වාදනය විය යුතුදැයි සෑම විට ම සඳහන් නොකළෝ ය. එමෙන් ම රචිත සංගීතය වාදනය කළ යුත්තේ කුමන සප්තකය තුලදැයි යන්න ද සෑම විටම සඳහන් නොවුනි. රිද්මය පිළිබඳ සඳහන් දිවෙන්නේ 1200 තරම් අතීතයකට පමණි. එමනිසා මධ්යතන හා පුනරුද සමයේ සංගීත වාදනය කරන නූතන සංගීතඥයෝ අතර අනුමාන බහුලය. කෙසේ වුවද පුනරුද සංගීතඥයෝ ද්විදිශය තූර්යසංවාදය පිළිබඳ සුවිශේෂී ලෙස පුහුණුව ලැබූවන් විය යුතු අතර එමගින් සංගීතය කියවීම සඳහා අවශ්‍ය අමතර කරුණු ලබාගත්තා විය හැක.

20 වන සියවසේ මුල් භාගයේ සිදුවූ සංගීත පිබිදීමත් සමග ඉතිහාස ආවේදිත රඟදැක්වීම් හෙවත් පවතින ලිඛිත හා වෙනත් සාධක ආශ්රයෙන් මුල් සංගීතයට හැකිතාක් සමාන ව සංගීතය ප්‍රතිනිර්මාණය කිරීම මුල් කාලීන සංගීතය වර්තමානයේ ඉදිරිපත් කිරීම සඳහා බොහෝ ඉවහල් විය.


සංගීතයේ ඉතිහාසය

සංගීත‍ය සියළුම සංස්කෘතීන්වල අතීතයේ හා වර්තමානයේ කාල හා ස්ථාන අතර පුළුල්ව පැතිරෙමින් පැවතී ඇත. වර්තමානයේ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නූතන මිනිසුන් මතු වූයේ වසර 160,000කට පෙර අප්‍රිකාවෙන් බවයි. වසර 50000කට පමණ පෙර මෙම මිනිසුන් වාසයට සුදුසු සියළු මහද්වීප සොයමින් අප්‍රිකාවෙන් පිටවීමට පටන් ගන්නා ලදී. ඉතාමත් තනි වූ ගෝත්‍රික කණ්ඩායම් ද ඇතුළුව ලෝකයෙහි වූ සියළුම ජනයන් හට සංගීත ආකාරයක් ඇති නිසා විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ සංගීතය, මිනිසුන් ලොව පුරා විසිරීයාමට පෙර පෞරාණික මහජනයා අතර තිබූ බවයි. තවද සංගීතය අඩුම තරමින් වසර 50000ක් පුරාවට පැවතී ඇති අතර අප්‍රිකාවේ දී ආරම්භ වී ඉන් පසු මිනිස් ජීවිතයේ මූලික අංගයක් බවට පත් වී ඇත.

යම් සංස්කෘතියක සංගීතය සමාජ හා වානිජ සංවිධානය කිරීම හා අත්දැකීම්, දේශගුණය හා තාක්ෂණයට වූ ප්‍රවේශ ඇතුළුව සංස්කෘතියේ අනෙකුත් සියළු අංශ මඟින් බලපෑමට ලක්වේ. සංගීතය මඟින් ප්‍රකාශ වන අදහස් හා සිතුවිලි, සංගීතය වාදනය වන හා ශ්‍රවණය කරන අවස්ථාව හා සංගීත වාදකයන් හා රචකයන් කෙරෙහි වූ ආකල්ප ප්‍රදේශ හා කාල අතර වෙනස් වේ. සංගීත ඉතිහාසය යනු ගන්ධර්ව විද්‍යාවේ හා ඉතිහාසයේ උප ක්ෂේත්‍රයක් වන අතර එය සංගීතය (විශේෂයෙන් බටහිර කලා සංගීතය) කාලනුක්‍රමික දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කරනු ලබයි.

සංගීතයේ මුලාරමභය ලේඛනගත ඉතිහාසයට පසුව හෝ පෙරදිග සිදුවුවක් දැයි නිශ්චිත සොයාගෙන නොමැත. සමහරකුගේ මත වනුයේ ස්වභාවික ශබ්ධ ආශ්‍රයෙන් සංගීත ආරම්භ වු බවයි.

ශබ්දයේ රිද්මයානුකූල බව මිනිසා පමණක් නොව සකුන්ද භාවිත කරනු ලබයි. වදුරන් තම බල ප්‍රද්ශය පිලිබද අනතුරැ අගවිම් නිකුත් කිරිම සදහා ශබ්ද භාවිත කරන අවසථා ඇත. පක්ෂින් ද එසේමය. එනම් ශබ්ද යනු යම්කිසි සන්නිවේදන මාර්ගයකි.

ලොව පළමු සංගීත අපකරණය ලෙස සලකනුයේ මානව කටහඩයි එය විවිධ තාරාතාවන්ගෙන් විවිධ නාද රටා එස්ස්ද රිද්මයානුකූලවම හැසිරය හැකිය. පළමු වන්ද භාණ්ටන්හි ආරම්භය අත්පොලයසන් නාද, පාෂණ ගැටීම් ආදියෙන් නිපදවිතැයි සැලකේ.

ගල් යුගයේ මිනිසුන් විවිධ ක්‍රියාකාරකම් සදහා පාෂාණ භාවිතා කිරිමේදී ඇති වු විවිධ ශබ්ද රිද්මය පිළිබද අදහස් මිනිස් සිතට ඇතුළත් කළ බවත් ඒආශ්‍රයෙන් සංගිතය නිපදවු බවත් අදටද පිළිගන්නා මතයකි.

ප්‍රාග් හෙතිහාසික යුගයේ සංගීතයටද එක් එක් භෞමිකා කලාප සංස්කෘතින් අනුව වෙනස්විය දෝපි හි ටිම්බිලා සංගීතය ලොව සංකිර්ණකතම ප්‍රාග් ඓතිහාසික සංගීත ක්‍රම‍ වේදයක් ලෙස සැලකේ.


ප්‍රාග් ඉතිහාස යුග‍යේ සංගීතය

පුරාතණ (කි.ව. 500 ට පෙර)
පුර්ව (500-1760)
සුලභ භාවිතා කාලය (1600-1900)
නුතන සහ සමකාලීන (1900 - අද දක්වා )

ලේඛණ ගත ඉතිහාසයක් බිහිවිමට ප්‍රථම වකවානු වල සිටම ලෝකවාසි ජනයා සංගීතය ඇසුරු කරන ලද අතර එම සංගීතය ප්‍රාග්ඓතිහාසික යුගයේ සංගීතයයි. ලෝකයේ විවිධ රටවල වසන ආදී වාසින් භාවිත කරන සංගීත ක්‍රමවේදයන් මෙම ප්‍රාග් ඓතිහාසික යුගයේ සංගීතයට නෑකම් කියනු ලබයි. ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු ආදි වාසි ජනයා මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැකි. යුරෝපිය නොවන අනෙකුත් රටවල භාවිත වන ගැමි නාද රටාව ප්‍රාග් ඓතිහාසික යුගයේ සංගීතයට නෑකම් කියනු ලබන බවට සලකනු ඇත.

මධ්‍ය කාලීන සංගීතය

මුල් කාලය මධ්ය කාලීන (1500-1400) පුනර්ජීවය යුගය (1400-1600)

පොදු ව්යවහාරය බැරොක් (1600-1760) ශාස්ත්රීය - (සම්භාවනීය) (1730-1820) රොමැන්ටික් (1815-1910)

නවීන හා සමකාලීන 20 වෙනි ශතවර්ෂයේ සම්භාවනීය (1900 - 2000) සමකාලීන සම්භාවනීය (1975-වර්තමානය)


මධ්ය කාලීන සංගීතය යන්නට මධ්ය කාලීන යුගයේ රචිත යුරෝපීය සංගීතය ඇතුලත් වේ. මෙම යුගය රෝමානු අධිරාජ්යයේ ඇද වැටීමත් සමග ආරම්භ වන අතර පහලොස් වෙනි ශත වර්ෂයේ මැද භාගයේදි පමණ අවසාන වෙයි. මධ්යගත යුගයේ අවසානය සහ පුනර්ජීවන යුගයේ ආරම්භය නියම කිරීම ඇත්තෙන්ම හිතුවක්කාර ක්රියාවකි. මෙහිදි 1400 වර්ෂයේ යොදා ඇත.


සමාප්‍රදායික සංගීතය

විවිධාකාර රටවල ඊට ‍අවේනික වු ප්‍රාථමික, සරල ගැමි සංගථියක් දැකිය හැකිවේ. ඒවයෙහි බොහෝ දුරට නිර්මාණකරුවෙකු සෙවිම දුෂ්කර වන අතර පැවතගෙන එනුයේ දි ලිඛිතව නොව ශ්‍රව්‍යමය හෝ මුඛ පරම්පරානුගතවය. මෙසේ පැවතගෙන එන ගැමසි සංගිතයක අයිතිකරුවන් නොමැති බැවින් එහි තම ම අභිමතය පරිදි වෙනස්කම් සිදු කිරිම අභියෝගාත්මක වන අතර පසු කාලීනව එය මුල් කෘතිය සම්පුර්ණයෙන් ම පාහේ විකෘති කොට දැක්විමක් ලෙසද සිතිය හැකිය.


පෙරදිග සංගීතය

ආසියානු සංස්කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇසුරෙන් නිර්මාණය වු විවධ සංගීත විලාසිතා ගණනාවක් ආසියානු සංගීතයට අයත් වෙයි. ආසියානු සංගීතයේදී බොහෝ විට ස්වර 5 කින් යුත් ප්‍රස්තාර භාවිතා කෙරේ. පිලිපීන සංගීතයේදී ස්වර අටක් භාවිතා වෙයි. නැතහොත් ඔවුහු යුරෝපියානු සංගීත ක්‍රමයක් භාවිතා කරති. ඊට හේතුව ස්පාඤ්ඤ ජාතිකයන් පිලිපිනයෙහි ජනපද පිහිටු වීමයි.

ආසියානු සංගීතය ආසියාව තුළ ජීවත් වන මිනිසුන් සහ ඔවුනගේ සංස්කෘතීන් තරමටම විශාල එමෙන්ම අනන්‍ය වේ. මොවුන්ගේ ප්‍රධාන සංගීත උපකරණ කාණ්ඩ අතරට තත් දෙකක් හෝ තුනක් සහිත Lute උපකරණ, (the necks either fretted or fretless), අශ්ව ලොම්වලින් නිර්මාණය කළ වීනා, බොහෝ විට දෙපසම විවෘත ආකාරයක් ගන්නා බටනලා (දෙකෙළවරින් ඕනෑම එක් කෙලවරකින් පිඹිය හැකි හෝ පැත්තෙන් පිඹින ආකාරයේ) සහ යුදෙව් වීනා (බොහෝ විට සයිබිරියානු උපකරණය ලී වලින් නිර්මාණය කෙරුණු එකක් වන අතර අනෙක්වා ලී හෝ ලෝහ භාවිත යෙන් නිර්මාණය කෙ‍රුණු ඒවා වෙයි) අයත්වෙයි. පිරිගැටුම් සංගීත භාණ්ඩ අතරට රාමු බෙර, ටැම්බොරීන් බෙර සහ කෙට්ල්ඩ්‍රම් බෙර යනාදිය අයත් වෙයි. ප්‍රධාන වශයෙන්ම බහුතාල නාදයන් Lute සහ වීනා භාවිතයෙන් ලබාගැනෙයි. තවද වාචික බහුතාල විවිධ ක්‍රම මගින් ලබාගැනෙයි. උදා - තනි බටනලාවක් පිඹින අතරතුර භක්ෂීර්වරු මූලික ස්වරයක් මුමුණති.


සම්භාව්‍ය සංගීතය

යුරෝපිය සංගීත ඉතිහාසය පුර්ව

මධ්‍යකාලීන (500-1400)

පශ්චාත් මධ්‍යකාලීන (1400-1600)

සුලභ භාවිතයාවන්

බාරොක් සගීතය (1600-1760)

සම්භාව්‍ය (1730-1820)

ගෘංගාරාත්මක (1815-1910 )


නුතන

20 වන ශතවර්ෂයය (1900-2000)

සමකාලීන සම්භාව්‍ය (1975- අද දක්වා)


සම්භාව්‍ය සංගීතය යනු ඉතා පුළුල් වු ක්ෂේත්‍රයකි. එය ප්‍රධාන වශයෙන් නෑකම් කියනු බටහිර සංගීතයටයි. දළ වශයෙන් සෙස නව වන ශතවර්ෂයේ පටන් අද දක්වා විවිධ වෙනස්කම් වලට බදුන් දෙමින් රට රටවල් අතර සංගිතයන් සමග මුසු වෙමින් පවතී. වයුරෝපීය සම්භාව්‍ය සංගීතය අනෙකුත් සංගීත පස්ධතීන් හා වෙනස්විමට වඩාත් ප්‍රබල හේතුවක වනුයේ එහිදි භාවිතාවන ස්වර ප්‍රමස්තාර ගත කිරිමේ විශේෂ ක්‍රමයයි. රැල් පහක් මත අදිනු ලබන විවිධාකාර සංඥා මාර්යෙන් අදාල ස්වර් රිද්මය තනුව විස්තර කරනු ලබව මෙම ක්‍රමය වනිසා ඉතා විශිෂ්ඨ වු හැඩතලයක් යුරෝපීය සම්භාව්‍ය සංගීත ජනප්‍රිය සංගීතයත් සමග පුද්ගල රසඥතාව සදහා තර්ක කරන ලද අතර වඩා සැලකිය යුතු මට්ටමේ වාණිජමය සාර්ථකත්වය ලබා ගැනිමේ ලා සමත්විය.

සම්භව්‍යය සංගීතය යන පදයද ව්‍යවහාරාත්මක භාවිතා වනන්නට ගතතේ 19 වන ශතක වර්ෂයටද පසුවය. ජොහැන් සේබස්තකියන් බාම් සහ බීතෝවන් වැනි ශ්‍රේෂ්ඨ සම්බාව්‍ය සංගීතඥයන් ඒ සදහා හේතු වුයේය.

පුරාතන සංගීතය

පුරාතණ (කි.වු. 500 ට පෙර)

පුර්ව (500-1760)

සුලභ භාවිතා කාලය (1600-1900)

නුතන සහ සමකාලීන (1900 - අද දක්වා )


පුරාතන සංගීතය යනු සාහි්‍ත්‍යමය පදනමින් යුක්තව ප්‍රතිස්ථාපනය වු ප්‍රාග් ඓතිහාසික සංගීතයයි.

පුරාතන සංගීතයට ලෝකයේ විවිධ කාලයන්ට අයත් විවිධාකාර සංගීතමය පද්ධතීන් අයත් වන අතර මෙම කලාපයක් පර්සියාව, ඉන්දියාව, චීනය, ග්‍රීසිය, රෝමය, ඊජිප්තුව සහ මෙසපොටේමියාව ලෙස ගත හැක. පුරාතන සංගීතය සමන්විත වනුයේ මුලික නාද රටා සහ ස්වර සංකල්නය වලනි. එම නාදරටාවන් මුඛ පරම්පරානුගතව හෝ ලිඛිතව ඉදිරි පරම්පරාවලට බෙදා හරින ලද්දේය.

වර්තමානයේ සංගීතය තුළ පුරාතන සංගිතයේ ආභාෂයන් දැකිය හැකි අතර ඉන්දියානු පර්සියානු ආසියානු යුදෙව්ව, ඊජිප්තු ඉස්ලාම් සංගීතයන් මේ සදහා උදාහරණය ලෙස දැක්විය හැකිය.

ඉරාන සංගීතය Elamite අධිරාජ්‍යයාගේ (ක්‍රි.පු. 2500-644) වකවනුව තෙක් අතීතයට නෑකම් කියන බමට සුසාහි මතු කොටගත් කුඩා ප්‍රතිමාවක් සාක්ෂි දරයි. මෙම කාල වකවානුවේ සංගිතය පිලිබද ඇත්තේ ඉතා සිහිත දක්වා ප්‍රමාණයකි. නමුත් ගිටාරය, බටනලාව වැනි සංගිත භාණ්ඩ මෙම වකවානුවේ භාවිතා කරන ලද බවට සාක්ෂි ඇති අතර බාබට් නම් සංගීත භාණ්ඩද මෙම වකවානුවේ නිපදවන ලදැයි සැලකේ.

සංගීත වින්දනය

ලෝකයේ විවිධ සංගීත ශෛලින් සහ ඒවා ක්‍රියාත්මක වු හෙතිහාසික කාල පරිච්ඡේදව අනුව සංගීතමය ලේඛන ගත කිරිම් එකිනෙකට වෙනස් විය. සෑම කාලවකවානුවකදීම සංගීතමය නිර්මාණයකින් ප්‍රේක්ෂකයා බලාපෙරොත්තු වුයේ විදනාත්මක බවයි. සෑම සංගීතඥයෙකුම තම තමන්ගේ කුසලතාව අනුව සංගීතයේ වින්දනාත්මක බව රැකීමට උත්සුක විය. ඒ අනුව කලින් කලට සංගීතමය රීති සංගීතඥයින් විසින් භාවිත කරන ලදී. ලය වෙනස් කිරමි, නිශ්ශබ්ධතාවයක් ආදිය නිර්මාණත්මක භාවිතා කිරිම් මෙන්ම සංගීත ස්වර රචනා ප්‍රස්තාර ගත කිරිමේ ක්‍රමයද කලින් කලට වෙනස් විය.

නමුත් ජනප්‍රිය සංගීත ශෛලින්ග් මෙම ස්වර ප්‍රස්තාර ගත කිරිම් විධිමත් ආකාරයකින් භාවිත නොව්. උදාහරණය ලෙස ජෑස් සංගීතයේදි භාවිත වනුයේ ඉතා සරල මුලික දළ සටහනක් පමණි. "ලෙඩ් ෂීට්" නම් සටහනෙ ඔවුන් සටහන් කරනුයේ සංගීත නාද රටාව සහ ස්වර සමුහ වෙස්කම් පමණි. එවුන් මෙම මුලික නාද රටාව උපයෝගි කොට ගෙන සජීවි අවස්ථාවේදී විවිධ වෙනස්කම් සිදු කරමින් තම ප්‍රෙක්ෂකයන්ට පිනවීමට කටයුතු කරයි.


පුරාතන ඉන්දියාව

සාම වේදයෙහි පවතින සමහරක් ඉපැරණි සංගීතමය වාර්තා ඒවා ලියැවෙන තුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට මාරු වූයේ කට පාඩම් කිරීම මඟිනි. ඩාන්සින් ගර්ල් වැනි මොහොජොදාරෝ හා හරප්පා වැනි ශිෂ්ටාචාරවලින් කැනීමෙන් ලබා ගත් ද්‍රව්‍ය මඟින් පෙන්වා දෙන්නේ පුරාතන ඉන්දියාවේ සංගීතමය පද්ධතිවල දියුණුවයි. සිදුරු 7කින් යුත් බටනලාව හා විවිධ වර්ගයේ තන්තු සහිත උපකරණ වැනි උපකරණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරා විද්‍යාත්මක කැනීම් ස්ථානවලින් හමු වී ඇත.

ඉදිරිපත් කිරීම

කිසියම් සංගීතඥයකු හෝ සංගීත කන්ඩායමක් නව නිර්මාණයක් අවසන් කළ පසු එය ප්‍රේක්ෂකයින් හට ඉදිරිපත් කරනු ලබයි. ඉදිරිපත් කිරිමෙන් පසුද එයට ලැබෙන ප්‍රතිචාර හරහා යම් ‍යම් වෙනස්කම් සිදුවිමට ඉඩ ඇත.

මෙසේ ඉදිරිපත් කරනු ලබන සංගීත ඛාණ්ඩ කලින් හාදින් පුහුණු වු ඒවා හෝ නොවු ඒවා විය හැකිය. එනම් ප්‍රසංග අවස්ථාවේ විවිධ සංගීත ඛන්ඩයක් අළුතින් ඒ මොහොතේ එකකු වීඹට ඉඩ ඇත. උදාහරණයක් ලෙස ගිටාර් වාද්‍ය ඛාණ්ඩ හෝ වාද්‍ය ඛාණ්ඩ දැක්විය හැකිය.

විවිධ සංගීත සංස්කෘතිකයන්හි සංගීතමය ඉදිිපත් කිරිමට විවිධකාර වේ. ඉන්දියානු සහ ටහිර සංගිතයන්හි ඔවුන් මෙම ඉදිරිපත් කිරිම ඒක පුද්ගල ලෙස ඉදිරිපත් කිරිමට වැඩි රුචිකත්නවයක් දක්වයි. නමුත් සමහර සංස්කෘතින්හි ඔවුන් වැඩි අවධානය දක්වන්නේ කණ්ඩායම් ඉදිරිපත් කිරිම් වලටය. නමුත් බොහෝ සංස්කෘතින්හි මෙම විවිධක්‍රම දෙකම එකවිට ප්‍රයේජනයට ගැනීම්ද දැකිය හැකිවේ.

කුඩා පිරිස ඉදිරියේ සිදුකරනු ලබන සංගීතමය ඉදිරිපත් කිරිම් ද ලෝකයේ බොහෝ රටවල දැකිය හැකි. මෙහිදි භාවිත වනුයේ ඉතා ස්වල්ප ප්‍රමාණය සංගීත භාණ්ඩ ප්‍රමාණයකි.

සංගීත නිෂ්පාදනය

සංගීත නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ අධ්‍යාත්මික තෘප්තිය ආගමික අවශ්‍යතාවන් හෝ රසස්වාදනය යන හේතු සදහාය. ආධුනික සංගීතඥයින් බොහෝ විට තම ආත්ම තෘප්පිතයට අමතරව තම ජීවනෝපාය ලෙස ද සංගීත නිෂ්පාදන කටයුතු වල නිරත වෙයි. ආගමික සිද්ධස්ථාන, සංගීත පාසල්, ගුවන් විදුලි, රූපවාහිනිය, චිත්‍රපට නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර හරහා ප්‍රවිණ සංගීතඡයින් තම වෘත්තිමය සංගීත කටයුතු සිදු කරයි.

ආධුනිකයින් සහ ප්‍රවීණයින් අත සතුටුදායක මෙන්ම අසතුටුදායක සංගීත සම්බන්ධත්වයකින් දැකිය හැක. බොහෝ ආධුනිකයින් ප්‍රවිණයින්ගේ නිර්මාණ ඇසුරින් ආභාෂය ලබා ගනී. සමහර අවස්ථා වල ආධුනිකයින් ප්‍රවිනයන්ට තරගකාරිත්වය සංගීත කේෂ්ත්‍ර තුළ ද නිර්මාණය වේ.

සජීවි සංගීතම ප්‍රසාංග, ඉදිරිපත් කිරීම් සංගීතඥයාගේ හැකියාව මොනවට පැහැදිලි කරන සාධකයකි. එය පටිගත කරන ලද සංගීතයක‍ට වඩා වෙනස්ම අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත සපයනු ලබයි. එනමුත් සමහර සංගීත ප්‍රසංගයන්හි අදටත් භාවිත වන්නේ පිගත කරන ලද සංගීත ඛණ්ඩයන්ය.

සංගීතය හා අන්තර් ජාලය

නවීනලෝකයේ යුධ රටවල විවිධ සංස්කෘතිගේ විවිධ සංගීත පද්ධතින් පරිශීලනයෙහිලා වැඩි ඉඩකඩක් අන්තර්ජාලය මගින් ලෝකවාසින්ට ලබා දී ඇත. ව්‍යාපාරික ලෝකය තුළද ඉතා අඩු වියදම් යටතේ තම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත හදුන්වා දීම සදහා අන්තර් ජලාය බහුලව භාවිත වේ. සංගීත වෙළදපොල අරබයා ද මෙම අරමුණු පොදු වේ. විවිධ ජන කොටස් වෙත තම සංගීත නිර්මාණයෙහි අලෙවියෙහිලා අන්තර්ජලය වැදගත් මාර්ගයකි.

අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන සජීවි මිතුරැ හවුල් හරහා ද විවිධාකාර සංගීත නිර්මාණකරුවන් හට එකිනෙකා වෙත තහ අදහස් හුවමාරු කර ගැනිමට අවස්ථාව ලැබේ. යු ටියුබ් හි, මයිස්පේස් වැනි වෙඩ් අඩෙවි හරහා තම නිර්මාණ විඩියෝ පටි, ශ්‍රව්‍යපටි ප්‍රචාරය කිරිමට ආධුනික මෙන්ම ප්‍රවීන නිර්මාණකරුවන්ටද ඉඩ ප්‍රස්ථාව ලැබේ.

එමෙන්ම එක් නිර්මාණයක් වටා තවත් නිර්මාණ රැසක් බිහිවිමද අන්තර්ජාලය මගින් සිදුවේ. උදහාරණයක් ලෙස යම් ශ්‍රවශ්‍යමය සංගීත පටයකට සවන්දෙන්නෙකු එය උපයෝගි කොට ගෙන විඩියෝ පටියක් නිර්මාණය කර ප්‍රචාරය කරවනු ඇත. එවැනි බෝහේ නිර්මාණ අන්තර්ජාලය තුල අද වනවිට දක්නට ඇත.

වැඩිදුර කියැවුම්

"https://si.wikipedia.org/w/index.php?title=සංගීතය&oldid=197742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි